අනිකුත් ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග බැඳීම්..
Associate with other Islamic centers
ඉස්ලාමය වැලඳගත් නවකයෙක් වූ ඔබ තනියම එහි ඉදිරි කටයුතුවල නියැලෙමින් තමා තුල ස්ව-සංවර්ධනයක් ඇති කරගැනීමට අදහස් කරන්නේ නම එයට කිසිසේත් අනුමැතිය දිය නොහැකිය. අප තනි වූ විට අපට නොදැනීම අප දහමෙන් දුරස් වනු නියතය. එනිසා නිසි මාර්ගයේ ගමන් ගන්නා තවත් ඉස්ලාමීය සහෝදර සහෝදරියන් සමගම මේ ගමන යා යුතුය.
ඔබ ඉස්ලාම් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගැනීමට අදහස් කල විට හෝ හජ් හෝ උම්රා කිරීමට අදහස් කල විට හෝ ඔබ අන් අයට දහම හඳුන්වා දීමට (එනම් දාවා කිරීමට) ඉදිරිපත් වන විට, එසේත් නැතිනම් ඔබට උදව්වක් උපකාරයක් අවශ්‍යය වන වෙලාවකදි හෝ අපට ඔබව නිසි පුද්ගලයන් වෙත හෝ නිසි ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග සම්බන්දතාවය ඇතිකර දිය හැකිය.
ඔබ තනියම මෙවන් පුද්ගලයන්ව හෝ මෙවන් ඉස්ලාමීය මධ්‍යස්ථාන සොයා යාමට ඉදිරිපත් වුවහොත් නොදැනීම හෝ ඔබ වඩාත් සුදුසු තැන මගහැර යාමට හෝ එසේත් නැත්නම් වැරදි මාර්ග වල යමින් ඉන්නා පුද්ගලයන් හෝ සංවිධාන හෝ මධ්‍යස්ථාන වෙත සම්බන්ද වීමට ඉඩ ඇත.
එහෙයින් අපි ඔබව ඔබගේ අවශ්‍යයතාවයට අනුව නිසි පුද්ගලයන් සමග හෝ නිසි මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවය ඇති කිරීමට කටයුතු කරන්නෙමු.
ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති අනිකුත් ඉස්ලාමීය මධ්‍යාස්ථාන සහ ඒවායේ ක්‍රියාකාරී පුද්ගලයන්ද මැනවින් හඳුනා ගෙන ඔවුන් සමගද මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් අපගේ සහාය ඔවුන් වෙත ලබා දී මෙන්ම, ඔවුන් ගේ සහාය අපත් ලබා ගෙන විශේෂයෙන්ම නවක මුස්ලිම්වරුන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට SRMI center (නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ස්වාධීන මධ්‍යස්ථානය) බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.
එහිදී විශේෂයෙන්ම දහම තුල පෙන්වා ඇති, අල්ලාහ්සුභානවතාලාගේ අණක් ලෙස පවතින නවකමුස්ලිම්වරුන් වෙනුවෙන් වෙන් කළ යුතු සකාත් හී කොටස ගැනද සොයා බැලීමට අප බලාපොරොත්තු වන්නෙමු.
ඉස්ලාමීය දැනුම ලබාගත හැකි සුදුසු WhatsApp groups, Web sites, facebook accounts වැනි දැ ගැන පවා අපි ඔබව දැනුවත් කරන්නෙමු.
ඒ වගේම, ප්‍රවේසම් විය යුතු ඉස්ලාමීය සංවිධානය, කණ්ඩායම්, පුද්ගලයන් web sites ආදිය ගැන පවා අපි ඔබව දැනුවත් කරන්නෙමු.
දෙස් විදෙස් ඕනෑම ඉස්ලාමිය මධ්‍යස්ථානයක් වෙතින් ඉස්ලාමය වෙත ස්වේච්චාවෙන් හැරුණු ඕනෑම සහ සෑම ශ්‍රී ලංකික නවක මුස්ලිම් වරයෙකු සමග සම්බන්ධ වීමටද අප බලාපොරොත්තු වන්නෙමු. අප ඒ ගැන අනිකුත් ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග තොරතුරු හුවමාරු කර ගැනීමටද බලාපොරොත්තු වන්නෙමු.
එසේ අනිකුත් ඉස්ලාමිය මධ්‍යස්ථාන සමග අන්තර් සම්බන්ධතාවය පවත්වා ගන්නා නමුත් අප කිසිදු ජමාතයකට/ කණ්ඩායමකට සම්බන්ධව හෝ වෙනත් කිසිදු මධ්‍යස්ථානයක අනු ශාඛාවක් ලෙසද කටයුතු නොකරන්නෙමු.
ඊලග පිටුව. සේවා අංක 9 දාවා කටයුත්තට සහාය
මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා අප වෙත දැනුම් දෙන්න.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us