දෙවියන් වහන්සේගේ දැනුම සහ නිර්මාණශීලීත්වය

දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ කුරාණයේ ස්ථාන දෙකක පරමාණුවක කුඩාම අංශුව ගැන මෙසේ සඳහන් කර ඇත.

ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හි හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අණුවක ප්‍රමාණයක් තරම් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම) ලව්හුල් මහ්ෆූල් නැමැති පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොවී නැත; (අල් කුරාණය 34:3).

භූමියෙහි හෝ අහසෙහි හෝ ඇති දැයෙන් එක් අණු ප්‍රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත. (අල් කුරාණය 10:61)

සියල්ලෙහි නිර්මාතෘ වන සර්වබලධාරී දෙවියන් වහන්සේ තමාගේ ප්‍රඥාව ගැන මෙසේද පවසයි: 


'නබියේ! ඔබ පවසන්න, අල්ලාහ්ගේ වචන, ප්‍රඥාව සහ සංඥා ලිවීමට මුහුදේ ජලය පෑනකට තීන්තයක් ලෙස භාවිතා කලේ නම්, ඒ සියල්ල ලියා තැබීමට පෙර මුහුද සිඳී යනු ඇත. (අල් කුරාණය 18 :109)


 පොළොවේ ඇති සියලුම ගස් පෑන් පමණක් වූවා නම්, ඊට පසු තවත් මුහුදු සතකින් ජලය තීන්ත ලෙස සැපයෙන්නේ නම්, (ඒවායින් නොනවත්වා ලීවත්) දෙවියන් වහන්සේගේ වචනය අවසන් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බලවත්ය, සර්ව ප්‍රඥාවන්තය. [අල් කුරාන් 18 :109]


පහත කරුනු දෙස අවධානය යොමු කරන්න.

1). සදාකල් එක්කෙනෙක් පමණක් ලෙසම සිටින සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔහුගේ බල පරාක්‍රමයෙන් ඔහුට භාහිරින් ඇති දැය නිර්මාණය කරන ලදී. ඔහු (කෙසේ හෝ) ඒවා නිර්මාණය කළේ නැතිනම් ඔහු හැර වෙන කිසිවක් පැවතීමට හේතුවක් වත් අපිට සොයා ගත නොහැකිය. නිර්මාණකරුවෙකු නොමැතිව කිසිඳු නිර්මාණයක් බිහිවීමට ඉඩක් නැත, එසේම, කිසිඳු පදාර්තයකට හෝ ජීවයකට කිසිවක් නොමැති අවස්ථාවේ සිට තමාට තමාව ස්වයංව නිර්මාණය කරගැනීමටද නොහැක. එසේම අහඹු ලෙස සුවිශේෂී නිර්මාණ බිහිවීමටද ඉඩක් නැත. එනම්, සෑම නිර්මාණයක් පසුපසම නිර්මාණකරුවෙකු සිටිය යුතුමය. ඔබ කොතරම් අතීතයක සිදුවීමක් ගැන කතා කලත්, එය නිර්මාණය වීමටද හේතුව මෙම සර්වබලධාරී දෙවියන්මය. (මෙය තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් දෙවියන් සිටින බවට සාක්ෂි ලිපිය බලන්න).

2). ඔහු සදාකල් පැවතීමට නම් ඔහු වෙත දුර්වලතා කිසිවක් තිබිය නොහැක. ඔහුගේ නිර්මාණ වලින් ඔහුට හානියක්, අභියෝගයක්, හෝ එම නිර්මාණ කෙරෙහි ඔහුට සැකයක්, අතපසු වීමක්, බල රහිත බවක් තිබිය නොහැක.

3). මේ අනුව බලන කල ඔහුට ඔහුගේ නිර්මාණ කෙරෙහි සම්පූර්ණ අවභෝදයක් තිබිය යුතුය. එය කෙතරම් සියුම් තත්වයක් ද යත්, එම නිර්මාණය ඇති කිරීමට පෙරම ඔහුට එහි මුල, මැද සහ අග පිළිබඳව සම්පූර්ණ ඇස්තමේන්තුවක්, සම්පූර්ණ සැලැස්මක් තිබිය යුතුය. එම නිර්මාණය විශාල විශ්වයක් හෝ වේවා කුඩා කුහුඹුවෙකුගේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන හෝ වේවා විය හැකියි. එසේම එම කුහුඹුවා තම ජීවිත කාලය තුල කොතරම් ආහර ප්‍රමාණයක් අනුභව කරනවාද ලෙස හෝ විය හැකියි. නැත්නම් පරමානුවේ කුඩාම කොටස වුවද විය හැක. මේ සියල්ල කෙරෙහි ගනනය කිරීමක් පවා ඔහුගේ ඇස්තමේන්තුව තුල තිබිය යුතුය. එසේ නොවුන හොත් ඔහුගේ නිර්මාණ කෙරෙහි කුමණ කෝ දෙයකින් ඔහු අසමත් උනොත් එය ඔහුගේ සර්වබලධාරී කමට නුසුදුසු කමකි. එය ඔහුගේ සදාකල් පැවැත්මට, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට හානියකි. මෙය අප වටහා ගත යුතුයි.

4). අප දන්නා විශ්වයට වයස දැනට වසර බිලියන 13.7 කි. එය අංක වලින් පෙන්නුවොත් වසර 13,700,000,000 කි. දෙවියන් මීට වසර 1400 කට පෙර ශුද්ධ වූ අල් කුරානය පහළ කර එතුලින් ඔහු අපට පවසා තිබෙනවා ඔහු විසින් මෙම විශ්වය නිර්මාණය කල බව. 

ඔහුගේ නිර්මාණයේ එක් ග්‍රහලෝකයක් වන පෘතුවියම අරන් බැලුවත්, එය තුල තිබෙන මනා සැලසුම් සහගත බව, එහි සිටින ජීවීන්ගේ ශරීරවල විශ්මිත සැලසුම් සහගත බව, ඒවාට අවශ්‍යය සියළුම දෑ වල මනා පරිපාළන ස්වභාවය, එකිනෙක අතර ඇති අන්‍යෝන්‍ය සහ-සම්බන්දතාවය ආදිය අපේ ඇස් වලින්ම අපට බලා ගත හැක. එනම් මේ සියල්ල දෙවියන් විසින් ඉතාම සැලසුම් සහගත ආකාරයකට නිර්මාණය කර ඇති බවට කිසිඳු සැකයක් නැත. (වැඩි විස්තර සදහා දෙවියන්ගේ නිර්මාණ වෙත යොමුවී බලන්න).

අප සාකච්චාවට බඳුන් කරන සියල්ල නිර්මාණ වන අතර ඒ සියල්ලට වඩා දෙවියන්ට ඇත්තේ වෙනස් ස්වභාවයකි. එනිසා ඔහුව දෙවියන් ලෙස හදුන්වන අතර නිර්මාණ කිසිවකට "දෙවියන්" යන නම භාවිතා කිරීම් නුසුදුසුය.

ඔහු අහසත් පොළොවත් නිර්මාණය කළේ නිශ්චිත අරමුණක් සඳහාය. [16:3]

ඔහු විසින් කල නිර්මාණ කිහිපයක් ගැන සලකා බලා ඔහුගේ දැනුම හා නිර්මාණශීලී හැකියාව ගැන අප යම් අවභෝදයක් ලබා ගනිමු.

"මිනිසා" නම් නිර්මාණය.

"සැබැවින්ම අපි මිනිසා මැව්වේ තෙත් පොළොවේ නිෂ්පාදනයකිනි (කිරිමැටි සාරයකිනි). ඉන්පසු ඔහුව (බීජයක) බිංදුවක් ලෙස ආරක්ෂිත නවාතැනක තැබුවේය. පසුව අපි බිංදුව කැටියක් බවට පත් කළෙමු, පසුව අපි කැටිය කුඩා ගැටිත්තක් බවට පත් කළෙමු, පසුව කුඩා ගැටිත්ත ඇටකටු බවට පත් කළෙමු, පසුව අපි ඇටකටු මස්වලින් ඇඳ, පසුව එය තවත් නිර්මාණයක් කළෙමු. එබැවින් හොඳම මැවුම්කරුවන් වන අල්ලාහ්ට ආශීර්වාද වේවා! " [23:12-14]

සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සිරුරේ ඇති සෛල ප්‍රමාණය :- පිරිමින් සෛල (වර්ග 200ක් පමණ) ගනනින් ට්‍රිලියන 36කින් (36,000,000,000,000) පමණ සමන්විත වන අතර කාන්තාවන්ට සෛල ට්‍රිලියන 28ක් පමණ ඇති අතර අවුරුදු 10ක දරුවෙකුගේ සෛල ට්‍රිලියන 17ක් පමණ ඇත. 

ඊට අමතරව මිනිස් සිරුරේ සියලුම අවයවවල තවත් බැක්ටීරියා වර්ග දහසක් පමන ගනනින් ට්‍රිලියන 39 ක් පමණ (මිනිස් සිරුර තුළ සහ ඒ මත) ක්‍රියාත්මකව ඇත.

නව පර්යේෂණ වලට අනුව සාමාන්‍ය පිරිමි මොළයේ සෛල බිලියන 171  (171,000,000,000) ක් පමණ ඇත, නියුරෝන බිලියන 86 ක් පමණ ඇත. නියුරෝන යනු මොළය පුරා සංඥා සම්ප්රේෂණය කිරීමට උපකාර වන සෛල වේ. 

සෑම තත්පරයකටම රතු රුධිර සෛල මිලියන 2-3 ක් ඇට මිදුළු තුළ නිපදවා සංසරණයට මුදා හරිනු ලැබේ. එවැනිම සෛල ප්‍රමාණයක් තත්පරයක් තුල මිය යයි. 

සෛල වලට වඩා කුඩා DNA ගැන තොරතුරු ටිකක් සොයා බලමු.

බොහෝ DNA හෝ RNA වල ප්‍රමාණය 50nm වේ (සෑම මූලික යුගලයක්ම දිග 1/3 nm පමණ වේ).  

DNA එකක ප්‍රමාණය කෙසේද? මිනිස් DNA පොටක විෂ්කම්භය නැනෝමීටර් 2.5 කි. එක අඟලක නැනෝමීටර් 25,400,000ක් තියෙනවා. මිනිස් කෙස් කළඹක් නැනෝමීටර් 80,000-100,000 පමණ පළල වේ. (නැනෝමීටරයක් ​​යනු මීටරයකින් බිලියනයකින් පංගුවකි). 

එක් සෛලයක් තුල ඇති DNA වල දිග මීටර් 2 ක් පමණ වනු ඇත. 

අපගේ ශරීරයේ සෛල ට්‍රිලියන 30ක් පමන ඇත. 

2m x ට්‍රිලියන 30= ට්‍රිලියන 60m = බිලියන 60km 

එම දුර පෘතුවිය වටේ 1,497,192 වාරයකට සමානය

එම දුර පෘතුවියේ සිට චන්ද්‍රයා වෙත ඇති දුර මෙන් 156,087 වතාවක් දුරය

එම දුර පෘතුවියේ සිට සූර්‍යයා වෙත ඇති දුර මෙන් 400 වතාවක් දුරය.

DNA තුල ඇති ප්‍රෝටීන DNA වලට වඩා කුඩා ය. ප්‍රෝටීන වල සාමාන්‍ය ප්‍රමාණය 3~6 nm.  

[අප අසා ඇති පරමානු තුල ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලටත් වඩා 10,000 ගුනයකින් කුඩා තවත් දෙයක් ඇත. එය ක්වාක් ලෙස හදුන්වය්]. 

(read Quran 34:3/ 10:61/ 99:7,8/ 4:49/ 34:22)

මදක් සිතා බලන්න කුඩා පරිමාණයේ නිර්මාණ කීයක් මිනිස් නිෂ්පාදනය සඳහා අපූරුවට ඇසුරුම් කර තිබෙනවාද කියා.

මනුෂයයාගේ නිර්මාණය මෙතරම් විශ්මිත නම් මෙයට වඩා විශ්මිත විශ්වයේ නිර්මාණය ගැන කුමක් පවසන්නද? එයයි දෙවියන්ගේ නිර්මාණශීලීත්වය.

දෙවියන් මනුශ්ය සංහතියේ පලමුවන්නා ලෙස ආදම් (අ.ස) නැමති පලමු මිනිසාව පොලොවෙහි ජලය මිශ්‍ර පසෙන් නිර්මානය කර ඔවුට ජීවය ලබා දී පසුව ඔහු වෙතින්ම ඔහුට බිරිඳක් නිර්මානය කර පසුව ඔවුන් දෙදෙනා ගෙ දරුවන් ලෙසින් වසර ගනනාවක් පුරා ජනගහනය වියාප්ත කර බිලියන 8 ක් පමන වත්මන් ජන ඝනත්වයක් දක්වා පමුණුවා තිබේ.

මිනිස් මොළයේ මතක ධාරිතාවය

සයන්ටිෆික් ඇමරිකන් සඟරාවේ ලිපියක සඳහන් කර ඇති පරිදි වැඩිහිටි මිනිස් මොළයට ගිගාබයිට් මිලියන 2.5 කට සමාන මතකයක් රැස් කර ගත හැකිය.(මේ සමග සසදා බලා වෙනස වටහා ගන්න iPhone 15plus storage capacity 512GB)



"විශ්වය" නම් නිර්මාණය.

මේ අයුරින්ම, කිසිවක් නොතිබුනු අවස්ථාවක එනම් හිස් බවේ සිට වසර බිලියන 13.8 කට පෙර විශ්වය නිර්මාණය ආරම්භ වී අද අප එතුල ජීවත් වන්නෙමු. එම විශ්වය ගණනය කල නොහැකි තරම් අති විශාලය. එහි ඇති දැයද අති විශාලය.

සූර්යයාගේ බර පෘථිවිය මෙන් 333,000 ගුණයක් පමණ වේ. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 109 ගුණයක් පමණ වේ. එය කොතරම් විශාලද යත් පෘථිවි ග්‍රහලෝක 1,300,000ක් පමණ එහි අභ්‍යන්තරයට ගැලපේ.

අපගේ (ක්ෂීරපථ) මන්දාකිණිය කොපමණ විශාල වේද?  

අපේම මන්දාකිනියේ (ක්ෂීරපථයේ) අවම වශයෙන් තරු බිලියන 100 ත් 400 ත් අතර ගනනක් ඇත. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක අපගේ සූර්යයා වටා පරිභ්‍රමණය වන ආකාරය වැනි ග්‍රහලෝක පද්ධතියක කේන්ද්‍රස්ථානය වන විට අපි තරු "සූර්යයන්" ලෙස හඳුන්වමු. අපගේ ක්ෂීරපථයේ ග්‍රහලෝක බිලියන 17 (17,000,000,000) ක් පමන ඇතැය් අනුමාන කරයි.

ක්ෂීරපථය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 100,000 ක් හෝ සැතපුම් ට්‍රිලියන 600,000 ක් (කිලෝමීටර් ට්‍රිලියන 950,000) පමණ වේ. අපි එහි නිශ්චිත වයස නොදනිමු, නමුත් එය වෙනත් බොහෝ මන්දාකිණි සමඟ මහා පිපිරුමෙන් වසර බිලියනයක් ඇතුළත මුල් විශ්වයේ ඇති වූ බව අපි උපකල්පනය කරමු. 

විශ්වයේ ඇති විශාලතම මන්දාකිණිය වන්නේ ආලෝක වර්ෂ මිලියන හතරක් පුරා ඇති IC 1101 ය. 

මෑත කාලීන ඇස්තමේන්තු අපට පවසන්නේ නිරීක්ෂණය කළ හැකි විශ්වයේ (5% ක ප්‍රමාණය තුල) මන්දාකිණි ට්‍රිලියන දෙකක් පමණ තිබිය හැකි බවයි. [2,000,000,000,000]. අපගේ ක්ෂීරපථය නම් මන්දාකිණියේ පමනක් තරු දළ වශයෙන් බිලියන 300 ක් පමණ ඇත. සියළුම මන්දාකිනි ක්ෂීරපථයට සමාන යැයි උපකල්පනය කළ හොත්, එයට අනුව නිරීක්ෂණය වන විශ්වයේ පමණක් තරු දළ වශයෙන් බිලියන 300 ට්‍රිලියන 2 න් වැඩි කල යුතු වනවා.

 [300,000,000,000 x 2,000,000,000,000 = 6 x 10 23]. 

කෙසේ හෝ දෙවියන්ගේ නිර්මාණයක් වන විශ්වයේ විශාලත්වය ගැන අපට සිතාගන්නවත් බැරිය. එසේනම් එම නිර්මාතෘ කෙතරම් බලසම්පන්න විය යුතුද?

මිනිසාට දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය වටගා ගැනීමට විවිධ මාර්ග පෙන්වා ඇත. විශ්වය ගැන දැනගැනීමද ඉන් එකකි. විශ්වය අති විශිෂ්ඨ ලෙස නිර්මාණය කළ බව අල්ලාහ් අපට මෙසේ පවසයි.

අහස් හතක් ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදුවිය හැකි සියලු කාරණාවන් ගැන වූ) නියෝගයන් පහලකරමින් සිටින්නේය. (එබැවින් විශ්වාසවන්තයිනි) නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යනුවෙන්ද, තම ඥානයෙන් සියල්ල වටකරගෙන සිටින්නේය යනුවෙන්ද ඔබ දැනගනු මැනව. " (අල් කුර්ආනය, 65:12). 

මෙම නියෝගයේ විස්තරවල උත්තරීතර භාවයට මුහුණ දෙන මිනිසා, අල්ලාහ්ගේ ප්‍රඥාව, දැනුම සහ බලය අසීමිත බව හඳුනා ගනී. අල්ලාහ්ගේ දැනුම කෙතරම් පුළුල්ද යත්, අපට "අනන්තය" යනු ඔහු ඉදිරියෙහි දැනටමත් අවසන් වී ඇත. කාලය ආරම්භ වූ දා සිට සදාකාලයට ගැඹුරට යන තෙක් සිදු වූ සෑම සිදුවීමක්ම කලින් තීරණය කර අල්ලාහ් ඉදිරියෙහි අවසන් විය. මිනිසා අල්ලාහ්ගේ දැනුමේ ප්‍රමාණය අගය කිරීමට උත්සාහ කළ යුතු අතර, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීමට උත්සහ කළ යුතුය. 

එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් "විනිශ්චය දිනය අප වෙත කිසිදා නොපැමිණෙන්නේය" යනුවෙන් පවසන්නාහ. නබියේ ඔබ මෙසේ පවසනු. "එසේ නොව, මාගේ දෙවියන් මත සත්තකින්ම! එය නියත වශයෙන්ම ඔබ වෙත පැමිණෙනු ඇත!" ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හි හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අණුවක ප්‍රමාණයක් තරම් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම) ලව්හුල් මහ්ෆූල් නැමැති පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොවී නැත. [අල් කුරාන් 34:3].

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us