
ඉබිලීස් ගේ උපක්‍රම
අල්ලාහ් තම දේව පණිවිඩය තුල මෙසේ සදහන් කර ඇත.
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ / මම ජින්වරුන් සහ මිනිසුන්ව මට නමස්කාර කිරීමට මිස මැව්වේ නැත. (50-56)
දෙවියන් මෙම සමූහ දෙක දෙවියන්ට හැර වෙන කිසිවකට නැමදිය යුතු නැත. එයයි දෙවියන් ඔවුන්ට දුන් උසස් භාවය.
ඉබිලීස් යනු අල්ලාහ් ගින්නෙන් නිර්මාණය කර ඇති ජින් සමූහයේ (ෂේතාන්වරුන්ගේ) ප්‍රධානියාය. ඔහු ඇතුළු සියළුම ජින්වරුන්ට මිනිසුන්ට මෙන් ස්වයං තීරන ගැනීමේ නිදහස ලබා දී ඇත. පළමු මිනිසා වන ආදම් (අ.ස) නිර්මාණය කිරීමට පෙර අල්ලාහ් විසින් ජින්වරුන්ව නිර්මාණය කර තිබේ.
පහතින් සඳහන් වනුයේ ස්වර්ගයෙහිදී ආදම් (අ.ස) ව නිර්මාණය කරන අවස්ථාවේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව අල් කුරාන් හි සඳහන් වැකි කිහිපයක පරිවර්තනයකි.
7:11 නියත වශයෙන්ම අපි ඔබව උත්පාදනය කිරීමට (අදහස් කර) ඔබව (ඔබගේ මුල්ම පියා වන ආදම් ව) නිර්මාණය කළෙමු. පසුව අපි මලායිකාවරුන්ට "ආදම් ට සුජූදි කරනු" යැයි කීවෙමු. ඉබිලීස් හැර (අනිත් මලායිකාවරුන් සියල්ල ඔහුට) හිස නවා සුජූද් කළහ. ඔහු සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු වූයේ නැත.
7:12 (එබැවින් දෙවියන් ඉබිලීස්ට) "මා ඔබට නියෝග කල අවස්ථාවේදී ඔබ හිස නවා සුජූත් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්දැයි?" විමසුවේය. එයට (ඉබිලීස්) "මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙකි. (මන්දයත්), ඔබ මාව ගින්නෙන් උත්පාදනය කර ඇත්තෙහිය. (කිරිමැටි වලට වඩා ගින්දර උසස්ය" යයි (ආඩම්බරයෙන් යුතුව) පැවසුවේය.
7:13 (එයට දෙවියන්) "ඔබ මෙයින් බැස යනු. ඔබ ආඩම්බර වීමට මෙහි ඉඩක් නැත. එබැවින් ඔබ පිටමං වනු. (ඔබගේ උඩඟුකම හේතුවෙන්) නියත වශයෙන්ම ඔබ අවමන් වූවන්ගෙන් කෙනෙකු බවට පත්වූයෙහිය" යයි පැවසුවේය.
7:14. (එයට ඉබිලීස් වන) ඔහු "(මරණයට පත් වූවන්ව) නැගිටුවන දින දක්වා ඔබ මා හට කාල අවකාශයක් ලබා දෙන්න" යයි ඉල්ලා සිටියේය.
7:15. (එයට) දෙවියන් "නියත වශයෙන්ම ඔබ (ඒ අන්දමට) කාල අවකාශයක් ලබා දුන් කෙනෙකු බවට සිටින්නෙහිය" යයි කීවේය.
7:16. (එයට ඉබිලීස්) ඔබ මා අවමන් කල බැවින් (ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන) ඔවුන් ඔබගේ සෘජු මාර්ගයෙහි නොයා (වළක්වා හැරීමට මාර්ගය අවහිර කර එහි) වාඩි වී සිටින්නෙමි",
7:17. "නියත වශයෙන්ම ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින්ද, දකුණු පසින් හා වම් පසින්ද ඔවුන් වෙත පැමිණ (ඔවුන්ට මාර්ගය වැරද) යවමින් සිටින්නෙමි. එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව (ඔබට) කෘතඥ වන්නන් බවට ඔබ නොදකින්නෙහිය" යයිද කීවේය.
7:18. (එයට දෙවියන්) නින්දාවට ලක් වූවෙකු වශයෙන්ද, එලවා දමනු ලැබූවෙකු වශයෙන්ද ඔබ මෙතැනින් පිටමං වනු> නියත වශයෙන්ම (ඔබවද) ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන්නන්වද ආදී ඔබ සියල්ලන් මගින් නිරය පුරවන්නෙමි" යයි පැවසුවේය.
ඉබිලීස්ට සේවය කරන තවත් ජින්වරු බොහෝමයක් ඇත. ඔවුන්ට ෂේතාන්වරුන්/ යක්ශයන් ලෙසද හඳුන්වයි. ඉබිලීස් අවසන් මිනිසාගේ මරණය දක්වාත් නොමැරේ. නමුත් අනිකුත් ජින්වරුන්ට යම්කිසි ආයුෂ කාලයක් ඇත. ජින්වරුන්ගෙන් වූ ෂේතාන්වරුන් සෑම මනුශ්යයෙකුගේම ජීවිත කාලය පුරා ඔවුන් සමග ඔවුන්ව නොමග යැවීමට වැරදි දේ කිරීමට පොලඹවමින් සිටී. ඔවුන් කරන කටයුතු ඉබිලීස් වෙත දැනුවත් කිරීමට සහ ඔහු වෙත රපෝර්තු කිරීමටද බැදී සිටී. ජින් වරුන්ගෙන් සමහරු ශේතාන්වරු නොවේ. එනම් ඔවුන් ශේතාන්වරුන් මෙන් මිනිසුන්ට අල්ලාහ්ගේ මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු නොකරයි. ඔවුන්ගෙන් සමහරු මුස්ලිම් ජින් වරු ලෙසත් ත්ව කොටසක් මුස්ලිම් නොවන (කාෆිර්) ජින් වරු ලෙසටත් සිටී. ශේතාන්වරු කිසිවෙක් මුස්ලිම් ලෙස නොසිටී.
ජින්වරුන් සාමාන්‍යයයෙන් මිනිස් ඇසට හසුනොවන තත්ව යටතේ සිටින තවත් ජීවී ආකාරයකි. ඉස්ලාමයේ මූලික ග්‍රන්ථ ලෙස සලකන අල් කුරාන් සහ පිලිගත් හදීස් වලින් ඉබිලීස් සහ අනිකුත් ජින්වරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තොරතුරු රාශියක් අප වෙත ලැබී ඇත. එම තොරතුරු වලින් ඔවුන්ගේ හැසිරීම අතීත වර්ථමාන අනාගත යන තුන් කාලයටම ගලපා අධ්‍යයනය කර වටහා ගැනීමට යම් තරමකින් අපට හැකියාව ලැබී ඇත.
පහතින් සඳහන් තොරතුරු කිහිපයෙන් ඉබිලීස් ගැනත්, ඔහුගේ උපක්‍රම හරහා මනුෂ්‍ය සමූහය දෙවියන්ව නැමදීම් කරමින් ඔහට කීකරුව සිටීමෙන් වලක්වාලීමට කටයුතු කරන ආකාරය ගැන යම් අවභෝදයක් ලබා ගත හැක.
නැමදීම, පිහිට පැතීම, ප්‍රාර්ථනා කිරීම, පුදුම වීම, ආදරය කරුණාව, බිය බැතිකම, කෘතඥතාවය දැක්වීම ආදී ලක්ෂණ සෑම මනුෂ්යෙකු තුලම සහජයෙන්ම පිහිටා ඇත. මිනිසාගේ නිර්මාතෘ වන දෙවියන් විසින් එය මනුෂයයා තුලම ස්ථාපනය කර ඇත. කිසිදු බලපෑමකට ග්‍රහණය නොවුනොත් සෑම මිනිසෙකුම ඉහත ගුණාංග සියල්ල තම නිර්මාතෘ සම්බන්ධවම ක්‍රියාත්මක කරනු නොඅනුමානය.
නමුත් ස්වයං තීරන ගැනීමේ නිදහස ඇති මිනිසා තම නොසැලකිල්ල නිසා බොහෝ අවස්ථාවල ඉබිලීස් ගේ සහ ඔහුගේ සේනාව වන ෂේතාන්වරුන්ගේ උගුල් වලට හසුවී තම නිර්මාතෘගෙන් ඈතට ගොස් වෙනත් වැරදි මාර්ගවල තම ජීවිතය ගෙවා දමන ආකාරය දෙස බලන්න.
24:21 විශ්වාසවන්තයිනි! සාතන්ගේ අඩිපාරේ නොයන්න. යමෙක් සාතන්ගේ අඩිපාරේ ගමන් කරයිද, ඔහු නියත වශයෙන්ම සියලු දුරාචාරයට සහ දුෂ්ටකම්වලට පොළඹවන බව ඔවුන්ට දන්වන්න. ඔබ කෙරෙහි අල්ලාහ්ගේ කරුණාව සහ දයාව නොතිබුනේ නම්, ඔබගෙන් කිසිවෙක් කිසිදා පවිත්‍ර නොවනු ඇත. නමුත් අල්ලාහ් තමන් කැමති අයව පිරිසිදු කරයි. තවද අල්ලාහ් සියල්ල ශ්‍රවණය කරන්නාය, සර්වඥය.
සූර්‍යායා (හිරු)ට නැමදීම
සූර්‍යායා දෙවියන් විසින් නිර්මාණය කල අජීවී වස්තුවකි. සූර්‍යායා ක්‍රියාත්මක වන්නේද තම නිර්මාතෘ විසින් තමන්ට ඉදිරිපත් කර ඇති (පනවා ඇති) අණපණත් වලට යටත්වය. ඒ අනුව සූර්‍යායා යම් රාජකාරියක නිරත වෙමින් සිටිනා දෙයකි. දෙවියන්ගේ අසීමිත නිර්මාණ වලින් එකක් පමනක් වන සූර්‍යායා සියල්ලෙහි නිර්මාතෘ වන දෙවියන්ට වඩා උසස් කොට සලකමින් වැදුම් පිදුම් කරන තරමට මිනිසා ගේ මනස දුර්වල කිරීමට ඉබිලීස් ගේ උපක්‍රම සාර්ථක වී ඇත.
මෙලෙස ගස්, ගල්, ගින්දර වැනි විවිධ ආකාරවල ස්වභාවික වස්තූන් ඉදිරියට ගොස් තම නමස්කාරයන් කරමින් මිනිසුන් තම උසස් මිනිසත් බව අවමානයට ලක්කරගනී.

ගවයාට නැමදීම
ඈත ඉතිහාසයේ සිටම අද දක්වාත් පිළිම ලෙස සාදාගත් හෝ පන ඇති හරකුන්ට නමස්කාර කරන තරමටම මිනිසාගේ මනස විකෘති කිරීමට තරම් ෂේතාන්වරුන්ගේ උපක්‍රම සාර්ථක වී ඇත. හඳට රොකට් යවන්න තරම් තාක්ශනය දියුණු රටවල පාර්ලිමේන්තුව නියෝජනය කරන උසස් සමාජමට්ටමක් හෝ අධ්‍යාපනක් ලබා ඇති උගත්
රාජ්‍ය නායකයින් පවා මේ තත්වෙට ගෙනෙන්නට නම් ශේතාන් ගේ උපක්‍රම කොතරම් ප්‍රභල ද යන්න වටහා ගැනීම අපහසු නොවේ.
හරකට පමනක් නොව මිනිසුන්ගෙන් සමහරු අත පය නැති කොටින්ම තමන්ට නිවසක් වත් හදාගන්න බැරි නයාටත් නමස්කාර කර නයාගෙන් පිහිට ප්‍රාර්ථනා කරයි. සමහරු මීයන්ට නමස්කාර කරයි. මෙලෙස විවිධාකාරයේ සතුන් වන්දනා කර සතුන්ගෙන් පිහිට
පතන තරමට මිනිසාව නොමග යවා ඇත. සමහරු තම මනසින් අදහස් කර නිර්මාණයකරගත් අබූත සතුන්ටද නමස්කාර කරයි.


දෙවිවරු ලෙස මනඃකල්පිතව සාදාගත් පිළිම වන්දනාව
කිසිදු සාක්ෂියක් නැති තත්ව යටතේ මනඃකල්පිතව විවිධ විකෘතිතා සහිත පිළිම නිර්මාණය කරගෙන ඒවාට එක් එක් නම් යොදාගෙන ඒවා විවිධ වූ කාරනා වෙනුවෙන් විසේසඤයින් ලෙස සලකා ඒවාට පුද සත්කාර කර නමස්කාර කරමින් පිහිට ඉල්ලන තරමට ඉබිලීස් ගේ උපක්‍රම සාර්ථක වී ඇත.
මෙය ඉතිහාසයේ සිටම ලොව පුරා විවිධ රටවල විවිධ ස්වරූප වලින් නිර්මාණය කරගත් බොරු දෙවිවරුන් (Fales Gods) නැමදීම, ඒවායෙන් පිහිට පැතීම ජන ජීවිත වල සාමාන්ය කාරනාවක් බවට පත්කර ඇත.
මෙම පින්තූර වලින් පෙන්නුම් කරන්නේ ඉන්දියානු ජනසමාජ හරහා නිර්මාණය
වූ ව්‍යාජ දේව රූප කිහිපයකි. මීට වඩා වෙනස් වෙනස් රූප වලින් ලොව වෙනත් රටවල විවිධ ආකාරයේ බොරු දෙවිවරු නිර්මාණය කරගෙන ඒවාට නැමදීමට ඔවුන් යොමුවී ඇත.

මීට අමතරව මිනිසුන් පහත දේ වලට වන්දනා කර ඔවුන්ගෙන් හෝ ඔවුන් හරහා වෙනත් බලවේගයකින් පිහිට අපේක්ශා කරයි.
- ජීවත්ව සිටිනා සමාජයේ පිලිගත් අයට නැමදීම.
- ජීවත්ව සිටිනා ආගමික ශාස්තෘන්වරුන්ට නැමදීම.
- නිරුවත් පූජකයන්ටත්, පුරුශ ලිංගයටත් නැමදීම.
- මිය පරලොව ගිය ආගමික ශාස්තෘන්වරුන්ට නැමදීම.
- මිය පරලොව ගිය සමාජයේ පිලිගත් අයට
නැමදීම.
- (සොහොන් වල සිටින අයට නැමදීම).
- මීට අමතරව යක්ෂයාට නමදින අයත් සිටී. ඔවුන්ගෙන් මේ ලොවට සිදුවන හානිය ඉතා විශාලය. එනිසා ඒ ගැන වැඩි වශයෙන් ඉදිරියේදි කරුණු ඉදිරිපත් කර ඇත.
යක්ෂයා නැමදීම
යක්ෂ (Satan) වන්දනාව පුරානයේ සිටම පැවත එන මිනිසා නොමග ගිය තවත් මාර්ගයකි.
මිනිසා විසින් තම නිර්මාතෘ වන දෙවියන්ව පමණක් නැමදීම සිදුකරනු වෙනුවට ඉබිලීස් විසින් විවිධ් උපක්‍රම හරහා ඔවුන්ව වෙනස් මාර්ග වල නැමදීම් වලට පොලඹනවාට අමතරව විවිධ ස්වරූප වලින් තමාවත් ඔවුන් ලවා වන්දනා කරවීමටද පොළබවයි.
මෙය ඔබ සිතනවාට වඩා බරපතල කාරනාවකි. ඉබිලීස් යනු සුළුපටු කෙනෙකු නොවන බව මේ ගැන හොඳින් අධ්‍යයනය කර බැලුවොත් වැටහේවි, ඔබට ඔබට පුදුම හිතේවි.

ඉලුමිනාටිවරු ගැන ඔබ දන්නවාද?
ඉබිලීස් ගේ (වර්ථමාන) ලොකුම උගුල මෙයයි.
මිනිසුන්ව පරීක්ශනයක් සදහා යොමු කිරීමට මෙලොව ජීවිතය ලබා දුන් බව දෙවියන් පවසා ඇත. දෙවියන් විසින් ලෝක අවසානයට පෙර ඒ ආසන්නයේ සිටින ජනතාවට ඊට පෙර විසූ ජනතාවට වඩා සුවිශේෂී පහසුකම් රාශියක් ලබා දී ඇත. අද එය අපි අත් විඳින්නෙමු. ඒ සැප පහසුකම් සමග දජ්ජාල් නම් සුවිශේෂී පුද්ගලයෙකු හරහාද අපව සුවිශේෂී පරීක්ෂණයකට ලක්කරන බව පවසා ඇත. දජ්ජාල්ගේ රැවටීම් වලින් ආරක්ශාව පතන ලෙසද අපට දැනුවත් කර ඇත.
ඉබිලීස් මෙමගින් උපරිම ප්‍රයෝජන ගැනීමට දැනටමත් කටයුතු කර ඇත. දැනටමත් ඔහුගේ උගුල් වලට මුළු ලෝකයම අසුවී ඇත. නමුත් මිනිසුන්ට එය වැටහී නැත. මේ ඒ පිළිබඳව දැනුවත් කිරීමකි....

Al-Masih ad-Dajjal
විනිශ්චය දිනය ආසන්නයේ දිස්වන විශාල සංඥා දහයෙන් එකක් වන්නේ 'දජ්ජාල්ගේ මතුවීම' ය. මිනිස් ඉතිහාසය පුරාවටම, දජ්ජාල්ගේ අනර්ථය නරකම හා භයානක එකකි. සෑම නබිවරයෙකුම ඒ පිළිබඳව තම උම්මතය හෙවත් තම සාමජය වෙත අවවාද කිරීම තුළින් ඔහුගේ අකටයුතුකම්වල දැවැන්තභාවය සහ බරපතලකම අවබෝධ කරගත හැකිය. (Tirmizi, vol. 4, pp. 101, Hadees 2241)
දජ්ජාල් යනු ආදම්ගේ පරම්පරාවෙන් එන අප වැනි මිනිසෙකි. (ඔහුගේ එක ඇසක් අන්ධය).
අප වැනි මිනිසුන් අතර සුවිශේශී මිනිසුන්ද සිටී. ජේසු (ඊසා අ.ස) තුමා එවන් කෙනෙකි. ඔහුට සුවිශේශී උපතක්, සුවිශේෂී දීර්ඝ ජීවිත කාලයක් හා මරණයක් ඇත. දජ්ජාල් ද එවැනි සුවිශේෂී කෙනෙකි. ජේසු තුමා සමාජයට යහපතක් කිරීමට පැමිනුනත් දජ්ජාල් පැමිනෙන්නේ සමාජයට අයහපතක් කිරීමටය. ඔහු මතුවී "තමන් දෙවියන්" ලෙස පවසමින් ජනතාව මුලා කර ඔවුන්ව නොමග යවයි. මිනිසුන් බොහෝමයක් ඔහුට රැවටෙනු ඇත.
ඔහුව විශ්වාස කරන නූතන මනුෂ්‍යය සමූහයකුත් අප අතර ඇත. "ඔහු පැමින තමන්ව අපායෙන් සදාකාලයටම ගලවා ගනු ඇතැ" යි කියා විශ්වාස කරන ප්‍රභල ධනවත් පවුලක් සහ ඔවුන් ගොඩනගා ගත් සමාජයක් අප අතරත් ඇත. ඔවුන්ව ඉලුමිනාටිවරු ලෙස හදුන්වනු ලැබේ. ඔවුන් දජ්ජාල්ගේ පැමිනීම අපේක්ෂාවෙන් සිටී. ඔහු පැමිනි පසු ඔහුට මේ ලොව තුල ක්‍රියාත්මක වීමට අවෂ්‍යය වටපිටාව සකසමින් සිටී. එය මෙම ලොවට ඉතාම නරක ලෙස බලපා ඇත. ඒ පිලිබදව පහතින් විස්තර ඉදිරිපත් කර ඇත.
ලොව තුල ප්‍රභල රාජ්‍යයන් තියෙන බව අපි දනිමු. ඇමෙරිකාව, රුසියාව, එංගලන්තය වගේ නම් කියාගෙන ගියත් ඒ සියල්ලට ඉහලින් ඔවුන් සියල්ල යට කරමින්, ඔවුන්ව රූකඩ මෙන් නටවමින් ඉලුමිනාටිවරුන් තම රාජ්‍ය බලය පවත්වාගෙන යයි. එය Secret Kingdom ලෙස හඳුන්වයි.

අද ලොව පාලනය කරනු ලබන්නේ මෙම පවුල් 13 විසිනි. ඉබිලීස් ඔවුන් හරහා ඔහුට අවශ්ය බොහෝ දේ සිදුකර ගනී.

මේ ඔවුන්ගේ රාජයය පාලනයයි. ඔවුන්ගේ ප්‍රධානියා දජ්ජාල් ය. ඔවුන්ගේ ගැලවුම් කරු ලෙස ඔවුන් සළකන්නේ දජ්ජාල්ය. එනිසා ඔවුන් යක්ෂයා අදහන්නන් ලෙස අපට නම් කල හැකිය.
කෙසේ හෝ ඔවුන් මේ වනවිට ලොව සියලුම පාලන බලය ඔවුන් අතට ගෙන හමාරය. ඔවුන්ගේ සුළු කන්ඩායමට පහලින් සිටින අප සියළුම දෙනා ඔවුන්ට අනුව බැටළුවන්ය. එසේත් නැතිනම් ඔවුන්ට අපව කැරපොත්තන් තරම් වත් වටින්නේ නැත.

ප්‍රභලම කොමිටි සාමාජිකයන් 300ක් එක්ව ඔවුන් ඔවුන්ට අවශ්‍යය කාරනා සදහා එක්ව කටයුතු කරයි. එය New World Order Game Plan ලෙස හඳුන්වයි.



ඔබ සුපිරි වෙළදසැලකින් මිලදී ගන්නා මෙම සියලුම භාණ්ඩ ඔවුන්ගේ පාලනය යටතේ පවතින ඉතාම සුළු මව්සමාගම් කිහිපයක භාණ්ඩය.
මේ ඔවුන් ලොවට බලපෑම් කිරීමට භාවිතා කරන ක්‍ෂේත්‍රයන් කිහිපයකි. මිනිසුන්ට නොදැනෙන ලෙස මෙම ක්‍ෂේත්‍ර ඔවුන් විසින් හසුරුවයි.
ඔවුන් විසින් විවිධ ආකාරවලට මිනිසුන්ව කාර්යබහුල කරවලා තියෙන නිසා ඔවුන්ට තිරය පිටුපස වෙන දේ ගැන හොයන්න වෙලාවක් නෑ.
මේ ඔවුන් ලොවට බලපෑම් කිරීමට භාවිතා කරන ක්‍ෂේත්‍රයන් කිහිපයකි. මිනිසුන්ට නොදැනෙන ලෙස මෙම ක්‍ෂේත්‍ර ඔවුන් විසින් හසුරුවයි.

රජයට සහ දේශපාලනයට ඔවුන්ගේ බලපෑම
1) ලොව පුරා රහසේ කොමියුනිස්ට්වාදය ප්‍රවර්ධනය කරයි.
කොමියුනිස්ට්වාදය යනු පතල් සහ කර්මාන්තශාලා වැනි ප්‍රධාන නිෂ්පාදන මාධ්‍යයන් මහජනතාවට හිමි සහ පාලනය වන පන්ති රහිත සමාජයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන දේශපාලන හා ආර්ථික පද්ධතියකි.
මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස සියලුම ව්‍යාපාර සහ දේපළ (නිෂ්පාදන මාධ්‍ය) රජය සතු වෙයි. සේවකයාට කතා කිරීමේ නිදහස අහිමි වෙයි. හවුල් උත්සාහයන් සහ සම්පත් සඳහා පොදු ඉලක්කයක් හෝ රීති මාලාවක් පවත්වා ගැනීම අපහසු වේ. මධ්යම සැලසුම් කිරීම (Common goals) සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය.
පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට නොගනී.
කම්කරුවන්ගේ ලාභ චේතනාවෙන් තොරව ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව සාක්ෂාත් කර ගැනීම දුෂ්කර ය.
මිල යාන්ත්‍රණයකින් තොරව ඉල්ලුම සහ සැපයුම අතර අභ්‍යන්තර තුලනය ඇති කර ගැනීම අපහසුය.
(රජය මිනිසුන්ව පාලනය කරන අතර ඉලුමිනාටිවරුන් විසින් විසින් රජය පාලනය කරයි. ඉබිලීස් ඉලුමිනාටිවරුන් වරුන්ව වරදට පොළබවයි...)
මෙය අනිත් පැත්තට ලිව්වම කාරනාව හොඳින් පැහැදිලිවෙයි. ඉබිලීස් තම උපක්‍රම යොදා ඉලුමිනාටිවරුන්ව තම වසඟයට ගෙන වරදට පොළබවයි. ඉලුමිනාටිවරු විසින් රජයන් පාලනයකරගෙන සිටී. ඔවුන්ට යටහත් රජයන් රූකඩ මෙන් ඔවුන්ට අවශ්ය ආකාරයට ජනතාව පානයය කරයි. අවසානයේ ජනතාව බැටළුවන්, කැරපොත්තන් මෙන් පහල මට්ටමේ ජීවත් වේ.










ලොව තුල ඇති ප්‍රභල රූපවාහිනී මාධ්‍යයයන් සියල්ල ඔවුන්ගේය.














































තාක්ෂණ ක්‍ෂේත්‍රය තුල ඔවුන්ට අවශ්‍යය දේ..




by sjw
මේ පිළිබඳව ඔබගේ අදහස් අප වෙත ලියන්න