නවක මුස්ලිම් ඔබට නීතිමය කටයුතු වලදී සහාය.

Legal consultation Support

ඉස්ලාමීය නීතියට අපි සියල්ලෝම එකඟව අවනත විය යුතුයි. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප රටට පොදු වූ නීතියටත් අවනත විය යුතුය. එයයි ඉස්ලාමීය උගැන්වීම. නමුත් අපට විවිධ කාරනා නිසා මේ නීතීන් දෙකෙන්ම පිහිට පැතීමට සිදු විය හැකියි.

නවක මුස්ලිමෙකු වූ ඔබට ඔබගේ පෙර සාමජයේ අයගෙන් හෝ වේවා, ඔබ අලුතින් පිවිසි මුස්ලිම් සමාජයෙන් හෝ වේවා යම් යම් අසාධාරණකම් වී ඇත් නම් හෝ තවදුරටත් එසේ වෙමින් පවතිනවා නම්, එහිදී ඔබ ඒ වෙනුවෙන් නීතිමය පිහිට සොයා යාමට අදහස් කල විටක එයට අවශ්‍ය නිසි දැනුම පිළිබඳවද, ක්‍රම වේදය පිළිබඳව හෝ ඒ සදහා මූල්‍යමය හැකියාව මෙන්ම ආරක්ෂාව පිළිබඳවද විවිද ගැටළු මතු විය හැකියි. නවක මුස්ලිම් ඔබට ඔබගේ සාමාන්‍ය ජිවිතයටත් ඉස්ලාමීය ජීවිතයටත් එය මහත් භාදාවක් යැයි හැඟෙන්නේ නම් මෙහිදීත් අපි ඔබ සමග සිටින්නෙමු.

උදාහරණ කිහිපයක්. 

  • ඉස්ලාමය වැලඳ ගැනීම හේතුවෙන් ඔබෙ පවුලේ උදවිය ඔබව ඔබගේ නිවසින් පන්නා දැමුවේ නම්, මෙහිදී ඔබගේ දරුවන් ඇතුළුව දේපල සම්බන්දව යම් නීතිමය පිළිසරණක් පතන අවස්ථාවක,

  • විවාහක යුවලකගෙන් එක් කෙනෙකු ඉස්ලාමය වැලඳ ගෙන සිටින විට තව දුරටත් එම යුග ජීවිතය පවත්වාගෙන යාම පිලිබදව යම් යම් ගැටලු මතු වූ වා නම්,
  • නවක මුස්ලිම් කාන්තාවක් වන ඔබව විවාහ කරගාන්නා ලෙසින් පොරොන්දු දෙමින් ඔබව රැවටීම් වලට ලක් කල හෝ ඔබව විවාහ කරගත් පසු, (ඉස්ලාම් ආගම නිසා සියල්ල අතහැර පැමිණි, ඇත්ත වශයෙන්ම එක අතකින් අංත අසරණ වූ කාන්තාවක් වන ඔබව) අයුතු ලෙස අසාධාරනකම් වලට ලක් කරන මුස්ලිම් පිරිමින් හෝ ස්වාමිපුරුෂයන් වෙනුවෙන් ඔබට නීතිමය පියවර ගැනීමට අවශ්ය නම්,
  • ඔබට හජ්, උම්රා කිරීම සදහා අදාල ලියකියවිලි සකසා ගැනීමට අවශ්ය වූවා නම්,

මෙවැනි විවිධ කටයුතුවලදී අපි ඔබේ සහායට සිටින්නෙමු.

අපේ අරමුන නම් දෙවිඳුන් ඔබට දුන් ඉස්ලාමීය භාග්‍ය විනාශකර නොගෙන එතුල සැනසින්න්ලේ සිටිනු දැකීමය.

ඊලග පිටුව. සේවා අංක 10 මංගල යෝජනා සහාය

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us