
ඔබ මවිත වන දේවල් කිහිපයක්..
මෙම ලිපිය ලිවීමේ මගේ අරමුණ වන්නේ පරමාණුවක කුඩාම අංශුවෙන් ආරම්භ වී ක්‍රමයෙන් විශාල වී අවසානයේ විශ්වයටත් වඩා විශාල වන දේවල් කිහිපයක් ඔබට පෙන්වීමයි. අවසාන ප්‍රතිඵලය දැනගත් විට ඔබ පුදුම වනු ඇත, හොඳයි, අපි කුඩාම දෙයින් පටන් ගනිමු.
වැලි කැටයක් කොටස් මිලියනයකට කැඩුවම පරමාණුවක් ප්‍රමානය අපට ලැබේ.
වැලි කැටයක් බිලියන 2000 කට කැඩූ විට ඉන් එක කොටසක් පරමානුව ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රෝනයක ප්‍රමාණය අපට ලැබේ. (මෙය 1897 දී සොයා ගන්නා ලදී.
එයටත් වඩා කුඩා, එනම් එම එලෙක්ට්‍රෝනයෙන් තුනෙන් එකක තරම් ප්‍රමාණයෙන් යුත් නියුට්‍රෝන ගැන 1911 දී සොයා ගනු ලැබුවා.
භෞතික විද්‍යාඥයන් ප්‍රථම වරට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සමඟ ගැටුණු විට, ප්‍රෝටෝනය තුළ ඇති කුඩා දෘඩ න්‍යෂ්ටි තුනකින් ඉලෙක්ට්‍රෝන පැන යන බව ඔවුන් නිරීක්ෂණය කළහ. එවිට ලැබෙන හරය ක්වාක් (QUARK) ලෙස හැඳින්විණි. Quarks යනු විද්‍යාත්මක ප්‍රයත්නයේදී මෙතෙක් මිනිසාට හමු වූ කුඩාම අංශු වේ.
Quark එකක ප්‍රමාණය දළ වශයෙන් දැනගැනීමට විද්‍යාඥයන් දක්ෂ අධ්‍යයනයන් කිහිපයක් කිරීමට සමත් වී ඇත. අවසාන වශයෙන්, එය සෙන්ටිමීටරයකින් බිලියනයෙන් බිලියනයෙන් පංගුවක් පමණ වන බව සොයා ගැනීමට මට හැකි විය.
1 Quark = 0.00000000000000001 cm

මේවා කොතරම් කුඩා වූවත් ඒවාට නිශ්චිත ව්‍යුහාත්මක ස්වභාවයන් ඇති බව පැහැදිළි වේ. දැන් අපිට මතුවන ගැටළුවක් තමයි, මෙවා කොතරම් කුඩා වුවත්, මෙවා මෙලෙස ඉබේ සැලසුම් සහගත වෙන්න පුළුවනිද? සාමාන්‍ය මනුස්ස බුද්ධියට අනුව උනත් හේතුවකින් තොරව කිසිවක් මෙලෙස ඉබේ සිදු විය නොහැකිය.
දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ කුර්ආනයේ ස්ථාන දෙකක පරමාණුවක කුඩාම අංශුව ගැන මෙසේ සඳහන් කර ඇත.
ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හි හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අණුවක ප්‍රමාණයක් තරම් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම) ලව්හුල් මහ්ෆූල් නැමැති පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොවී නැත; (34:3).
භූමියෙහි හෝ අහසෙහි හෝ ඇති දැයෙන් එක් අණු ප්‍රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත. (10:61)
එම අල්ලාහ්ම උත්පාදකයාය. (ඔහුම උත්පාදනයන් සැලසුම් කරන්නේය). හැඩරුව නිර්මාණය කරන්නාය.; (59:24)
පහතින් සඳහන් කර ඇත්තේ අප මවිතයට පත් කරන අපට පිළිගත හැකි කුඩා සහ විශාල නිර්මාණ කිහිපයකි. ඇත්තෙන්ම පුදුමයි. අදහාගත නොහැකියි. නමුත් ඒවා ඇත්ත බව අද තාක්ෂණය මගින් යම් යම් ප්‍රමාණ වලින් හෝ තහවුරු කර ඇත. මේ සෑම එකක්ම ඉබේ සැකසිය හැකි දැයි සිතමින්ම කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. මේවාට අදාල රූප කිහිපයක් "දෙවියන්ගේ නිර්මාණ: විශ්මිත රූප එකතුවක්" වෙත පිවිස බලන්න
මිනිසා සම්බන්ධව
- මිනිස් සිරුර තුළ සහ ඒ මත බැක්ටීරියා (වර්ග දහසක් පමන) ගනනින් ට්‍රිලියන 39 ක් පමණ ක්‍රියාත්මකව ඇත
- සාමාන්ය මනුෂ්‍යයෙකුගේ සිරුරේ සෛල වර්ග 200ක් පමණ ඇත.
- වැඩුනු පිරිමියෙකුගේ සිරුරේ සෛල ට්‍රිලියන 36 පමණ ඇත.
- මිනිස් ඇස ඩිජිටල් කැමරාවක් නම් එහි මෙගාපික්සල් 576ක් තිබෙනු ඇත. දෘෂ්ටි විතානයේ සෛල මිලියන 127 ක් පමණ ඇත. ඔබේ ශරීරයේ වඩාත් ක්‍රියාකාරී මාංශ පේශී ඇත්තේ ඔබේ ඇස්වලය.
- ඇසෙහි චලනය වන කොටස් මිලියන 2 කට වඩා ඇත.
- ඔබේ හදවත දිනකට 100,000 වාරයක් පමණ ස්පන්දනය වේ. ඔබ මැරෙනකම්ම එයට විවේකයක් නැත.
- ඔබේ ශරීරය හරහා රුධිරය ක්කිලෝමීටර් 19,000 පමණ ගමන් කරයි, එය පෘථිවියේ විෂ්කම්භය මෙන් දෙගුණයක් වේ.
- වැඩිහිටි මිනිස් මොළයට ගිගාබයිට් මිලියන 2.5 (2,500,000GB)කට සමාන මතකයක් රැස් කර ගත හැකිය.
- සාමාන්‍ය පිරිමි මොළයේ සෛල බිලියන 171 ක් පමණ ඇත. එයින් බිලියන 86 ක් පමණ නියුරෝන සෛලය. සාමාන්‍යයෙන්, මොළයේ සම්බන්ධතා ට්‍රිලියන 100කට වඩා සමන්විත වේ. සෑම නියුරෝනයකටම සම්බන්ධතා 1,000 ක් පමණ සෑදීමට හැකියාව ඇත.
- එක මිනිසෙකුගේ DNA සියල්ල දිග නූලක් ලෙස සැකසුවොත් එය සම්පූර්ණ දිග කිලෝමීටර බිලියන 575කට පමණ ආසන්න වේ. (575,000,000,000 km). අපේ පෘථිවිය වටේ වට ලක්ශ 143 ක් පමණ එතිය හැකි තරම් දිගය.
- සෑම තත්පරයකටම රතු රුධිර සෛල මිලියන 2ත් 3ත් අතර ප්‍රමාණයක් ඇට මිදුළු තුළ නිපදවා සංසරණයට මුදා හරිනු ලැබේ. තත්පරයක් තුල එවැනිම රතු රුධිර සෛල ප්‍රමාණයක් මිය යයි.
- සාමාන්‍යයෙන් පිරිමින් ශුක්‍රාණු පිට කරන සෑම අවස්ථාවකම ශුක්‍රාණු. මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදාහරිනවා. කාන්තාවකගේ ඩිම්බය සංසේචනය කිරීමට අවශ්‍ය වන්නේ එක් ශුක්‍රාණුවක් පමණි.
- සාමාන්‍ය මිනිසෙකුගෙ වසර 67ක පමණ කාලයක් තුල හිසකෙස්/ රෝම 1000km පමණ වර්ධනය වේ.
- සාමාන්‍ය මිනිසෙකුගෙ (10cm පමණ දිග) වකුගඩු දෙක මගින් දිනකට රුධිර ලීටර් 180 ක් පමණ පෙරීම, රතු රුධිර සෛල නිෂ්පාදනය පාලනය කිරීම, ඔබේ රුධිර පීඩනය නියාමනය කරන හෝමෝන නිකුත් කිරීම සහ ශරීරයෙන් අපද්‍රව්‍ය මුත්‍රා ලෙස ඉවත් කිරීම සිදු කරයි.
සතුන් සම්බන්ධව
සත්ව ලොක්කය තුල එකිනෙකාට වෙනස් සුවිශේසතා දහස් ගනනින් දැකිය හැක. කිහිපයක් මෙහි පමණක් පෙන්වා ඇත. මේ සියල්ලක් තුලම නිර්මාණකරුවෙකුගේ මහිමය විදහා පෙන්වයි.
- ලෝකයේ සිහින්ම සත්වයා හග්ෆිෂ් ය. ඔවුන්ට තත්පර 0.1 කට අඩු කාලයකදී සෙවල ලීටරයක් නිපදවිය හැකිය.
- ලෝකයේ වැඩිපුරම හිසකෙස් ප්‍රතිශතයක් ඇති සත්වයා මුහුදු ඔටර් වන අතර, උගේ ශරීරයේ සෙන්ටිමීටරයකට හිසකෙස් 100-160,000 කින් සමන්විත වේ (වැඩිහිටියෙකු මුළු හිසකෙස් බිලියනයකට වඩා ඇත).
- අලියෙකුගේ හොඬවැල ලෝකයේ විශාලතම නාසයයි. උගේ නහයෙන් ගස් ඇදගෙන යාම සහ කිලෝග්‍රෑම් 350 දක්වා බර ඔසවන්නට හැකිය.
- ඩොල්ෆින්ට එක ඇසක් විවෘතව තබාගෙන නිදා ගත හැකිය. එක වරකට නිදා ගන්නේ ඔවුන්ගේ මොළයෙන් අඩක් පමණි. මෙය ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන අතර හුස්ම ගැනීමට මතුපිටට පැමිණීමට සහ සුපරීක්ෂාකාරීව සිටීමට අවදියෙන් සිටීම උපකාරී වේ.
- වැඩිපුරම නිදා ගන්නා සත්වයා කෝලා ය. සෑම දිනකම පැය 20-22 ක් නිදා ගනී.
- ලොව බරම පියාඹන කුරුල්ලා වන කෝරි බස්ටාඩ්ගේ බර කිලෝග්‍රෑම් 11-19 කි.
- මෙතෙක් බරින් වැඩිම සත්වයා ලෙස හදුනාගෙන ඇත්තේ වන්නේ ඵෙරුසෙටුස් සොලොස්සුස් නම් තල්මසාය. උගේ අස්ථිවල ඝනත්වය අනුව ගනන් බලද්දි ශරීරය උපරිමව ටොන් 340 කට ආසන්න ශරීර ස්කන්ධයක් තියෙන්නට ඇත.
- බූවල්ලාට හදවත් තුනක් ඇත, ඒවාට එකිනෙකට තරමක් වෙනස් භූමිකාවන් ඇත.
- පිරිමි මුහුදු අශ්වයන් පැටවුන් බිහි කරයි. මුහුදු අශ්වයන් යම් ආකාරයක ප්‍රතිලෝම ගැබ් ගැනීමක් පෙන්වයි - සංසේචනය කිරීමෙන් පසු බිත්තර වර්ධනය වීමට පිරිමින්ගේ මල්ලකට මාරු කරනු ලැබේ. එහිදී බිත්තරවලට ඔක්සිජන් සහ ආරක්ෂාව ලැබෙන අතර, ගැබ් ගැනීම දින 14 සිට 28 දක්වා පවතින අතර, පසුව පිරිමි සතා පැටවුන් ලෙස හැඳින්වෙන සජීවී පැටවුන් වරකට 2000 පමණ බිහි කරයි.
- චීටා යනු ලොව වේගවත්ම සතුන් වන අතර පැයට කිලෝමීටර 120 ක වේගයක් කරා ළඟා වේ. එක් පියවරකින් ඔවුන්ට වේගය පැයට කිලෝමීටර 10 කින් වැඩි කළ හැකියි.
- විදුලි ඊලෙකුට වෝල්ට් 600 (V) ක ධාරාවකින් ඉහළ මට්ටමේ කම්පනයක් ඇති කළ හැකිය.
විශ්වය සම්බන්ධව
- ආලෝකයේ වේගය :- චලනය වන ප්‍රභවයකින් ලැබෙන ආලෝකය තත්පරයට කිලෝමීටර් 300,000 ක වේගයෙන් ගමන් කරයි. (සූර්යයාගෙන් නිකුත්වන ආලෝක කදම්භයක් තත්පරයට කිලෝමීටර ලක්ශ තුනක වේගයෙන් කිලෝමීටර මිලියන 150 ක දුරක් තත්පර 500 කදී ගමන් කර පෘතිවියට ලඟා වේ). ආලෝක වර්ෂය යනු ආලෝකය වසරක් තුළ ගමන් කරන දුරයි. එනම්, කිලෝමීටර් ට්‍රිලියන 9 කි.
- Oort Cloud හි ඈත කෙළවර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ මායිම ලෙස සලකනු ලබන අතර, සෞරග්‍රහ මණ්ඩලයේ විෂ්කම්භය කිලෝමීටර ට්‍රිලියන 30 ක දළ ඇස්තමේන්තුවක් ලබා දෙයි. එය ආලෝක වර්ෂ 3 කට වඩා වැඩිය.
- අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මන්දාකිණියේ මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 26,000ක් ඈතිනි. ක්ෂීරපථය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 100,000 ක විෂ්කම්භයකින් යුක්ත වේ.
- අපගේ ක්ෂීරපථයේ (අපගේ මන්දාකිණියේ) පමණක් තරු බිලියන 100 ක් පමණ ඇත. සියළුම මන්දාකිණි ක්ෂීරපථයට සමාන යැයි උපකල්පනය කළ හොත්, එයට අනුව නිරීක්ෂණය වන විශ්වයේ පමණක් තරු දළ වශයෙන් (තරු බිලියන 100 මන්දාකිණි ට්‍රිලියන 2 න් වැඩි කල යුතු වනවා) එය 2 x10 23 බලයකි. (200,000,000,000,000,000,000,000). මෙයින් සූර්‍යයා යනු එක තරුවකි.
- සූර්‍යයාට ආසන්නතම අනිත් තාරකාව වන Proxima Centauri ආලෝක වර්ෂ 4.24 ක් ඈතින් පිහිටා ඇත.
- පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384 400 කි. පෘථිවිය සඳට වඩා දළ වශයෙන් විෂ්කම්භය 4 ගුණයක්, පෘෂ්ඨීය වපසරියෙන් 13 ගුණයක්, ස්කන්ධයෙන් 81 ගුණයක්.
- පෘථිවිය හා සසඳන විට සූර්යයා අති විශාලයි! පෘථිවිය සාමාන්‍ය සූර්ය ලපයක් තරම් විශාලයි! සූර්යයා සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86% ක් අඩංගු වේ. පෘථිවියේ සිට සූර්යයා දක්වා දුර කිලෝමීටර් මිලියන 149. සූර්යයාගේ විෂ්කම්භය කිලෝමීටර් මිලියන 1.39 පමණ වේ. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 109 ගුණයක් පමණ වේ.
- සූර්යයාගේ බර පෘථිවිය මෙන් 333,000 ගුණයක් පමණ වේ. එය කොතරම් විශාලද යත් පෘථිවි ග්‍රහලෝක 1,300,000ක් පමණ එහි අභ්‍යන්තරයට ගැලපේ.
- අපට සමීපතම මන්දාකිණිය සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 25,000 දුරින් පිහිටා ඇත. මීළඟට ආසන්නතම මන්දාකිණිය සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 70,000 දුරින් පිහිටා ඇත.
- මන්දාකිනියේ ඇති සියලුම වස්තූන් එහි කේන්ද්‍රය වටා භ්‍රමණය වේ. ක්ෂීරපථයේ කේන්ද්‍රය වටා එක් වටයක් යෑමට අපගේ සූර්යයාට (සහ පෘථිවියට) වසර මිලියන 230 ක් ගතවේ. අපි පැයට කිලෝමීටර 828,000 ක සාමාන්‍ය වේගයකින් ගමන් කරමින් සිටිමු. නමුත් එම ඉහළ වේගයකින් වුවද, ක්ෂීරපථය වටා එක් සම්පූර්ණ කක්ෂයක් සෑදීමට අපට වසර මිලියන 230 ක් පමණ ගත වේ! (පෘථිවි කක්ෂයේ වේගය සාමාන්‍යයෙන් 29.78 km/s - 107,208 km/h).
- ආලෝකයේ වේගයට වඩා වේගයෙන් විශ්වය ප්‍රසාරණය වෙමින් පවතී.
- phoenix A black hole විශාලතම දන්නා කළු කුහරය වන අතර එය සූර්යයා මෙන් බිලියන 100 ක ස්කන්ධයක් ඇත. අපට ආසන්නම විශාලතම කළු කුහරය TON 618 වේ. එය සූර්යයා මෙන් බිලියන 66කි. එහි විශ්කම්භය කි.ම්. බිලියන 130 ක් පමන වේ. එය සූර්යයා මෙන් 140 ට්‍රිලියන තරමක් ආලෝකමත්ය. එය ආලෝක වර්ෂ බිලියන 10ක් දුරින් පිහිටා ඇත.




අප විශ්වය ලෙස කතා කරනුයේ අප සිටින පලමු අහස සම්බන්ධයෙනි. (දැනට අපට එහි නිරීක්ෂණය වන්නේ 5% පමන ප්‍රමාණයක් පමණි).
අල්ලාහ් (ඔහුගේ සන්න්නිධානයට අදාල) දින 6 කින් අප සිටින විශ්වය නිර්මාණය කළේය. පෘතුවියෙහි ස්වභාවය ඉන් දින දෙකක කාලයකදී සිදුවූ බවද සඳහන්.
(විද්‍යාඥයින් මෙය Big Bang Theory ලෙස හදුන්වයි)

ඉහතින් සඳහන් කලේ අප මවිතයට පත් කරන අපට පිලිගත හැකි කුඩා සහ විශාල නිර්මාණ කිහිපයකි. ඇත්තෙන්ම පුදුමයි. අදහාගත නොහැකියි. නමුත් ඒවා ඇත්ත බව අද තාක්ෂණය මගින් තහවුරු කර ඇත.
පහතින් සඳහන්ව ඇත්තේ අප මවිතයට පත් කරන අපගේ තාක්ෂණයට ග්‍රහණය නොවන අදහා ගත නොහැකි තවත් නිර්මාණ කිහිපයකි.
ඉහතින් සඳහන් කර ඇති කාරනා පුදුම උනත් තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසාට එම කරුණුවල සත්‍යයතාවයන් තහවුරු කරගන්නට හැකිව තිබෙනවා.
ඒ වගේම අප විසින් වර්තමානයේදී තහවුරු කරගන්නා වූ ඇතැම් සුවිශේෂී කාරනා ගැන තාක්ෂණය අඩු ඉතිහාසයේ සිටි ඇතැම් සුවිශේෂී පුද්ගලයන්ගේ දේශනා වල සදහන්ව තිබෙනු දැකිය හැක. ඒවා ඔවුන්ට විශේෂ ආකාරවලට ලැබුනු දැනුම් ලෙස අප විශ්වාස කරන්නෙමු.
එවැනි සුවිශේෂී දැනුම් සහිතව සිටි පුද්ගලයන් ලෙස බුදුන්වහන්සේ, මොහම්ම්ද් (සල්) නබි තුමා, ඊට අමතරව ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයින් සහ තවත් එවැනි අය කිහිපදෙනෙක්ව සදහන් කල හැකිය.
සමහර තොරතුරු අල් කුරාන් සහ හදීස්, ත්‍රිපිටකය, බයිබලය, වේදාස් උපනිශද් වැනි හින්දු ග්‍රන්ථ, තව්රාත් වැනි යුදෙව් ග්‍රන්ථ වැනි ආගමික ග්‍රන්ථ වල විශේෂයෙන්ම සඳහන්ව තිබෙනු දැකිය හැක. එනම් ඒවා පිටුපස යම් සැඟවුනු කාරනාවක් ගැබ්ව ඇතැයි සාධාරනව සිතන්නෙකුට වටහා ගත හැක.
විවිධ ආගමික මූලික ග්‍රන්ථ සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර බැලුවහොත් සාමාන්ය මනුෂ්‍යයන්ට ග්‍රහණය කරගත නොහැකි එවැනි කරුණු විශ්වය සහ ඉන් එහා ඇති දේ ගැන දන්නා තැනකින් ලැබුණු තොරතුරු බව ප්‍රතය්‍යක්‍ෂ වෙයි. විවිධ ආගමික ග්‍රන්ථ තුලින් එහි මුල් ස්වභාවයෙන්ම පවතින එකම ග්‍රන්ථය ලෙස අල් කුරාණය සදහන් කල හැකිය. අනිකුත් ග්‍රන්ථ ධර්මය පහල වූ හෝ දේශනා කල ස්වභාවයෙන්ම ලිඛිත වූ බවක් දකින්නට නොමැතිකම එක්තරා කණගාටුවට කරුණකි. නමුත් යම් යම් කරුණු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට ඒවාද යම් අයුරකින් ප්‍රයෝජනවත් වන අවස්ථා ඇත.
විශ්වය (හෙවත් පලමු අහස)ට එහායින් මිනිසාට ග්‍රහණය කර ගත නොහැකි බොහෝ දේ ඇත. සියල්ලෙහි නිර්මාතෘ වන සර්වබලධාරී දෙවියන්වහන්සේ මිසාට පහළ කළ අවසන් දිව්‍ය හෙලිදරව්ව වල අල් කුරාණය තුලින් අහස් හතක් ගැන පවසා ඇත. පළමු අහසට ඉහලින් ඇති අහස් ගැන කරුණු නිරීක්ෂණය කිරීමට මිනිසා සතු තාක්ෂනය ප්‍රමාණවත් නැත.
දෙවිඳුන්ගේ නිර්මාණයෙහි සාරාංශයක් පහත සටහනින් පෙන්නුම් කරයි.

අප සිටින පහලම අහස වන විශ්වය අල්ලාහ්ගේ සන්නිධානයේ දින 6 කින් නිර්මාණය කළ බව අපට දැනුම් දී ඇත. නමුත් අපට ඉහලින් ඇති අනිකුත් අහස් හය සහ ඒවායේ සිටින මලායිකාවරුන් ආදිය කවදා කෙසේ නිර්මාණය කළේ දැයි අපව දැණුවත් කර නැත.
මිනිසාට ගෝචර නොවන සමහර නිර්මාණ කිහිපයක් ගැන පහතින් සඳහන් කර ඇත.
- මලායිකාවරුන්
- බයිතුල් ඉස්සා
- බයිත්-උල්-මාමූර්
- සිද්රතුල් මුන්තහා ගස
- සිරාත් පාලම
- අල් කුර්සි
- පෑන සහ ලවුහ් අල් මහ්ෆූද්
- අර්ෂ්
1. මලායිකාවරුන්
දෙවියන්ගේ සමහර දේවදූත මලායිකාවරුන්ට ආලෝකයේ වේගයටත් වඩා, (කොටින්ම) "නිමේශයකින්" ගමන් කල හැකිය.
උදාහරනයක් ලෙසට ජිබ්රීල් (අ.ස.) කිහිප වතාවක්ම අහස් හතටත් ඉහල සිට මොහම්මද් නබි (ස.ල්) තුමා හමුවට පැමිනීම සදහන් කළ හැකිය.
2. බයිතුල් ඉස්සා (Baytul Izzah) යන යෙදුම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කර ඇත්තේ 'The House of Honour' යන්නයි. එය මක්කාවේ කබාව හා සමපාත වන පළමු අහසේ (අපට ආසන්නතම ස්වර්ගය) පිහිටා ඇති නිවසක් ගැන සඳහන් කරයි.
අල්ලාහ් ලයිලතුල් කද්ර් නැමති රාත්‍රියේදී, ලව්හුල් මහෆූස් සිට පහළම අහසෙහි බයිත් අල් ඉස්සා නැමති ස්ථානය වෙත අල් කුරාණය එකවරම පහළ කළ අතර, පසුව ජිබ්‍රීල් (අ.ස) වෙතින් එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට කොටස් වශයෙන් වසර 23ක කාලයක් පුරාවට ලබා දුනි. මෙය ඉබ්නු අබ්බාස් විසින් ප්‍රකාශ කරන ලදී." (තෆ්සීර් අත්-තබාරි 20/129)
නියත වශයෙන්ම අපි මෙය (මෙම කුරානය ගෞරවයෙන් පිරි) ලෛ ලතුල් කද්ර් නැමති එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු. (97:1) "මිනිස් සංහතියට මඟ පෙන්වීමක් ලෙස අල් කුරානය රමදාන් මස පහළ කරණු ලැබීය...." (2:185)
3. බයිත්-උල්-මාමූර්
"බයිත්-උල්-මාමූර් මත සත්තකින්ම (52:4)
එය නම් දේවදූතයන් විසින් නොකඩවා පැමිණෙන මක්කාවේ පිහිටි කබා හි ආකෘතියට සමාන ලෙස සහ ඊට ඉහලින් හත්වන ස්වර්ගයෙ නිර්මාණය කර ඇති නිවසය. මෙය වෙත සෑම දිනකම මලායිකාවරුන් 70,000 ක් පැමිණ එය පැදකුණු කරයි. ඔවුන්ට නැවත කිසි දිනකට එතනට පැමිණිය නොහැක. (සහීහ් බුහාරි 3207; සහීහ් මුස්ලිම් 164)
4. සිද්රතුල් මුන්තහා ගස
මුහම්මද් (ﷺ) තුමාණන් ඉස්රා ව අල් මිරාහ්ජ් ගමනෙදී දුටු ආශ්චර්යමත් ගසකි. නබි (ﷺ) තුමානන් විස්තර කළ ආකාරයට එය 7 වන අහසට ඉහළින් ඉතා දුරින් පිහිටා ඇත. එහි පත්‍ර "අලියෙකුගේ කන්" වැනිය. එහි වර්ණ ඉහළට හා පහළට යන බවත් එම වර්ණ මේ ලෝකයේ ඇති සාමාන්‍ය වර්ණ නොවන බවත් එනිසා එය විස්තර කළ නොහැකි බවත්, එම වර්ණ සදා වෙනස් වෙමින් පවතින්නක් ලෙසත් පවසා ඇත.
බොහෝ දේ ගසෙන් බැස යන බවත් සියලුම දුආ ප්‍රාර්ථනා, යහපත් ක්‍රියාවන්, යාඥාවන් සහ ආත්මයන් පවා පෘථිවියෙන් පිට වූ පසු ඒවා සිද්‍රත් අල්-මුන්තහා හි නතර වේ. මෙම ගසෙන් ඔබ්බට පෑන ඇත සහ සිංහාසනය ඇත. සිංහාසනයට ඉහළින් සිටින්නේ අල්ලාහ්සුභානවතාලාය. ජිබ්‍රීල් අ.ස ඇතුළුව දේවදූතයන්ට සහ ඔවුන්ගේ දැනුම පවා මෙතැනින් එහාට යා නොහැක. ජිබ්රීල් අ.ස ප්‍රකාශ කරන්නේ ඔහුට ගසෙන් ඔබ්බට යාමට අවසර නැති බව සහ යා නොහැකි බවයි. එම ගසෙහි කොළ තරමටම මාලායිකා වරුන් සිටිනු තමා දුටු බවත් නබි තුමා පවසා ඇත.
එබැවින් මූලික වශයෙන්, ගස අත්‍යවශ්‍යයෙන්ම මැවිල්ලේ ඉහළ සීමාවේ ඇති ව්‍යුහයක් වන අතර එය වෙනත් මිනිස් මනසට තේරුම් ගත නොහැකි ලෞකික ලක්ෂණ පෙන්නුම් කරන බව පෙනේ.
ජිබ්රීල් (අ.ස) ට සහ ඔහු නබි (ﷺ) තුමාව එහි රැගෙන ගිය බුරාක් නම් සත්වයාට නිමේශයකින් විශාල දුරක් ගමන් කළ හැකි උනත්, මෙම ගසෙන් ඔබ්බට යන ඕනෑම දෙයක් කාලය හා අවකාශය පිළිබඳ සංකල්ප අභිබවා යා යුතු යැයි අපට අදහසක් ගත හැක.
තත්වය එසේ උවත් විවිධ ආශිර්වාද ලබා දීම සඳහා අල්ලාහ්ගෙන් තෑග්ගක් ලෙස කාලය හා අවකාශය අභිබවා ගසෙන් ඔබ්බට යාමට මුහම්මද් (ﷺ) තුමාණන්ට ආශීර්වාද කර ඇති බව පැහැදිලිය. මිනිසාට නියම කළ සලාතය සහ එය දිනකට 5 වතාවක් අඩු කිරීම, සහ අල්ලාහ්ව විශ්වාස කර (කිසි විටෙකත් ෂිර්ක් නොකළ) අය සදාකල් ජන්නාවේ සිටින්නන් බවට අල්ලාහ්ගේ පොරොන්දුව ආදිය එහිදී නබි තුමා අත් විඳීය.
ගසෙන් ඔබ්බට ගිය මුහම්මද් (ﷺ) තුමාණන්ට එම අවස්ථාව අල්ලාහ් විසින් ලබා දීම, අල් කුරාණය මෙන්ම තවත් ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්යකි. එනම් එම ස්ථානයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම එයට භාහිරින් ඇති සියළුම නිර්මාණ වලට වඩා වෙනස් තත්ව වලින් යුක්ත තැනකි.
එහිදී දෙවියන්වහන්සේගේ හඬට නබි (ﷺ) තුමා සවන් දුන් අතර නබි (ﷺ) තුමා ඔහුගේ වදන් ඍජුවම අල්ලාහ්ට ප්‍රකාශ කර ඇත. නබිතුමාට දෙවියන්වහන්සේව දැකීමට අවස්ථාවක් ලැබී නැත.
නබි (ﷺ) තුමාගේ මෙම ගමන එක් දිනක ගමනකි. ඒ පිලිබඳ තවත් තොරතුරු පහත සබැඳියේ ඇත.
මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන
සිද්රතුල් මුම්තහා නැමති ගසේ සීමාවෙහි-(54:14) එහි සමීපයෙහිම (හොඳ වහළුන්) රැඳෙන ස්වර්ගය ඇත්තේය. (53:15), එම ගස වටකර ගත යුතු දැය එය (සම්පූර්ණ්යෙන්ම) වටකර ගත්තේය (53:16), එයින් ඔහුගේ) බැල්ම ඈත් වූයේද නැත. පසු කළේද නැත (53:17). ඔහු (නබි මොහම්මද් ) තම දෙවියන්ගේ ප්‍රාතිහාර්‍යයන් (සියල්ල) ඇත්තෙන්ම දුටුවේය. (53:18)
5. සිරාත් පාලම
මෙය විනිශ්චය දිනයෙන් පසු සියලු මිනිසුන් තරණය කළ යුතු පාලමකි. එය නිරයට ඉහලින් ස්වර්ගයට දෙසට යොමුව ඇත. ඔවුන් මෙලොව ජීවත් වන විට ඇදහිලිවන්තයන් හෝ නොඇදහිලිවන්තයන්ද යන්න සහ ඔවුන් කොපමණ හොඳ හෝ නරක කළාද යන්න අනුව අල්ලාහ් ඔවුන්ට එම පාලමේ ස්වභාවය වෙනස් කරනු ඇත. එක් එක් පුද්ගලයා එය තරණය කරන්නේ, ඔවුන්ට ලැබෙන ආලෝකය, පාලමේ දිග පළල සහ ඔවුන්ට යා හැකි වේගය අනුව ය. සමහරු එය ඉක්මනින් තරණය කරති, සමහරු සෙමින්, සමහරු අමාරුවෙන් තරණය කරති. බොහෝ දෙනෙකුට එය තරණය කළ නොහැකි අතර නිරයට වැටේ.
6. කුර්සි
අල්ලාහ්ගේ රාජධානියේ පිහිටුවා ඇතු 'කුර්සි'
එය යම් කිසි භෞතික ස්ථානයක් විය යුතුයි. එහි විශාලත්වය අහස් හතට සාපේක්ෂවද (අපට සිතා ගත නොහැකි තරම්) විශාලය. එම කුරුසිය අප ඉහත කතා කල අහස් හත ආදියෙහි පරිපාළක මධ්‍යාස්ථාන යැයි අප උපකල්පනය කරමු. එය ('කුරුසි') කොතරම්ම විශාල වුවත් අල්ලාහ්ගේ තත්වය හා සන්සන්දනය කරන විට එයද කාන්තාරයේ වැලි කැටයක් තරම් යැයි අවසන් නබි මොහම්මද් තුමා පවසා ඇත. ඒ අනුව අල්ලාහ් කෙතරම් බලසම්පන්නයෙක්දැයි අපට යම් අදහසක් ගත හැක.
7. පෑන සහ ලවුහ් අල් මහ්ෆූද්
අල්ලාහ් අර්ෂ් නිර්මාණය කළ පසු පෑනක් සහ ලවුහ් අල් මහ්ෆූද් නම් ඵලකයක් නිර්මාණය කර, අල්ලාහ් පෑනට ඉදිරියේදී සිදුවීමට නියමිත සියල්ල ලවුහ් අල් මහ්ෆූද් හි ලියන ලෙස අණ කළේය. ඒ සියල්ල එහි ලියැවිනි.
8. අර්ෂ්
අල්ලාහ් ගේ පළමු නිර්මාණය මෙයයි. එය ජලයේ පාවෙන ලෙස නිර්මාණය කර ඇත. එහි විශාලත්වය සහ ස්වභාවය ගැන දන්නේ අල්ලාහ් පමණි. අහස් හතට සහ අර්ෂ් හි අධිපති ලෙස අල්ලාහ් අර්ෂ් හි තම ස්වභාවයට ගැලපෙන අයුරින් සිටී.
දෙවියන්ගේ අර්ෂ් මලායිකාවරුන් හතර දෙනෙකු විසින් ඔසවා සිටින බව පවසයි. විනිශ්චය දිනයේ ඔවුන්ගේ ගණන අටක් බවට අල්ලාහ් දැනුම් දී ඇත.
(නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහලින් ඔසවාගෙන සිටිනු ඇත. (69:17)
අල්ලාහ් (කෙතරම් ශ්‍රේෂ්ඨයෙකු වන්නේද යත්) ඔහු හැර, වෙන කිසිම දෙවියෙක් (ඇත්තෙන්න්ම) නැත. (ඔහු)අමරණීයයි. (කවදත්)ස්ථිරත්වන්තයි. ඔහුව තද නින්ද හෝ (සාමන්‍ය)නින්ද හෝ පීඩාවට පත් කරන්නේ නැත. අහස් හා භූමියෙහි ඇති සියල්ල ඔහුටම අයත්ය. ඔහුගේ අනුමැතියෙන් තොර ඔහු වෙත (කවරෙකුවත්) කවුරුන්ට නම් මැදිහත්වී කතා කල හැකිද? ඔවුන් ඉදිරියේ ඇති දැයද, වෙන්ව ඈතින් තිබෙන දැයද, ඔහු හොදින් දන්නේය. ඔහුගේ කැමැත්තෙන් තොර, ඔහු දන්නා දැයෙන් කිසිවක් (වෙන කිසිවෙකුටත්, තමන්ගේ දැනුමෙන්) දැනගත නොහැක. ඔහුගේ රාජ්‍යය අහස් හිද, භූමියෙ හිද පැතිරී ඇත. ඒ දෙකම (බේරාගෙන) ආරක්ශා කිරීම ඔහුට ආයාසයක් නැත. තවද, ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකු හා ඉමහත්ය. (2:255)
by sjw
දෙවිඳුන්ගේ වෙනත් පුදුම නිර්මාණ
දෙවියන්ගේ රාජධානිය ගැන සදහන් කුරාන් ආයත් සහ තවත් විස්තර පහත සඳහන් සබැඳියෙන් ලබා ගන්න.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us