දැණුම බෙදා ගැනීමේ කටයුතු සඳහා සහාය.

Support in their Da'wah

යමෙක් ඉස්ලාම් දහම වැළඳගත් සැණින් ඔහු හෝ ඇය මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙක වන්නේ මේ බව තම පවුලට පවසන්නේ කෙසේද යන්න සහ තමන් සහ තම සොභාදහම නිර්මාණය කල මැවුම්කරු වන දෙවියන්ව නොසලකා හරින ඔවුන්ව දෙවියන් වහන්සේට නිසි ලෙස ගරු කර ඔහුගේ උපදෙස් අනුව ජීවත් වන ලෙස ආරාධනා කරන්නේ කෙසේද යන්නයි.

නමුත් මේ කාරනා දෙකේදීම ඔහු අසරණ වන්නේ දෙපැත්තෙන් ගිනිගත් ගිනි පෙළෙල්ල මැද තනි උනු කුහුබුවෙකු මෙනි. එනම්,

තමාට මුස්ලිමෙකු මෙන් ජීවත් වීමට අවශ්‍යය නමුත් බොහෝ විට එයට තම සුපුරුදු වටපිටාවෙන් අවසරයක් හිමිවන්නේ නැත.

අනික් පසින් ඔහු හෝ ඇය ඉස්ලාම් දහම ගැන තම පව්ලේ අයට පහදා දීමට ඉදිරිපත් වූ විට ඔවුන් එය වටහා ගැනීමට උත්සහ නොගෙන විවිධාකාරයේ ප්‍රශ්න මතු කරයි. සමහර විට තමාව හෑල්ලුවට ලක් කරයි, තමාව මෝඩයෙකු ලෙස සළකයි, සමහර විට බැනල එලව ගනී, ගෙදරිනුත් එලියට දාන්න පවා ඉඩ තිබේ.

ඔබ බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අසරණ වන්නේ මෙලෙසිනි.

නමුත් ඔබ මේ කටයුත්ත සැලසුම් සහගතව කරන්නට ඉදිරිපත් වනවා නම් වඩාත් සුභවාදී අන්දමට වටපිටාව සකසා ගන්නට පුලුවන් වෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

නවක මුස්ලිමෙකු වූ ඔබ විශේෂයෙන්ම උපදෙස් ගන්න යන අය ගැන සැලකිලිමත් වන්න. සමහර විට මුළු දහමම එකවරම ඔබේ හිස මත දමා ඔබට ඔරොත්තු නොදෙන මට්ටමින් උපදෙස් දීම් නිසා ඔබව විහින් අමාරුවේ වැටෙන තත්වයට පත් විය හැක. එනිසා අපි ඔබව මෙහිදී පරිස්සමින් යුතුව ආරාක්ෂා කිරීමට ඉදිරිපත් වන්නෙමු. ඔබේ තත්වය හඳුනා ගෙන ඔබට ලැබුණු දහමත්, ඔබවත් යන දෙකම ආරාක්ෂා වන අන්දමින් සහ ඔබේ පව්ලේ අයවත් ඔබේ වටපිටාවත් ආරාක්ෂා වෙන අන්දමින් කටයුතු කරන්නට අපි ඔබට නිසි උපදෙස් දෙන්නෙමු.

අපි ඔබේ නවක ඉස්ලාමීය ජීවිතයටත්, දහම අන් අයට පැවසීම හෙවත් දාවා කටයුත්තටත් සහාය වන්නෙකු ලෙස ඔබ සමග එක්වන්නෙමු. අපිද ඔබ මෙන්ම ඉස්ලාමය වැලඳ ගත්තවුන් නිසා ඔබේ ප්‍රශ්න මැනවින් වටහා ගන්න වුන් වශයෙන් සිටින්නෙමු.

ඔබට තනියම දහම අන් අයට පහදා දීමට අපහසු යැයි හැඟෙන්නේ නම් ඔබට පුලුවනි ඔබගේ පවුලේ උදවිය SRMI center වෙත යොමු කිරීමට. එමගින්, ඔබට ඔබේ පරිසරය තුල (අඩු තරමින් නිවස තුල) නිස්කලංකයෙන් ඉස්ලාමය ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඇති වටපිටාවක් සකසා දීමටත්, ඔබේ පවුලේ උදවිය තුලත් ඉස්ලාමයෙ සත්‍යතාව පිළිබඳව අවභෝධ කරගැනීමට කැමැත්තක් සහ උනන්දුවක් ඇති කිරීම හෝ, (නොදන්නා කම නිසා) ඔවුන් දක්වන අකැමැත්ත, පිළිකුල හෝ තරහව නැති කර දැමීමටවත් වඩාත් ඵලදායී උත්සහායක් ගැනීමට හැකිවේ යයි අප විශ්වාස කරන්නෙමු .

ෂහදා පවසන විට බොහෝ මුස්ලිම් අය සතුටු වන බව අපි දැක ඇත්තෙමු. නමුත් ෂහදා පැවසූ පසු ඔවුන් ගැන සොයා බලන්න නම් ඉන් ඉතුරු වන්නේ ඉතාම අල්පයකි. සමහර විට කිසිවෙකුත් නැති තරම්ය. මින් ඉදිරියට එවන් කණගාටුදායක තත්ව උදාවීමට ඉඩ නොතැබීමත් අපේ වෑයමකි.

එපමණක් නොව, ඔබ දහම ගැන සත්‍යය අන් අයට කියන කටයුත්තේ නියැලෙද්දී ඔබ මුහුණ පෑ හෝ මුහුණ පාමින් සිටින ගැටළු ඇත්නම් එය අපවෙත දැනුම් දීමෙන් ඔබට යම් සහනයක් හෝ ලබාගත හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු.

ඔබ අන් අයට දාවා කිරීමට ඉදිරිපත්වන්නෙකු ලෙස සිටින්නේ නම්, ඔබ තුල පෞරුෂයක් ගොඩනැන්වීම ගැනද අප සැළකිලිමත් වන්නෙමු.

ඉස්ලාමයට පිවිසි ඔබට නොයෙකුත් අපහසුතා ඇතිවන විට ඔබ ඔවුන් වෙත අතපාන්නෙකු ලෙස නොයවා ඔබගේ ගැටලු ඉස්ලාමීය සමාජය තුලින්ම නිරාකරණය කර දීමට අප ඉදිරිපත් වන්නෙමු.

එසේම, ඔබ සම්ප්‍රාප්ත වු නව (ඉස්ලාමීය) සමාජයේ එකමුතු බව, අන් අය කෙරෙහි දක්වන උනන්දුව, ඔබව ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන උනන්දුව ඔබගේ පව්ල්වල අයවෙත හුවා දැක්වීමට ද අප හැකි අයුරින් ක්‍රියාතමක වන්නෙමු.

ඔබගේ පව්ලේ අය පවා යම් යම් දුෂ්කරතා වලට ලක් වූ විට ඔබ මුස්ලිම්වරයෙකු ලෙස මුස්ලිම් සමාජයත් සමග එක්ව ඔවුන්ටද සහනයක් ලබා දිය හැකි සාඩම්බරයෙකු ලෙස පත් කරන්නටද අපි සුළුවෙන් හෝ උත්සහ ගන්නෙමු.

ඔබගේ ඉස්ලාමීය වෙනසත්, මුස්ලිම් සමාජයේ යහ ගුණාංගයනුත්, දහමේ සත්‍ය තාවයත් ඔවුන්ට සැබෑ ලෙසින්ම පෙන්වා ඔබ කරන දාවා කටයුත්ත පහසු කරවීමට අප උත්සහ ගන්නෙමු.

අපට කල හැක්කේ පහදා දිම පමණි. එය වටහා ගැනීම, පිළිගැනිම, ප්‍රතික්ෂේප කිරීමද ඔවුන්ගේ ස්වාධින කැමැත්තය.

තවද, අවශ්‍ය නම් ඕනෑම තරාතිරමක කෙනෙකු සමග වුවද මෙම කාරණාව සම්බන්ධව සාකච්චා කර කරුණු පහදා දීමටද අප සුදානම් බව මෙහි සදහන් කරන්නෙමු.

ඉස්ලාමය තුල කිසිදු බලකිරීමක් නොමැත. එය පාරිශුද්ධ වූ කුරානය තුලින් දෙවිඳුන් මෙසේ පවසා ඇත. 

ඉස්ලාම ධර්මයෙහි කිසිදු බලකිරීමක් නැත. (2:256) 

(එමගින් යහමග අයහමග පෙන්වාදීම පමණක් සිදුකරයි. අපට කල හැක්කේ ද ඒ සදහා උත්සහ ගැනීමක් පමණි).

මෙම සේවාව ගැන ඔබගේ අදහස් අප වෙත ලබා දෙන්න.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us