දෙවිඳුන් සහ ඔහුගේ නිර්මාණ

සර්වබලධාරී දෙවිඳුන් (ٱللَّٰه) සම්බන්ධව

සෑම මිනිසෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ලෝකය තුල සිදු කරනුයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නිර්මාණ ගැන දැන ගැනීමට සහ ඒවා බුක්ති විඳීමට කරන මෙහෙයුමයි. 

සමහරු එය අවභෝදයෙන් කරන අතර සමහරු එය අනවභෝදයෙන් කරමින් සිටී. විශ්වය සහ එහි ඇති දේ ගැන මිනිසා පර්යේෂණ පවත්වමින් ඉතා වෙහෙසෙමින් සොයන්නේ දෙවිඳුන් විසින් සිදුකළ නිර්මාණ ගැනමය. එය විශ්වයේ විශාලත්වය ගැන සෙවීමක් හෝ පලතුරක රස විඳීමක් ගැන හෝ විය හැකිය. මිනිසා සොයන හෝ බුක්ති විඳින සෑම දෙයකින්ම දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු වේ. 

සැබැවින්ම, මිනිසාගේ මෙලොව ජීවිතයේ අරමුණ විය යුත්තේද විශ්වයේ සහ තමන්ගේ නිර්මාතෘගේ මහිමය ගැන සොයමින්, ඔහුගේ නිර්මාණ බුක්ති විඳිමින්, ඔහුව ඉහලින්ම ප්‍රසංශා කරමින් කාලය ගත කිරීමය. 

ඔබ වෛද්‍යවරයෙක් නම්, ඔබ මෙතෙක් කල් වෙහෙස මහන්සි වී ඉගන ගත්තේ මොනවා ගැනද? දෙවියන්ගේ නිර්මාණ ගැන නොවේද? ඔබ ඔහුව හඳුනා නොගන්න තාක් කල් ඔබට ඔබ ආ ගමන පිළිබඳව සැබෑ සතුටක් අත් විඳිය නොහැක. ඔබ ඔබගේ ගමන සම්පූර්ණ කර නැත. දෙවියන්ව හඳුනා නොගෙන ඔබට ඔබ ගැනවත් ඔබ ප්‍රථිකාර කරන රෝගීන් ගැනවත්, ඔබ සිටිනා සොබාදහම ගැනවත් මැනවින් හඳුනා ගත නොහැක. (හැකිනම් උත්සහ කර බලන්න). 

ඔබ ගෘහණියක් නම් ඔබ ආහාර සඳහා පිළියෙල කිරීමට භාවිතා කරන්නේ මොනවාද? ඒ සියල්ල දෙවියන්ගේ නිර්මාණ නොවෙද?

ඔබ කණ්නාඩියක් ඉදිරියෙන් සිටගත් විට ඔබ දකින්නේ කාගෙ නිර්මාණයක්ද?

ඔබ සියල්ලෙහි නිර්මාතෘව හඳුනා නොගත හොත් ඔබ පරාජිතයෙක් ලෙසින්ම මෙලොව හැර යනු නියතය. ඔබට සැබෑ සතුටින් සහ නිදහස් මනසින් යුතුව මිය යන්න ඕනි නම් මෙම සත්‍යය වටහා ගන්න. ඔබ ඔබේ නිර්මාතෘව හඳුනා ගෙන ඔහුව ප්‍රශංසා කරන්න. ඔහු වෙතින් පැමිණි අපි සියල්ල නැවත ඔහු වෙතම යා යුතුව ඇත. එයයි පරම සත්‍යය. එයට සාධක ඔබ මෙහි දකීවි.

දෙවිඳුන්ගේ නිර්මාණයෙහි සාරාංශයක් පහත සටහනින් පෙන්නුම් කරයි.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us