
දෙවියන් අපව නිර්මාණය කලේ ඇයි?
සර්වබලධාරී දෙවියන් වහන්සේ කිසිවක් නිකරුනේ හේතුවක් නොමැතිව නිර්මාණ නොකල බව අල් කුරානය තුලින් අපට දන්වා ඇත. අල්ලාහ්ගේ එක් නමකි අල් හකීම්. එනම් ප්‍රඥාවන්තයා. එනිසා ඔහු යමක් නිර්මාණය කරන්නේ නම් ඒ පිටුපස සුවිශේෂී හේතුවක් තිබිය යුතුය. එසේම එම නිර්මානයත් සුවිශේෂී නිර්මානයක්ම විය යුතුය.
ඔබ නිවසින් පිටතට ගොස් ඔබට පුලුවන් නම් සුවිශේෂී නොවන සහ මේ ලෝකයට උවමනා නැති දෙයක් හෝ සතෙක් හොයන්න බලන්න. ඔබට පුදුම හිතෙයි. එනම්, ඔබට එවැන්නක් හමු නොවේවි.
කූඹියෙක්, සමනලයෙක්, කුරුලු පිහාටුවක්, ජල බිංදුවක්, වල් පැලයක්, වැලි කැටයක්..., ඔබ අහුලන හෝ සොයා ගන්නා සෑම දෙයකම පුදුමාකාර නිර්මාණාත්මක සහ සැලසුම් සහගත බවක් ඔබ දකී. ඒ එකක්වත් ඉබේ නිර්මාණය විය හැකි දේවල් නොවේ. එතරම්ම ඒවායේ ව්‍යුහය සංකීර්ණයි. ඔබේ ශරීරයත් එසේමය. එක් මිනිසෙකුකේ මුළු සිරුරේම DNA වල සම්පූර්ණ දිග කිලෝමීටර බිලියන 575කට ආසන්න වේ. හිතා ගන්නත් බෑ නේද?
මිනිසෙක් වන ඔබවත් ඉබේ නිර්මාණය විය නොහැකියි. මිනිසාගේ ශරීරය පසින්ම නිර්මානය කර නැවත පසටම දිරාපත් වන සොබා දහමේ තවත් එක් දෙයක් පමනි. දෙවියන් මිනිසාගේ ආත්මය නිර්මානය කලේ විශේශ අරමුනක් සදහාය. එය මිනිසා දැන ගත යුතුය. එය දැනගත හැකි එකම ක්‍රමය වන්නේ නිර්මාණ කරුගෙන්ම දැනගැනීමය. වෙන විකල්ප ක්‍රමයක් නැත.
දෙවියන් කුරානය තුලින් මිනිසාට දැනුවත් කර ඇති පහත වාක්‍යය කිහිපය දෙස හොඳින් බලන්න.
අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් සදහා අපි නිර්මානය කලේ නැත (කුරානය 44:38,21:16).
නියත වශයෙන්ම නිශ්චිත හේතුවක් සදහාම මිස අපි මේවා උත්පාදනය කළේ නැත. (කුරානය44:39).
මනුෂ්‍යයිනි! ඔබ, ඔබවද ඔබට පෙර විසූ අයවද උත්පාදනය කළ ඔබගේ දෙවියන්වම නමදිනු. (එමඟින්) ඔබ පරිශුද්ධවන්තයින් විය හැක. (2:21)
"තවද, මම (අල්ලාහ්) ජින්වරුන් සහ මනුෂ්‍ය වර්ගයා මැව්වේ ඔවුන් මට (තනිවම) නමස්කාර කිරීමට මිස නොවේ".(කුරානය 51:56).
මෙමගින් දෙවියන්වහන්සේ අපට පැහැදිළි ලෙසම කියා සිටින්නේ පිළිම, රූප, පුද්ගලයන්, ගින්දර, සූර්යයා වැනි දෑ නැමදීම් නොකල යුතු බවය. එසේම දෙවියන් වෙත ආහාර ලබාදීම, ඇඳුම්, මුදල් ආදිය පූජා කිරීම වැනි දෑ නොකළ යුතු බවය. දෙවියන් අපව උසස් කර ඇති ආකාරය පෙන්වා දෙයි.
"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නේහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115).
ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිනිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (කුරානය 67:2)
(ඔහුම) තම නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත්කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනික් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමඟින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේ දැයි) ඔබව පිරීක්ෂා කරන්නේය. (6:165
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය. (21:35)
(මනුෂ්යයිනී!) ප්‍රාණයක් නොමැතිව තිබූ ඔබට ඔහුම පණ දී තිබියදී, ඔබ අල්ලාහ්ව කෙසේ නම් ප්‍රතික්ශේප කරන්නෙහුද? ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය, පසුවද ඔහුම ඔබට පණ දෙන්නේය. (ඉන්) පසුවද ඔබ (ඔබගේ කළකම් සඳහා ඵලවිපාක අත්කර ගැනීම සඳහා) ඔහු වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලබන්නෙහුය. (2:28)
(එබැවින් මනුෂ්යයිනේ!) ඔබ ඔබගේ දෙවියන්ගෙන් සමාව දෙසටද, ස්වර්ගය දෙසටද ඉක්මන් කර යනු. එහි විස්තීරණය අහස් හා භූමියෙහි විස්තීරණය මෙන්ම ඇත්තේය. එය අල්ලාහ්වද, ඔහුගේ දූතයින්වද විශ්වාස තැබුවන් වෙනුවෙන්ම පිළියෙල කරණු ලැබ ඇත්තේය. එය අල්ලාහ්ගේ වරප්රසාදයකි. එය ඔහු කැමති (හොඳ) අයටම ලබා දී ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ දයාබරවන්තයෙකි. (කුරානය 57:21).
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට නිරයම අප පිලියෙල කර ඇත්තෙමු. (කුරානය 18:102)
ඉහත කුරාන් වැකි කිහිපයට අනුව අපට පහත ආකාරයේ සරල අදහසක් ගත හැක.
අල්ලාහ් අදහස් කර අපිව නිර්මාණය කර මේ ලෝකය තුල අපට ජීවිත කාලයක් ලබා දී, එම කාලය තුල අපි ඔහුව විශ්වාස කල අය ලෙස සිටිනවාද, නැත්නම් ඔහුව ප්‍රතික්ෂේප කල අය ලෙස සිටිනවාද, කවුරුන් යහපත් ලෙසට සහ කවුරුන් අයහපත් ලෙසට ඉන්නවාද යන්න පරීක්ශාවකට ලක් කර ඇති බවත්, ඉන් ජයග්‍රහනය කරන්නන්ට අනර්ඝ වූ ස්වර්ගයත්, පරාජිතයන්ට වේදනාකාරී නිරයත් සදාකලයටම උරුම කර දෙන ලෙසත් දන්වා ඇත.
ඉහත කුරාන් වැකි කිහිපයට අනුව අපට පහත ආකාරයේ සරල අදහසක් ගත හැක.
අල්ලාහ් අදහස් කර අපිව නිර්මාණය කර මේ ලෝකය තුල අපට ජීවිත කාලයක් ලබා දී, එම කාලය තුල අපි ඔහුව විශ්වාස කල අය ලෙස සිටිනවාද, නැත්නම් ඔහුව ප්‍රතික්ෂේප කල අය ලෙස සිටිනවාද, කවුරුන් යහපත් ලෙසට සහ කවුරුන් අයහපත් ලෙසට ඉන්නවාද යන්න පරීක්ෂාවකට ලක් කර ඇති බවත්, ඉන් ජයග්‍රහනය කරන්නන්ට අනර්ඝ වූ ස්වර්ගයත්, පරාජිතයන්ට වේදනාකාරී නිරයත් සදා කාලයටම උරුම කර දෙන ලෙසත් දන්වා ඇත.
දැන් අල්ලාහ් ගැන, ඔහුගේ දේව දූතයන් ගැන, ඔහුගේ පණිවිඩ ගැන නොදන්නා කෙනෙකුට මෙහෙම සාධාරණ ප්‍රශ්නයක් පැන නගින්න පුලුවන්. ඔහු එය මෙලෙස ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්න පුලුවනි. (එම ප්‍රශ්නයට ලැබෙන පිලිතුරෙන් ඔබ පුදුම වනු ඇතැයි මම විශ්වාස කරමි. ඉදිරියට කියවන්න)
ප්රශ්නය:- "මට මෙහෙම ජීවිතයක් ඕනිත් නෑ, ස්වර්ගයක් ඕනිත් නෑ, අපායක් ඕනිත් නෑ. දෙවියන් මොකටද මාව මේ තත්වෙට පත් කලේ? එහෙම නොකර ඉන්න තිබුනානෙ? එහෙම නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනෙ"? ප්රශ්නය නම් සාධාරණයි.
ඇත්තටම මේක ගේම් එකක් වගේ. ජීවිතය දිනුවොත් අනන්ත සැප සහිත ස්වර්ගය තම වාසස්ථානය බවට පත් වෙනවා. පරාජ උනොත් අන්ත දුක්ඛිත නිරය තම වාසස්ථානය වෙනවා.
අපි දැන් බලමු මේ සම්බන්ධයෙන් දෙවියන් මොනවද කියලා තියෙන්නේ කියලා.
නියත වශයෙන්ම "(අපගේ) වගකීම උසුලාගන්නෙහුද? යි අපි අහස්, භූමිය හා කඳු ආදියෙන් විමසුවෙමු. එයට ඒවා, ඒ ගැන බිය වී එය උසුලා නොගෙන ඈත් වූවේය. එවැන්නක්ම මිනිසා උසුලා ගත්තේය. (එබැවින්) නියත වශයෙන්ම ඔහු නොදැනුවත්කම නිසා තමන්ට තමන්ම හානියක් කරගත්තේය. (කුරානය 33:72)
(එවැනි වගකීමක් භාරගෙන එයට වෙනස් ආකාරයකින් කටයුතු කරන) වංචනික පිරිමින්ටද, ගැගැනුන්ටද නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. (එම වගකීම සැලකිල්ලට ගෙන කටයුතු කරන) විශ්වාසවන්තයින් වන පිරිමින්ටද, ගැහැනුන්ටද ඔවුන්ගේ වැරදි වලට සමාව දී) ඔවුන් දෙස දයාවෙන් යුතුව බලන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය. (කුරානය 33:73).
අල්ලාහ් ඉහත සඳහන් කරනුයේ පෘතිවියේ නියෝජිතයෙකු ලෙස අල්ලාහ්ගේ වගකීම භාරගන්න කැමතිදැයි මිනිසුන්, අහස, භූමිය හා කඳු ආදියෙන් (අපි මෙම ජීවමාන ස්වභාවයට පත්වීමට පෙර -වෙනස් ස්වරූපයකින් සිටි අවස්ථාවකදී) ඇසූ බවය. (ඉහත අවස්ථාවේ සිටි වෙනස් ස්වරූපය සමහර විට විනිශ්චය දිනදී දෙවියන් අපට පෙන්වීමට ඉඩ ඇත). අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුට ඕනම දෙයක් කල හැක.
දැන් පැහදිලියි අල්ලාහ් අපව මිනිසුන් ලෙස නිර්මානය කලේ ඇයි කියලා.
එනම් "අප යනු - අපි විසින්ම බාරගත් අභියෝගයක ප්රතිඵලයකි."
අප අල්ලාහ්ගේ වගකීම භාරගත් අවස්ථාවේ අල්ලාහ් අපගේ දෙවියන් බවට අප සාක්ශි දරා ඇත. (සමහර විට මේවා අපට විනිශ්චය දිනදී දැක බලා ගත හැක. අප දැන් පරීක්ශණයට මුහුන දෙමින් සිටින නිසා සමහර කරුනු අපෙන් වසන් කර ඇත).
එම සාක්ෂි දැරීම අපගේ "හෘද සාක්ෂිය" ලෙස අප තුල ස්ථාපනය කර ඇත. එනම් අප සියලු දෙනාගෙම හදවත් තුල දෙවියන් පිලිබඳ අදහස ඇත. ඕනෑම පුද්ගලයෙක් ඉතාම අසරන වූ විටෙක ඔහු හෝ ඇය රහසින් හෝ දෙවියන්ගෙන් පිහිට ඉල්ලනුයේ මෙනිසාය. අපේ නිර්මාතෘ හා අප අතර සුවිශේෂී සන්නිවේදන සම්බන්ධතාවයක් ඇත. අපට සෘජුවම ඔහු හා සම්බන්ධ විය හැක. කිසිම අතරමැදියෙකුගෙන් තොරවම අපේ දුක ඔහුට පැවසිය හැක. (මේ ස්වභායවට ඉස්ලාමය තුල කියන්නේ "දීන් අල්-ෆිත්රා" කියලයි. එනම් සහජ ස්වභාවය. සෑම දරුවෙකුම උපදින්නේ මේ "දීන් අල්-ෆිත්රා" ස්වභාය සමගිනි. සමහරු පසුකාලීනව ඉන් වෙනස් වෙනවා. නමුත් හදවතට තට්ටු කලොත් නැවත එය මතුකර ගත හැක.
මෙම කුරාන් වැකිය තුලීන් අල්ලාහ් ඒ බව අපට මතක් කර සිටී;
අල්ලාහ් ඉහත සඳහන් කරනුයේ පෘතිවියේ නියෝජිතයෙකු ලෙස අල්ලාහ්ගේ වගකීම භාරගන්න කැමතිදැයි මිනිසුන්, අහස, භූමිය හා කඳු ආදියෙන් (අපි මෙම ජීවමාන ස්වභාවයට පත්වීමට පෙර -වෙනස් ස්වරූපයකින් සිටි අවස්ථාවකදී) ඇසූ බවය. (ඉහත අවස්ථාවේ සිටි වෙනස් ස්වරූපය සමහර විට විනිශ්චය දිනදී දෙවියන් අපට පෙන්වීමට ඉඩ ඇත). අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුට ඕනම දෙයක් කල හැක.
නබියේ, ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ශියක් වශයෙන්ද තබා (ඔවුන්ට) "මා ඔබගේ දෙවියන් නොවේද"? යි විමසූ විට, "ඇත්තෙන්ම (ඒ ආකාරයටම) අපි සාක්ශි දරන්නෙමු" යැයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටියෙමු" යැයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සදහාද..,(7:172)
අල්ලාහ් අපව නිර්මාණය කර අපට නබිවරු හරහා ජීවන මාර්ගෝපදේශයන්ද එවා ඇත.
එනිසා මිනිසුන් වන අප භාරගෙන තියෙන මෙම "අභියෝගාත්මක පරීක්ශනක් සහිත මිනිස් ජීවිතය" තුලින් කෙසේ හෝ ජයග්‍රහනය කර අනර්ඝ වූ ස්වර්ගය හිමිකර ගන්න උත්සහ කල යුතුයි. එය නම් උතුම් වූ නිර්වාන සම්පත්තියකි.
(නබියේ!) "කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයන්හී) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යැයි ඔබ සුභාරංචි දෙනු මැනව (2:25)
මතක තබා ගන්න; පැරදුනොත් සදාකල් නිරාවාසියෙකු වන තරමේ අති භයානක් තත්වයකයි අපි මේ ඉන්නෙ. සෙල්ලමක් නොවෙයි මේ ජීවිතය.
පැහැදිලි කිරීමක්...
මේ වගකීම මෙතරම්ම බරපතල උනේ ඇයි ?
"ජයග්‍රහනය කලොත් සදාකල් ස්වර්ගය, පරාජය උනොත් සදාකල් නිරය"
ඔබ දන්නවා මිනිසුන් සතුන්ට වඩා සුවිශේෂී බවක් පෙන්නුම් කරන බව. ඔබ අලුත්ම වනාන්තරයකට සතුන් සියයක් අතහැර වසර කිහිපයකට පසු ගොස් නැවත එම වනාන්තරය දෙස බලන්න. එහි ලොකු වෙනසක්, පරිසර දූශනයක් ඔබ නොදකීවි.
සතුන් සියය වෙනුවට මිනිසුන් සියයක් එම කැලයටම අතහැර වසර කිහිපයකට පසු බැලුවොත් එම කැලය ඔවුන් විසින් වෙනස් කර ඇති බවක් ඔබ දකීවි. මේ තමයි මිනිසුන් සහ සතුන් අතර වෙනස.
ඔහුම (තම) නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත් කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනිත් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමගින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේදැයි) ඔබව පරීක්ෂා කරන්නේය; (6:165)
අල්ලාහ් කුරානයෙන් මේ කාරනාව මෙසේත් සදහන් කර තිබෙනවා.
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාම ලක්ෂණ ස්වරූපයෙන් උත්පාදනය කර ඇත්තෙමු. (ඔහුගේ නපුරු ක්‍රියාවන් හේතුවෙන්) පසුව ඔහුව දීන වූවන්ගෙනුත් දීන වූවෙකු (නිරාවාසියෙකු) බවට අපි පත්කර හරින්නෙමු, එහෙත්, කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. ඔවුන්ට (සදාකල්ම) නොවැලැක්වෙන හොඳ ඵලවිපාක (ස්වර්ගයන්හී) ඇත. (95:4,5,6)
දැන් අපි බලමු ඉහත සදහන් මිනිසාගෙ "ඉතාමත් ලක්ෂන ස්වරූපය" යනු කුමක්ද කියා.
- මිනිසාට (සහ ජින් වරුන්ට) තරම් ස්වයං තීරන ගැනීමේ හැකියාව අල්ලාහ් මේ ලෝකේ වෙන කිසිවෙකුට ලබා දී නැත. දේව දූත මලායිකා වරුන්ටද එම හැකියාව දී නැත.
- මේ ලෝකයේ නියෝජිත භාවය ලබා දී ඇත්තේ මිනිසාටය.
- ශාක සහ සතුන් අදිය යම් සීමා රාමු මත කොටු කර ඇති නමුත් මිනිසාට බොහෝ අවස්ථා විවරකර දී ඇත. අහස, පොලොව, මුහුද, ගංඟා, සතුන්, ශාක ආදී සියල්ල මිනිසාගේ භාවිතයට නතුකර දී ඇත.
- මිනිසාට තරම් බුද්දිමත් භාවයත්, මොලයේ ධාරිතාවයත්, සිතීමේ ශක්තියත්, විතක්ශනශීලී හැකියාවත්, විචාර බුද්ධියත් වෙන කිසිවෙකුට අල්ලාහ් ලබා දී නැත.
- මිනිසාට තරම් බොහෝමයක් කටයුතු කිරීමට හැකි අත් පා සහිත ශරීරයක් වෙන කිසිම සත්වයෙකුට ලබා දී නැත. බලන්න, ඔලිම්පික් ක්‍රීඩා වලදී මිනිසා දක්වන දස්කම් පරාස කෙතරම් ද කියා.
- මිනිසාට තරම් භාන්ඩ නිර්මාණය කරගැනීමේ හැකියවද අන් ජීවීන්ට ලබා දී නැත.
- මිනිසාට තරම් භාශාමය සන්නිවේදන හැකියාවකුත් අන් ජීවීන්ට ලබා දී නැත.
- මිනිසාට මෙන් ඇදුම් සහ ආභාරණ භාවිතයෙන් රුව අලංකාරවත් කරගැනීමේ අවස්ථාවද අන් ජීවීන්ට උරුම කර දී නැත.
- මිනිසාට තරම් දැකීමෙන්, රසයෙන්, ආග්රාහනයෙන්, ස්පර්ශයෙන් හැගීම් දැනීම් ලබා ගැනීමේ හැකියාවත්, ආදරය, කරුණාව, මෛත්‍රිය, ප්‍රාර්ථනා වැනි යහ ගුණාංග මතද වෛරය ක්‍රෝධය ඊර්ශියාව, කුහක කම වන්චනිකකම ආදී අයහපත් ගුණාංග මතද හැසිරීමේ නිදහස සහ පරාසය අන් ජීවීන්ට ලබා දී නැත.
මේ ආකාරයට මිනිසාව ඉතා ලක්ශන ස්වරූපයෙන් නිර්මාණය කර ඔහුව මෙලොව නියෝජිතයා කර තව වරප්රසාදයන්ද බොහෝමයක් ලබා දී තම ජීවිත කාලය තුල යහපත් ලෙස ජීවත් වෙන්න කියා මාර්ගෝපදේශද, මග පෙන්වන්නන්ද එවා සියල්ල සම්පූර්ණ කර දෙවියන් මිනිසාව නිකම්ම අතහැර දාවි කියා ඔබ හිතනවාද?
මෙලොව මේ සියල්ල ලබා දී මරනින් මතු වෙන කිසිවෙකුට හිමි නොවන සදාකල් සැනසීම ඇති ස්වර්ගයන්ද ලබා දී දෙවියන්ගේ සිත දිනාගත්තවුන් ලෙස සදාකල්ම සිටීමේ අවස්ථාවත් දීමට තමයි මේ ගේම් එක මේ තරම් බැරෑරුම් කර ඇත්තේ.
ඉතින් ඔබ දෙවියන්වත් ඔහුගේ මාර්ගෝපදේශයත් ඔහු විසින් එවන ලද නබිවරයාවත් ප්‍රතික්ෂේප කරමින්, ඔබ දෙවියන්ට දුන් පොරොන්දුවත්, විශ්වාසයත් කඩ කරමින් අභාග්යයවන්තයෙක් වෙනවාද? නැත්නම් ස්වර්ගවාසියෙක් වීමට උත්සහ ගන්නවාද? තීරණය ඔබ සතුයි.
අවසානයට මම ඔබට එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.
ඔබ විසින් ලොකු මහත් කල ඔබේ දරුවා ඉතාමත් ලස්සන, ඉතාමත් උගත්, ඉතාමත් පරිත්‍යාගශීලී, ඉතාමත් පොහොසත්, ඉතාමත් ජනප්‍රිය කෙනෙකු යැයි සිතන්න. ඔහු ඔබට අම්මා හෝ තාත්තා නොකියා පිටස්තරයෙකුට අම්මා හෝ තාත්තා කියනවා නම් ඔහු පව්කාරයෙක් මෙන් නොවෙයිද හැසිරෙන්නෙ?
එය එසේ නම්, ඔබ ඔබේ නිර්මාතෘවත් හඳුනාගෙන ඔහුට නිසි ගරුත්වය දෙන්න. ඔහු ඔබ වෙනුවෙන් ලබා දී ඇති වරප්‍රසාද වෙනුවෙන් නිසි පරිදි ස්තුති කරන්න. එය හොඳ මිනිසෙකුගේ යහපත් ගතිගුණයකි.
by sjw
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්
දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න