නබිවරුන්

නබිවරු සහ අවසන් නබි මොහම්මද් (ﷺ) තුමා

නබිවරයෙක් හෙවත් අනාගතවක්තෘවරයෙකු යනු මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රතිසංස්කරණය සහ මග පෙන්වීම සඳහා අල්ලාහ් දෙවිඳුන් විසින් තෝරාගනු ලැබූ පුද්ගලයෙකි. ශුද්ධ වූ කුරාණය අනාගතවක්තෘවරයෙකු සඳහා රසූල් සහ නබි ලෙස අරාබි වචන දෙකක් භාවිතා කරයි

1). රසූල් (Messenger) යන පදයේ තේරුම 'පණිවිඩකරු' යන්නයි. 

2). නබි (prophet) යන්නෙන් අදහස් කරන්නේ මිනිසුන් නොදන්නා සිදුවීම් පිළිබඳ පුවත් ලබා දෙන්නා යන්නයි.

සියලුම රසූල්වරුන් (Messengers) (පණිවිඩකරුවන්) අනාගතවක්තෘන්/ Prophets /  නබිවරුන් වන අතර සියලුම අනාගතවක්තෘවරුන්/ Prophets/ නබිවරුන් රසූල්වරුන් Messengers/ පණිවිඩකරුවන් නොවේ.

උදාහරණ ලෙස. කුරානය තුල නබිවරු 25 ක් ගැන සදහන් වේ. ඉන් පස් දෙනෙකු රසූල්වරුන් වේ.

මූසා නබි (අ.ස):- රසූල්වරයෙකි. (ඔහුට අල්ලාහ් දෙවිදුන් විසින් වහී පහළ කර නව නීති රීති ලබා දී ඇත).

ඔහුගේ සහෝදර හාරූන් (අ.ස), නබි කෙනෙකි. ඔහුවත් අල්ලාහ් විසින් තෝරාගනු ලැබූවෙකි, නමුත් ඔහුට මූසා (අ.ස)ට මෙන් නව නීති රීති ලබා දී නැත. ඔහු මූසා (අ.ස) වෙත ලැබුණු දහමම, නීති රීතිම සමාජය වෙත ප්‍රචාරය කිරීම සිදු කළහ.

ඉස්ලාමය සෑම මුස්ලිම්වරයෙකුටම මුහම්මද් නබි (ﷺ) තුමාණන් වෙත පහළ වූ දහම පමණක් නොව, ඔහුට පෙර ලොව පහළ වූ අනෙකුත් සියලුම නබිවරුන් වෙත පහළ වූ සත්‍යය දහම්ද විශ්වාස කිරීම අනිවාර්ය කරයි.

අනාගතවක්තෘවරුන් දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරනු ලැබුවේ මනුෂ්‍ය වර්ගයා යහ මගට ගැනීමටය. ඔවුන්ගේ මූලික කාර්යය වන්නේ තම සමාජයේ මිනිසුන්ව දෙවියන් වහන්සේට සමීප කිරීමයි. එම කටයුත්තේදී ඔවුන් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන නමුත් නොසැලී තම රාජකාරිය ඉටු කරන අතර අවසානයේ ඔවුන් ජය ගනී. සියලුම ජාතීන්ට දෙවියන් විසින් පණිවිඩකරුවන් (ලක්ෂයකට වඩා) යවා ඇති බව මුස්ලිම්වරු විශ්වාස කරති. 


වත්මන් සමාජයට වලංගු දෙවිඳුන්ගේ අවසන් වක්තෘවරයා.

දෙවියන්ගේ සියලුම නබිවරුන් කෙරෙහි විශ්වාසය මුස්ලිම් ඇදහිල්ලේ මූලික අංගයකි. පෙර වක්තෘවරුන් යම් ජාතියකට, ගෝත්‍රයකට හෝ ජන කොටසකට යවන ලද අතර, මුහම්මද් නබි (ﷺ) තුමාණන් සර්ව බලධාරී දෙවියන් විසින් අවසන් කාලයේ වෙසෙන මුළු මිනිස් සංහතියටම එවන ලදී.

මුහම්මද් නබි (ﷺ) තුමාණන්ගේ ජීවිතය ඔහුගේ උසස් සදාචාරාත්මක ගුණාංග, අධ්‍යාත්මික බලය, අධිෂ්ඨානය, ඔහුගේ ඉගැන්වීම්වල විශිෂ්ටත්වය සහ පරිපූර්ණත්වය, ඔහුගේ පරිපූර්ණ ආදර්ශය, කෙටියෙන් කිවහොත් ඔහුගේ ජීවිතයේ සෑම අංශයකම, දීප්තිමත් සලකුණු ප්‍රදර්ශනය කළේය. ඔහු දිව්‍යමය පණිවිඩය ප්‍රකාශ කිරීමට කදිම නිදසුනක් වූ අතර පරිපූර්ණ මිනිසෙක් විය.


අනාගතවක්තෘවරයෙකු ගැන සංසන්දනාත්මක අධ්‍යයනයක්



ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us