
ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක්
ආගම-දහම මානව සංහතියේ පැවැත්මේ අනිවාර්ය අංගයකි. එය සෑම මනුෂ්‍යයයෙකු තුලම පවතින සහජ ගුණාංගයකි. එම ගුණාංගය සෑම මනුෂ්‍යයෙක් තුලින්ම එකම අරමුණකට යොමුව සිදුකල යුතු යැයි අදහසක් ඉදිරිපත් කල හැකි නමුත් සමාජය තුල එය එලෙස දකින්නට නොමැත.
මනුෂ්‍යයන් විසින් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් බෙදී "මනුෂ්‍යයාගේ ආගම" විවිධ ආකාරවලට ඇදහීම සහ භාවිතා කිරීම දකින්නට ඇත.
මුස්ලිම්වරු තමන්ගේ විශ්වාසයන්ට විශ්වාසවන්තව සිටින අතරම අන් අයගේ විශ්වාසයන්ට ගරු කරති. බහු සංස්කෘතික සැකසුම් තුළ, විවිධ ආගමිකයින් සමග ආගමික නොවන කටයුතුවලදී එක්ව කටයුතු කරයි. ආගමික කටයුතු වලදීද ඉස්ලාමීය සීමාව තුල සිටිමින් ඔවුන් සමගද ඒවාට සහභාගී වෙයි.
ලෝකයේ ප්‍රධාන ආගම් දෙවියන්ගේ ඒකීයභාවය පෙන්වා දෙයි. සමහර ආගම් අනාගතවක්තෘවරුන් හරහා ව්‍යාප්ත වූ අතර අනෙක් ඒවා එසේ නොවීය.
සමහර මිනිසුන් කිසිම ආගමක් අනුගමනය නොකළත්, ඔවුන් ඔවුන්ට යමෙකු විසින් උගන්වන ඉගැන්වීම් සහ සදාචාරයන් අනුගමනය කරයි.
ආගම මිනිස් ජීවිත කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. සියලුම මිනිසුන් පැවැත්ම සඳහා උසස් සුවිශේෂී කෙනෙකු (One God) හෝ සුවිශේෂී බලයක් (A Supreme power) කෙරෙහි විශ්වාස කළ යුතුය. එවන් විශ්වාසයක් නැති අයට මෙහි ආරම්භයක් අවසානයක් ගැන වටහාගත නොහැක. එසේ වුවත්, හදිසි හෝ කරදරකාරී තත්ව වලදී දෙවියන් අදහන, දෙවියන්ට කන්නලව් කරන, ස්වභාවයන් ඔවුන් තුලින්ද ඉස්මතුවනු දැකිය හැක.
ලෝකයේ ඇති ප්‍රධාන ආගම් ගෙන බැලුවත් ඒවායේ බහුතරයක් අනුගාමිකයින් ඒවායේ සැබෑ ස්වරූපයෙන් අනුගමනය නොකරයි. ඔවුන් තම ආගම ගැන හරිහැටි නොදැන සිටිති. මේ අනුව ආගම් විශ්ලේෂණය කිරීමට ඒවා අනුගමනය කරන්නන් දෙස නොව, අප ඒවායේ ශුද්ධ ලියවිලි දෙස බැලිය යුතුය.
අපි එක් එක් ආගම් ගැන ගැඹුරින් සොයා බැලුවහොත්, ඒවායේ බොහෝ සමානකම් ඇති බව අපට පෙනී යන අතර, ඒකදේවවාදය පිළිබඳ සංකල්පය බොහෝ ආගම් තුලින් ඉස්මතු වෙයි. ඒ ගැන සංසන්දනාත්මක තොරතුරු කිහිපයක් මෙහි ඉදිරිපත් කර ඇත.
සෑම ආගමක් තුලම ශාස්තෘවරුන් ලෙස හඳුන්වන අයද සිටිනු දැකිය හැක. ඔවුන් විවිධ නම් වලින් හඳුන්වයි. ලොවට පැමිණි අවසාන වක්තෘවරයෙකු ගැනද බොහෝ ආගම් වල සදහන්ව තිබේ. ගෞතම බුදුන් වහන්සේද තමාට පෙර බුදුවරු පහළ වූ බවත් තමාට පසුවත් බුදුවරු පහළ වන බව දේශනා කර ඇත. ඒ ගැනද සංසන්දනාත්මක තොරතුරු කිහිපයක් මෙහි ඉදිරිපත් කර ඇත.
දෙවියන් පවසන "මිනිසාගේ නොමග යෑම"
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි අයගෙන් කෙරෙන ඉල්ලීමක්
යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
ඉබ්‍රාහිම් නබි තුමාට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව
ඔබව නොමග යවන ඉබිලීස් ගේ උපක්‍රම
දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි?
සොබාදහමේ දහම සහ මිනිසාගේ දහම නිවැරදිව හඳුනා ගනිමු.
මැවුම්වාදය පිලිගනන්වාද? භෞතිකවාදය පිළිගන්නවාද?
මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය
මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක්
බුදු දහම සම්බන්ධව
විවිධ ආගමික ග්‍රංථ වල නබි මොහම්මද් (ﷺ) තුමා ගැන සඳහන් කරුණු
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us