මුස්ලිම්වරුන්ට විශේෂ වූ ස්ථාන

මෙය සංවර්ධනය කරමින් පවතී

මුස්ලිම්වරුන් සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ට පමණක්ම නැමදීම් කරයි. එය සිදුකරන්නේද නබි ﷺ තුමන් පෙන්වාදුන් ආකාරයට පමණි.

මුස්ලිම්වරුන්ගේ මගපෙන්නන් වන්නේ නබිවරුන්ය. ඔවුන් මිනිසුන් අතරින් උසස්තම අය ලෙස සලකණු ලබයි. ඔවුන් කෙරෙහි මුස්ලිම්වරුන් තුල සුවිශේෂී ගෞරවයක් ඇත. නමුත් ඔවුන්ට නමදින්නේ නැත, ඔවුන්ගේ පිළිම නිර්මාණය කර ඒවාට පූජා පවත්වන්නේ නැත, ඔවුන් හරහා දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්නේද නැත. ඔවුන් සිටි ස්ථාන, භාවිත කල දේවල් හෝ ඔවුන්ගේ සොහොන් වලට පවා නමදින්නේ නැත. 

කෙසේ වෙතත්, ඉස්ලාමීය ඇදහිල්ල හා ඉතිහාසය සම්බන්ධව, ඒවාට ආවේණික වූ ලක්ෂණ ඇති ස්ථාන කිහිපයක් තිබේ. මෙම ලිපි පෙළ හරහා ඒවා පිළිබඳ තොරතුරු කිහිපයක් ඉදිරිපත් කරයි.

මුස්ලිම්වරුන්ට පූජනීය ස්ථාන (Sacred places) ලෙස පෙන්වා දී ඇත්තේ පහතින් දක්වා ඇති මස්ජිද් තුන පමණි. හැකි අයට තම ජීවිත කාලය තුල එම ස්ථාන 3 වෙත යන ලෙස උපදෙස් දී ඇත. 

1. මක්කාවේ පිහිටා ඇති මස්ජිදුල් හරාම් (කාබතුල්ලාහ්ව). 

2. මදීනාවේ ඇති නබි තුමාගේ මස්ජිදය හෙවත් මස්ජිදුල් නබවි. 

3. ජෙරුසෙලමෙහි පිහිටා එති මස්ජිදුල් අක්සා.

මෙම ස්ථාන තුන හැර වෙනත් කිසිම ස්ථානයකට වන්දනාවේ හෝ නැරඹීම සඳහා හෝ යන ලෙස මුස්ලිම්වරුන්ව උනන්දු කර නැත. නමුත් අධ්‍යයනය කටයුතු හෝ පුද්ගලික කැමැත්ත මත ඒවා නැරඹීමට යාම තහනම් කර ද නැත. ඒවා අතර යම් යම් කාරණා පදනම් කරගෙන විශේෂත්වයන් පෙන්වන ස්ථාන කිහිපයක් පහතින් දැක්වේ. ඒවා පිළිබදව ඔබට දැනුවත් වීම සදහා වැදගත් තොරතුරු මෙහි ඉදිරිපත් කර ඇත. 

මස්ජිද් (مَسْجِد) යනු මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයක් හඳුන්වන අරාබි වචනයකි. ලොව පුරාම සිටින මුස්ලිම් මිනිසුන් මස්ජිද් යන නම හඳුනන නිසා එම නම භාවිතා කිරීම මුස්ලිම් සමාජයේ සුලභ දෙයකි. එය තවත් නම් වලින් මෙලෙස හඳුන්වයි; මුස්ලිම් පල්ලිය, මුස්ලිම් දේවස්ථානය, මොස්ක්-Mosque.

නබි (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි, මක්කාව අල්ලාහ්ගේ දේශයන්ගෙන් හොඳම වන අතර මක්කාව අල්ලාහ්ට වඩාත්ම ආදරණීය දේශයයි."

මදීනාව යනු නගරයකට වඩා වැඩි වටිනාකමක් ඇති තැනකි. එය මක්කාවෙන් පසු ඉස්ලාමයේ දෙවන වඩාත්ම පූජනීය නගරයයි. මදීනාව යනු නබි මුහම්මද් (ﷺ) තුමාගේ මජිද්ය පිහිටා ඇති සහ, එතුමාව භූමදාන කරන ලද නගරයයි.. මක්කාවෙන් සංක්‍රමණය වීමෙන් පසු මොහම්මද් නබි (ﷺ ) තුමාගේ ගමනාන්තය මදීනාව විය. ඉන් ටික කලකට පසු, එතුමාගේ නායකත්වය යටතේ මදීනාව හරහා ලොව පුරා ඉස්ලාමය ප්‍රචාරය කිරීමේ...

ඉබ්‍රාහිම් (අ.ස), දාවුද් (අ.ස) සහ ඔහුගේ පුත් සුලෙයිමාන් (අ.ස), ඊසා (අ.ස) සහ අවසානයේ මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇතුළු තවත් අනාගතවක්තෘවරුන් මස්ජිදුල් අක්සා හි යාච්ඤා කර ඇති අතර, එහි යාච්ඤා කිරීමෙන් මුස්ලිම්වරුන් ඔවුන්ගේ අඩිපාරේ යමින් සිටින බවට සාක්ෂි දරයි.

මුස්ලිම්වරුන්ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් ස්ථාන කිහිපයක් පහත දැක්වේ. නවක මුස්ලිම්වරුන් මේවා පිළිබඳව දැනුවත් වී ඒවා සමඟ සම්බන්ධ වීම ඉතා ප්‍රයෝජනවත් වේ.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us