
යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
මෙම ආගම් තුනේම සිටින්නන්ගේ එකම විශ්වාසය සහිත ඉතිහාස කතාව මෙයයි.
එනම්, සර්වබලධාරී දෙවියන්වහන්සේ විශ්වය මවා පෘථිවිය තුල මිනිසාට ජීවත් විය හැකි වටපිටාව ඇති කල පසු එහි මනුශ්ය සංහතිය ව්‍යාප්ත කිරීමට, පළමුවෙන්ම මුල්ම මිනිසා වන ආදම් (අස) ව සහ ඔහුගෙන් ඔහුට බිරිඳක් ලෙස හව්වා (අස) ව ස්වර්ගයෙහිදී නිර්මාණය කර යම් කලකට පසු ඔවුන් දෙදෙනාව පෘතුවියට එවන ලදී. ඉන් පසු ඔවුන් දෙදෙනාගෙන් දරුවන් ලෙස මනුශ්ය සංහතිය ටිකෙන් ටික ව්‍යාප්ත වන්නට විය. (මේ අනුව මෙම ආගම් වල කිසිවෙක් මනුෂයයා වඳුරන්ගෙන් පැවත එන්නන් ලෙස ප්‍රචලිතව ඇති කථාව පිලිගන්නේ නැත).
එනම් ඔවුන් සියල්ලගේම විශ්වාසය තමයි පළමු මිනිසාගෙ සිට අද සිටින මිනිසා දක්වා සිටි සියල්ල මිනිසුන් ලෙසම සිටි බව. නමුත් ඔවුන්ගේ ශරීර ප්‍රමාණය, පරමායුශ කාලය, දෙවියන් විසින් ඔවුන්ට ලබා දුන් පහසුකම්, නීතී රීති ආදිය කලින් කලට වෙනස් වූ බව ඔවුන් පිලිගනී.
දෙවියන්වහන්සේ විශ්වය තුල නිර්මාණය කල සෑම අංශුවක්ම එය කුමන ස්වරූපවලින් සිටියා හෝ පැවතුනා වුවද ඒවා දෙවියන්ගේ අණට අවනතව යටහත්ව සහ කීකරුව සිටිමින් දෙවියන්ව ප්‍රසංශා කරමින්/ නමදිමින් සිටින බව දෙවියන් විසින් මිනිසාට දැනුවත් කර තිබේ.
දෙවියන් මිනිසාව විශේෂිත බවකින් යුතුව නිර්මාණය කල බවත් ඔහුත් අන් වස්තූන් මෙන්ම දෙවියන්ව ප්‍රසංශා කරමින්, නැමදීම කරමින් සිටිය යුතු බවත් එය එසේ කරන්නේ කෙසේද යන්න "මිනිසාට නියම කල දහම" ලෙස හඳුන්වා දී තිබේ. පළමු මිනිසාගේ සිට අවසන් මිනිසා දක්වා දෙවියන් මිනිසාට ඉදිරිපත් කලේ එම එකම දහම බව අපට දිව්‍ය හෙළිදරව් තුලින් දැනගත හැක.
දිව්‍ය හෙලිදරව්වන් හෙවත් දෙවියන් ගේ පණිවිඩ දෙවියන් ඔහුගේ ශ්‍රේෂ්ඨ මලායිකාවරයෙක් වන ජිබ්රීල් (අ.ස) හරහා නබිවරුන් ලෙස හඳුන්වනු ලබන (මිනිසුන් අතරින්ම තෝරාගත්) යහපත් මිනිසුන් වෙත ලබා දී ඔවුන් හරහා ඔවුන්ගේ සමාජ වල සිටි අනිකුත් මිනිසුන්ට දැනගන්නට සැලැස්වීය.
අදට සාපේක්ශව ඉස්සර ලොව තුල තිබුනේ දුර්වල සන්නිවේදන ක්‍රමෝපායන්ය. එම නිසා ඒ ඒ කාලවල සිටි සෑම ජන සමාජයකටම ඔවුන්ට ගැලපෙන අයුරින් වෙන් වෙන් වශයෙන් නබිවරු විශාල සංඛයාවක් එවූ බව දේව පණිවිඩ තුලින්ම අපට දැනගන්නට තිබේ. සමහර ප්‍රදේශ වලට ළඟින් ළඟින් එක්කෙනෙකුට පසු තව කෙනෙක් ලෙස නබිවරු පැමිණ ඇත. සමහර කාල වල සමහර පලාත්වලට පලමු නබිවරයාට පසු දෙවනි නබිවරයා පැමිනීමට ගතවූ කාලය අධික විය. සමහර පලාත්වලට එකවර නබිවරු දෙදෙනා බැගින් එවා ඇත. එය දෙවියන්ගේ කැමත්ත පරිදි සිදුවන්නට ඇත. මනුශ්ය සමාජ වෙත නබිවරු ලක්ශයකට වඩා එවා ඇති බව අවසන් නබිවරයාගේ වදන් වලින් අපට දැනගන්නට ලැබී ඇත.
කෙසේ නමුත්, ඉතිහාසය තුල නබිවරුන් කිහිපදෙනෙකුගේ පැමිණීම් සම්බන්ධව නබිවරුන්ගේ පෙලපතක තොරතුරු අද අපට හමුවී ඇත.
දැන් අපි බලමු ඉහත ආගම් තුනම එකම ආගමේ අවස්ථාවන් තුනක් වන්නෙ කෙසේද යන්න.
දිව්‍ය හෙලිදරව්වන් තුල සඳහන්ව තිබෙනවා සෑම ජන සමාජයකටම නබිවරයන් එවූ බව.
එක් ප්‍රදේශයකට අලුතින් නබිවරයෙක් එනතුරු එම ප්‍රදේශයේ ජනතාව අනුගමනය කල යුත්තේ ඊට පෙර පැමිණි නබිවරයා ගෙනා නීති-රීතිය.
යම් ප්‍රදේශයකට නබිවරයෙක් පැමිණුනා නම් එම ප්‍රදේශයේ ජනතාව අනුගමනය කල යුත්තේ එම නව නබිවරයා ගෙනා නීති-රීතිය. එම ප්‍රදේශයට එම නබිවරයා ගෙනා නීති රීති වලංගු වන්නේ තවත් නව නබිවරයෙකු පැමිණෙන තෙක් පමණිය. ජනතාව පැරණි නබිවරයා අනුගමනය කිරීම නවතා නව නබිවරයාව අනුගමනය කිරීම ආරම්භ කල යුතුය.
මෙම කාරනාව යුදෙව්වරුන්, ක්‍රිස්තියානිවරුන් සහ මුස්ලිම්වරුන් යන සියල්ල පිලිගන්නා දෙයකි. පිලිගත් නමුත්, යුදෙව්වන් සහ ක්‍රිස්තියානිවරුන් එය අනුගමනය කරන්නේ නැත. මුස්ලිම්වරුන් එය අනුගමනය කරයි.
එකම දෙවියන්ව විශ්වාස කරන සහ තම කාලය තුල තම ප්‍රදේශයට බලපවත්නා නබිවරයාව අනුගමනය කරන සියලුම දෙනා මුස්ලිම්ය. මුස්ලිම් යන්නෙහි අර්ථය දෙවියන්ට අවනතව සිටින්නාය. දෙවියන්ට අවනත නම් ඔවුන් දෙවියන් විසින් එවන ලද උපදෙස් සහ නබිවරුන්ව නිසි පරිදි අනුගමනය කල යුතුය.
යුදෙව්වන් හෙවත් යහූදීවරුන් යනු යාකූබ් (අ.ස) නබිවරයාගේ කාලයේ සිට පැවත එන මුස්ලිම් ගෝත්‍රයකට කියන ලද නමකි. මෝසෙස් හෙවත් මූසා (අ.ස) නබිතුමාගේ කාලයේත් යුදෙව්වන් සිටියේය. වර්තමානයේ යුදෙව්වන් ලෙස හඳුන්වන්නේ මෝසෙස් (මූසා) නබිතුමාට ලැබුනු දිව්‍ය පණිවිඩය සම්බන්ධ කරගෙන ඉන් පසු පැමිනි නබිවරුන්ව පිලි නොගන්නා ජන කොටසටය.
ජේසු තුමාගේ කාලයේ ජනතාව ජේසු (ඊසා නබි) තුමාව නිසි පරිදි අනුගමනය කලා නම් ඔවුනුත් ක්‍රිස්තියානි ලෙස හදුන්වන මුස්ලිම් ගෝත්‍රයක් යැයි කීමෙහි ගැටලුවක් නැහැ.
නමුත් අද යහූදිවරුන් වෙනම ආගමික කොටසක් ලෙසත් ක්‍රිස්තියානිවරුන්තවත් වෙනත් ආගමික කොටසක් ලෙසත් දකින්න තිබෙන්නේ ඇයි දැයි කියා බලමු.
දෙවියන් මිනිසාව අනිකුත් නිර්මාණ වලට වඩා සුවිශේශත්වයක් ඇතිව නිර්මාණය කල බව මීට පෙර සඳහන් කලා. එනම්, ස්වයං තීරන ගෙන කටයුතු කිරීමේ හැකියාව මිනිසාට ලබා දී ඇත. එය අපි සතුන් තුලින් දකින ඔවුන් දක්වන සුළු සුළු ක්‍රියාවන් මෙන් නොව, මිනිසා තම විචාරබුද්ධියද භාවිතා කරමින් සිදුකරන ස්වයං තීරන ගැනීමය. උදාහරනයකින් කියනවා නම්, සතුන්ට මෙය හොඳයි මෙය හොඳ නෑ වගේ හිතමින් තම ඇතැම් කරුණු ගැන තීරන ගැනීමේ හැකියාවක් නැත. සතුන් යම් කිසි රාමුවක කොටු කර ඇත. නමුත් මිනිසා එසේ කොටු කර නැත. ඔහුට විශාල පරාසයක් තුල සිතමින් ස්වයං තීරන ගෙන කටයුතු කල හැක.
කොටින්ම, දෙවියන් මිනිසාට පෙන්වා දුන් ජීවන මාර්ගෝපදේශ සම්බන්ධවද, ඇතැම් නීති-රීති සම්බන්ධවද තම සිතැඟියාවන් මත ස්වයං තීරන ගෙන කටයුතු කල හැක. එනම් මිනිසාට දෙවියන්ගේ උපදෙස්වලට අනුව යමින් හොඳ විදිහට තම ජීවිතය ගෙවනවාද, නැත්නම් තමන්ට හිතෙන විදිහට හොඳ හෝ නරක කරමින් ජීවිතය ගෙවනවාද යන්න තීරනය කිරීමට මිනිසාට අවසර දී ඇත. මිනිසාට දෙවියන්ව විශ්වාස කරමින් හෝ විශ්වාස නොකරමින් සිටීමට පවා නිදහස ලැබී ඇත.
මේ නිදහස භාවිතා කරමින් සමහර මිනිසුන් දෙවියන්ගේ උපදෙස් වලින් බැහරව තම කටයුතු කරයි. එහිදී තම ආගම-දහමත් තමන්ට හරිය කියල හිතෙන විදිහට හෝ තමන්ට වාසි සහගතය ලෙසට කටයුතු කිරීමට සමහරු පෙළඹෙයි.
මේ නිසා සමහරු දෙවියන්ගේ මාර්ගෝපදේශයන් තම වාසියට ගැලපෙන ලෙස විකෘති කරයි . තම අදහස් දේව වාක්‍යය අතරට එක් කරයි. සමහර දේව වාක්‍යය සඟවයි. සමහර දේව වාක්‍යය ඇද කුද කරයි. එසේ කරගෙන තමන්ට ගැලපෙන නීති රාමුවක්, බල ප්‍රදේශයක්, රාජධානියක් ගොඩ නගා ගනී. ඇදහිල්ල තමන්ට රිසි පරිදි සකසා ගනී. ජනතාවවත් ඒ දෙසට තල්ලු කරයි.
එවිට දෙවියන්ගේ නිවැරදි සහ නව මාර්ගෝපදේශයක් රැගෙන නබිවරයෙක් පැමිනි විට ඔහුට විරුද්ධව කැරලි ගසයි . ඔහුව පිටුවහල් කිරීමට වෙර දරයි. එසේත් නැතිනම් ඔහුව ඝාතනය කරයි. මෙවන් සිදුවීම් ඉතිහාසය පුරාම සිදුවී ඇත.
යුදෙව් ගෝත්‍රයේ සිටි මුස්ලිම්වරුන් ගෙන් යම් පිරිසක් දෙවියන්ගේ මාර්ගයට පිටින් යමින් ඔවුන් ඔවුන්ට රිසි පරිදි ඇදහිල්ල සහ නීති-රීති සකසා ගත්හ. ඔවුන්ව දිගටම අනුගමනය කරන පිරිසක් අදත් ලොව තුල සිටී. ඔවුන් දැන් තම ආගම "යුදෙව් ආගම/ Judaism) ලෙස නම් කරගෙන සිටී.
යුදෙව් ගෝත්‍රයේ සිටි තවත් මුස්ලිම් ජනතාවක් කාලයත් සමග ඉදිරියට ඇවිත් ජේසු (ඊසා අ.ස) තුමා තම කාලයේ නබිවරයා ලෙස පිලිගෙන සිටියේය. ඔවුන් නිවැරදි ක්‍රිස්තියානුවන් ලෙස හෝ මුස්ලිම් වරුන් ලෙසටම හදුන්වා දිය හැක.
නමුත් ජේසු (ඊසා අ.ස) තුමා නබිවරයෙක් ලෙස පැමිණි අවස්ථාවේ දෙවියන්ගේ නියම මාර්ගයෙන් පිටව ගොස් සිටි අය ජේසුතුමාව නබිවරයෙක් ලෙස පිලිගත්තේ නැත. ඔහුට වද දී කුරුසිපත් කිරීමටද ඔවුන් පියවර ගැනීය.
ජේසු (ඊසා අ.ස) තුමාද යුදෙව් පරම්පරාවෙන් බිහිවූ මුස්ලිම් නබිවරයෙකි.
ජේසු තුමා ගෙන් පසු ඊලග නබිවරයා පැමිනෙන තෙක් ජේසු තුමාව නබිවරයෙකු ලෙස අනුගමනය කල අය ද මුස්ලිම්වරුන් ලෙසම හදුන්වා දිය හැක.
නමුත් ජේසු තුමා නබිවරයෙක් නොව, ඔහු දෙවියන් හෝ දෙවියන්ගේ පුතා ලෙස පිලිගනිමින් අදහන අය නියම දහමෙන් පිටව ගිය අය ලෙස සැලකිය හැක. අදත් ඔවුන් මුස්ලිම් නොවන ක්‍රිස්තියානුවන් ලෙසම සලකන්නට හේතුව ඔවුන් ජේසු තුමාට පසු පැමිනි අවසන් නබිවරයාව සහ ඔහු ඉදිරිපත් කල දිව්‍ය හෙලිදරව්ව (Al-Quran) පිලිනොගන්නා නිසාය.
අවසන් නබිවරයා පැමිනියේ අරාබිකරයෙනි. නමුත් ඔහු පැමිනියේ අරාබිකරයට පමනක් නොව, මුලු ලොවටමය. ඔහු ගෙනා පණිවිඩය අද ලොව පුරා ඇති සෑම smart ජංගම දුරකතනයකින්ම බලා ගත හැක. ඔහු අවසන් නබිවරයාය.
දෙවියන්ගේ නියමයට අනුව තම කාලය තුල නබිවරයෙක් පැමිනියා නම් මීට පෙර අනුගමනය කල නබිවරයා වෙනුවට නව නබිවරයාව අනුගමනය කල යුතුව ඇත. එනම්, අද මුලු ලෝක වාසීන්ටම පැමිනි නව නබිවරයා මොහම්මද් ﷺ නබි තුමාය.
මේ සරල කාරණාව තේරුම් නොගෙන හෝ තේරුනත් තේරුනේ නෑ වගේ සිටින්නේ තම බල තන්හාව, ඊර්ශියාව, මාන්නය සහ තමාට තමා අවංක නොවීමය. මෙතුමා පැමිනියේ මූසා (අ.ස) නබි සහ ජේසු (ඊසා අ.ස) පැමිනි යුදෙව් පරම්පරාවෙන් නොවීමද ආගම් බෙදීමට ප්‍රභල හේතුවක් ද විය.
කෙසේ නමුත්, අද ලොව තුල බහුතර ජනතාවක් ජේසුතුමා ප්‍රමුඛ කරගෙන තමන්ට ගැලපෙන අයුරින් දිව්‍ය වාක්‍යයන් වෙනස් කර ගොඩ නගාගෙන සිටින ක්‍රිස්තියානි සංස්කෘතිය ඉවතලන්න සිදුවෙයි කියන බය නිසා ඔවුන් සත්‍යය භාර නොගෙන සිටිනු දැකිය හැක. එපමනක්ද නොව, සත්‍යය විනාශම කිරීමට ද ඔවුන් වෙර දරනු දැකිය හැක. නමුත් දෙවියන් මෙය නිරීක්ෂණය කරමින් ඔවුන්ට නිසි දඬුවම් ද දෙමින් සිටී. දෙවියන්ගේ දඬුවම් අපි නොසිතන අයුරින් එමින් ඇත. එම දඬුවම් නොමග ගියවුන්ව නිසි මගට තල්ලු කිරීමට එවන සළකුණු වෙන්න බැරි නැත. පහතින් සඳහන් සොභාවික විපත් පිටුපස ඇති රහස යන මැයෙන් ලියා ඇති ලිපිය එය මනාව සහතික කරයි.