
ශක්තිමත් කණ්ඩායමක්
A strong team with new Muslims
SRMI center හි තවත් අරමුණකි ඉස්ලාමයට නැවත හැරුනු ශ්‍රී ලාංකිකයින්ව සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් ඇති කිරීම.
- මෙවැන්නක් ඇති කිරීමේ අවශ්‍යයතාවය කුමක්දැයි පහත කරුනු වලින් වඩාත් හොදින් පැහැදිලි වෙයි.
- කෙනෙකු තම සමාජය පිලිගත් දහමින් ඉවත් වීම,
- ඉස්ලාමය වැලඳ ගැනීම,
- මුස්ලිම් සහකරුවෙකු හෝ සහකාරියක් සමග විවාහ වීම,
- කාන්තාවක් නම් තම හිස ආවරනය කර ඇදුම් ඇඳීම,
අද සමාජය දෙස බැලුවොත් අපිට පැහැදිලිවම දකින්න තියෙන දෙයක් තමයි නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් සමාජයෙන් වෙන් වෙලා, මුලු ගැන්විලා, එහෙමත් නැත්නම් හුදෙකලා වෙලා මෙන් සිටින බව. මෙයට බලපාන ප්‍රධානතම හේතු වන්නේ
ඉස්ලාමය වැලඳගත් නවක මුස්ලිමෙකු වූ තමාට එම කාරනාව නිසි අයුරින් තම පව්ලේ අයට පහදා දීමට ඇති නොහැකියාව හෝ ඔවුන් එය පහදා නොගැනීම බවයි අපගේ විශ්වාසය. පහත කරුනු දෙස බලන්න..
වැනි හේතු සලකා තම නිවැසියන්, නෑදෑයින්, තමන් රාජකාරී කටයුතු කරන තැන් වල සිටින අය මෙන්ම ඇතැම් විට මිතුරන් පවා
- ඔබව ඔවුන්ගේ සමාජයෙන් දුරස් කිරීම,
- ඔබට අඩු සැලකිල්ල දැක්වීම,
- ඔබව සමච්චලයට ලක් කිරීම,
- ඇතැම් විට ඔබට හිරිහැර කිරීම,
- ඔබව නොසලකා හැරීම ආදිය සදහන් කල හැකිය.
මෙසේ තමාට හුරු දහමින්, තමාට හුරු වටපිටාවෙන් විවිධ කෝණ වලින් ඈත් වෙන නවක මුස්ලිම්වරයා ඊලගට බලන්නේ තමාට තම ඉස්ලාමීය ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට සුදුසු වටපිටාවක් සකසා ගැනීමටය. එයට ප්‍රායෝගික පුහුනුවත්, පහසුවත්, දැනුම සහ අත්දැකීමුත් ලබා ගැනීමට ඔවුන් මුස්ලිම් සමාජය සමග සම්බන්ධ වීමට සිත යොමු කරයි.
නමුත් බොහෝ විට (දහම තුල නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසා) මුස්ලිම් සමාජයේත් බහුතරයකගේ දකින්නට තියෙන අඩුපාඩු ගැන සැලකිල්ලට ගෙන ඔවුන් සමග එක්වී කටයුතු කිරීමටද නවක මුස්ලිම්වරයා දක්වන්නේ මැලි කමකි.
- තමා මෙම මුස්ලිම් සහ ඉස්ලාමීය ක්‍ෂේත්‍රයට නවකයෙකු වූ හෙයින් තමාට නිවැරැදි සමාජය තෝරාගැනීමට ඇති හැකියාවද අල්ප නිසා ඔහු හෝ ඇය විසින් නිරායාසයෙන්ම පහත සදහන් අවධානම් සහිත මාවත් වලට ගමන් කරන්නටද බොහෝ ඉඩ ඇත. (සැ.යු:- මේ පහත සදහන් ඇතැම් කරුනු මීට පෙරද සදහන් කර ඇති නමුත් නවක මුස්ලිම් වරුන් ශක්තිමත් කණ්ඩායමක් ලෙස සිටීමේ අරමුණ අවභෝද කිරීම පිනිස ඒවායින් සමහරක් නැවත පල කර ඇත)
- ඇතැම් මුස්ලිම් අය තුලද අඩුපාඩුකම් දකින මොහු එනිසාම මුස්ලිම් සමාජය වෙත යාම ප්‍රතික්ෂේප කර තමා හුදෙකලාවෙන්ම ඉස්ලාම් දහම ගැන සොයා බැලීමට යොමු වෙයි.
- නිසි අවභෝදයකින් තොරව අතට අහු උනු ඉස්ලාමීය පොත් පත් කිසි පිළිවලකින් ද තොරව කියවන්නට පටන් ගනී.
- තමා නොදන්නා අන්තර්ජාලය තුල ඇති ඕනම දෙයක් කියවා හෝ අසා එසේත් නැතිනම් වීඩියෝ වැනිදෑ නරඹා එයයි ඉස්ලාම් කියා වටහා ගැනීමට යොමු වෙයි.
- රැවුල වවා ගත්තු තොප්පියක් දා ගත්තු බැලූ බැල්මට විද්වතෙකු යැයි හැගෙන හෝ ලස්සනට භාශාව හසුරුවමින් දහම ගැන කතා කරන ඕනම කෙනෙක් කියූ ඕනම දෙයක් නිවැරදියි කියා සිතමින් ඒ සියල්ල ඒ අයුරින්ම ග්‍රහණය කර ගැනීමට හුරු වෙයි.
- ඒ වගේම, ඇතැම් ඉස්ලාමීය මධ්‍යාස්ථාන ඉස්ලාමයේ මූලික උගැන්වීම් පවා උල්ලංඝනය කරන බව නොදන්නා ඔහු තොරතුරු සොයා ගැනීම පිනිස ඉස්ලාමීය මධ්‍යස්ථාන ලෙස නාම පුවරූ ඇති ඕනම මධ්‍යස්ථානයක්, මදරසාවක් , ජමාතයක්, Whatsapp කණ්ඩායමක් වෙත පිවිසීමේ අවදානමද ඇත.
- එමෙන්ම තමා ආධුනිකයෙකු හෙයින් නොදැනුවත් කම නිසා සමහර විට ඉස්ලාම් දහමට පටහැනි (බිදා) කටයුතු කරන (Jamaath) කණ්ඩායම් සමග එකතු වීමේ අවදානමද නවක මුස්ලිම් වරයා හමුවේ ඇත.
- තමා කරන සලාතය පවා වලංගු නොවන මට්ටමේ, එනම් ඉස්ලාමයට පිටින් ගිය මස්ජිද (නැමදුම් ස්ථාන) පවා අතරින් පතර තියෙන බව නොදන්නා ඔහු සමහර විට එම මස්ජිද වෙතම පිය මැනීමටද ඉඩ නැතුවා නොවේ.
- වැරදි පුද්ගලයන්ව තම ගුරුවරුන් ලෙස තෝරා ගැනීම හෝ දහම නිසි අයුරින් දන්නා වූ නමුත් එය නිසි අයුරින් කියා දීමට නොදන්නා අයගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට පෙළඹීමටද ඉඩ ඇත..
මෙවැනි සෑම ක්‍රියාවක් තුලම ඇත්තේ මහත් අවදානමකි. මේවාට පහසුවෙන් ගොදුරු විය හැක්කේ මෙම නවක මුස්ලිම්වරයන් තනි තනි ලෙස හුදෙකලා වූ විටය.
ඒ අතර, මේ කාරනා නිසා, (එයිනුත් විශේෂයෙන්ම) තම පවුලෙන් හා තම සමාජයෙන් ඈත්ව අසරනව සිටින නවක මුස්ලිම් කාන්තාවන්ව මුලාවේ දැමීමට මාන බලන පිරිස් ද සමාජය තුල නැතැය් කීමට බැරිය.
- මෙවැනි අවදානම් කාරනාවන්ගෙන් නවක මුස්ලිම් සහෝදර සහෝදරියන්ව ආරක්ශා කිරීමට විශේෂ කැප වීමකින් කටයුතු කිරීමට SRMIC සූදානම් බව ද මෙහි සදහන් කරන්නෙමු. එහෙයින් අප කණ්ඩායමක් ලෙස එක්ව සිටීම වඩාත් ඵලදායී වන බව අප හදුනා ගෙන ඇත්තෙමු.
- නවක මුස්ලිම්වරුන්ට උදව් කරන බවත්,
- ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්,...ආදී ලෙසය.
ඒ වගේම විශේෂයෙන්ම නවක මුස්ලිම්වරුන් තනි තනිව හුදෙකලා වී සිටීම නිසා ඔවුන්ට නවක මුස්ලිම්වරු වශයෙන් සමාජයෙන් ලැබෙනෙන්නට තියෙන ඇතැම් වරප්‍රසාද පවා අහිමි කර ගන්නා බවක් ද දකින්නට ඇත.
උදාහරනයකින්ම පවසනවා නම්,. බොහෝ මුස්ලිම් දානපතියන් විසින් නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් පරිත්‍යාග කරන බව අද අපට අසන්නට ඇත. ඇතැම් ඉස්ලාමීය මධ්‍යස්ථාන වලින්ද නොයෙකුත් කණ්ඩායම වලින්ද නොයෙක් වැඩසටහන් පවත්වමින් කියා සිටිනු අපට දක්නට ලැබෙන්නේ..
- WhatsApp කණ්ඩායම හරහා සියල්ලට එකම පණිවිඩය එකවරම බෙදා ගැනීමට ඇති අවස්ථාව.
- මෙයින් ලැබෙන ප්‍රතිලාභ රාශියකි. කණ්ඩායමේ සාමාජිකයන් පරිශීලනය කරන ඉස්ලාමීය තොරතුරු පිළිබඳව විමසිල්ලෙන් සිටිය හැක. එමඟින් ඔවුන් නොමගයාම් වලින් ආරක්ශා කර ගත හැක. කණ්ඩායමේ සියලුම සාමාජිකයින් එක්ව අපගේ කුමන හෝ පණිවිඩයක් එකවරම ජාලයක් ලෙසින් facebook හි විශාල පරාසයක් පුරා බෙදා හැරීමට ඇති හැකියාව.
- මෙමගින් නවක මුස්ලිම්වරුන්ව සම්බන්ධීකරනය කරන එක් නිශ්චිත කාර්යාලයක්, ඔවුන් ගැන සොයා බලන කණ්ඩායමක්, ඔවුන්ව සුහදව පිලිගන්නා මෙන්ම ඔවුන්ට එකතු විය හැකි මධ්‍යස්ථානයක් නිර්මාණය වේ.
- මෙමඟින් නවක මුස්ලිම් වරුන්ට අනිකුත් නවක මුස්ලිම්වරුන්ව සහ SRMIC සොයා ගැනීමේ පහසුවත්, එකිනෙකා හදුනා ගැනීමේ පහසුවත්, එකිනෙකා අතර පනිවුඩ හුවමාරු කරගැනීමෙ පහසුවත්, සියල්ල අතර තොරතුරු යාවත්කාලීන කිරීමේ පහසුවත්, නවක මුස්ලිම් වරුන්ගේ හැකියාවන් කුසලතාවයන් ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාවත්, ඔවුන්ගේ ඉස්ලාමීය පණිවිඩය ලොවට ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබේ.
1). නවක මුස්ලිම් whatsApp කණ්ඩායමක්.
2). නවක මුස්ලිම් facebook මිතුරු කැලක්...
3). නවක මුස්ලිම් අපේම ස්වාධීන මධ්‍යස්ථානයක්..
4). නවක මුස්ලිම් අපේ ඉස්ලාමීය පනිවිඩය ලොවටම කීමට අපටම වෙන් වූ Web අඩවියක් ...
තනි තනිව සිටින විටදීට වඩා ශක්තිමත් කණ්ඩායමක් ලෙසින් සිටින විට තවදුරටත්....,
දැනුම අතින්, හැකියාව අතින් දුර්වල මට්ටමෙන් සිටින අය සමග සම්බන්ධතාවය තබා ගැනීමෙන්, දැනුමින් හා අනිකුත් උවමනාවන්ගෙන් පෝෂණය කරමින් ඔවුන්වත් ශක්තිමත් කිරීමට අවස්ථා ඇතිකර ගැනීම,
ඇතැම් දුශ්කර සහිත අවස්ථාවන් වලදී මෙන්ම සමාජ අභියෝග හමුවේ එකිනෙකා සමග අත්වැල් බැද ගෙන කණ්ඩායමක් ලෙසින් ඒවාට මුහුන දීමේ හැකියාව ඇතිකර ගැනීම,
කණ්ඩායමක් ලෙසින් අපගේ දාවා කටයුත්ත ශක්තිමත් කිරීම,
අප අතරින්ම සුදුසු සහකරු සහකාරියන් සොයා ගැනීමට අවස්තාවක් ඇති කර ගැනීම මෙන්ම,
සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ පව්ලේ කෙනෙකුගේ අභාවයක් වැනි ශෝක ජනක අවස්තාවකදී පවා අප තනි නොවී අත් වැල් බැඳගැනීමට අවස්තාවන් උදා කරගැනීමට හැකිවීම ආදි ප්‍රතිලාභ රැසක් හිමි කරගත ගැකි බව සඳහන් කල හැකිය.
මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.
Please give us your comments about this page.