සාමාජිකයකුගේ අභාවයකදී සහාය
Support at new Muslims' funerals
අපි හැමෝම මරණය නම් සත්‍යයට මුහුන දිය යුතුමය. යමෙකුගේ ප්‍රාණය තම සිරුරින් ඉවත් වූ විට ඔහු තව දුරටත් කිසිවක් කරකියා ගැනීමට හැකියාවන් ඇත්තෙකු නොවන්නේය. තම අවසන් කටයුතු වෙනත් අය විසින්ම කරන තත්වයකට පත්වන්නේය. අපට මිය ගිය සමීපතයෙකුගේ අවසන් කටයුතු කිරීමක් සම්බන්ධව පැහැදිළි අවභෝධයක් ඇත. එක් එක් ජන සමාජ ඔවුනොවුන්ට ආවේනික ආකාරවලින් එම කටයුතු කරනු ඇත. එය සමාජය තුල සාමාන්‍ය දෙයකි.
නමුත් නවක මුස්ලිම්වරයෙකුගේ අවසන් කටයුත්ත අප සිතන මට්ටමේ සාමාන්‍ය අවසන් කටයුත්තක් බවට පත්වන්නේ නැත. එයට හේතුව නම්, මෙහිදී ඔහු ඉස්ලාම් වැලඳ ගැනීමට පෙර තමා සමග සිටි පව්ලේ සමීපතයන් විසින් ඔවුන්ට හුරු පුරුදු ආකාරයට මෙම අවසන් කටයුත්ත සිදුකිරීමට ඉදිරිපත් වීම සහ තම නව ඇදහිල්ල වූ ඉස්ලාමය තුලින් පෙන්වා දෙන අවසන් කටයුත්ත අතර යම් යම් නොගැලපීම් කිහිපයක් ඉස්මතු වීමය. මෙය මිය ගිය ඔහුට වඩා ජීවත්ව සිටින ඔහුගේ සමීපතයන් මුහුණ දෙන බරපතල තත්වයකි. එය සුළු පටු කාරණාවක් නොවන බව මම නැවත සඳහන් කරමි.
පහත සඳහන් කරුණු කිහිපය දෙස සලකා බලන්න. නවක මුස්ලිම්වරයෙකු මිය ගිය පසු ඔහුගේ මෘත දේහය,
- එම්බාම් කරනවාද නැද්ද?
- කුමණ නිවසේ තැම්පත් කර තබනවාද?
- දින කීයක් භූමදානය නොකර තබා ගන්නවාද?
- කුමණ ආගමික චාරිත්‍ර වලට අනුව අවසන් කටයුතු කරනවාද?
- කුමණ කනත්තක එය සිදු කරනවාද?
- භූමදානය කරනවාද, ආදාහනය කරනවාද?
- මේ කටයුතු කෙසේ කල යුතු යැයි ඔහු විසින් අවසන් කැමැති ප්‍රකාශනයක් ලබා දී තිබෙනවාද?
- එයට තම පෙර ඇදහිල්ල සමග සිටි පව්ලේ අය කැමති වෙයිද එසේ කැමති උනොත් එය ඔවුන්ගේ පැවැත්මට තම සමාජයෙන් යම් යම් බලපෑම් මතු වෙයිද?
- ඇදහීම් දෙකක පූජක පක්ෂ දෙකක් මෙයට දායකත්වය දක්වන්නේ කෙසේද?
- ඔහු තම ප්‍රදේශයට අදාල නැමදුම් මධ්‍යස්ථානය තුල ලියාපදිංචි වී තිබේද?
මෙවැනි තත්ව සහ අපහසුතාවයන් කල්තියා හදුණාගෙන පෙර සූදානම් කර තැබීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මුස්ලිම්වරයෙකුගේ අවසන් කටයුත්තකදී පහත සඳහන් ප්‍රධාන කාරණා කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇත. (මේ සමග තව සුළු කාරණා කිහිපයක්ද ඇත)
- මියගිය මුස්ලිම්වරයාගේ මෘත දේහය එම්බාම් නොකරයි.
- උපරිම වශයෙන් දිනක් ඇතුලත භූමදානය කිරීමට ඉක්මන් කරයි.
- අවසන් කටයුතු ඉතාම චාම් සහ සරළ ආකාරයට සිදු කරයි.
- මෘත දේහය නෑවීමකට ලක් කර සුදු රෙදි කැබැල්ලකින් එතීමක් කරයි.
- මිනී පෙට්ටි භාවිතා නොකරයි, නැමදුම් මධ්‍යස්ථානයේ ඇති පොදු ලී බක්කියක් මේ සඳහා යොදා ගනී. මිණිය වැලලූ පසු එම ලී බක්කිය නැවත නැමදුම් මධ්‍යාස්ථානයට භාර දෙයි.
- අවසන් කටයුත්ත බොහෝ විට නැමදුම් මධ්‍යස්ථානය තුල ජනාසා නම් සලාතයක් සමග සිදු කරයි.
- ඉන් පසු භූමදානය සඳහා ඉක්මනින් මුස්ලිම්වරුන්ව භූමදානය කරන කනත්තක් වෙත රැගෙන යයි.
- එම මග දෙපස සැරසිළි, බෙර ගැසීම හෝ රතිඤ්ඤා දැමීම, පොළොවට කාපට් හෝ රෙදි ආදිය දැමීම සිදු නොකරයි.
- තම සමීපතයා මිය ගිය පසු සහ ඉන් පසුවද අධික ලෙස විලාප නගමින් හැඬීම සිදු නොකර හැකි තරම් ඉවසීමෙන් සිටීමට පියවර ගනී.
- මෘත දේහය වළලන විට එම ස්ථානයට කාන්තාවන් නොයයි.
- මෘත දේහය කිසි විටකත් ආදාහනය නොකරයි.
- මිනී වල උඩ ස්මාරක තැනීම හෝ සැරසිළි නොකරයි.
මෙවන් වටපිටාවක් හමුවේ මුස්ලිම් නොවන වෙනත් ඇදහිලි ඇති පව්ල් වටපිටාවක් තුල නවක මුස්ලිම්වරයාගේ මෙම ඉස්ලාමීය චාරිත්‍රාණුකූල අවසන් කටයුත්ත කිරීම අභියෝගයක්ව පවතී.
මරණයකදී පමණක් නොව, ඉස්ලාමීය උත්සව සමයන්හිදීද, දෛනික නැමදුම් කටයුතු වලදීද, පොදු සමාජය තුල එක්ව කටයුතු කිරීමේදීද, තම පව්ලේ අයගේ විශේෂ කටයුතුවලට සහභාගී වීම් වලදීද, තම විවාහය වැනි කටයුතුවලදීද, මුස්ලිම් නොවන තම ස්වාමිපුරුෂයා හෝ බිරිඳ සමග කටයුතු කීමේදීද මෙම නවක මුස්ලිම්වරයා සාමාන්‍ය හැසීරීමකට එහා ගිය යම් සුවිසේශී අපහසුතා රාශියකට මුනුණ දෙනු ඇත.
අල්ලාහ් දෙවියන් වහන්සේගේ කරුණාව මෙම නවකමුස්ලිම්වරුන් වෙත පහළ වේවා! ඔවුන්ගේ කටයුතු පහසුකර දෙත්වා!
මෙම තත්වය ගැන මුස්ලිම් සහ මුස්ලිම් නොවන පොදු සමාජය යහමින් අවභෝදකර ගනිත්වා!
ඔවුන්ගේ මෙම සෑම කටයුත්තකදීම ඔවුනට පහසුවක් වනු පිණිසම අල්ලාහ්සුභානවතාලාගේ නියමය පරිදි ඔවුන් වෙනුවෙන් වෙන්කල යුතුව ඇති සකාත් හි කොටස නිසි පරිදි කළමණාකරනය වෙත්වා!
by sjw
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න