
ස්වභාවික විපත් පිටුපස ඇති රහස
ගංවතුර, සුනාමි, භූමි කම්පා, සුලි සුළං..., මොනවද මේ ස්වභාවික විපත් කියන්නේ?
මෙම ලිපිය හරහා ඔබට එය පැහැදිලි වනු ඇතැයි මා අදහස් කරමි.
ඉතිහාසයේ සිදුවූ සමහර විපත් කිහිපයක් සහ මෑත කාලයේ සිදුවූ විපත් අති විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් ඔබේ මනස අවදි කිරීමට මෙම ලිපිය සකස් කර ඇත.
මිනිසා නිර්මාණය කර ඔහුව අධ්‍යාත්මිකව හා භෞතිකව හැඩගස්වා ඔහුව ජීවත් කරවන්නේ සර්වබලධාරි දෙවියන් අල්ලාහ් ය. (මෙය සනාථ කිරීමට බොහෝමයක් සාධක කුර්ආනය තුලින් දැක ගත හැක. මෙම ලිපියෙහි අවසාන කොටස බලන්න).
විශ්වයම නිර්මාණය එය පෝෂණය කරමින්, පාලනය කරමින් තම අණට යටත් කර සිටින සර්වබලධාරි දෙවියන් ගැන දැන ගැනීම, ඔහුගේ උපදෙස් පිළිපැදීම, ඔහුට මනසින් ළංවීම සහ ඔහුව ප්‍රසංශා කිරීම සෑම මිනිසෙකුගේම යුතුකමකි.
අල්ලාහ් තම නිර්මාණයක් වන මිනිසා වෙත අනාගතවක්තෘවරයන් හරහා එවන ලද පණිවිඩ තමාගේ නිර්මාතෘ වෙතින් තමා වෙත ආ මාර්ගෝපදේශය ලෙස ඒ ඒ යුග වල සිටින මිනිසුන් පිළිගත යුතු යැයි අවධාරනය කර ඇත.
නිමක් නැති දැනුම, ප්‍රඥාව සහ සතුට ගෙන දෙන අල්ලාහ්ගේ අවසන් පණිවිඩය වන කුර්ආනය, තම මනස හා හදවත ආලෝකමත් කරගත හැකි, ආත්මය සුව කර කරගත හැකි, මිනිසාට ශක්තිමත් හෘද සාක්ෂියක් හා විශ්වාසයක් ඇති කරගත හැකි උත්තරීතර ග්‍රන්ථයකි.
අපගේ නිර්මාතෘ අපට පවසන දේ හොඳින් අධ්‍යයනය කර ඒවා මෙනෙහි කළ යුතුය. ඇත්ත වශයෙන්ම, අල්ලාහ් පවසන්නේ කුරානය මිනිසාට සිතීමට මග පාදන බවත් එතුලින් තම ජයග්‍රහනය සොයා ගත හැකි බවත් ය. එය නොසලකා හැරියොත් පරීක්ෂණයට හෝ දඬුවමට ලක්විය හැකි බවත් අවසානයේ පරාජිත වන බවත් කල් තියා දැනුම් දී තිබේ.
අල් කුර්ආනයේ වැදගත් අංගයකි පෙර ජාතීන් පිළිබඳ පුවත් හෙළිදරව් කිරීම. එම ජාතීන්ගෙන් බොහොමයක් ඔවුන් වෙත එවන ලද අනාගතවක්තෘවරුන් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ව සතුරන් ලෙස සැලකූහ. ඔවුන්ගේ ප්‍රතික්ෂේපය නිසා සිදුවුන විනාශයන් ඉන් පසු ලොවට එන අයට පාඩම් ලෙස දක්වා ඇති බව අල්ලාහ් කුරානයේ සඳහන් කරයි.
අල් කුර්ආනය තුලින් උදාහරන සහ සාධක සහිතව පෙන්වා දෙන අධික වර්ෂාපතන, මහා ජල ගැලීම්, ගංවතුර, භූමි කම්පා, අධික හෙන හඬ, ශබ්ද තරංග, සුළිසුළං, සාගත ආදී තත්ව නිකන් අහඹු ලෙස සිදුවන්නක් නොව, ඒවා මිනිසාගේ නරක ක්‍රියා නිසා දෙවියන් විසින් ඔවුන්ට දඬුවම් ලෙස සහ අනිකුත් සමාජ වලට එයින් උගත යුතු පාඩම් ලෙස මනා සැලසුමකින් ඇති කල ඒවා බව පැහැදිලි කරයි. එම සිදුවීම් බොහොමයක් පුරාවිද්‍යා කැණීම්වලට ස්තූතිවන්ත වන්නට අපටද දැන ගැනීමට සහ දැක ගැනීමට ඇත.
බහුදේවවාදීන්, අදේවවාදීන්, ප්‍රතික්ෂේප කරන්නන්, නොහික්මුණු මිනිසුන්, පීඩාකරන්නන්, කැරලිකරුවන්. දූෂකයන් සහ ලොව පුරා සිටින දුරාචාරිකයන්, ආදී සියල්ලන්ටම හදිසියේම හා එකවර දඬුවම් නොලැබේ. අල්ලාහ්වත් ඔහුගේ අවසන් නබිවරයාවත් පිලිගන්නා මුස්ලිම් සමාජයන්ටද වරින් වර විවිධාකාරයේ දඬුවම් පහල කර ඇත. ඔවුන්ගේ හැසිරීමත් අල්ලාහ් ඉතා අවධානයෙන් යුතුව බලන අතර ඔවුන්ව දඩුවම් වලට ලක් කිරීමත් විවිධ හේතූන් නිසා සිදුවන්නකි.
සෑම මනුශ්‍යයෙකුටම හෝ ජාතියකටම කාල සීමාවක් ඇත. යම් කාල පරිච්ඡේදයකදී ජාතියක් විනාශ වීමට හේතු වන අකුසලයක් තවත් ජාතියකට අඩු හෝ වැඩි කාලයක් ලෙස ගත විය හැකිය. කෙසේ වෙතත්, ඔවුන්ගේ නියමිත කාලය ළඟා වූ විට, එය ප්‍රමාද කිරීමට හෝ ඉදිරියට ගෙන යාමට නොහැකිය. ඒවා එවෙලෙහිම විනාශ වෙනු ඇත.
සෑම ජනතාවකටම ඔවුන්ගේ විනාශය ගැන සංරක්ෂණය කරන ලද අල්ලාහ්ගේ සන්නිධානයේ ඇති 'ලහු අල් මහ්ෆූස්' නම් ඵලකයයෙහි සටහන් කර ඇත. එහි ලියා ඇති හේතු සහ කොන්දේසි වලට ළඟා වූ විට ඒවා විනාශ වේ. මෙම කාල සීමාව මිනිසුන්ට දැනගත නොහැක. එය දන්නේ අල්ලාහ් පමණි.
ජාතීන් විනාශ වන්නේ ඔවුන් කරන පීඩාකාරී සහ නරක ක්‍රියා නිසාය. ජාතියක යහපත් ලක්ෂණ ඔවුන් විසින්ම වෙනස් කරගන්නේ නම් මිස අල්ලාහ් වෙනස් නොකරයි. මිනිසුන් යහපත් ක්‍රියා කරන තාක් සුඛිත මුදිතව ජීවත් වෙති. ප්‍රජාවන්ගේ විනාශය සිදුවන්නේ ඔවුන්ගේම අකටයුතුකම්, දූෂණය, අරාජිකත්වය සහ භීෂණය වැනි නරක ක්‍රියා නිසාය.
සමහර සමාජයන්ගේ දඬුවම් සමග එහි සිටි යහපත් මිනිසුන් ද ඒවාට හසුවී මිය යන්නේ ඔවුන්ගේ මෙලොව කාලය අවසන් වූ බැවිනි. මරනින් මතු ඔවුන් ජයග්‍රාහකයින් වනු ඇත. කුඩා ලමුන්, මන්දබුද්දික මිනිසුන් ආදිය වැරදිකරුවන් ලෙස නොවෙයි මිය යන්නේ. ඔවුන්ගේ මරනින් මතු තත්වය වැරදි කරුවන්ට වඩා වෙනස් ය.
යම් සමාජයක දුරාචාරය, අයුක්තිය, පීඩාව, අයහපත් ක්‍රියා වැඩි වුණොත් ඒවා වළක්වන්න කවුරුවත් උත්සාහ කරන්නේ නැත්නම් ඒ සමාජයට දඬුවම් කර විනාශ කරයි. අල්ලාහ් ඔවුන් වෙනුවට වෙනත් සමාජයක් පත් කරයි. මෙම කාරණය අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ.
අපරාධකාරයින් වාසයකල කොපමනදෝ රටවල් අපි විනාශකර, සුණුවිසුණු කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු (ඒ ස්ථානයන්හී ) වෙනත් ජනතාවන් උත්පාදනය කළෙමු. (අල් කුර්ආන් 21;11).
බොහෝ ජාතීන් ජීවත් වූ අතර මිය ගියේය. ඒ ජාතීන් නොනැසී සිටියේ ඇයි? ඒවා විනාශ කළේ ඇයි? අල් කුර්ආනයට අනුව, සමහර ජාතීන් දරිද්‍රතාවයෙන් හා දුෂ්කරතාවලින් පෙළෙන විට විනාශ වූ අතර තවත් සමහරක් සුබසාධනයෙන් සහ ධනවත්ව සිටියදී සිටියදී විනාශ විය.
අල් කුර්ආනය අපට පවසන පරිදි, මිනිසුන්ට මග පෙන්වීම සඳහා අල්ලාහ් සියලු ජාතීන්ට අනාගතවක්තෘවරුන් එවා ඇත. අනාගතවක්තෘවරු ඔවුන්ව අල්ලාහ්ව විශ්වාස කිරීමට සහ කීකරුකමට කැඳවූ අතර දුෂ්ටකම, පීඩාවන් සහ කැරැල්ල අත්හරින්නැයි ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අනාගතවක්තෘවරුන්ගේ කැඳවීම පිළි නොගත් අතර ඒවා ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ට වධ දී මරා දැමූහ. අල්ලාහ් එම ජාතීන්ට කිහිප වතාවක්ම අවවාද කළ නමුත් ඔවුන් තමන්ව පිළිසකර කර නොගත් නිසා ඔහු ඔවුන්ව විනාශ කළේය. මෙම කාරණය අල් කුර්ආනයේ (අල් අන්ආම්,6/6, 6/44) සඳහන් වේ.
ඉහත වාක්‍යවල සඳහන් වන්නේ අල්ලාහ් පෙර ජාතීන් ඔවුන්ගේ පව් නිසා විනාශ කළ බවත් ඔවුන් ආර්ථික හා තාක්‍ෂණික වශයෙන් දියුණු වුවද විනාශයෙන් ගැලවීමට නොහැකි වූ බවත්ය. එම විනාශ වූ ජාතීන් වෙනුවට අල්ලාහ් නව ජාතීන් නිර්මාණය කළේය.
විනාශ වූ ජාතීන්ගේ ප්‍රධාන පාප වන්නේ ඔවුන්ව විශ්වාස කිරීමට, කීකරු වීමට සහ අවංක වීමට කැඳවූ අනාගතවක්තෘවරුන්ට එරෙහිව කැරලි ගැසීම සහ ඔවුන්ගේ දෙවියන්ව සහ අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කිරීමයි.
අල් කුර්ආනයේ වැදගත් කොටසක් ලෙස පෙර ජාතීන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ කථා සහ ජීවිත වලින් උදාහරණ ලබා දෙයි. මේ කථා ඉදිරිපත් කරන්නේ කියවන්නට පමණක් නොව, මිනිසුන්ට ඒවායින් පාඩම් ඉගෙන ගැනීමටය. මෙම කථා වැදගත් පාඩම් උපදෙස් වලින් පිරී ඇත. ඒ නිසා අපි ඒ පද හොඳින් කියවා ඒවායින් හොඳ පාඩම් ඉගෙන ගත යුතුයි. ඉතිහාසයේ සිදුව ඇති මෙම සත්‍ය උදාහරණ ලෙසටම නොවෙද අදත් අපට සොභාවික විපත් සිදුවන්නේ යැයි ඔබට හොදින් වැටහෙයි.
දැන් අපි බලමු පෙර ඉකුත් වූ සමහර ජාතීන් විනාශ වීමට බලපෑ හේතු.
නූහ් නබිවරයාගේ ජන සමාජය
(අධික වර්ශාවෙන්, මහා ජල ගැලීමෙන් ඔවුන්ව විනාශ කර දැමීය)
පෘථිවිය මත වූ පලමු මිනිසා වන ආදම් (عَلَيْهِ ٱلسَّلَامُ) ගෙන් මනුෂ්‍ය සංඛ්‍යාව වැඩි විය. කල් යන විට ඔවුන් පෘථිවියේ නගර කිහිපයක් ගොඩනඟා ගත් නමුත් ඔවුන් සැබෑ ආගමෙන් බැහැර වී පිළිම වන්දනා කිරීමට පටන් ගත්හ. අල්ලාහ් මිනිසුන්ට අනාගතවක්තෘවරයෙකු ලෙස නූහ් නබිවරයාව එවන ලදී. නමුත් ඔවුන් ඔහුගේ උපදෙස් පිළිගත්තේ නැත. ඔව්හු ඔහුට සමච්චල් කළහ. ඔහු වසර 950 ක ආසන්න කාලයක් ඔවුන්ට සත්‍ය පහදා දෙන්න උත්සහ දැරීය. ඵලක් නොවීය. නූහ් නබිවරයා තම ජාතියේ විශ්වාසය අත්හැර දැමූ අතර අවසානයේ ඔවුන්ව විනාශ කරන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේය. අල්ලාහ් ඔහුට නැවක් තැනීමටත් ඇදහිලිවන්තයන් හා එක් එක් සත්ත්ව විශේෂයේ යුගලයන් නැව්ගත කිරීමටත් නියෝග කළේය. ඉන් පසු අහසින් අධික වර්ශාව සහ භූමියෙහි උල්පත් විවරකරමින් මහා ගංවතුරක් එවා මහ පොළොව යට කර දැමීය. විශ්වාස නොකළ අය දියේ ගිලී විනාශ විය.
නූහ් නබිවරයා ගේ ජාතිය විනාශ වූයේ ඔවුන් අල්ලාහ්ට සහ ඔහුගේ අනාගතවක්තෘවරයාට විරුද්ධව කැරලි ගැසූ නිසාත්, ඔවුන් අවිශ්වාසයට සහ පාපවලට යොමු වූ නිසාත් ය.
නූහ් නබිවරයා ගැන සහ මහා ජල ගැල්ම සම්බන්ධ සියලුම කුරාන් ආයත් මෙතැනින් කියවන්න - Link
ආද් ජනයා - හූද් නබිවරයාගේ ජනතාව
(අධික සුලි සුළඟින් ඔවුන්ව විනාශ කර දැමීය)
අල්ලාහ් විසින් යේමනයේ විසූ ආද් ජනයාට අනාගතවක්තෘවරයෙකු ලෙස හූද් (عَلَيْهِ ٱلسَّلَامُ) නබිවරයාව එවන ලදී. ආද් ජාතියට බොහෝ වරප්‍රසාද තිබුණි. ඔවුන් විචිත්‍රවත් ගොඩනැගිලි ඉදි කළහ. හූද් නබිවරයා බහුදේවවාදය අනුගමනය කල සහ අල්ලාහ්ව අවිශ්වාස කළ ආද් ජාතියට අල්ලාහ්ව විශ්වාස කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඔවුන් තමා වෙත ආ අල්ලාහ්ගේ පණිවුඩකරුවා ව නොසලකා හැර පාපයන්ගේ ගැලී සිටි නිසා දැඩි සුළඟකින් විනාශ වී ගියේය.
අල්ලාහ් ඔවුන්ට දුන් වරප්‍රසාද නොතකා ඔවුන් කෘතවේදීත්වය නොදැක්වීම නිසාත්, ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සහ කැරලි ගැසීම නිසාත් එම ආද් ජාතිය විනාශ විය.
හූද් නබිවරයා ගැන සහ ආද් ජනයා ගේ විනාශය සම්බන්ධ සියලුම කුරාන් ආයත් මෙතැනින් කියවන්න - Link
සමූද් ජාතිය - සාලිහ් නබිවරයාගේ ජනතාව
(අධික ශබ්ද තරංග මගින් ඔවුන්ව විනාශ කර දැමීය)
ආද් ජාතියේ විනාශයෙන් පසු, සමූද් ජාතිය හිජ්ර් කලාපයේ ජීවත් විය. සමූද් ජාතියටද බොහෝ වරප්‍රසාද තිබුණි. ඔවුන් කඳු සහ ගල් කැටයම් කිරීමෙන්ද, ගිම්හාන සහ ශීත කාල වලට සරිලන ආකාරයට ශක්තිමත් නිවාසද ඉදි කළහ. ඔවුන් බහුල ලෙස හා සුභසාධනයෙන් දිගු කලක් ජීවත් වූහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් යහමග හැර ගොස් හිත් උදුම්මාගත් ජාතියක් බවට පත් විය. අල්ලාහ්ට සමානයන් තැබීය.
අල්ලාහ් විසින් ඔවුන් වෙත සාලිහ් (عَلَيْهِ ٱلسَّلَامُ) නබිවරයාව අනාගතවක්තෘවරයෙකු ලෙස යවා අල්ලාහ්ව විශ්වාස කිරීමට, නමස්කාර කිරීමට සහ කීකරු වීමට උපදෙස් ලබා දුන්නාහ. අල්ලාහ් ඔවුන්ට හාස්කම් පෙන්වීය. කෙසේ වෙතත්, සමූද් ජාතිය අල්ලාහ් ට හෝ නබිවරයාට කීකරු නොවීය. ඔව්හු ප්‍රතික්ෂේප කරන්නන් ලෙසම සිටියේය. ඔවුන්ට ප්‍රාතිහාර්යයක් ලෙස ලබා දුන් ගැහැණු ඔටුවාව මරා දැමීය. එවිට, සාලිහ් නබිවරයාව සහ ඔහුව විශ්වාස කළ අය හැර, සමූද් ජාතියේ සියලු දෙනා අධික ශබ්ද තරංග මගින් විනාශ විය.
සාලීහ් නබිවරයා ගැන සහ සමූද් ජනයා ගේ විනාශය සම්බන්ධ සියලුම කුරාන් ආයත් මෙතැනින් කියවන්න - Link
ලූත් (عَلَيْهِ ٱلسَّلَامُ) නබිවරයාගේ සමාජය
(අධික භූමිකම්පාවෙන් ඔවුන්ව විනාශ කර දැමීය)
දෙවියන්ව සහ ඔහුගේ දූතවරයාව ප්‍රතික්ෂේප කල මෙම ජනතාව තවත් නොහොබිනා වැඩක් කලේය. එනම් තම ලිංගික ආශාවන් සදහා පිරිමි- පිරිමි වෙත ගියේය. මෙයත් නතර කරන ලෙස ඔවුන්ට අවවාද කලේය. ඔවුන් පිළිසකර උනේ නැත. එනිසා ඔවුන් සිටි නගරය පොලොව උස්සා ආපහු පොලොවෙ ගැසුවාක් මෙන් සිදු කෙරිනි. එසේ ඔවුන් විනාශ විය.
ලූත් නබිවරයා ගැන සහ ඔහුගේ ජනයා ගේ විනාශය සම්බන්ධ සියලුම කුරාන් ආයත් මෙතැනින් කියවන්න - Link
පාරාවෝ (ෆිර්අවුන්) සහ ඔහුව අනුගමනය කළ අය
(මුහුදු රළට යට වීමට සලස්වා ඔවුන්ව විනාශ කර දැමීය)
විනාශ වූ බවට සඳහන් වන තවත් ජාතියක් වන්නේ පාරාවෝ සහ ඔවුන් අනුගමනය කළ අයයි. පාරාවෝ යනු පුරාණ ඊජිප්තුවේ රජවරුන්ට දුන් නමකි. පාරාවෝවරු ඊශ්‍රායෙල් දරුවන්ට වහලුන් මෙන් දුෂ්කර රැකියා කිරීමට බල කළහ. ඊජිප්තුවේ ස්වදේශිකයන් වන පාරාවෝවරුන් සහ බහුදේවවාදීන් විසින් ඔවුන්ට කිරීමට බල කරන ලද දුෂ්කර රැකියාවලින් වෙහෙසට පත් වූ ඊශ්‍රායෙල් දරුවන්ට තම මුතුන් මිත්තන්ගේ දේශය වන කානන් (පලස්තීනය) වෙත ආපසු යාමට අවශ්‍ය විය. කෙසේ වෙතත්, පාරාවෝගෙන් මිදීමට නොහැකි වූ නිසා ඔවුන්ට එය කළ නොහැකි විය. වරක්, අනාවැකි කියන්නෙකු පාරාවෝට (ෆිර්අවුන්ට) පැවසුවේ ඊශ්‍රායෙල් දරුවන්ගෙන් දරුවෙකු ඉපදීමට යන බවත්, දරුවා ෆිර්අවුන්ව නෙරපා හරින බවත්ය. ඉන්පසුව, ෆිර්අවුන් ඊශ්‍රායෙල් දරුවන්ගේ උපත ලැබූ සියලුම පිරිමි දරුවන් මරා දැමීමට පටන් ගත්තේය. මූසා (මෝසෙස්) උපත ලැබුවේ එම අවස්ථාවේදීය.
කුරානයට අනුව මූසා (عَلَيْهِ ٱلسَّلَامُ) පාරාවෝ (ෆිර්අවුන්) ගෙන් මිදුණු අතර ඔහුගේම මව විසින් ෆිර්අවුන්ගේ මාලිගාවේ හැදී වැඩුණි. මූසා ෆිර්අවුන් සහ ඔහුගේ අනුගාමිකයන්ව ඒකීයභාවය පිළිබඳ විශ්වාසයට කැඳවූ නමුත් ෆිර්අවුන් විශ්වාස කළේ නැත. ඔහු දෙවියෙකු බව පවා කියා සිටියේය. අවසානයේදී නබි මූසා(عَلَيْهِ ٱلسَّلَامُ)ව සහ ඔහුගේ විශ්වාසවන්තය්න්ව මැරීමට පැමිණි ඔහු, ඔහුගේ සොල්දාදුවන් සමඟ මුහුදේ ගිලී මිය ගියේය.
විනාශ කල නගරක් ලෙස ඉරම් නැමති නගරයක් ගැනද කුරානයෙහි සදහන් වේ.
කුරුළු සමූහයක් යවා ඇත් සේනාවක් විනාශ කල ඉතිහාසයක් ගැනද එහි සදහන් වේ,
මහා වැස්සක පෙර නිමිති පහල කර එය වැස්සක් බවට පත් නොකර අවසන් මොහොතේ යූනුස් නබිවරයාගේ සමාජය විනාශ නොකර අත් හැර දැමූ කතාවක් ද එහි සදහන්,
මූසා නබිවරයාගේ කාලයේ සමහර සමාජ වලට සාගත ඇති කර, පළඟැටියන් ගෙන් කරදර ඇතිකර, උකුණන් ගෙන් පීඩා කර ආදී ලෙස පීඩාවන් දී දඩුවම් කල බව ද එහි සදහන් ය.
ඔවුන් පීඩාවට, විනාශයට ලක්වූ ප්‍රදේශ වෙත ගොස් එහි සත්යතාවය දෑසින්ම බලා ගන්නා ලෙසටද තව දුරටත් සදහන් කර ඇත.
ඉහත කුරානය තුලින් ගෙන දුන් උදාහරණ වලට අමතරව තව බොහෝ ජාතීන් විනාශ වූ බව එහි සඳහන්. ඔවුන් විනාශ වීමට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ගේ ප්‍රතික්ෂේපය සහ නපුරු ක්‍රියාවන්ය.
මෑත කාලයේ ස්වභාවය කෙසේද? මිනිසුන් තම නිර්මාතෘ වන දෙවියන් විසින් එවන ලද පණිවිඩය නිසි පරිදි ග්‍රහණය කරගෙන නිසි පරිදි ජීවත් වෙනවද?
ඇත්ත වශයෙන්ම මිනිසුන්ගෙන් ඉතාම සුලු පිරිසක් හැර බහුතරයක් තනිකරම ඉන්නේ දෙවියන්වත් ඔහුගේ නබිවරයාවත් ප්‍රතික්ෂේප කරමින් සහ දෙවියන් විසින් මිනිසාට නොකල යුතු යැයි අවධාරණයෙන් අවධානය කල කටයුතු වල නියැලෙමිනි.
පහත කරුණු දෙස මදක් සිත යොමන්න.
තම තමන් ගේ විශ්වාසයන්ට අනුව තමන් අදහන දේ නිවැරදි යැයි සිතමින් මිනිසුන් ඉන්නවා.
එහෙත් තමන්ගේ නිර්මාතෘ දෙවියන් නම්, මිනිසුන් තමන්ගෙ නිර්මාතෘ ගේ උපදෙස් පිළිපදිනවාද ?
දෙවියන්ගේ පණිවිඩ වලට අනුව ඔහු විසින් අනාගතවක්තෘවරුන් බොහෝමයක් එවා ඇත. ඒ ඒ සමාජ තමාගේ කාලයේ පහල වූ වක්තෘවරයා ව අනුගමනය කල යුතුය.
යුදෙව්වරුන්, ක්‍රිස්තියානිවරුන්, හින්දූන්, බෞද්ධයන්, ආගමක් අදහන්නේ නැති මිනිසුන් ආදී කිසිවෙක් දෙවියන් විසින් අවසන්වරට එවූ තමාගේ කාලයට වලංගු නබිවරයාවත් ඔහු ලොවට කියවා හෙලි කල අවසන් පණිවිඩය වන කුරානයත් අනුගමනය කරන්නේ නැත.
අවසන් පණිවිඩය නිසි ලෙස ලැබුනු මුස්ලිම් ජනයාත් තම යුතුකම් හරියට ඉටු කරනවාද? නැහැ, අද මුස්ලිම් සමාජයත් එකිනෙකා අතර බෙදීම් ඇතිකරගෙන, සමහරු ලෝකෙ උසම බිල්ඩිම හදන්න පොරකනවා දෙවියන්ගෙ පනිවිඩය නිසි ලෙස ලොවට බෙදා දීමේ තම පරම යුතුකමත්-වගකීමත් ටික ටික අමතක කරනව. බොහෝ මුස්ලිම් වරුන් ඌරුමස් නොකා ඉන්න දක්වන උනන්දුව-ප්‍රමුකතාවය තම අනිත් වගකීම් සහ යුතුකම් වලට ලබා දෙන්නෙ නෑ. සමහරු අල්ලාහ් පෙන්වා දුන් පරලොවට වඩා මෙලොව ස්වර්ගය කරගෙන ඉන්නවා, නිසි පරිදි සකාත් ගෙවන්නෙත් නෑ, නිසි පරිදි සලාත් කරන්නෙත් නෑ.
වංචා දූශන වලින් සමාජය පිරිලා. මිනිසුන් ට නියම දහම මොකක්ද කියලවත් හොයන්න බලන්න වෙලාවක් නෑ. මංමුලාවෙලා. විවිධ ආගම් අලංකාරවත් කරගෙන අදහනව. විවිධ දෙවිවරු ලෙස මනඃකල්පිත කරගත් දෑ නමදිනව. එක පැත්තකින් අභයාවකාශයට රොකට් යවන කෙනාම අනිත් පැත්ත හැරිල හරකට නමදිනව, පුරුශලින්ගයට නමදිනවා. සමහරු ජේසු තුමාව විශ්වයේ මැවුම්කරු කරගෙන ඔහුව දෙවියන් ලෙස නමදිනවා. සමහරු නිර්මාණ සංකල්පය ගැන දැනගැනීම පවා ප්‍රයෝජනවත් නැහැ කියමින් එය අතහැර එක එක ආකාරයේ සාස්තෘන් වහන්සේලාව අනුගමනය කරනවා.
ඉතිං, සොභාවික විපත්, යුද්ධ, කරදර ඉවරයක් නැහැ කියමින් පසු තැවෙනවා, අල්ලාහ් ඔවුන්ව විවිධ ආකාර වලින් දඩුවම්වලට යට කරනවා. සොභාවික විපත් ලෙසින් හෝ මිනිසුන් මිනිසුන්වම මරා ගනිමින් ඔවුන් ඔවුන්ටම අවාසනාව ලගා කර ගන්නවා.
දෙවියන්ගේ උපදෙස් පිලි නොපදිනා නිසා, බලන්න මෑත කාලයේ සිදුවී ඇති විනාශවල තරම. මිලියන ගනන් වලින් මිනිසුන් මිය යන්නෙ. වෙන මොකුත් නිසා නොවෙයි, මිනිසුන් සත්යට දුරයි. දෙවියන් ඉතිහාසයේ කල දේම වර්තමානයටත් වෙන්න ඉඩ හැර ඇති බවයි පෙනෙන්න තියෙන්නෙ.
මෑත කාලයේ සිදුවූ මිනිස් සංහාරයන්ගේ ලැයිස්තු 2 ක් පහතින් අමූණා ඇත. බලන්න එම මිය ගිය සමාජ තම නිර්මාතෘගේ උපදෙස්වලට කොතරම් දුරින් සිටි අයද කියා.
දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි.
දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු
දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)
දෙවියන්ගේ නිර්මාණ: නිරයන් (අපායන්)
දෙවියන්ගේ නිර්මාණ: විශ්මිත රූප එකතුවක්
ශුද්ධවූ අල් කුරාන් හි සඳහන් නබිවරුන් (25 දෙනෙකුගේ ) ගේ පරම්පරාව
සොබාදහම ගැන දෙවියන් ගේ වදන්.....
සුලඟ සම්බන්ධව සඳහන් කුරාන් වැකි
වර්ශාව සම්බන්ධව සඳහන් කුරාන් වැකි
භූමිකම්පා සම්බන්ධව සඳහන් කුරාන් වැකි
මුහුද සම්බන්ධව සඳහන් කුරාන් වැකි
අහස සම්බන්ධව සඳහන් කුරාන් වැකි
ගංවතුර සම්බන්ධව සඳහන් කුරාන් වැකි
ශබ්දය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
සාගත සම්බන්ධව සඳහන් කුරාන් වැකි
අනතුරු හැඟවීම සම්බන්ධව සඳහන් කුරාන් වැකි
නබිවරු සම්බන්ධව සඳහන් කුරාන් වැකි
කඳු සම්බන්ධව සඳහන් කුරාන් වැකි
දෙවියන්ගේ නිර්මාණ සම්බන්ධව සඳහන් කුරාන් වැකි
සතුන් සම්බන්ධව සඳහන් කුරාන් වැකි
පළතුරු සම්බන්ධව සඳහන් කුරාන් වැකි
යුද්ධ/සටන් සම්බන්ධව සඳහන් කුරාන් වැකි
මනුෂ්යයා, ශරීරය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
ආත්මය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
මරණය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
මරණින් මතු තත්වය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
ස්වර්ගය සම්බන්ධව සඳහන් කුරාන් වැකි
අපාය සම්බන්ධව සඳහන් කුරාන් වැකි