Welcome Desk for New Muslims
නවක මුස්ලිම්වරු සුහදව පිලිගැනීම
- නවක මුස්ලිම්වරුන්ව සාදරයෙන් පිලිගන්නා මධ්‍යස්ථානයක අවශ්‍යයතාවය කුමක් ද?
- ශ්‍රී ලංකාවේ තවත් එවන් මධ්‍යස්ථාන නැද්ද?
- SRMI center හි විශේෂත්වය කුමක්ද?
අද වන විට ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ඉස්ලාම් ආගම වැළඳ ගන්නා ජනතාව අතර, ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් ද අපට දක්නට ලැබේ. ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්හි සිට ඉස්ලාම් ආගම වැළඳ ගන්නා ශ්‍රී ලාංකිකයන් තනි තනිව ගත් විට සාමාන්‍යයෙන් මුහුණ දෙන ක්ෂණික ගැටළු කිහිපයක් පහත දැක්වේ.
- මම ඉස්ලාම් දහම පිලිබදව අධ්‍යයනය ආරම්භ කරන්නේ කෙසේද?
- ඒ සදහා සුදුසු පොත් පත්, සුදුසු පුද්ගලයන්, සුදුසු පාසලක් සොයා ගන්නේ කෙසේද?
- ඉස්ලාම් ආගම වැළඳ ගැනීමෙන් පසු මා මුහුණ දුන් සහ මුහුණ දෙන ගැටළු පිළිබඳව මා සාකච්ඡා කළ යුත්තේ කා සමඟද?
- මගේ පවුලේ අයට තමාගේ නව ඇදහීම ගැන, මෙම දහම ගැන පහදා දීමට උදව් ඉල්ලන්නේ කාගෙන්ද?
මෙහිදී ඔවුන් නිරායාසයෙන්ම කරනුයේ හෝ ඔවුනට කරන්නට සිදුවන්නේ,
- මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් හෝ ඉස්ලාමීය මධ්‍යස්ථාන ලෙස ලේබල් කර ඇති ඕනෑම මධ්‍යස්ථානයක් වෙත පිය මැනීම,
- තමා නොදන්නා අන්තර්ජාලය තුල සැරිසැරීම,
- එසේත් නැත්නම් අතට අහුවන ඉස්ලාමීය පොත් පත් කියවීම,
- එසේත් නැතිනම් මෙම කාරනාව කල් දැමීම හෝ එයට නැවතීමේ තිත තැබීමය. මේ සැම කාරනාවක් තුලම අවදානමක් ඇති බව SRMIC හි අපි වටහා ගෙන ඇත්තෙමු.
නවක මුස්ලිමෙකු වූ ඔබ මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න.
- ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුලද ඉස්ලාම් දහමේ කරුනු නිසි පරිදි අවභෝද කර නොගෙන, එහෙත් තමන් නිවැරදියි කියමින් හැසිරෙන (ඇතැම් විට යම් යම් සමාජ පමනක් පිලිගත්, එහෙත් ඉස්ලාමීය උගතුන් ලෙස පෙනෙන) මුස්ලිම් අයද, නිසි දැනුම නැති වූ බොහෝ මුස්ලිම්වරුද ඇත.
- නිසි කළමනාකරනයක් නැති, ඉස්ලාම් උගැන්වීම් වලට බැහැරින් යන විවිධ අරමුණු වෙනුවෙන් ගොඩනගා ගත් ඉස්ලාමීය සංවිධානද අද සමාජය තුල නැතුවා නොවේ.
- ඉස්ලාමයට පිටින් යන "බිදාත්' වල යෙදෙන බොහෝ පිරිස් වලින් සැදුම් ලත් විවිධ නම් වලින් සාදාගත් "ජමාත්" වලද අඩුවක් නැත.
- සැබෑ වශයෙන්ම නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් කටයුතු කිරීමට වෙලාවක් නැති සහ (හෝ) උවමනාවක් නැති ඉස්ලාමීය සංවිධානද ඔබටද හමුවිය හැක.
- ඔබට උදව් කිරීමට මෙන් පැමිණ ඔබගේ තොරතුරු උපයෝගී කරගෙන ඔබට විවිද බලාපොරොත්තු දී, විවිධ පොරොන්දු දී ඔබට සුළු උදව්වක් කර හෝ නොකර
තමන්ගේ මඩිය තර කරගන්න කටයුතු කරන වංචාකාර මිනිසුන්ද ඔබට මුණගැසිය හැක.
- ආගම වෙනස්කිරීම නිසා තම පව්ල්වලින් පීඩනවලට, හින්සනවලට නතුවන කාන්තාවන්ව රැවටීම් වලට ලක් කරන මිනිසුන්ද විශේෂයෙන්ම වයසක පිරිමින්ද ඔබට හමුවිය හැක. ඔබගේ අසරණභාවයෙන් සමහරු අයුතු ප්‍රයෝජන ලබාගැනීමටද ඉඩ ඇත.
ඔය අතර බොහෝම වටිනා, සුහදශීලී මෙන්ම දහම තුල නිවරැදිව
ක්‍රියාත්මක වන ඉස්ලාමීය සංවිධානද, මුස්ලිම් විද්වතුන්ද, කුඩා කණ්ඩායම්ද, තනි තනි අය වශයෙන්ද යම් පිරිසක් ශ්‍රී ලංකාව තුල මෙන්ම ලංකාවෙන් පිටද සිටීම සතුටට කාරනාවකි.
- තවද, ඔබ ආගම වෙනස් කිරීම සහ එම ආගමට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන විට ඔබව විමර්ශනය කිරීමට පැමිණෙන වෙනත් ආයතන හේතුවෙන් ඔබට යම් පීඩනයක් එල්ල විය හැකිය. එහිදී ඔබට අසරණ බවක් දැනෙන්නටද පුළුවන.
- ඔබ ජීවත් වන පරිසරයෙන්, ඔබ සේවය කරන ආයතනයෙන් හෝ ඔබ සේවා සඳහා යන ආයතනවලින් ඔබට අනවශ්‍ය කරදරවලට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔබව නොසලකා හැරීමට, පහත් කොට සැලකීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.
නිසි වැඩපිලිවෙලක අවශ්‍යයතාව මැනවින් වටහා ගත් අපේ යුතුකම,
- ඔබ ඉස්ලාම් ආගමට හැරුණු පසු, ආගම හෝ සමාජය තුළ අනාථයෙකු වීමට ඉඩ නොදී, ඔබව නිසි ලෙස පිළිගැනීමට, ඔබේ අවශ්‍යතා තේරුම් ගැනීමට සහ අවශ්‍ය විසඳුම් ලබා දීමට SRMIC ඔබ වෙනුවෙන් කටයුතු කිරීමට උත්සහ ගනී.
මෙහි සේවය කරන කාර්ය මණ්ඩලය (ස්වේච්ඡාවෙන් සහ වැටුප් රහිතව) ඉස්ලාමය වැළඳගත් නව මුස්ලිම්වරුන් වන අතර, එබැවින් ඉස්ලාමය වැළඳ ගත් ඔබේ සිතුවිලි සහ අවශ්‍යතාද වඩා හොඳින් තේරුම් ගනී.
ඊලග පිටුව. සේවා අංක 2 ඉස්ලාමීය දැනුම, පොත් පත්..
මෙය ගැන පාඨක ඔබේ අදහස් අප වෙත දැනුම් දෙන්න.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us