
අස්සලාමුඅලෙයිකුම්! السلام عليكم
ඔබට සාමය හිමිවේවා!
අප ගැන තොරතුරු බිඳක්
මෙය ස්වේච්ඡාවෙන් ඉස්ලාමය වෙත නැවත හැරුනු ශ්‍රී ලාංකික නවක මුස්ලිම්වරුන් විසින් ඔවුන් වෙනුවෙන්ම ස්ථාපනය කල ස්වාධීන මධ්‍යස්ථානයකි.
මෙය ඔවුන්ගේ ආගමික, අධ්‍යාපනික හා සමාජ සුභ-සාධනය සඳහා ස්ථාපනයකර පවත්වාගෙන යාමට දියත් කල, ලාබ නොලබන ස්වේච්ඡා සමාජ සේවා වැඩසටහනකි.
SRMI center හි සාමාජික අයදුම්පත නිසි පරිදී සම්පුර්ණ කර ලබා දුන් අය වෙත මෙමගින් මෙහි සඳහන් (විශේෂ) සේවා පහසුකම් ලබාදීමට අප උත්සහ ගන්නෙමු.
නැවත හැරුනු මුස්ලිම්වරුන්ගේ ස්වාධීන මධ්‍යස්ථානය -(SRMI center) ආරම්භ කල අප ස්වේච්ඡාවෙන් ඉස්ලාමය වෙත නැවත හැරුනු ශ්‍රී ලාංකේය පුරවැසියන්ය.
අපගේ වර්තමාන විශ්වාසයට අනුව, අප තම මැවුම්කරුට හෙවත් දෙවියන්ට අවනත වන ස්වභාවයෙන් උපත ලබා පසුව එම තත්වයෙන් මිදී වෙනත් ඇදහිලිවල නියැලී නැවත දෙවියන් වහන්සේට හෙවත් තම නිර්මාතෘවරයාටම කීකරු වීමේ තත්වයට පැමිණි අයයි.
මෙම නැවත හැරීමත් සමග අප මුහුන පෑ ඇතැම් ප්‍රායෝගික ගැටලු මෙන්ම සමාජයේ සුලභ වූ එවන් නොයෙකුත් දුෂ්කරතාවයන්ද හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාමේදී, එවන් දුෂ්කරතාවන්ට මුහුන පාන්නට සිදුවන අපගේ අනිකුත් නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් හටද ඒවා මගහැර හෝ ඒවාට පහසුවෙන් මුහුන දිය හැකිවන ලෙසින්, ඉස්ලාම් ලෙසින් හඳුන්වන තම නිර්මාතෘ විසින් අප වෙත ලබා දී ඇති එම ජීවන සැලැස්ම තුල අවභෝදයෙන් යුතුව සහ අනවශ්‍ය අපහසුතා වලින් තොරව සැබෑ දේව භක්තිකයෙකු ලෙස ජීවත් වීමට මග පෙන්වාදෙන සහ, ශ්‍රී ලාංකික නැවත හැරුනු (නවක) මුස්ලිම්වරුන් වන අපට එකතු විය හැකි 'අපේම සංධිස්ථානයක්' ඇති කිරීමේ අරමුණ අප හට ඇතිවිය. එහි ප්‍රතිපලයක් ලෙස 2016 වසරේ මෙලෙස මෙම මධ්‍යස්ථානය ආරම්භ කළෙමු.
නවක මුස්ලිම්වරුන් සහ ඉස්ලාමය ගැන ඉගෙන ගැනීමට කැමති අය සඳහා අවශ්‍යය වන මූලික කරුණු සියල්ල මෙහි අඩංගු වේ.
ශ්‍රී ලාංකික, එහෙත් සිංහල භාෂාව කතා නොකරන නවක මුස්ලිම්වරුන් සඳහාද මෙය වඩාත් ප්‍රයෝජනවත් වන ලෙස ගොඩනැගීමට අප බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.
ඔබට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.
"දෙවියන්වහන්සේ ලෝකවාසීන් සියලු දෙනාටම හෙළි කළ පණිවිඩය අන් අය සමඟ බෙදා ගැනීම අපගේ යුතුකම හා වගකීමයි".
We are Sri Lankan citizens who have voluntarily reverted to Islam.
According to our current belief, we who were born with the nature of obeying our creator (God), later got rid of that situation and engaged in other faiths and came back to the same position of obeying God.
During this journey, we identified some practical problems that we face and various difficulties prevalent in society. Seeking answers to them, we (few) Sri Lankan reverted Muslims came forward intending to create our hub where our other new Muslim brothers and sisters facing such difficulties can face them with ease and knowledge. We started this in 2016.
In this endeavor, We hope that we as new Muslims will live as open pious people in the plan of life-Islam, which we have inherited by birth and into which we have secondarily entered.
"It contains all the basics for new Muslims and those who want to learn about Islam. Contact us if you want to know more.
We hope to build this to be more useful for new Muslims who are Sri Lankan but do not speak Sinhala.
"It is our duty and responsibility to share with others the message that God has revealed to all the inhabitants of the world".
මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us