
ඔබේ දායකත්වය
ඉස්ලාමීය දාවාහි ඔබේ දායකත්වය
Your Contribution in Islamic Da'wah
මුහම්මද් (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ: "මිනිසෙක් මිය ගිය විට, කරුණු තුනක් හැර ඔහුගේ ක්‍රියාව අවසන් වේ: ඔහු විසින් සිදුකල සදකතුල් ජාරියා හෙවත් නොනවත්වා ඉදිරියට යන පුණ්‍ය කටයුතු; ඔහු විසින් බෙදා හල ප්‍රයෝජනවත් දැනුම සහ මිය ගිය ඔහු වෙනුවෙන් යාඥා කරන ගුණවත් පරම්පරාවක්." (සහීහ් මුස්ලිම්)
Prophet Muhammad (ﷺ) said: "When a man dies, his deeds come to an end except for three things: Sadaqah Jariyah (ceaseless charity); a knowledge which is beneficial, or a virtuous descendant who prays for him (for the deceased)." (Sahih Muslim)
සෑම යුගයකම ඉස්ලාමය ව්‍යාප්ත වන්නේ නබිවරුන් හරහාය. දිව්‍ය හෙළිදරව්වන් නබිවරුන් වෙත පහළ කළ පසු එතුමන්ලා හරහා එය සමාජය වෙත ව්‍යාප්ත වෙයි.
අවසන් නබි මොහම්මද් (ﷺ) තුමා ගේ පව්ලේ උදවිය, සහාබි වරු, අන්සාරිවරු යන (අපගේ උම්මතයේ) මුල්ම පරම්පරාවේ සියල්ල නවක මුස්ලිම්වරුන්ය. එනම් ඔවුන් ඉස්ලාමය වැළදගත්තේ නබිතුමා හරහාය. ඉන්පසු ඔවුන් ඉතා වෙහෙස මහන්සි වී එය ඉදිරි පරම්පරා වෙත ලැබෙන්නට සැලැස්වීය. නබි (ﷺ) තුමාද ඇතුළුව, සහාබිවරු සහ අන්සාරීවරු ඉස්ලාමය වැළදගැනීමත් සමග ඔවුන්ට විශාල ලෙස කරදර හිරිහැර ඇතිවෙන්නට විය. සමහරුන් ජීවිතයෙන් වන්දි ගෙවීය. සමහරු වද හින්සා වලට ලක් විය. තම ගෙවල් දොරවල්, ව්‍යාපාර ආදිය අහිම කරගන්නට විය. මක්කාවේ උපන් නබි තුමා සහ ඔහුගේ මිතුරන්ට තම උපන් ගම අතැහැර මදීනාවට පලා යාමට පවා සිදු විය. නවකමුස්ලිම් වරුන්ගේ තත්වය එදා සිට අද දක්වාම අඩු වැඩි වශයෙන් එලෙසම පැවැතුණි. ඉස්ලාමය වැළද ගැනීම නිසා සමහරුන්ට එයට විරුද්ධ වූ තම ස්වාමියා අහිමි විය, සමහරුන්ට තම බිරිද අහිමි විය, දරුවන් අහිමි විය, දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් පව්ලේ නෑයන්ගෙන් මිතුරන්ගෙන් වැඩ කරන ස්ථාන වලින් වෙන් වන්නට විය. අවමානයට ලක්වන්නට විය. නිවෙස් වලින් පිට වන්නට විය, සමහරු හුදෙකලා වන්නට විය. සමහරුන්ට ඉස්ලාමය හැර යන්නටද සිදු විය.
මෙය අලුත් කාරණාවක් නොවෙයි. ඉතිහාසයේ සිටම පැවත එන දෙයකි. මිනිසාගේ නිර්මාතෘ මේ බව ඉතා හොඳින් දනී. එනිසා ඔහු නවක මුස්ලිම්වරුන්ව එම පීඩනය තුලම සිටින්නට අතහැර දමා නැත. ඔවුන් වෙනුවෙන් ඉතාම උචිත වැඩපිළිවෙලක් උගන්වා දී තිබේ. එම වැඩපිළිවෙල නිසි පරිදි ඉටු කිරීමට මුස්ලිම් සමාජය කටයුතු කරන්නේ නම් නවක මුස්ලිම්වරුන්ගේ බොහෝමයක් ගැටළු වලට ඔවුන්ට සාර්ථකව මුහුන දීමට හැකිවනු ඇත.
අල්ලාහ් නවක මුස්ලිම්වරුන්ට උපදෙස් දී නැහැ අන් අයගෙන් උදව් ඉල්ලා තම ගැටළු නිරාකරනය කර ගන්නා ලෙස. එනිසා නවක මුස්ලිම්වරු උදව් ඉල්ලා අතපාන ජන කොටසක් නොවේ. ඔවුන් කල යුත්තේ තම නව ඇදහිල්ල තුල ඉවසීමෙන් කටයුතු කිරීමය. නමුත් ඔහු වටා සිටින මුස්ලිම් සමාජයට ඔවුන් ගැන වගකීම භාර දී ඇත. එය සකාත් නම් අනිවාර්‍යය බද්ද තුලටම එකතු කර ඇත. සකාත් ගෙවීමට සුදුසුකම් ලබන සෑම මුස්ලිම්වරයෙකුම අනිවාර්‍යායෙන්ම සෑම වසරක් තුලදීම තම වත්කම් ආදියෙන් ගනන් බලා එයින් 2.5% ක් ගෙවිය යුතුය. එය නිසි පරිදි එකතු කර නිසි පරිදි බෙදා දීමටද කටයුතු කළ යුතුය. එම සකාත් කොටස් අටකට බෙදී යන ලෙස වියදම් කළ යුතු බව පෙන්වා දී ඇත. ඉන් එක කොටසක් ලෙස ඉස්ලාමයට අලුතින් සිත ඇදී ගියවුන් වන නවක මුස්ලිම්වරුන් ඇතුලත්ය. මෙම අල්ලාහ්ගේ නියෝගය නිසි පරිදි ඉටු කිරීමට මුස්ලිම් සමාජය කටයුතු කරන්නේ නම් අල්ලාහ්ගේ දහම වේගවත් ලෙස ලොව පුරා ව්‍යාප්ත වනු නියතය. ඉස්ලාමය ට පිටින් සිට මිය යන අයගේ තත්වය හොඳින් දන්නා මුස්ලිම්වරු නොපමාව තම වගකීම ඉටු කළ යුතුව ඇත. සකාත් වලට අමතරව කැමැති අයට සදකා ලෙසද තම යුතුකම් ඉටුකළ හැක.
අපගේ යෝජනාව නම් සෑම නවක මුස්ලිම්වරයෙකුම තමන්ගේ ස්ථිර පදිංචි ප්‍රදේශයේ ඇති ජුම්මා මස්ජිදයේ ලියා පදිංචි විය යුතුය. නමුත් සමහර නවක මුස්ලිම්වරුන්ට තම ස්ථිර පදිංචි ගමෙහි සිටීම අපහසු විය හැක. එම හේතුවෙන් තාවකාලිකව හෝ වෙනත් ප්‍රදේශයක පදිංචි වී සිටිනවා නම් ඔහු හෝ ඇය එම ප්‍රදේශයේ පිහිටි ජුම්මා මස්ජිදයට ඒ බව දැනුම් දී එහිත් තමා එහි සිටින තාක් කල් ලියාපදිංචි වී සිටිය යුතුයි. ඒ බව තමන්ගේ ස්ථිර පදිංචි ප්‍රදේශයේ මස්ජිදයටත් දැනුම් දිය යුතුය. නවකමුස්ලිම්වරයාගේ අවශ්‍යතාවය මත SRMI Center අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමට ඉදිරිපත් වේ.
නවකමුස්ලිම්වරයා ප්‍රායෝගිකව ජීවත්ව සිටින ප්‍රදේශයේ ජුම්මා මස්ජිදය මූලිකව ඔහු හෝ ඇයගේ වගකීම භාර ගැනීමට අප යෝජනා කරන්නෙමු. එම ප්‍රදේශයේ සකාත් එකතු කරන මධ්‍යාස්ථානය හරහා ඔහු හෝ ඇය වෙනුවෙන් අවශ්‍යාතා සපුරාලීමට කටයුතු කල හැකිය. එසේම සදකා එකතු කරන අයටද මෙයට සම්බන්ධ විය හැකිය.
එම ප්‍රදේශවල ජුම්මා මස්ජිදය සහ සකාත් එකතුකරන මධ්‍යස්ථානයට තම ප්‍රදේශයේ සිටින අවශ්‍යතාවය ඇති නවක මුස්ලිම්වරුන්ට සහය දැක්වීමට ඒ සඳහා අමතර සහයක් අවශ්‍යය නම් ඔවුන්ට අවස්ථාව තිබෙනවා දාවා වෙනුවෙන් කටයුතු කරන වෙනත් මධ්‍යාස්ථාන සමගත් එක්ව කටයුතු කිරීමට.
නවක මුස්ලිම්වරුන්ගේ මධ්‍යාස්ථානයේ සුභසාධනය වෙනුවෙන් හෝ තෝරාගත් නවකමුස්ලිම්වරයන්ගේ සුභසාධන කටයුතු SRMI center හරහා කිරීමට අදහස් කර ඒ වෙනුවෙන් සකාත් හෝ සදකා වෙන් කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ බව අප වෙත දැනුම් දෙන්න.
SRMIC මධ්‍යස්ථානය ද්‍රව්‍යය සහ මූල්‍ය කළමණාකරන කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් මහත් වගකීමක් දරයි. SRMIC වෙත ඔබ දක්වන දායකත්වය ඵලදායී ලෙස භාවිතා කරන අතර ඒවා සුදුසු ප්‍රතිලාභීන් වෙත ළඟා වන බවට සහතික වේ.
සියලුම ව්‍යාපෘතිවල පරිපාලන වියදම් SRMIC හි ප්‍රධාන පුද්ගලයින් විසින් ආවරණය කරනු ලැබේ.
The SRMIC Center bears great responsibility for the efficiency, transparency, and accountability of its material and financial management. Your contributions towards SRMIC are productively utilized and ensure that they reach the suitable beneficiaries.
Administrative costs of all projects are covered by the KEY PERSONS of SRMIC.
SRMIC සේවා-පහසුකම්