
උත්සව සමය සහ නවක මුස්ලිම්වරු

ඉස්ලාමීය පවුල්වල උපත ලැබූ මුස්ලිම්වරුන්ට ඉස්ලාමිය උත්සව සමය තුල නවක මුස්ලිම්වරයෙකු විසින් දෙන ලද පණිවිඩයකි.
ඉස්ලාමීය පවුල්වල උපත ලැබූ ආදරණීය මුස්ලිම්වරුනි,
ඉස්ලාමිය ප්‍රජාව තුළ සිටින නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් ඉදිරිපත් කරන මගේ කෙටි පණිවිඩය කියවීමට කරුණාකර මොහොතක් ගතකරන්න.
මුස්ලිම් පව්ලක උපත නොලැබ එහෙත් ස්ව කැමැත්තෙන්ම ජීවන මාර්ගය ලෙස ඉස්ලාමය තෝරාගෙන සිටින අයෙකු ගැන ඔබ දන්නේ නම්, රාමදාන් සමයේ ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහ සහ ඊද් උත්සව වලට ඔවුන්ට ආරාධනා කරන්න.
රාමදාන් සහ ඊද් උත්සව ඔබලාට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවන් උනත්, බොහෝ නවක මුස්ලිම්වරුන් සඳහා එය තනිකම සහ වඩාත් මානසික අවපාත (depressing) සහිත කාලයකි. එයට ප්‍රධාන හේතුව නම් අපගේ නව ඇදහිල්ල තේරුම් ගැනීමට, සහයෝගය දැක්වීමට, ධෛර්යමත් කිරීමට හෝ ප්‍රීතිමත් වීමට අපට පවුලක් සහ මිතුරන් නොමැති කමයි.
උපවාසය ආරම්භ කිරීමට පෙර සහූර් සඳහා අපව අවදි කිරීමට අපට මුස්ලිම් පවුලක් නොමැත. එබැවින් අප තනිව නැගිට තනිව සහූර් ආහාරය ලබාගෙන තනිවම අපගේ උපවාසය ආරම්භ කරන්නෙමු.
බොහෝ විට අප මස්ජිද වලට ඈතින් ජීවත්වන්නන් ලෙස සිටින අය නිසා ෆජර් සහ අනිකුත් සලාතයන්ද අප තනිවම කරගන්නෙමු. බොහෝ විට අපගෙන් සමහරුන්ට අදාන් හඩ පවා කලාතුරකින් ඇසෙන්නේ අවශ්‍යයතාවයකට ඔවුන් මග තොට යන විටකදීය. සමහර විට කාගේ හෝ මුවින් අස්සලාමු අලෙයිකුම් යන්න පවා ඇසීමට ඔවුන්ට කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.
අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීමේ අරමුණින් නිරාහාරව සිටීමේ ප්‍රීතිය ඔබලාට මෙන් සාමුහිකව බෙදා ගැනීමට අපට මුස්ලිම් පවුලක් නොමැත. එබැවින් අප නිරාහාරව සිට එයද ඉවසගෙන තනියම ම අත්විඳින්නෙමු.
මස්ජිද කිට්ටුව සිටිනා අපගෙන් සමහරෙක් මස්ජිදය වෙත යාමට උත්සාහ කරන්නේ ඉෆ්තාර් සමයේදී කවුරුන්හෝ අප සමඟ පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. බොහෝ විට අප එම ගමනත් තනියම ම යන්නෙමු .
සමූහ ලෙස නැමදුමෙන් පසු බොහෝ විට අප නැවත තනි වන්නේ ඔබ අප ගැන අමතක කර ඔබගේ සාම්ප්‍රදායික ඉෆ්තාර් කෑම මේසයට ඔබ හා එක්වන ලෙස අපෙන් ඉල්ලා නොසිටින බැවිනි.
ඊද් සඳහාද අපට කිසිදු සැළසුමක් නොමැත. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඊද් දවසද නිවසේ රැඳී සිටිමින් තනිවම කාලය ගත කරන්නෙමු.
බොහෝ විට ඊද් වැනි දිනවල ඔබලා ඔබලාගේ මව් භාශාවලින් එකිනෙකා අතර සුබ පැතුම් පළකර ගනිති. එය එසේ දකින විට අප ඔවුන්ට අයිති නැති හැඟීමක් අප තුල ඇති වෙනවා මෙන් දැනේ. මෙය ඔබ දැනුවත්ව සිදු නොවන්නක් බවද අප දන්නෙමු. නමුත් අපත් නොහිතන ක්ෂණයකින් අපට හැගී යන්නේ අප ඔවුන්ට මුළුමනින්ම අයිති නැති බවකි.
කුඩා ළමුන් අලුත් ඇඳුමින් සැරසී බැලූන් රසකැවිලි සහ අතේ ඇති තෑගි මුදල් සමඟ සතුටින් පිනා යමින් එහෙ මෙහෙ දුවති. ඒ මොහොතේම අප තුලත් උත්සව සමයන්හි ගෙවුණු අපගේ ළමා කාලය පිළිබඳ වටිනා මතකයකන් පෙළ ගැසෙයි. මොහොතකට අපි ඔබගේ දරුවන් හා මනසින් ඔවුන්ගේ ප්‍රීතිය බෙදාහදා ගන්නා අතර මෙතරම් අපූරු අත්දැකීමක් ලැබීමට මේ ළමුන් කොතරම් වාසනාවන්තදැයි අපට සිතේ. ඒ අතරම අපගේ දරුවන්ට ඊද් උත්සවයන්හී ප්‍රීතිය කවදා හෝ විඳින්නට හැකිවේදැයි අප තුල මහත් තිගැස්මක්ද ඇතිවී යයි.
තවත් සමහරු ඔවුන්ගේ පරණ මිතුරන් හා පවුලේ සාමාජිකයන් සමඟ ගැටෙන විට එකිනෙකා සමඟ නැවත සම්බන්ධවන බවට දිවුරුම් දී ගනී. බොහෝ විට, නවක මුස්ලිම්වරුන් මෙය දකින අතර අපගේ හදවත්වල ඇතිවන වේදනාව නැවැත්වීමට අපට නොහැකි වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් නොව, අපගේ ඇදහිල්ල පිළිගැනීමට නොහැකිවන විට අපගේ සුපුරුදු ප්‍රියයන් සමග ඇතිවන පරතරය ගැන සිහි වීම නිසා වෙනි. එනම්, අපගේ නව ඇදහිල්ල හේතුවෙන් පෙර අප අතර වූ ආදරය පවා බෙදා-හදා ගැනීමට නොහැකි වූ විට අප සහ අපගේ පවුල්වල සහ ජීවිත කාලය පුරාම සිටි අපගේ මිතුරන් හා අප අතර ඇති වන දුරස්ථභාවය ගැන සිහිපත් වීමෙනි.
අප අපට හුරුව තිබු ඇදහීමෙන් හැරී ගියදා සිට අපේ පවුල් වල සමහර අය, අප හා ඔවුන් අතර තිබෙන සම්බන්දතාවයෙන් අපව සම්පූර්ණයෙන්ම කපා දමා ඇත. ඔවුන් අපව වෙන්කර දැමුවත් ඔවුන්ව පිළිගැනීමට හා අපගේ නව ඇදහීම තහවුරු කර ඔවුන්ටද එය දැනුවත් කිරීමට අපි ආශාවෙන් සිටිමු. පෙර ට වඩා නව හැඟීම්බර බවක් ඔවුන් වෙත ඇතිවී තිබියදී පෙර තරම් වත් සමීප වීමට අපහසු වීම අපට තවත් පීඩාවක් වී ඇත.
අපගේ ප්‍රීතියද දුක-සැපද බෙදාහදා ගැනීමට පවුලේ අය සහ මිතුරන් අපටද සිටිය යුතුය. කුමන තත්ත්ව යටතේ උවත් අවසානයට එයයි මිනිස් ස්වභාවය. තනිවූ අපට විශේෂයෙන් උත්සව සමයන් හී මේ බව වැඩි වශයෙන් දැනෙන්නට පටන්ගනී.
මෙවැනි සිතුවිලි නොනවත්වා ගලා එමින් තිබෙන විටෙක ඔබ මෙන්ම අනෙකුත් පවුල් ඔවුන්ගේ වාර්ෂික සම්ප්‍රදායන්ට හවුල් වීමට සුදානම්ව වේගයෙන් වේගයෙන් තම මෝටර් රථවලට ගොඩවී සිටිනු අපි බලා සිටිමු. පව්ලේ උදෑසන ඊද් ආහාරය, තෑගි හුවමාරු කිරීම සහ සාදයෙන් සාදයට ගෙදරින් ගෙදරට යාම සිදුවෙයි. ඔවුන් එසේ කාර්යබහුල වන නමුත් දවසේ ඉතිරි කාලය සඳහා අප කුමක් කළ යුතුදැයි කල්පනා කරමින්, අපගේ මෝටර් රථයේ දොර වසා සුක්කානම මත අත තබා ගත් විට හෝ ඉස්ලාම් නොවන නිවැසියන් සිටින නිවසට පැමිණ කාමරයේ දොර වසා ගත් විට අප මානසික පීඩනයෙන් මිරිකී යන්නෙමු.
මෙය මගේ පෞද්ගලික කතාව නොවේ. ඉහත සඳහන් කළ දෙයට යම් මට්ටමකින් හෝ සම්බන්ධ විය හැකි ඔබ කවදා හෝ හමු වූ සෑම නවක මුස්ලිම්වරයෙකුගේම කතාව මෙයයි.
අවාසනාවකට මෙන්, රාමසාන් සහ ඊද් සමයේදී බොහෝ නවක මුස්ලිම්වරුන්ගේ යථාර්ථය මෙයයි.
අපේ ප්‍රජාව තරම් විශාල ප්‍රජාවක් අපට සිටින විට, දාවාහ් සඳහා කැපවූ බොහෝ පිරිසක් සිටින විට, සුන්නාහ්ව දැඩි ලෙස අනුගමනය කරන බව කියා සිටින බොහෝ පිරිසක් සිටින විට, අපගේ ප්‍රජාවන් තුළ තනිකමක් දැනෙන එක නවක මුස්ලිම්වරයෙකුවත් නොසිටිය යුතුය. නමුත් යථාර්ථය නම්, බොහෝ ප්‍රජාවන් තුළ එවැනි පුද්ගලයින් සිටින බවයි.
මුස්ලිම් පව්ල්වල ඉපදුනු මුස්ලිම්වරුනි,
ඔබ කොපමණ නවක මුස්ලිම්වරුන් ගැන දන්නවාද? ඔබගේ පවුලේ අය සමඟ නිරාහාරව සිට එය අත්හැරීමට ඔබ කොපමණ වාරයක් ඔබගේ නිවසට නවක මුස්ලිම්වරුන්ට ආරාධනා කර තිබේද? ඔබගේ අසල්වාසී හෝ දුර බැහැරක හෝ සිටිනා නවක මුස්ලිම් මිතුරාට කිසියම් අවශ්‍යතාවයක් තිබේදැයි බැලීමට ඔබ කොපමණ වාරයක් දුරකථනය භාවිත කර තිබේද?
ආදරණීය මුස්ලිම් පව්ල්වල ඉපදුණු මුස්ලිම්වරුනි, ඔබගේ නවක මුස්ලිම් මිතුරාට ඇමතුමක් දී හෝ වචන පෙළක් ලියා යවමින් හෝ රාමසාන් සහ ඊද් කාලය තුළ ඔවුන්ට ඉස්ලාමීය සම්ප්‍රදායේ සුළු කාරනාවක් සඳහා හෝ ඔබ සමග එක්වන්නට ආරාධනා කරන්න.
එයින් ඔබට කවරදාක හෝ දැනුනාට වඩා වැඩි යමක් නවක මුස්ලිම් අපට දැනේ.
මීට,
ඔබගේ ප්‍රජාව තුළ සිටින නවක මුස්ලිම් මිතුරෙක්.