අදාන් සහ නැමදුම

ඉස්ලාමීය පිළිවෙතක් වන "අදාන්" යනු යාච්ඤාවක් සඳහා කාලය ආරම්භ වී ඇති බවත් නැමදුම සිදුකරන ස්ථානය වෙත පැමිණෙන ලෙසත් නිශ්චිත වචනවලින් අන්‍යයන්ට කරන ආරාධනාවකි. මස්ජිදයක සිට (හෝ වෙනත් කුමණ ස්ථානයක සිට හෝ) නිශ්චිත වෙලාව පැමිණි විට මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු විසින් තම නිර්මාතෘ වන දෙවියන්වහන්සේව නැමදීමට මෙම කැඳවීම කරනුයේ එය ඇසෙන මායිමේ සිටින සියළුම මිනිසුන්ටය. 

එම කැඳවීම මුළු ලොව පුරාම එකම ආකාරයට සිදු කරනු ලැබේ. එනිසා එය නබි (ﷺ) තුමා භාවිතා කල අරාබි භාශාවෙන්ම සිදු කරනු ලැබේ. මුස්ලිම් නොවන බොහෝ දෙනෙකුට එම පණිවිඩයේ අරුත නොතේරෙන නමුත් එය මුස්ලිම් ජනතාවගේ නමස්කාරය සිහිපත් කරන පණිවිඩයක් ලෙස ඔවුන් දනී. එනිසා ඒ ගැන ඔවුනට එය එතරම් වැදගත් දෙයක් ලෙස නොහැඟෙන අතර සමහර විට එම ශබ්දය කරදරයක් ලෙසටද හැඟෙන්නට ඉඩ ඇත.

මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථාන වලින් මෙම කැඳවීම දිනකට පස් වතාවක් බැගින් වසර පුරාම නොනවත්වා සිදු කරනු ලබයි. කුමක්ද මේ ශබ්දය? කුමක්ද මේ කැඳවීම? මෙම ලිපිය මගින් ඒ ගැන ඔබට හොඳ වැටහීමක් ලැබෙනු ඇත. එය සෑම මිනිසෙකුම දැන ගත යුතු දෙයකි. හේතුව, එම ආරාධනය මුස්ලිම්වරුන්ට පමණක් කරන ආරාධනයක් නොවේ.

සියල්ල නිර්මාණය කල දෙවියන්වහන්සේ මිනිසාව නිර්මාණය කලේ සුවිශේෂී කාරණාවකටය. එනිසා ඔහුව නිර්මාණය කර ඇත්තේද සුවිශේෂී ආකාරයකටය.

විශ්වයේ පවතින විවිධාකාරයෙන් වූ වස්තූන් සියල්ල අංගසම්පූර්ණ ලෙස දෙවියන්වහන්සේ විසින් (මැවීමකින්) නිර්මාණයකර ඇති දේවල්ය. ඒවා කිසිවකටත් අහඹු ඇතිවීමකින් බිහි වූ ඒවා නොවේය. බෞද්ධ පොතපත වල පවා සඳහන් ආකාරයට පඨවි ආපෝ තේජෝ වායෝ යන සතරමහා භූත වලින් සැදී ඇති සෑම දෙයක්ම, එනම් ඒවා ඉර, හඳ, අහස, පොලොව, අපට පෙනෙන ජීවීන්ගේ ශරීර, නොපෙනෙන ජීවීන්ගේ ලෙස තිබිය හැක. ආවර්තිතා වගුව තුල අප දකින සියලුම මූලද්‍රව්‍ය මේ යටතට ගැනේ. ඔබේ ශරීරයේ ඇති ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන පවා. ඒවා සියල්ල තුල සිවිශේෂී නිර්මාණාත්මක සැලසුම් සහගත ව්‍යුහ ඇත. එසේම ඒවා සියල්ල තමන්ගේ සීමාවන් තුල නිශ්චිතවම සිටී. ඇත්තටම සොබා දහම ලෙස අප හදුන්වන්නේ මෙයයි. සොබා දහම තම නිර්මාතෘට අවනතව යටහත්ව කීකරුව පවතී. උදාහරන වලින් පවසනවා නම්, ඉර නිශ්චිත ප්‍රමාණයන්ගෙන් ආලෝකය විහිදුවමින් තමන්ගේ නිශ්චිත මාර්ගයේ නිවැරදිවම ගමන් කරයි. ජල අනුවක් කිසි විටකත් එයට නියමිත සීමාවෙන් එපිට කටයුතු නොකරයි. එක් එක් සතුන්ගේ ඇති රුධිර සෛල ඒවාට නියමිත රාජකාරී වල යෙදෙයි. දෙවියන් පවසන ආකාරයට මේවා සියල්ල ඔවුන්ට නියමකර ඇති ආකාර වලින් තම නිර්මාතෘව නමදිමින් සිටී. 

ඉහත සදහන් මූලද්‍රව්‍ය උපයෝගීකරගෙන දෙවියන් නිර්මාණය කර ඇති ජීවී කාන්ඩ ඔවුන්ගේ ජීවන පැවැත්ම, සිතන පතන ආකාරය, බුද්ධිය, විචාරශීලීත්වය වැනි කරුණු මත ඔවුන්ව එකිනෙකාගෙන් වෙනස් වේ.

ආලෝකය මගින් නිර්මාණය කර ඇති මලායිකාවරු (හෙවත් දේව දූතවරුන්) සැම විටම දෙවියන්ට කීකරුව, ඔවුන්ට නියමිත කාරණාවන් ඉටුකරමින්, දෙවියන්ව නිසි පරිදි නමදිමින් සිටී.

ශාක සහ සතුන් ඔවුන්ව සීමා සහිත රාමුවක් තුල ආකෘති ගත (format) කර ඇති ආකාරයට ජීවත් වේ. දෙවියන් පවසන ආකාරයට ශාක සහ සතුන් පවා ඔවුන්ට නියම කර ඇති ආකාර වලට දෙවියන්ව නමදිමින් සිටී. එය ඔවුන්ගේ ස්වභාවික ලක්ෂණයකි. නමුත් මිනිසාව මීට වඩා වෙනස් ආකාරයකට නිර්මාණය කර ඇත. 

දෙවියන් මිනිසාව නිර්මාණය කර ඇත්තේ ඔහුට තම කැමැත්තෙන් ආධ්‍යයාත්මික වශයෙන් වෙනස් විය හැකි අයෙකු ලෙසය. මිනිසා - ශාක, සතුන් සහ දේව දූතයන්ගෙන් වෙනස් වන්නේ මෙමගින්ය. 

ඒ අනුව මිනිසා එක්තරා විදිහක දුර්වල කෙනෙකි. එනම් මිනිසා ශාක, සතුන්, මලායිකාවරුන් මෙන් පූර්ව ආකෘති ගත කල (හෙවත් pre format කල) ජීවියෙකු නොවේය. ඔහුගේ හදවත තුල හොද-නරක තමන් කැමති තරම් පරාසයක් තුල ක්‍රියාත්මක කරවීමට අවස්ථාව ඇති කර ඇත. ඔහුගේ විචාර බුද්ධිය ඔහු කැමති පරිදි අඩුවෙන් හෝ වැඩියෙන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇත. තමන් තුල හෘද සාක්ෂියක් ඇතත් එය අවංකභාවයෙන් භාවිතා කරනවාද, නැත්නම් එය හීන කරගෙන හෘද සාක්ෂියක් නැත්තෙක් ලෙස හෙවත් තිරිසනෙක් ලෙස හෝ ඊටත් වඩා පහලට වැටුනු කෙනෙක් ලෙස ජීවත් වෙන්නට තරම් අවකාශය ඇත්තෙකු ලෙස මිනිසාව නිර්මාණය කර ඇත. මෙය මිනිසාට ඇති ඉතා අවධානම් තත්වයකි.  එය මිනිසාට ඇති අභියෝගයකි. වරදට පෙළඹී තමා තමාටම මහා හානියක් කර ගැනීමට ඉඩ ඇත. තමන්ට තමන්ගේ නිර්මාතෘව පවා අමතක වී, ජීවිතයේ සැබෑ අරමුනෙන් බැහර වී මරනින් මතු මහත් අවාසනාවන්තයෙකු වීමට ඉඩ ඇත. 

මිනිසාව නිර්මාණය කල දෙවියන් මිනිසාගේ මෙම තත්වය ඉතාම හොඳින් දනී. එනිසා ඒ සියලුම අවධානම් වලින් මිදී ඉතාම හොද කෙනෙකු ලෙස මේ ලෝකය තුල ජීවත් වී අවසානයේ මහා භාග්‍යයවන්තයෙකු වන තත්වයක් දක්වා මේ ජීවිත කාලය ගත කිරීමට නම් දෙවියන් හදුන්වා දී ඇති හොඳම මාර්ගය ලෙස මෙම සලාතය හෙවත් දෙවියන් නැමදීම පළමු පියවර ලෙස පෙන්වා දී ඇත

මිනිසා ගේ සිත වේගයෙන් වෙනස් වන සුළුය. තමාගේ සිතුම් පැතුම් වලට අමතරව අපට නොපෙනී අපව මුලාවට යොමු කිරීමට නරක දැය මුමුනමින් අප සමග සිටින ශේතාන් වරුන්ගේද බලපෑම නිසා මිනිසාට තමා තුලින්ම වෙහෙසක් දරා තමාව පාලනය කර ගැනීමක් කර ගත යුතුව ඇත. එයට හොදම පියවර ලෙස උදෑසන, දහවල, අපරභාගය, සැන්දෑව සහ නින්දට පෙර ලෙස දවසේ කාලය පහට බෙදා එම කාලවල දෙවියන්ව නැමදීමට යොමු වීම තුලින් තමාව දවස තුල කිහිප වතාවක්ම නැවුම් (re-fresh) කර ගත හැක. මෙමඟින් යහපත් ගති ඇති මනුෂ්ශයෙකු වීමට පුළුවන. තම නිර්මාතෘගේ තෘප්තිය දිනාගත් කෙනෙකු විය හැක. තමාගේ නිර්මාතෘව ප්‍රසංශා කිරීමටත්, ඔහු සමග සම්බන්ධතාවය තබා ගැනිමටත්, තමාගේත්, පව්ලේ අයගේත්, අසල්වාසීන්ගේත්, මුලු ලෝකවාසී සෑම ජීවියෙකුගේම යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමටත් මෙම කාලය භාවිතා කල හැක. 

මෙය භාවනාවකි. මෙය තනිව උනත් කල හැකියි. නමුත් අපි ජීවත් වන්නේ තනිවම නොවෙයි. අසල්වාසීන් හෝ ගමනකදී නම් මගදි හමුවන අය සමගය. සමාජය තුල ජීවත් වන විට සමාජයේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතුව ජීවත් වීමට සිදු වේ. මෙයට හොඳම පාඩමක් ලෙස සලාතය සමූහයක් ලෙස එක්ව කිරීමේ ක්‍රමවේදයක් දෙවියන් විසින් අපට පෙන්වා දී ඇත. මේ සදහා තමයි අදාන් හරහා ඔබට ආරාධනා කරනුයේ. මේ තමයි මිනිසාට මෙලොවත් පරලොවත් යන දෙකම සාර්ථක කරගැනීමට තම නිර්මාතෘ විසින් ඉදිරිපත් කර ඇති මූලිකම වත් පිලිවෙත.

මෙම මනුෂ්‍ය නමස්කාරයෙන් දෙවියන්ට කිසිම ප්‍රයෝජනයක් නැත. මිනිසා විශ්වාස කළත් නැතත්, නමස්කාර කළත් නැතත් දෙවියන් ශ්‍රේෂ්ඨයි. මෙම නමස්කාරය මිනිසාට තම ජීවිතය යහමගට ගැනීමට උපකාර වනු ඇත. එහි විශාල පාඩමක් ඇත. එය මෙම අදාන් සහ සලාත් හරහා නැවත නැවත මතක් කර දී මිනිසාව නොමගට තල්ලු වීමෙන් ආරක්ෂා කරයි. එය නිසි පරිදි  අවභෝද කරගෙන නිසි පරිදි ක්‍රියාවට නගන්නා ජයග්‍රාහයෙකු වන බවට දෙවියන් වහන්සේ පෙන්වා දී ඇත. 


අදාන් හෙවත් මෙම ආරාධනාව කරන කෙනාව මුඅද්දීන් ලෙස හදුන්වයි. ඔහු ප්‍රකාශ කරන වචන වල පහත අදහස අන්තර්ගත වේ.

  • අපවත් මෙම විශ්වයත් නිර්මාණය කර ඇති දෙවියන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙකි////.  
  • ඔහු හැර (ඔහුට වඩා උසස්) වෙනත් නැමදීමට සුදුස්සෙක් හෝ දෙවියෙක් නැත. මම ඔහු ගැන සාක්ෂි දරන්නෙක්මි//.
  • එසේම ඔහු විසින් අප වෙත එවා ඇති අවසන් දේව දූතවරයානන් වන නබි මොහම්මද් (ﷺ) තුමා ගැනද මම සාක්ෂි දරන්නෙක්මි//.
  • දෙවියන්ව නැමදීමට පැමිනෙන්න//. 
  • සාර්ථකත්වය උදාකර ගැනීමට (ඉක්මනින්) පැමිනෙන්න//. 
  • (ඔබ පැමිනියත් නැතත්, ඔබ දෙවියන්ව නැමදුවත් නැතත්) එම දෙවියන් ඉතාමත් ශ්‍රේෂ්ඨ කෙනෙකි//. 
  • ඔහු හැර (ඔහුට වඩා උසස්) වෙනත් නැමදීමට සුදුස්සෙක් හෝ දෙවියෙක් නැත/.

පාන්දර නැමදුමට ආරාධනා කිරීමේදී මීට අමතරව 

  • "නින්දට වඩා මෙම නැමදීම උතුම්//" යැයි ද පවසනු ලැබේ.

ටික වෙලාවකට පසු සලාතය හෙවත් නැමදුම ආරම්භ කරන අවස්ථාවේදී මෙයම මෙලෙස පවසයි. එම කැදවීම "ඉකාමත්" ලෙස හැඳින්වේ.

  • දෙවියන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙකි//.
  • ඔහු හැර නැමදීමට වෙන දෙවියෙක් නැතැයි මම සාක්ෂි දරමි/.
  • තවද මොහම්මද් දෙවියන්ගේ දූතවරයා බවටද මම සාක්ෂි දරමි/.
  • නැමදුමට එන්න/. 
  • සාර්ථකත්වය සදහා (ඉක්මනින්) එන්න/. 
  • නැමදුම ආරම්භ කලා//
  • දෙවියන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙකි//.
  • ඔහු හැර නැමදීමට වෙන දෙවියෙක් නැතැ/.

  • ALLAHU AKBAR ////- Allah is the greatest (to be repeated 4 times).

    ASH-HADU ANLA ILAHA ILLALLAAH //- I testify that there is no god but Allah. (to be repeated 2 times).

    ASH-HADU ANNA MUHAMMADAN RASULULLAH //- I testify that Muhammad is Allah's messenger. (to be repeated 2 times).

    HAYYAA LAS SALAAT //- Come fast to prayer. (to be repeated 2 times). 

    HAYYAA LAL FALAAH //- Come fast to success. (to be repeated 2 times).

    ALLAHU AKBAR //-Allah is the greatest. (to be repeated 2 times).

    LAA ILAHA ILLALLAAH /- There is no god but Allah. (to be recited once).


    Note: In the Adhaan, for the Fajr (Dawn) prayer, the following words are recited twice after Hayya'alal Falaah: 

    ASSALATU KHEIRUM MINA NAWM //-. The prayer is better than sleep  (to be repeated 2 times).  

    දෙවියන් නැමදීම සිදු කරනුයේ දෙවියන් විසින්ම මිනිසාට දී ඇති උපදෙස් අනුවමය. එය සිදුකරන ආකාරය අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමා ආදර්ශයෙන් පෙන්වා දී ඇත. නිවැරදි මාර්ගයේ සිටින මුස්ලිම්වරුන් ලොව කොතනකදී උවත් එකම ආකාරයට මෙම නැමදුම සිදු කරනු ලබයි.

    නැමදුමේදී සෑම මුස්ලිම්වරයෙකුම එක් ඉමාම් වරයෙක්ව අනුගමනය කරයි. නමුත් ප්‍රාර්ථනා කිරීමේදී කිසිම අතරමැදියෙකු සම්බන්ධ කර නොගෙන තමා සහ තම නිර්මාතෘ අතර ඍජු සම්බන්ධතාවයක් තබා ගනී. සෑම නැමදුමක්ම ආරම්භ කරන්නේ නිශ්චිත ප්‍රාර්ථනාවකිනි. එය අල් කුරාන් හී පළමු පරිච්ඡේදයයි. එහි සිංහල පරිවර්ථනය මෙසේය.

    1. අසීමිත දයාව හා අසම සම අනුකම්පාවෙන් යුත් අල්ලාහ් ගේ නාමයෙන්.

    2. සියලු ප්‍රසංශා අල්ලාහ් ටය. (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පෝෂණය කරන්නා වුද,

    3. අපරිමිත අනුකම්පා වද, අසම සම දයාවද,

    4. විනිශ්චය දින අධිපති (ද වන්නේ ය).

    5. (අනුකම්පාව හා දයාවද පිරි අප දෙවියනේ),

    ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු.

    6. ඔබ අපට සෘජු මාර්ගය පෙන්වා දෙනු මැනව

    7. ඔබගේ අනුකම්පාව හා දයාව කාහට පහළ කලේද, ඔවුන්ගේ මාර්ගයේ යාමට සලස්වනු මැනව, එය ඔබගේ කෝපයට පත් වූවන් ගිය මාර්ගයෙහිද නොව, අයහමගෙහි වූවන්ගේ මාර්ගයෙහීද නොව.

    මේ ලෝකයේ සිටින මිනිසුන් යන මාර්ග තුනක් ඇති බව දෙවියන් පෙන්වා දෙයි.ඒවා නම්,

    1. දෙවියන් පෙන්වාදුන් ඍජු මාර්ගයේ යන අය. 
    2. දෙවියන් ගේ සම්බන්ධයක් නැති වෙනත් මාර්ග වල යන අය. 
    3. දෙවියන් පෙන්වා දුන් මාර්ගය විකෘති කරගෙන වැරදි මාර්ග වල යන අය.

    මේවායින් පළමු මාර්ගයේ යාමට තමයි අදාන් හරහා ආරාධනා කරමින් එම නැමදුම සිදුකරනුයේ. 


    අපගේ නිර්මාතෘ (අල්ලාහ්) දෙවියන් මෙසේ පවසයි.

    ඔබ ඔබගේ දෙවියන්ව නමදිනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. දෙමාපියන්ට කෘතඥ වනු. (එසේම) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, අසල්වැසි ඥාතීන්ටද, අසල්වැසි අන්‍යයන්ටද, (සැමවිටම) ඔබ සමග සිටින මිතුරන්ටද, මගියන්ටද, ඔබ යටතේ සිටින්නන්ටද (ආදරයෙන් යුතුව) කෘතඥ වනු. කව්රුන් ගෞරිතව ආඩම්බරයෙන් යුතුව හැසිරෙන්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. (Al Quran 4:36)

    සලාත් වර්ග

    දෛනික පස්වේල අනිවාර්‍ය සලාත් (ෆජර්,දොහර්,අසර්,මගරිබ්,ඉෂා)

    ප්‍රධාන සලාතයන්ට පෙර සහ පසු සුන්නත් සලා

    සිකුරාදා ජුම්මා සලාතය

    ඊද් අවුරුදු සලාත් (රමදාන් සහ ඊද් අල් අද්හා)

    ලුහා සලාතය (ඉර උදාවේ සිට දහවලට පෙර)

    ග්‍රහණ සලාත් 

    තරාවි සලාතය (රමධාන් මස රාත්‍රී සලාතය)

    රාත්‍රියේ අවසාන සලාතය (ෆජර් අදාන් කීමට පෙර)

    ජනාසා සලාතය (කෙනෙකු මිය ගිය පසු)


    by sjw