ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස් 

මිනිසා සම්බන්ධව ඉහත සියළු කාරණා ඉස්ලාමය තුලින් කතා කරනුයේ පහත සඳහන් මාතෘකා 4 යටතේය.

  1. ශරීරය
  2. රූහ් (ආත්මය)
  3. නෆ්ස් (ස්වයං විඥානය සහ උප විඥානය)
  4. හදවත (එනම් අවයවය නොව, ඔබ තුල ඇති සත්‍යභාවය )

1). ශරීරය (මෙය අවස්ථා 3කට විග්‍රහ කරයි)

  • 1. (ජීවත්වන) ජීවිතය රහිත සිරුර (ගර්භාෂය තුල දින 120 ක් දක්වා කාලය) [al jazat]. 120 වන දින මලක්වරයෙක් ඔහුගේ ආත්මය මව් කුසෙහි ඇති කළලය වෙත ගෙනවිත් එහි කාරණා 4 ක් ලියයි. 
  • 1) ඔහු ජීවිතය ගෙවන ආකාරය. 
  • 2) ඔහුගේ ජීවනෝපාය, වත්කම් ආදිය 
  • 3). ඔහු මිය යන දිනය සහ වෙලාව.
    4) ඔහුගේ ජීවන ගමනාන්තයේ තත්වය. එනම් ස්වර්ගය හෝ නිරය යන වග. [එය සටහන් කර ආත්මය ඇතුළු කරයි].
  • 2. ජීවිතය සහිත සිරුර (දින 120 සිට මරණය දක්වා) [al jisum]. පහත සඳහන් කුරාන් වැකිය දෙස අවධානය කර බලන්න. 

නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරිමැටි සාරයෙන් උත්පාදනය කළෙමු. පසුව එය අපි ඉන්ද්‍රීය බිඳක් බවට පත්කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැම්පත් කළෙමු. පසුව එම ඉන්ද්‍රීය බිඳ ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළැමු. පසුව එම මාංශ පිණ්ඩයේ ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිල්ලට මස් මාංශ ඇන්දෙව්වෙමු. පසුව එය (පූර්ණ) මිනිස් ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ අල්ලාහ් ඉමහත් භාගය්‍යවන්තයෙකි. ඔහු උත්පාදකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි (23:12,13,14)

  • 3. මළ සිරුර [al badan] පළමු මිනිසාගේ ශරීරය ජලය මිශ්‍ර පසෙන් (කිරි මැටි සාරයෙන්) කිර්මාණය කර එයට ආත්මය (රූහ්), නෆ්ස් සහ හෘද සාක්ෂිය ආදිය එකතුකල බව දෙවිදුන් අපට දන්වා ඇත. ඉන් පසු ඔහුගෙන් බිරිදව උත්පාදනය කර ඔවුන් දෙදෙනා හරහා දරු පරම්පරාව ලෙස මිනිස් සංහතිය ව්‍යාප්ත කළ බවත් දෙවිඳුන් පවසා ඇත. අප මිය ගිය පසු නැවත ඉතුරුවන්නේ පස් බවටම පත්වන සිරුරය. විනිශ්චය දිනයේ නැවත මෙම පස් බවට පත් වූ සිරුරම යලි ඇති කර මිනිසාගේ ආත්මය එය තුලට සම්බන්ධකරන බව දෙවිඳුන් පවසා ඇත.

ශරීරය ගැන සටහනක්:- එය අදියර කීපයක් පසු කරයි. එහි ප්‍රමානය වෙනස් වෙනවා, හැඩය වෙනස් වෙනවා, ශක්ති සම්පන්න බව වෙනස් වෙනවා, රෝගී වෙනවා, රෝග සුව වෙනවා, ක්ෂය වන සමහර කොටස් නැවත වර්ධනය වෙනවා. අපට අදහා ගත නොහැකි සිදුවීම් බිලියන ගනනක් එය අභ්‍යාන්තරයේ සිදුවෙමින් පවතිනවා. 

ඇත්තටම අපි මේ දරා සිටිමින් සිටින්නෙ අල්ලාහ් දෙවිඳුන්ට අයිති අපට අදහා ගත නොහැකි විශ්මිත දෙයකි. මෙම ශරීරය අපේ පරීක්ෂනයේ තවත් අංගයකි. එනිසා අපට තේරෙන වයසට පැමිනි අවස්ථාවේ සිට අප අපගේ ශරීරය පරිස්සමින් පාවිච්චි කල යුතුයි. එය ආරක්ෂා කර ගත යුතුයි. එය පිරිසිදුව තබා ගත යුතුයි. එයට ගෞරව කල යුතුයි. ලැජ්ජා සහගත තත්වයට එය පත් නොකල යුතුයි. අපචාරයේ සහ දුරාචාරයේ නොයෙදිවිය යුතුයි. අප මෙලොවින් සමුගන්නා විට අප එය නැවත දෙවිදුන්ගේ සොභා දහමට භාර දී යා යුතුයි. අවශ්‍යයතාවය මත විනිශ්චය දිනදී එය තමාට පක්ෂව හෝ තමාට විරුද්ධව සාක්ෂි දරන සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් විය හැක. එදින අත්, පා, ඇස්, කන්, නාසය ආදිය කතා කරනු ඇත.

2). රූහ් (ආත්මය)

ආත්මය දෙවියන් වහන්සේගේ ආඥාවෙන් (අණින්) ඇති වන්නක් වන අතර අපි ඒ ගැන දන්නේ අල්ප වශයෙනි. එම අණ මත එය ඇතිවී ඒ අනුව ක්‍රියාත්මක වේ.

(නබියේ!) "රූහ්" ගැන (යුදෙව්වන් වන) ඔවුන් ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ "එය අපගේ දෙවියන්ගේ නියෝගයෙන් ඇති වන්නකි. (ඒ ගැන) ඉතාමත් අල්ප ඥානයක් මිස, ඔබට දෙනු ලැබුවේ නැත. (එබැවින් එහි ගැඹුරු අදහස ඔබට දැන ගැනීමට නොහැකිය)" යැයි පවසනු මැනව! (17:85)

රූහ් (ආත්මය), අපගේ මනස-ශරීරය-විඥානය සහ සවිඤ්ඤාණික ආත්මය (nufs) සමඟ පරිපූර්ණව සම්බන්ධය. ආත්මය හරහා ජීවය ලබා දෙන අතර යාන්ත්‍රික ශරීරයේ චලනයට එය අවශ්‍ය වේ. 

එය සත්‍යය දන්නා ආත්මයකි, එබැවින් පුද්ගලයෙකු මිය ගිය විට ඔවුන් මිය ගිය බව දනී. එය මෙලොව ඉපදීමට පෙර ජීවිතය ගැන සහ මරණින් මතු ජීවිතය ගැන (තමාට වඩා) තොරතුරු දන්නේය. අල්ලාහ් අපට සඟවා ඇති අදෘශ්‍යමාන දේ එය දකිති. (මෙම ආත්මය අපිට වඩා ඇත්ත දනී). සෑම මිනිසෙකු තුළම එය එකම විදිහට පවතී. එය පිරිසිදුය, නරක පුද්ගලයා තුළ පවා එය පිරිසිදු තත්වයෙන් පවතී. ඔබ නින්දට යන විට එය ඔබේ ශරීරයෙන් අර්ධ වශයෙන් ඉවත් වන අතර ඔබ මිය යන විට සම්පූර්ණයෙන්ම ඔබේ ශරීරයෙන් පිටවේ.

අල්ලාහ් හැර එය පාලනය කළ හැකි කිසිවෙක් නැත. එහි පැමිනීමද ආපසු යාමද එහි නිර්මාතෘ වෙතමය. අල්ලාහ්ට හැර වෙන කිසිම කෙනෙකුට, කිසිම දෙයකට හෝ කිසිම ක්‍රමයකට මෙම ආත්මය විනාශ කල නොහැක. එය වෙනස් කළ නොහැකිය. එය සර්වබලධාරී අල්ලාහ් කැමති තාක් කල් මිය යන්නේ හෝ අහෝසි වන්නේ නැත. (මෙයට අනුව "සිත දියුණු කර නිර්වාණය ලබා [පහණ නිව්නා සේ] චුත වීම" යන සංකල්පයට ඉඩක් නැත. යමෙක් එය ස්ථිර කරන්නේ නම් එය සර්වබලධාරී දෙවිඳුන්ට කරන අභියෝගයකි). 

දෙවිඳුන් "රූහ්" යන වචනය භාවිත කරමින් ඉදිරිපත් කර ඇති කුරාන් වැකි කිහිපයක් පහතින් දක්වා ඇත.

1). අල්ලාහ් විසින් දේව දූත ජිබ්රීල් (අලෙහිස්සලාම්)ට රූහ් යන වචනය භාවිතා කර ඇත

රූහ් අල් කුදුස්/ රූහුල් අමීන්:- ජිබ්රීල් නමැති පරිශුද්ධ ආත්මය.

(ජිබ්රීල් නමැති පරිශුද්ධ) ආත්මය නබිතුමාගේ හදවතට දිව්‍ය එළිදරව්ව ගෙන එයි.

(නබියේ! ශුද්ධ වූ කුරානය වන) මෙය නියත වශයෙන්ම ලෝකයන්ගේ දෙවියන් විසින්ම පහළ කරන ලදී. (දෙවියන්ගේ නියෝගයට අනුව) රූහුල් අමීන් (නැමති ජිබ්රීල්) මෙය ඔබගේ මනසෙහි පහළ කර තැබුවේය.(26:192,193)

2). අල්ලාහ් විසින් අල් කුරානය ට රූහ් යන වචනය භාවිතා කර ඇත


3). ආත්මය දෙවියන් වහන්සේට අයත් වන අතර ඔහු එය "මගේ ආත්මය" ලෙස හඳුන්වයි.

"මා (පලමු) මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍ය) මාගේ ආත්මය ඇතුළු කළහොත් -ඔහුට (ගෞරව කිරීමට) - ඔබ නලල බිම තබා) සුජූද් කරනු" (යැයි අණ කළේය). ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලම (ඔහුට ගුරව කිරීම සඳහා) සුජූද් කළහ.(15:29,30)

අල්ලාහ් එය ඔහුගේම ආත්මය ලෙස හැඳින්වූයේ එය ගෞරවයට පාත්‍ර වූ දෙයක් ලෙස හැඟවීමට වන අතර එය ඔහුගෙන් අපට ලැබුණු තෑග්ගක් සහ විශේෂත්වයක් ලෙස දැන්වීමටය.

4). දෙවියන් වහන්සේ මරියම් තුළට (යේසුස් වහන්සේගේ ආත්මය) රූහ් ඇතුළු කල බව සඳහන් කරයි

ඉම්රාන්ගේ දියණිය වන මරියම්ය. ඇය තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත්තාය. එබැවින් එහි (ඇයගේ ගර්භයෙහි) අපගේ ආත්මයන්ගෙන් (එක් ප්‍රාණයක්) පිම්ඹෙමු: (66:12)

පසුව (ඉබේම) මරියම් ගැබ් ගෙන, ඒ සමග (ඇය උන් හිටි ස්ථානයෙන් පිටත්ව), දුරින් පිහිටි ස්ථානයකට ගොස් සේන්දු වූවාය, (19:22)

අල්ලාහ් විසින් ඊසා අලෙහිස්සලාම් (යේසුස් වහන්සේ) ට රූහ් යන වචනය භාවිතා කර ඇත

නියත වශයෙන්ම මරියම්ගේ පුත් ඊසා මසීහ් ආල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහු "කුන්" නමැති) වදනකින් (ඉපදුකු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් එම පොරොන්දුව මරියම්ට ලබා දුන්නේය. (අනිත් අයගේ ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි;(4:171)

මෙනිසා ඔහුට රූහුල්ලාහ් ලෙසද හදුන්වනු ලබයි.(Rūḥ minhu (Arabic: رُوحٌۭ مِّنْه) a Spirit from him/ Kalimat Allah/ Word of God)

යේසුස් වහන්සේගේ ආත්මය පවා අල්ලාහ්ගේ සන්නිධානයෙන් පැමිණි බව.

නියත වශයෙන්ම මරියම්ගේ පුත් ඊසා මසීහ් ආල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහු "කුන්" (නමැති) වදනකින් (ඉපදුකු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් එම පොරොන්දුව මරියම්ට ලබා දුන්නේය. (අනිත් අයගේ ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි;(4:171)

5). දේවදූතයන් සියල්ලම ආත්මයට සම්බන්ධයි. ආත්මය සියලු මලායිකාවරුන් (දේවදූතයන්) ගේ කේන්ද්‍රය වේ.

(ජිබ්රීල් නමැති පරිශුද්ධ) ආත්මයද, මලායිකාවරුන්ද, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සිටින (විනිශ්චය) දිනදී කිසිවෙකුත් ඔහු (එනම් දෙවියන්) ඉදිරියේ කතාද නොකරන්නාහ. එහෙත් කවුරුන් රහ්මාන් (එනම් දෙවියන්) ගේ අනුමැතිය ලබා ගත් අතර සත්‍යය (පමණක්) කියන්නේද, ඔහු හැර.(78:38)

6). දෙවියන් වහන්සේ යේසුස් වැනි අනාගතවක්තෘවරුන්ට ආත්මයෙන් උපකාර කරයි.

තවද, මරියම්ගේ පුත් ඊසාට අපි පැහැදිළි සාධකයන් ලබා දී, (ජිබ්රීල් නැමැති) පරිශුද්ධ ආත්මය මගින් ඔහුට උදව් කළෙමු; (2:253)

පසුව අල්ලාහ් (ඊසාට -විනිශ්චය දිනදී) මෙසේ පවසන්නේය: "ඕ මරියම්ගේ පුත් ඊසා! ඔබ කෙරෙහිද ඔබගේ මව කෙරෙහිද (මා ලබා දී ඇති) මගේ වරප්‍රසාදයන් ඔබ මතක් කර බලනු; (5:110)

7). අල්ලාහ් විසින් දක්වන යම් සහයෝගයන් කෙරෙහිද රූහ් යන වචනය භාවිතා කර ඇත.

නබි තුමා තම සගයන් සමග එක්වී යුධ කරන අවස්ථාවේ එම සහාබාවරුන්ගේ විශ්වාසය ඉහල නැන්වීමට (ඊමානය වර්ධනය කිරීමට) අල්ලාහ්ගේ සන්නිධානයෙන් සහාය පල කිරීම ද රූහ් ලෙස සඳහන් කර ඇත.

8). අපගේ ශරීරය තුල තිබෙන අප ආත්මය ලෙස හදුන්වන දෙයටද රූහ් යන වචනය භාවිත කරයි.

මේ අනුව රූහ් (ආත්මය) යන වචනය තුල "ජීවිතය" යන්න ගැබ්වී ඇත. එහෙත් එය අපට වැටහෙනවාට වඩා විශාල අරුතක්  සහ සංකීර්ණ බවක් ඇති දෙයක් බව තේරුම් ගත හැකියි.


රූහ් යන වචනයට සමානුපාතිකව භාවිතාවන අනිත් වචනය නම් "නෆ්ස්" යන්නයි. මෙයද අපගේ රූහ් සමග සම්බධතාවයක් ඇති එහෙත් දෙවිඳුන්ගේ වෙනත් ආකාරයක විශ්මිත නිර්මාණයක තවත් සංකීර්ණ අවස්ථාවකි. 

මනස, ස්වයං විඥානය සහ උප විඥානය ආදී ලෙස අප අදහස් කරන කාරණා මේ හා සමග බැදී පවතී. එය අපහා ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් තොරතුරු ප්‍රමාණයක් දෙවියන්වහන්සේ විසින් අපට හෙළිදරව් කර ඇත. 

නබි (ﷺ) තුමාගේ වදනකට අනුව අප මිය යන විට එය අපෙන් වෙන්ව යන බව අපට පෙනෙනු ඇත. අවදියෙන් සිට හෙමින් හුස්ම පිටකරමින් අවසන් ගමන් යන අයගේ ඇස් ඒ වෙත ට යොමු වී තිබීම සමහර විට අපට දකින්නට ලැබී ඇත. එතනදී තම ආත්මය මලකුල් මවුත් නැමති මලායිකා වරයා විසින් අත්පත්කර ගන්නා ආකාරය ඔහු දකිනු ඇත. මෙය තත්පරයෙන් දාහෙන් එකක් තරම් ක්ෂනයකින් සිදුවුවත් එය දැකීමට කාලයේ වේගය ඔහුට භාධාවක් නොවනු ඇත. අපි මරණයට ආසන්න වූ විට, අපගේ ඇසට නොපෙනෙන සමහර දේවල් අපට පෙනෙන පරිදි අපගේ ඇස් ඉදිරිපිට තිබූ තිරයක් ඉවත් කරන බව දෙවියන් වහන්සේ පවසා ඇත.

කුමක්ද මේ "නෆ්ස්?". 

වටහා ගැනීමේ පහසු වචන වලින් කියනවා නම්, නෆ්ස් තමයි "මම".

3). "නෆ්ස්?" (මෙයද රූහ් මෙන්ම තවත් ආකාරයක නිර්මාණයකි)

මේ යටතේ තමයි ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසාගත යුත්තේ, එනම්, WHO AM I ?

ශුද්ධ වූ කුර්ආනය තුළින් දෙවියන් වහන්සේ අපගේ අධ්‍යාත්මික ජීවිතය ගැන කථා කරයි, එනම් අපගේ සවිඥානක භාවිතය, හරි වැරැද්ද පිළිබඳ අවබෝධය, අපගේ අධ්‍යාත්මික ආශාවන්, පෞරුෂය, ආදරය, කෝපය පාලනය කිරීමෙන් සාමය සහ ආත්ම තෘප්තිය ළඟා කර ගැනීමේ හැකියාව, දුක සහ සතුට ඉවසීම, හෘදය සාක්ෂිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝදය, වෛරය, තන්හාව, ආශාව, ගිජු කම, තරහව, වංචනිකබව යනාදිය ගැන කතා කරන විට "නෆ්ස්" යන වචනය භාවිතා වේ. 

රූහ් සෑම කෙනෙකුගේම එකම ආකාරයේ උනාට නෆ්ස් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ ක්‍රියා මත එකිනෙකාට වෙනස් වේ.

නෆ්ස් වර්ග තුනක් තිබේ: 

  1. අල්-නෆ්ස් අල්-අම්මාරා, (මනුශ්යත්වයේ පහත් මට්ටම)
  2. අල්-නෆ්ස් අල්-ලව්වාමා, (මනුශ්යත්වය ගැන වැටහෙන මට්ටම)
  3. අල්-නෆ්ස් අල්-මුතම'ඉන්නා. (මනුශ්යත්වයේ ඉහලම මට්ටම)

1). "නෆ්ස් අල්-අම්මාරා මගින් පිළිබිඹු කෙරෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර ආශාවන්, ස්වයං තෘප්තිය, ක්ෂණික තෘප්තිය ආදියයි.

"මිනිසුන්ගේ සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය"; (12:53)  

එනම්, හරි වැරද්ද, යුක්ති අයුක්තිය නොසලකා ගිජුකම, බලය, ආධිපත්‍යය අසමානතාවය ආදියට කැමැත්ත ඇති වේ. එහෙයින් මෙලොව සැපම සොයන අතර ආත්ම ප්‍රශංසාව, උඩඟුකම, බොරු කීම, කේලාම් කීම, බැන වැදීම, ඊර්ෂ්‍යාව, විවේචනය, අතෘප්තිය, ආත්මාර්ථකාමිත්වය, තණ්හාව සහ තමාට අධිකව ආදරය කිරීම වැනි ලක්ෂණ වැළඳ ගනී. 

(අන් අයට නිහතමානීව, ගෞරවයෙන්, හා සමාන ගුණාංගවලින් සැලකීමෙන් එවැනි ආශාවන් පාලනය කළ හැක).

'නෆ්ස් අල්-අම්මාරා හරියට ඔබ නැඟ සිටින වල් අශ්වයෙකු වැනිය. ඔබ එක තත්පරයකට ඔබේ අවධානය වෙනතක යොමු කළහොත්, ඌ ඔබව ඉවතට විසි කරයි'. ඔබ තුල මේ ස්වභාවය ඇති නිසා නරක අතට යොමුවීමෙන් ඔබව වලක්වා ගැනීමට ඔබට වෙහෙසක් දැරීමට සිදු වෙයි. මනා පුහුණුවක් තුලින් එය පාලනය කල හැක.

2). නෆ්ස් අල්-ලව්වමා තමාගේ අභ්‍යාන්තරය අසම්පූර්ණ ආශාවන් අනුගමනය කිරීම සහ ක්ෂණික තෘප්තිය ඉල්ලා සිටීම ගැන තමන්ටම දොස් පවරමින් තමාගේ අසම්පූර්ණකම හෙවත් දුර්වලකම ගැන දැනුවත් වීමට ඉඩ සලසයි. එය යහපත් දෙයට ආරාධනා කරයි. යහපත් ක්‍රියාවන්හි විශිෂ්ටත්වය දැනගෙන, වැරදි ක්‍රියාවලින් සහ අයහපත් ක්‍රියාවලින් තමාව ඈත් කරයි. මෙම ස්වභාවය ගැන කුරානයේ මෙසේ සදහන් වේ. 

"වරද කළ අයට නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රමි. ("මම ස්වයං නින්දා කරන ආත්මය මත දිවුරමි") (75:2). 

වැරදි ක්‍රියාවන්හි නියැලීම වරදකාරී හැඟීම ඇති කරයි, එහෙත් මෙම ස්වභාවය මගින් පුද්ගලයා තමාව නිවැරදි කිරීමට හෝ වරදින් වැළකී සිටීමට පටන් ගන්නා අතර එමඟින් ඔහුට ලැජ්ජාව සහ පසුතැවිල්ල ඇතිවීමේ හේතුව නතර වේ.

මෙම අදියරේදී පුද්ගලයාගේ හෘදය සාක්ෂිය අවදි වේ. එහි අණට අකීකරු වීම ගැන ඔහු ඔහුටම චෝදනා කිරීමට පටන් ගනී සහ ඔහු විඥානය, තාර්කිකත්වය සහ අභිලාෂයන් නෆ්ස් අල්-ලව්වාමාව පරිපූර්ණ වීමට පොළඹවයි. යහපත උල්ලංඝණය කිරීම ගැන සහ එම වරදේ යථාර්තය වටහා ගනී". 

"නබිතුමාණන් මෙසේ පැවසූහ, 'ආදම්ගේ [සහ ඒවගේ] සියලුම දරුවන් පව්කාරයන් වන අතර හොඳ පව්කාරයන් පසුතැවිලි වන අයයි" ("සුනන් අල්-තිර්මිදි," හදීස් අංක 2499).

3). නෆ්ස් අල්-මුතම'ඉන්න යනු සන්සුන් භාවයේ, සන්සුන් භාවයේ සහ සාමයේ තත්වයකි, මන්ද යමෙකු ඔහු/ඇය තවදුරටත් වැරදි ක්‍රියාවන් සහ නරක ක්‍රියාවන් නොකරන අවස්ථාවට පැමිණ ඇත. විනයගරුක ජීවිතයක් ගත කළ එබඳු අය අවසානයේ ව්‍යාජ උඩඟුකම, තණ්හාව සහ ආධිපත්‍යය අතහැර පරාර්ථකාමී හා නිහතමානී බවට පත්ව ඇත. මනුෂ්‍යත්වයට සේවය කිරීම තම පරම අරමුණ කර ගනී.

මෙවන්නන් සම්බන්ධව අල්ලාහ් මෙසේ පවසයි.

(එහෙත් එදිනදී හොඳ වහලුන්ට) "ඕ තෘප්තියට පත් ආත්මය. ඔබ ඔබගේ දෙවියන් දෙසට යනු. ඔහු මගින් ඔබ තෘප්තියට පත්වනු. ඔහු ඔබ ගැන තෘප්තියට පත්වී ඇත්තේය. ඔබ මගේ හොද වහලුන් සමග එකතුවී, මගේ ස්වර්ගයෙහි ඔබ ඇතුළුවනු! (යැයිද පවසනු ඇත).(89:27-30)



දෙවිඳුන් "නෆ්ස්" යන වචනය භාවිත කරමින් ඉදිරිපත් කර ඇති කුරාන් වැකි කිහිපයක් පහතින් දක්වා ඇත.

ආත්මය දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කර සමානුපාතික කර ඇත. දෙවියන් වහන්සේ ආත්මයට හරි වැරැද්ද පිළිබඳ දැනුම ලබා දී ඇත

මිනිසුනේ! ඔබ ඔබගේ දෙවියන්ට බිය වී කටයුතු කරනු. ඔහු ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කළේය. (ආරම්භයේදි එම එක්කෙනාව උත්පාදනය කර) ඔහුගෙන් බිරිඳ උත්පාදනය කළේය. පසුව ඒ දෙදෙනාගෙන් බොහෝ පිරිමි ගැහැනු (ඉකුත් කර) විසිර යාමට සැලැස්සුවේය; (4:1)

ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද, එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම. කවුරුන් (පාපයන්ගෙන් ඈත්වී) තමන්ව පරිශුද්ද කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහනය කළේය. කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය. (91:7-10).

ආත්මය පරලොවදී විනිශ්චය කරනු ලබන අතර එය උපයාගත් දේ ලැබෙනු ඇත.

තවද එක් දිනක් ගැන බිය වනු. එදින (ණය ලබාගත් අයද, දුන් අයද ආදී) ඔබ (සියල්ලන්වම) අල්ලාහ් වෙත ගෙන එනු ලබන්නෙහුය. සෑම ආත්මයක්ම, එය කළකම් වලට පූර්ණ වශයෙන් (ඵලවිපාක) දෙනු ලබනු ඇත. තවද ඒවාට අපරාධ කරනු නොලැබේ. (2:181)

ඔබ එක් දිනක් ගැන බියවනු. (එදින) කුමන ආත්මයක් හෝ අනිත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් අත් කර දීමට නොහැක. ඒ වෙනුවෙන් (ඔහු) මැදිහත් වී කතා කිරීමද භාර ගනු නොලැබේ. තවද ඔවුන් කිසිවෙකුගෙන් කිසිම උදව්වක් කරනු නොලබන්නාහ. (2:48)

කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙන් (ප්‍රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත් වී තමන්ව වලක්වා ගත්තේද, නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි.(79:40,41)

ආත්මයට නපුර කිරීමට අණ කිරීමට හැකියාව ඇත

මිනිසුන්ගේ සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය; (12:53)

නියත වශයෙන්ම අපිම මිනිසාව පළමු වරටද උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇතිවන සිතුවිල්ලද, අපි හොඳින් දනිමු. පිටි බෙල්ලේ ඇති පන නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපව සිටින්නෙමු.( 50:16)

ආත්මයට තමාවම වාරණය කිරීමට හැකියාව ඇත

වරද කළ අයට නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රමි. (75:2)

සමාදානයෙන් සිටින ආත්මය පාරාදීසයට ඇතුල් කරනු ලැබේ

(එහෙත් එදිනදී හොඳ වහලුන්ට) "ඕ තෘප්තියට පත් ආත්මය. ඔබ ඔබගේ දෙවියන් දෙසට යනු. ඔහු මගින් ඔබ තෘප්තියට පත්වනු. ඔහු ඔබ ගැන තෘප්තියට පත්වී ඇත්තේය. ඔබ මගේ හොද වහලුන් සමග එකතුවී, මගේ ස්වර්ගයෙහි ඔබ ඇතුළුවනු! (යැයිද පවසනු ඇත).(89:27-30)

දෙවියන් වහන්සේගේ මාර්ගයෙහි වියදම් කිරීමෙන් ආත්මය ශක්තිමත් කළ හැකිය

කවුරුන් තමන්ගේ වස්තුව අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් තමන්ගේ සිත් ස්ථිරභාවයෙන් වියදම් කරන්නෝද, ඔවුන්ගේ (දානමානයට) තිබෙන උපමාව, උසස් භූමිය (වන කන්දක්) මත තිබෙන එක් වත්තකට සමවන්නේය; (2:265)

ආත්මය මරණය රසවිඳියි

සෑම ආත්මයක්ම මරණය අනිවාර්යෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දිනදීය;(3:185)

ආත්මයට වැරදි කිරීමට හෝ විනාශ කිරීමට හෝ පව් කර පසුව සමාව පැතීමට හැකිය

කවුරුන් හෝ පාපයක් කිරීමෙන් අනතුරුව, නැතහොත් තමන් තමන්ටම නපුරක් කරගෙන පසුව (එයින් ඈත් වී ඇත්තෙන්ම පශිචාත්තාප වී)අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් (ඔහුගේ පාපයන්ට) ඉතාමත් සමාව දෙන ආදරයෙන් බර කෙනෙකු වශයෙන්ම අල්ලාහ්ව ඔහු දකිනු ඇත. (4:110)

නියත වශයෙන්ම තමන් තමන්ටම හානියක් කර ගත්හ; (7:53)

-(මෙසේ බොරු දිවුරුම් කරන) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යන්න අල්ලාහ් හොඳින් දන්නේය;(9:42)

අල්ලාහ් ඔවුන් මිය ගිය විට රූහ් සහ නෆ්ස් අත්පත් කරගනී ගනී. 

මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත් නොවී නින්දෙහි සිටින විටද, අල්ලාහ් ඔවුන්ගේ පණ අත්පත් කර ගන්නේය. පසුව කවුරුන් කෙරෙහි මරණය නියම වූවේද, ඔවුන්ගේ පණ (තමන් වෙතම) නවතා තබා ගන්නේය. අන් අයගේ (පණ) නියමිත කාලය දක්වා (ජීවත් වීමට) ඔවුන් වෙතම ඔහ්හු යවන්නේය. අවධානය කර දැනගත හැකි ජනතාවට මෙහි පාඩම් (බොහෝමයක්) ඇත්තේය. (39:42)

ආත්මය (රූහ්) සහ නෆ්ස් අවස්ථා කිහිපයක සම්බන්ධතාවයක් පෙන්වයි.

1). ඔබ ඉපදීමට පෙර ඔබගේ ආත්මය සූදානම්ව තිබින.

2). ඔබගේ මව ගැබ් ගත් පසු කුස තුලට ඔබේ ආත්මය සම්බන්ධ වීම

3). ඔබ නිදන විට ඔබේ ආත්මය (සහ විඥානය) සුළු වෙලාවකට ඔබේ ශරීරයෙන් පිටත් වේ.

4). ඔබ මරණයට පත් වන විට ඔබේ ආත්මය (රූහ්) නෆ්ස් සමග ඔබේ ශරීරයෙන් පූර්ණව ඉවත් වේ. පුද්ගලික විඥානය සහ උප විඥානය (සිත ලෙසද මෙය අපට හදුන්වන්න පුළුවනි) එය ශරීරය සමගම අක්‍රිය වේ. ආත්මය (රූහ්) සහ නෆ්ස් පිටත් වූ පසු ඒවා තවදුරටත් ක්‍රියාත්මක නොවේ.

පිටත් වූ රූහ් සහ නෆ්ස් දීර්ග ගමනක යෙදේ. ඒ ගැනද නබි තුමන් විස්තර කර ඇත.

5). විනිශ්චය දින නැවත නැගිටුවීමේදී ඔබ මෙලොව අතහැර දමූ සිරුර නැවත නිර්මාණය කර එය තුලට ශරීරයෙන් ඉවත්ව ගමනක යෙදුනු රූ සහ නෆ්ස් නැවත ශරීරය තුල ස්ථාපනය කරනු ලබයි. ඉන් පසු දෙවියන් ඉදිරියේ මෙලොව ජීවිතය සම්බන්ධව අවසන් විනිශ්චයට මුහුණ දෙනු ඇත. 

6). විනිශ්චයට පසු රූහ් සහ නෆ්ස් දෙවියන් ආරම්භයේදී පොරොන්දු වූ අවසන් ගමනාන්ත වෙත යොමු කරනු ඇත. එනම් නිරයෙන් හෝ ස්වර්ගයෙන් අවසන් වේ. ඒවාහී අනන්තකාලයක් සිටිනු ඇත. ඒවාට ගැලපෙන අයුරින් නැවත ශරීර ලබා දෙනු ඇත.

4). හදවත (එනම් අවයවය නොව, ඔබ තුල ඇති සත්‍යභාවය/ හෘද සාක්ෂිය)

මෙය අප කාටත් හුරු පුරුදු දෙයකි. ඔබ යම් කෙනෙකුට හදවතින් මොන තරම් සමීපද? ඔබ හදවතින්ම නපුරුකම් කරන කෙනෙක්ද? ඔබට හදවතට එකඟව අසාධාරනය කළ හැකිද? 

ඔබ කියන දෙය, ඔබ කරන දෙය, ඔබ හිතන දෙය ඔබේ හදවතත් සමග උරගා බලන්න. එය තුල සත්‍ය ඇත, දෙවියන් එය තුල යහපත ස්ථාපනය කර ඇත. එය තුල අවංකභාවය ඇත. එය තුල සැබෑ ආදරය ඇත. එය තුල විශ්වාසනීය බව ඇත. ඔබ බලන සමහර ටෙලි නාට්‍යය බැලීමට තරම් වටිනව දැයි ඔබ ඔබේ හදවතින් විමසා බලන්න. ඔබ ඇතැම්විට අනවශ්‍යය ලෙස විනෝද වෙමින් කාලය කමින් සිටීම යුක්ති සහගත දැයි ඔබ ඔබේ හදවතින් අසා බලන්න. ඔබ ඔබ ගැන සොයා බැලුවාද? ඔබේ නිර්මාණය කෙසේ වූවා දැයි ඔබ සිතා බැලුවාද? ඔබේ නිර්මාතෘ දෙවියන් ගැන ඔබ මෙනෙහි කර බැලුවාද? මේවා ඔබේ හදවත තුලින් විමසා බලන්න. මේ සියල්ල සමගයි දෙවියන් ඔබව නිර්මාණය කර ඇත්තේ. ඔබ දෙවියන්ට ස්තුති වන්ත වෙන්න මෙතරම් වටිනා ජීවිතයක් සහ ස්වර්ගය වැනි අනර්ඝ අනාගත අවස්ථාවක් ඔබ ඉදිරියේ තබා තිබීම ගැන.

අල්ලාහ් කුරානයෙන් මේ හදවත ගැන කතා කරයි.

ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද- එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම, කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පාරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය. (91:7-9)

අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා ඇත.

අබු තාලබා වාර්තා කරයි: "අල්ලාහ්ගේ දූතයාණනි, නීත්‍යානුකූල සහ නීති විරෝධී කුමක්දැයි මට පවසන්න" යැයි මම කීවෙමි. නබි (සල්) තුමාණෝ පැවසූහ, "ධර්මිෂ්ඨකම යනු ආත්මයේ සන්සුන් භාවය සහ හදවත නම් මනසේ සාමයයි. විනිශ්චයකරුවෙකු එය අනුමත කළත් පාපය ආත්මය තුළ සන්සුන් නොවේ, හදවතට තෘප්තිමත් නොවේ." Source: Musnad Aḥmad 17742 Grade: Sahih (authentic)

වබීසා ඉබින් මා'බද් වාර්තා කරයි: අල්ලාහ්ගේ දූතයාණෝ, (ඔහුට සාමය හා ආශීර්වාදය ලැබේවා!), "ඔබ ධර්මිෂ්ඨකම සහ පාපය ගැන විමසීමට පැමිණියාද?" යනුවෙන් මාගෙන් ඇසීය. මම ඔව් කිව්වා. නබිතුමා තම හස්තය අල්ලා ඔහුගේ පපුවට පහර දෙමින්, "ඔබේ ආත්මය ගැන විමසන්න, ඔබේ හදවත විමසන්න, ඕ වබීසා. ධර්මිෂ්ඨකම යනු ඔබේ ආත්මයට සහ ඔබේ හදවතට සහනයක් ලබා දෙනනක් වන අතර, මිනිසුන් නැවත නැවතත් ඔවුන්ගේ විනිශ්චයන් අනුමත කළත්, පාපය ඔබේ ආත්මය තුළ සැලෙන අතර ඔබේ පපුවට ආතතියක් ඇති කරයි. Source: Sunan al-Dārimī 2533

by sjw