
ඉස්ලාමයට අනුව මිනිසාගේ ජීවන ගමනේ ආරම්භය, මැද සහ අවසානය
අපගේ ලෞකික ජීවිතයට පෙර සහ පසු අනුක්‍රමික පියවර මාලාවක් ලෙස තවත් ජීවන අවස්ථා කිහිපයක් තිබේ. ඒවා පිළිවෙලින් මෙසේය.
- මුලින්ම දෙවියන් විසින් සියළුම මිනිසුන්ගේ ආත්ම නිර්මාණය කළ පසු රැඳී සිටින කාලය
- *[පළමු පිරිමි මිනිසා සහ පසුව පළමු කාන්තාව නිර්මාණය]
- *[පළමු මිනිස් යුවල පෘතුවියට පැමිණීම]
- නව දරුවන්ගේ ගර්භාෂ අවධිය (පළමු දින 120)
- එය වෙත ආත්ම ඇතුළු වීම සහ ඉතිරි ගර්භාශ අවධිය
- මිනිසෙකු ලෙස පරිසරයෙහි ගතකරන (තම ඉරණමේ පරීක්ෂන) අවධිය
- මරණින් පසු (බර්සාහ් නම් මිණී වල තුල) ගතකරන ජීවිත කාලය
- විනිශ්චය දිනය ගතකරන කාලය
- විනිශ්චයට පසු ස්වර්ගයට හෝ නිරයට යාමට ගතවන කාලය
- සමහරු නිරයෙහි ගත කරන සදාකල් ජිවීතය
- සමහරු ස්වර්ගයෙහි ගත කරන සදාකල් ජිවීතය
[1]. පළමු පියවර ලෙස විශ්වයේ නිර්මාතෘ සර්වබලධාරී දෙවියන් තම අණ පරිදි අහසේ එක්තරා ස්ථානයක මිනිසුන්ට ආත්මීය තත්වයක් නිර්මාණය කළේය.
වැඩි විස්තර සඳහා දෙවියන් අපව නිර්මාණය කළේ ඇයි යන සබැඳි ලිපිය කියවන්න.
[2]. මිනිස් සංහතිය ඇති කිරීමෙහි දෙවනි අදියරය ලෙස අහසෙහි යම් ස්ථානයක (ස්වර්ගයක) පළමු මිනිසා ලෙස ආදම් (අලෙහිස්සලාම්)ව නිර්මාණය කර ඔහුගේ ශරීරය තුලට ඔහුට නියම කළ ආත්මය (රූහ් සහ නෆ්ස් යන තත්වය) ලබා දී ඔහු ජීවමාන බවට පත් කිරීම.
වැඩි විස්තර සඳහා පළමු මිනිසා-(ආදම්)ව නිර්මාණය කිරීම යන සබැඳි ලිපිය කියවන්න.
එහිදී අනාගතයේ ඉපදීමට නියමිත අප ඇතුළු සියළුම මිනිස් සංහතියට අදාල ජාන ආදිය ආදම් (අලෙහිස්සලාම්) තුලම තැන්පත් කර ඇත.
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස් අදියට අදාලව වැඩි විස්තර සඳහා සබැඳි ලිපිය කියවන්න
ඉන් පසු ඔහු වෙතින්ම (එනම් ඔහුගේ ශරීරයෙන්ම ගත් ඉල ඇටයකින්) ඔහු වෙනුවෙන් බිරිඳක් ලෙස (මැවීමකින්) පළමු කාන්තාව (හව්වා අලෙහිස්සලාම්ව) නිර්මාණය කිරීම.
[3]. ඉන් පසු ඔවුන් දෙදෙනා ස්වර්ගයේ සිට පෘතුවිය වෙත පහළ කිරීම.
පසුව ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස එක්වීම හේතුවෙන් දරු පරම්පරාවක් ව්‍යාප්ත විය.
ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන් ලෙස කාලයකට පසු වත්මන් තම පියා ගේ (ශුක්‍රාණු) බීජ හරහා පැමිණ, තමන්ගේ මවගේ ඩිම්භ සෛලයක් සමග සම්බන්ධ වී තමන්ට හිමි ජීවයක් රහිත ශරීරය සැකසුනි.
[4]. එය දින 120 ක් වර්ධනය වූ පසු ඉහත සඳහන් කළ අහසෙහි යම් ස්ථානයක දී දෙවිඳුන් විසින් නිර්මාණය කළ ආත්මය නැමති දෙය එම ස්ථානයේ සිට මවගේ කුස තුල වර්ධනය වී ඇති කළලය වෙත දේවදූත (මලායිකා)වරයෙකු විසින් ගෙන විත් ඇතුළු කරන ලදී.
[5]. ඉන්පසු ජීවය සහිතව මවගේ ගර්භාශය තුල එක්තරා ජීවිතයක් ගත කිරීම. (ගර්භාෂය තුල ජීවිතය මෙලොවට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක් වැනි තැනකි, අපට මෙලොවට වඩා හාත්පසින්ම වෙනස් ලෝක ඇති බව වටහා ගෑනීමට ගර්භාෂ අවධියම හොඳ උදාහරණයකි). එයට අනුව අප පසු කළ දෙවැනි ලෝකය ගර්භාෂ අවධියයි.[6]. ගර්භාෂයෙන් ඉකුත්ව මිනිසා මෙලොව පරිසරයට ඇතුළු වන්නේ සතුන්ට වඩා සාපේක්ෂව දුර්වල බාහිර හා අභ්‍යන්තර ශරීරයක් සහිතවය. උදාහරණයක් ලෙස අලුත උපන් මුව පැටියෙකු දෙස බලන්න. ඌ උපන් සැණින් නැගිට මවගේ පියයුර සොයාගෙන කිරි බී සෙල්ලම් කිරීමටද පටන් ගන්න නමුත් මනුෂ්‍යය දරුවාට මාස තුනක් පමණ වනතුරු හිස කෙලින් කර ගැනීමටවත් නොහැකිය. මුල් දවස්වල අම්මා තමයි හැමදේම කළේ. අම්ම තමයි හැම දේම ඉගැන්නුවේ.
මිනිසාට සිතීමට මෙහි යම් සංඥාවක් තිබේ. අපි නොදන්න ගොඩක් දේවල් අපිට පිටින් ඉගෙන ගන්න වෙනවා. ලෝකයට සවන් දිය යුතුය. නොදන්නා දේ සොයා බලන්න වෙනවා. එය මිනිස් ස්වභාවයයි.
භාහිර පරිසරයට හුරු උන දරුවා මවගේ කුස තුල දුටුවාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක සොභාදහමක් දකිනවා. ඔහු ඒ ගැන දන්නෙ අල්පයකි. එනිසා ඔහුගේ සිතේ නැගෙන සමහර ප්‍රශ්න මාපියන්ගෙන් අසන විට ඒවාට පිළිතුරු ඔවුන් දන්නේද නැත.
අම්මේ.. මේ අහසේ තරු කොහොමද ඇති උනේ? අප බොන කිරි නිර්මාණය වූයේ කොහොමද? සතුන් මේ ලෝකයට පැමිණියේ කොහෙන්ද? ඊට පස්සේ මේ මැරුණු සමනලයාට මොකද වෙන්නේ?
මේ වගේ ළමා සිත්වල නැගෙන ප්‍රශ්න ඉවරයක් නැහැ. බොහෝ දේවල් නොදන්න වැඩිහිටියන් මෙවැනි ප්‍රශ්ණ වලදී ළමයින්ට බොරු උත්තර දෙන්නත් හොඳ නැහැ. මෙවැනි තත්ව යටතේදී විශ්වයේ සහ මිනිසාගේ නිර්මාතෘ මිනිසාව අසරණ කළේ නැත. දෙවිඳුන් විසින් මිනිසා නොදන්නා බොහෝ දේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් අපට දැනගැනීමට සලස්වා ඇත. මානව වර්ගයාගේ සෑම සමාජයකටම නබිවරුන් 100,000 කට වඩා යවා ඇත. මිනිසාගේ බුද්ධියට ග්‍රහණය නොවන බොහෝ තොරතුරු ඔවුන් හරහා අප වෙත ලැබී ඇත. ඒවාට ඇහුන්කන් දීම මනුෂ්‍යයාගේ වගකීමකි. ඒ අනුව යමින් බාල පරම්පරාවට නිවැරදි පිළිතුරු ලබා දී ඔවුන්වත් යහමග යැවීමට වගබලා ගත යුතුයි.
මිනිසුන්ට දෙවියන් පහළ කළ මාර්ගෝපදේශ සමග පැමිණි නබිවරුන්ගේ පෙලපතක් ගැනද මෙම සබැඳියෙන් ඔබට බලාගත හැක.
අපගේ සමාජයට මඟ පෙන්වීම සඳහා දෙවියන් වහන්සේ අවසාන දේවදූතයා ලෙස මොහම්මද් නබි ﷺ තුමා එවා ඇත. ඔහු ගැන දැනගැනීම සෑම මිනිසෙකුගේම වගකීමකි. මෙම සබැඳි ලිපියෙන් ඔබට මොහම්මද් නබි ﷺ පිළිබඳ බොහෝ තොරතුරු ලබා ගත හැක. මොහම්මද් නබි තුමා කියන්නේ කවූරුන්ද? ඔහු ඔබගේත් නබිවරයාය.
ශුද්ධ වූ කුර්ආනය අද මුළු ලොවටම දෙවියන්ගෙන් මඟ පෙන්වීමක් ලෙස පහළ වී ඇති අතර එය අධ්‍යයනය කර ඒ අනුව තම ජීවිතය සකස් කර ගැනීමෙන් මෙලොව ජීවිතයේ අරමුණ සාක්ෂාත් කරගත හැකිය. කුරානය යනු කුමක්ද යන පාඨය සහිත මෙම සබැඳියෙන් ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. කුරාණය ඔබගේ ජීවන අත්පොතයි. එය කියවා බැලුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.
ශුද්ධ වූ අල් කුරානය තුලින් දෙවිදුන් බොහෝමයක් තොරතුරු අප වෙත ලබා දී ඇත. ඊට අමතරව දෙවිදුන් නබි ﷺ තුමා මාර්ගයෙන් තවත් තොරතුරු සහ උපදෙස් බොහොමයක් ලබා දී ඇත. ඒවා හදීස් ලෙස හදුන්වයි. හදීස් වලින් ජීවිතයට වටිනා කරුණු රාශියක් එකතුකර සැකසූ රියාලූස් සාලිහීන් නම් මහඟු වටිනාකමක් ඇති පොත මෙතැනින් විවෘත කර බැලිය හැක.
ඔබේ මෙලොව සංචාරය !!! සබැඳි ලිපිය හරහා ඔබ ජීවත්ව සිටියදී දැනගත යුතුම තවත් කරුණු කිහිපයක් අන්තර්ගත කර ඇත. ඔබ ඔබේ මෙලොව ජීවිතයේ අරමුණ වටහා ගෙන අනවශ්‍ය දෙවලින් ඉවත්ව අවශ්‍යය දේ කෙරෙහි නැඹුරුවන්න.
අපගේ මෙලොව ජීවිතය සඳහා දෙවියන්වහන්සේ විසින් අපට මොනතරම් වරප්‍රසාදයන් ලබා දී ඇත්දැයි ඔබ මදකට හෝ කල්පනා කර බැලුවාද? ඇත්තවශයෙන්ම ඒවා ගණනය කලොත් ගණනය කර අවසන් කල නොහැකිය. සමහර විට ඔබ සොබාදහම කියන්නෙ මොකක්ද කියලවත් තාම හරියට වටහා ගෙන නැතිව ඇති. දෙවියන්ගේ නිර්මාණ: ස්වභාවධර්මය සහ මිනිසාට දුන් වරප්‍රසාද සබැඳිය සහිත ලිපිය තුලින් මේ ගැන ඔබට හොද වැටහීමක් ලබා ගත හැක. ඒවා වෙනුවෙන් ඔබ කී සැරයක් නම් දෙවිඳුන්ට ඔබ ස්තුතී කර ඇත්ත? ඔබ මෙය වටහා ගත්තොත් ඔබ ඔබ ගැනම පසු තැවෙනු ඇත.
මේ ලොව තුල අප මොන තරම් ජයග්‍රහනය ලැබුවත් අප සිටින්නේ දෙවියන් පවසන මිනිසාගේ නොමග යෑම තුල නම් අප ලැබූ ජයග්‍රහනය සියල්ල මේ ලෝකයට පමනක් සීමා වනු ඇත. එම නිසා අපගේ නිර්මාතෘ අපට පෙන්වා දුන් ඍජු මාර්ගය තෝරාගෙන එහි යුහුසුළුව කටයුතු කිරීමට අප සැම වගබලා ගත යුතුය.
[7]. මරණයෙන් පසු ආත්මයට පමණක් බාහිර ශරීරයෙන් ඉවත් වී "බර්සා" නම් ස්ථානයක සිටීමට සිදු වේ. එය අප ඇතුළු වන සිව්වන ලෝකයයි. එහි තත්ත්වය පිළිබඳව දෙවියන් වහන්සේ අපට යම් තොරතුරු ලබා දී ඇත. එහි කාලය මේ ලෝකයේ අපගේ කෙටි කාලය මෙන් නොවේ. ඉතා දිගු කාලයකි. එයද එක්තරා ජීවිතයකි. මෙලොව ජීවත් වූ ආකාරය මත එහි තත්වය දුක්බර හෝ සැපවත් වනු ඇත.
[8]. ඉන් පසු අපගේ ඊලග පියවර ලගා වනුයේ යම් දිනක දෙවියන්වහන්සේගේ නියෝගයට අනුව අපව විනිශ්චය සඳහා කැඳවීමය. මෙලොව ජීවත් වී මියගිය සියළුම ආත්ම වෙත එදිනදී නැවත ශරීර ලබා දී විනිශ්චය සදහා සිටුවා තබනු ලබයි. එයද එක් දිනක් ලෙස සඳහන් වුවත් එය අපගේ ලොවට අදාල කාලයට අනුව එක් දිනක් නොව. දෙවියන්ගේ සන්නිධානයේ එක් දිනකි. එයද ඉතා දීර්ග කාලයකි. එදින තත්වයද සුව හෝ කටුක වන්නේ අප මෙලොව ජීවත්වන ආකාරය අනුවය. එයද අප අත්විදින තවත් ලෝකයකි. එදින දෙවියන් වහන්සේ විසින් සෑම කෙනාවම තනි තනිව ගෙන ප්‍රශ්න කරන බව සඳහන්.
අප ගමන ආරම්භයේදී භාරගත් වගකීම මත පදනම්ව මෙලොවදී අප විසින් එය ඉටු කල ආකාරය සහ එහිදී අප එකතුකරගත් කුසල් සහ අකුසල් ප්‍රමාණයන්ද මැන බලා එදින කිසිවෙකුට අසාධාරනයක් නොවන ලෙස සර්වසාධාරණ විනිශ්චයක් මත පහත සඳහන් වන පරිදි අපව අපගේ ඊලග සහ අවසාන ගමනාන්තය ලෙස තවත් වෙනස්ම ආකාරයේ ලෝකයකට අපව සේන්දුකරනු ඇත.
[9]. මෙහිදී මුලින්ම, මෙලොව දී නිර්මාතෘව ප්‍රතික්ශෙප කල අයව ඔවුන්ගේ මෙලොව අනිකුත් යහකම් කිසිවක් නොසලකාම නිරයට සේන්දු කරන බව දෙවියන්වහන්සේ පවසා ඇත. තමන්ගේ නිර්මාතෘව ප්‍රතික්ශේප කිරීම, ඔහුගේ උපදෙස් නොසලකා හැරීම, තම සමාජයට පැමිණි නබිවරයාව ප්‍රතික්ශේප කිරීම ආදිය ගමන ආරම්භයේදී තමා දෙවිදුන්ට දුන් පොරොන්දු කඩකිරීමකි. එම පොරොන්දුව ගැන පවා මෙලොවදී මතක් කර දී තිබේ. තම හෘද සාක්ශිය තුලම දෙවියන් සිටියේය. එය පවා නොසලකා සිටීම මෙම අභාග්‍යය ඉරණම අත්කර ගැනීමට හේතු විය.
තමා කල වරද මැනවින් වටහා ගත් එම අභාග්‍යවන්තයින් තමාටම දොස් පවරමින් නිරයට පිවිසෙන බව දෙවිඳුන් කල් තියාම අපට සිහිපත් කර දී ඇත.
ඔවුන් හැරුනුකොට, මෙලොවදී නිර්මාතෘව පිළිගෙන යහපත් ලෙස සිටි අයව ස්වර්ගයට සේන්දු කඅරනු ඇත.
මෙලොව දී නිර්මාතෘව පිළිගෙන මුස්ලිමෙකු ලෙස හැසිරෙමින්, එහෙත්, අයහපත් දේ කර තිබුනා නම් ඒවාට වන්දි ලෙස සමාව හෝ දඩුවම් දී, (සමහර විට යම් කාලයක් දක්වා නිරය තුල දඩුවමට ලක් කර කර) පසුව අවසානයේ ඉන් පිටකර ස්වර්ගයට සේන්දු කිරීමක් ද සිදුකරනු ඇත. ස්වර්ගයට ඇතුළු වීමට පෙර සිරාත් නම් පාලමක් තරණය කල යුතුව ඇත. සමහරුන්ට එය ඉතා දීර්ඝ කාලයකි. මෙලොව අහංකාර කමින් සිටි මිනිසුන්ට එය දීර්ඝ කාලයකි. සමහරුන්ට ඉතා කෙටි කලකින් එය තරණය කල හැක. සමහරුන් ට එය තරණක කළ නොහැකිව නිරය දෙසටම ඇද වැටෙනු ඇත.
[10][11]. ඉන් පසු අපායට නියම වුවන් සහ ස්වර්ගයට නියම වූවන් දෙවියන් කැමති තාක් එහිම සිටීමට ඉඩ හැරීම. ඒවා ඔවුන්ගේ සදාකල් වාසස්ථාන වනු ඇත. (ස්වර්ගය සහ නිරය ගැන දෙවිඳුන් විසින් පවසා ඇති තොරතුරු පහත සබැඳි තුලින් කියවා බලන්න).
මෙයයි අපේ ගමන...
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න