ඉස්ලාමය සත්‍යය බව තහවුරු කරගැනීමට සාදක

අපි යමක් සත්‍යයමදැයි දැනගැනීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නෙමු. අපට හිමි අපගේ නිවසේ සැබෑ අයිතිය තහවුරු කරගන්නේ එහි ඔප්පුව ආදිය නිසි පරිදි පරීක්ශා කර බැලීමෙනි. එසේම අප අදහන ආගම සත්‍යයමදැයි දැනගැනීමටත් අප උත්සහ ගත යුතුයි. නිවසකට ඇත්තේ එක් සත්‍යය ඔප්පුවක් පමණක් මෙන්ම මෙලොව ජීවත් වෙන මිනිසාට තිබිය යුත්තේද එක් සත්ය ධර්මතාවයක් විය යුතුයැයිද මම විශ්වාස කරමි. 

ඇත්තටම නම් අපගේ ආගම තමයි අපගේ ඉරණම. අපගේ ඉරණම වෙනුවෙන් අප තෝරාගෙන ඇති ආගම කෙතරම් දුරට සත්‍යය දැයි යම් මට්ටමකින් හෝ තහවුරු කරගැනීමට අප සැම උනන්දු විය යුතුයි. එසේ නොවුනහොත් අප නොදැනුවත්වම අප අදහන ආගම නිසාම අප අභාග්‍යයවන්ත වීමට ඉඩ ඇත. ඉස්ලාම් දහම සත්‍යයදැයි වටහා ගැනීමට ගත් උස්සහයකි මේ.

පහත සඳහන් කාරනා ගැන වැඩිපුර අධ්‍යයනය කිරීමෙන් එය තහවුරුකර ගැනීමට පහසු වේවි. 

  1. ඉස්ලාම් දහම යනු සියළුම නබිවරුන් සියළුම ලෝකවාසීන්ට ගෙන ආ එකම පණිවිඩයයි. 
  2. මිනිසා විසින් කිසිදා වෙනස් නොකළ එකම ශුද්ධ වූ දිව්‍ය ග්‍රන්ථය කුරානයයි. 
  3. ඉස්ලාම් දහමෙහි මුල මැද අග පැහැදිළිය, දැණුමින් පෝෂිතය, බුද්ධි ගෝචරය, තර්කයට ඉඩදී ඇත. 
  4. ඉස්ලාම් දහමේ පණිවිඩය විද්‍යාත්මක සහ තවත් විවිධ ආශ්චර්‍යයන්ගෙන් සමන්විතය. එනම් මෙය මනුෂ්‍යය බුද්ධියට එහා ගිය දැණුමක් සහිත ඇති දෙයක් ලෙස දකින්නට තිබීම. 
  5. අවසන් නබිවරයාගේ පැමිණීම ගැන පෙර ඉකුත් වූ ධර්ම පුස්තක වල සදහන්ව තිබීම. 
  6. මොහම්මද් (ﷺ) තුමාගේ නබිත්වය පිළිබඳ පිළිගතහැකි සාක්ෂි තිබීම. 
  7. දහමෙහි නිර්මාතෘ වන දෙවියන් සිටින බවට පැහැදිළි තර්ක ඉදිරිපත් කල හැකි වීම.
  8. සොබාදහමත් සමග ඍජු සම්බන්ධතාවයක් ඇති දහම වීම.

1- ඉස්ලාම් දහම යනු සියලුම නබිවරුන් ගෙන ආ එකම පණිවිඩයයි. පළමු මනුෂයයා වන ආදම් (අ.ස) ගේ සිට අවසන් නබිවරයා වන මොහම්මද් නබිතුමා දක්වා වූ සියලුම නබිවරුන් මහලොවේ සිටි සියලුම මනුෂ්‍යයන්ට එකම දෙවියන්ගේ එකම පණිවිඩය රැගෙන ආ දේව දූතවරයන්ය. එනම් ඉස්ලාම් දහම සියලුම මනුෂ්‍යයන්ට පොදු දහමකි. එනිසා එය සත්‍යය බවට තර්ක කල හැක.

දෙවියන් වහන්සේ විසින් සෑම අනාගතවක්තෘවරයෙකුම මනුෂ්‍ය වර්ගයා වෙත එවන ලද්දේ සරල පණිවිඩයක් ලබා දීම සඳහාය. එනම්, දෙවියන් වහන්සේ එක්කෙනෙකි යන්නය. ඒ සමග ඒ ඒ කාලවල පැමිණි නබිවරුන් එම සමාජවලට දෙවියන් ලබා දුන් එම ප්‍රධාන පණිවිඩය සමඟ දෙවියන්ගේ මාර්ගෝපදේශයන්ද ඉදිරිපත් කලහ. ඒවායේ නීති-රීති එම සමාජයන්ට සරිලන සේ ලබා දී ඇත. එනිසා මෙය වඩාත් ප්‍රායෝගික දහමක් බව ඉස්මතු වේ. 

වත්මන් මුස්ලිම්වරුන් සියලු නබිවරුන්ව විශ්වාස කර තම කාලසීමාවට පහළ වූ අවසන් නබිවරයාව අනුගමනය කරයි.


නබියේ! සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කර තැබුවේය. (මෙය) මෙයට පෙර තිබූ (ධර්මයන්) සියල්ලම ස්ථිර කරන්නේය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහළ කලේය. (3:3)


මීට පෙරද මිනිසුන්ට සෘජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුණු (පව්, පින්) වෙන් කර දැනුම්දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. (3:4)


2- මිනිසා විසින් කිසිදා වෙනස් නොකළ එකම ශුද්ධ වූ ග්‍රන්ථය අල් කුර්ආනයයි (එහි දිව්‍ය හෙලිදරව්වන් පහළ වූ ආකාරයටම සුරක්ශිතව තිබීමේ තර්කය).

අල්ලාහ් කුරානයේ අපට මෙසේ පොරොන්දු වෙයි.

නියත වශයෙන්ම අපි අල් කුර්ආනය පහළ කළෙමු, නියත වශයෙන්ම අපිම එහි භාරකරු වන්නෙමු (අපිම එය ආරක්ශා කරන්නෙමු). (කුරානය 15:9)

කුරානය නබි ﷺ තුමාගේ ජීවිත කාලය තුල වසර 23ක් පුරාවට වරින් වර පහළ වූවකි. නබි තුමා සහ ඔහුගේ අනුගාමිකයින් එම පහල වූ අවස්ථාවේ සිටම ඒවා කටපාඩම් කර ගත්හ. සමහර වැකි හම් ආදියෙහි ලියා ගත්හ. එසේම කටපාඩම් කල දෑ තම මිතුරන් අතරේද ප්‍රචාරය කර ඔවුන්ටද කටපාඩම් කරවීය. නබි තුමාගේ අභාවයට පෙර සියල්ල මනා පිලිවෙලකට නබිතුමා විසින් පාරයනා කර පෙන්වීය. නබි තුමාගේ අභාවයෙන් වසර දෙකකට පසු අබුබකර් රලි තුමාගේ උපදෙස් මත zසෙයිද් ඉබ්න් තාබිත් සහාබිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර වසර දහයක් වැනි කෙටි කලකදී කටපාඩම් කල අය සහ ලියාගත් දෑ එකට සසඳා පොතක් ලෙස සැකසීය. එම පොත ඒ ආකාරයටම පිටපත් කර බෙදා හැරීම සිදු කලේය. එම මුල් පොතෙහි ඇති වාක්‍යය වල අකුරක්ද තිතක්ද අඩු තරමින් අකුරුවල පරතරයක්ද වෙනස් නොකර අද දක්වාම එහි පිටපත් නිකුත් කරයි. කටපාඩම් කල දෙයද එයට සමානව කිසිදු වෙනසක් නොකර අද දක්වා පැමිණ ඇත. මෙය කටපාඩම් කල අය ලක්‍ෂගණනින් අදත් ලොව තුල සිටී. අල් කුර්ආනයේ සෑම වචනයක්ම, අකුරක්ම සහ සෑම විරාමයක්ම පවා සම්මත වී ඇති අතර එය හෙළිදරව් වී වසර 1400 කට පසු අද දක්වාම නොවෙනස්ව පවතන බවට සහතික විය හැක. එම කුරානය මගින් දෙවියන් පිළිගන්නා එකම සත්‍යය දහම ඉස්ලාමය බව පෙන්වා දී ඇත යන කරුණ මත එය පිළිගැණීම.

3- ඉස්ලාම් දහමෙහි මුල මැද අග පැහැදිළිය, එය දැණුමින් පෝෂිතය, එය බුද්ධි ගෝචරය, තර්කයට ඉඩදී ඇත.

ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය. (2:2)

මිනිසුනේ! ඔබගේ දෙවියන් වෙතින් (ප්‍රමානවත්) සාධකයන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත. පැහැදිළි ඉමහත් වූ ආලෝකයම (ශුද්ධ වූ කුරානය) අපි ඔබට පහල කර ඇත්තෙමු ( 4:174)

මෙම කුරානය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවෙ? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුණේ නම්, මෙහි අනන්තවත් (වැරදිද), භේදයන්ද ඔවුන් දකිනු ඇත. (4:82)

දෙවියන්, තමා විසින් පහත සදහන් දෑ සිදුකල බව සාදක සහිතව කුරානය තුලින් පෙන්වා දී තිබෙනවා.

  • විශ්වය නිර්මාණය කල ආකාරය 
  • විශ්වය තුල සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් 
  • මිනිසාව නිර්මාණය කල ආකාරය 
  • සොභාවදර්මය නිර්මාණය කල ආකාරය 
  • සොභාවදර්මය පාලනක කරන ආකාරය 
  • අපට නොපෙනෙන දේවල් නිර්මාණය කල ආකාරය

මෙසේ මිනිසාට ඇදහිය නොහැකි ආකාරයට තමන් කල ක්‍රියාවන් විස්තර කර තිබේ. බුද්ධිමත් ජනතාවට ඒවා පරීක්ශා කර බලන මෙන් දැනුවත් කර තිබේ.

ලබා දී ඇති කාරණා වලින් මිනිසාට පරීක්ශාකර බැලිය හැකි වූ බොහෝ කාරණා සත්යය බව තහවුරු කරගෙන තිබේ.

මීට අමතරව, දෙවියන්ගේ ස්වභාවය ගැනද සඳහන් කර තිබේ. එසේම මිනිසාගේ මරනින් මතු ලොව ගැන, මිනිසගේ ගමනාන්තය ගැන සඳහන් කර තිබේ.

තහවුරු කරගත් කරුනු මතින් යමින් (එම කරුණු වල ඇති විශ්වාසනීය භාවය පදනම් කර ගෙන) අනාගතය ගැනද, අපේ ඇසට නොපෙනෙන දේ සහ දෙවියන් ගැනද සඳහන් කර ඇති කරුනු කෙරෙහි සාධාරණ පිලිගැනීමක් ඇති කර ගැනීමට ඉස්ලාමය තුලින් අවස්ථාව ලබා දී තිබීම ඉතා හොද ලක්ෂණයකි. එනිසා ඉස්ලාමීය විශ්වාසය අන්ධ භක්තිය මත පදනම් වූවක් නොවන බව සනාථ කල හැකිය.

(නබියේ) ඔවුන් මෙහි ආයාවන් අවධානය කර පරිශීලනය කිරීම සඳහාද (එමගින්) බුද්ධිමතුන් හොද වැටහීමක් ලබා ගැනීම සඳහාද ඉතාමත් භාග්‍යය ලත් මෙම ධර්මය අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු (38;29)

මෙම සංඥා බොහොමයක් විද්යාත්මක ආශ්චර්යයන් ආකාරයෙන් පැමිණ තිබීමත් දැකිය හැක.

4.ඉස්ලාම් දහමේ පණිවිඩය විද්‍යාත්මක ආශ්චර්‍යයන්ගෙන්  සමන්විතව තිබීම

නූතන විද්යාවෙන් සොයාගෙන තහවුරු කරගත් විද්යාත්මක කරුණු රාශියන් සාමාන්‍ය මිනිසා කිසිවිටකත් නොදැන සිටි අවස්ථාවල දෙවියන්ගේ දූතවරයන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ, අවසන් දූත්වරයා වන මොහම්මද් ﷺ නබි තුමා වෙතින් ඉදිරිපත් කල කුරානය හරහාද එවැනි විද්යාත්මක ආශ්චර්යයන් බොහොමයක් පෙන්වා දී ඇත. දහම තුල එවැනි තොරතුරු අන්තර්ගතව තිබීම විශ්වාසය තහවුරු කර ගැනීමට හොද අඩිතාලමකි. එය ඉස්ලාම් දහම තුල මැනවින් තිබේ.


5. අවසන් නබිවරයාගේ පැමිණීම ගැන පෙර ඉකුත් වූ ධර්ම පුස්තක වල සඳහන්ව තිබීම.

ඉස්ලාමය තුලින් පෙන්වා දෙන ආකාරයට ලොව තුල සෑම යුගයකම සිටි සෑම ජනතා සමූහයකටම දෙවියන් ගේ පණිවිඩය සහ නීති රීති ඇතුලත් මාර්ගෝපදේශ නබිවරුන් හරහා ලබා දී ඇත. එම පණිවිඩ වලින් සමහර ඒවා මේ වනවිට විනාශ වී ගොසිනි. සමහර පනොවිඩ අතරින් පතර දකින්නට ඇත. නමුත් ඒවා යම් යම් වෙනස්කම් වලට භාජනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. කෙසේ නමුත්, අද විවිධ ආගමික ජන සමූහයන් භාවිතා කරන තම ආගමික ග්‍රන්ථ තුලත් අවසන් නබිවරයා ගැන සඳහන්ව තිබෙනු දැකිය හැක. ඒ කරුණු ඔස්සේ තොරතුරු සොයා යන විටද ඉස්ලාම් සත්‍යය දහමක් බව සනාථ කර ගැනීමට අවස්ථා ඇත.

6. මොහම්මද් තුමාගේ නබිත්වය පිළිබඳ සාක්ෂි දැරීම

මොහම්මද් නබි තුමා තම ආයු කාලයෙන් පලමු වසර 40 ම පෙන්නුම් කලේ සාමාන්‍යය මනුෂ්‍යයයෙකුට පොදු ජීවන තත්වයක්ය. නමුත් එතුමාට නබිත්වය ලැබී මියයන තෙක් වසර 23 ක කාලයක් එතුමා තුලින් සුවිශේත්වයක් පෙන්නුම් කළේය. ඒ පෙන්වපු ලක්ෂණ දිහා බැලුවම එතුමා සත්‍යය නබිවරයෙක් බව පිළිබිඹු වෙයි. 

එම විශේෂ ලක්ෂණ කිහිපයක් මෙලෙස දි විය;

  1. ලියන්නට කියවන්නට බැරි ඔහු ලොව විශිෂ්ටතම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. 
  2. එතුමා එම ග්‍රන්ථය තුලින් නුතන විද්යාඥයන් පවා මවිත කරවන විද්‍යාත්මක තතු හෙළි කළේය. 
  3. ලෝක ඉතිහාසය ගැන එතුමා තතු හෙළි කළේය. 
  4. නීතිය ගැන එතුමා කරුණු ප්‍රකාශ කරන්නට පටන් ගත්ත වගේම. නීතියක් ස්ථාපිත කළේය. 
  5. ධර්මයක් ප්‍රකාශ කරන්නට පටන් ගැනිණි. ජනයා ඒ වෙත කැදවන්නට ද විය. 
  6. හොඳ නරක පිළිබඳව උපදෙස් දෙන්නට ආරම්භ කෙරිණි. 
  7. දක්ෂ කථිකයෙකුගේ ලක්ෂණ පෙන්වන්නට පටන් ගැනුනි. 
  8. එකම ධජයක් යටතට ජනතාව පෙලගස්සන්නට විය.   
  9. එතුමා සමාජ සංශෝධකයෙක් ලෙස ක්‍රියාත්මක විය. 
  10. එතුමා අවිහින්සාවේ ආදර්ශය විය. 
  11. යුධ පිටියේදී එතුමා සෙන්පතියෙකු විය. රාජ්‍ය නායකත්වය, ජනාධිතිධූරය දැරිය (නමුත් එය සුවිසේශී නායකත්වයකි). 
  12. එතුමා එවක සිටි ජනතාවට සමහර ප්‍රාතිහාර පෙන්වීය.

අල්ලාහ් ඒ බව කුරානය තුලින් මෙසේ ස්ථිර කරය්.


(නබියේ!) මේවා අල්ලාහ්ගේ ආයාවන් වන්නේය, අපි ඒවා ඔබ කෙරෙහි සත්‍යය මගින්ම සමුදීරණය කරමු. තවද, නියත වශයෙන්ම ඔබද (අප විසින්) එවන ලද දූතයන්ගෙන් කෙනෙකි. (2:22)


(අපගේ) දූතයාණෙනී! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකලහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කල කෙනෙකු බවට පත්වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටවත් බිය නොවනු). මිනිසුන්ගේ (නපුරෙන්) අල්ලාහ් ඔබව (ආරක්ශා කර) බේරා ගනු ඇත. (5:67)


ඉස්ලාමය හැර (වෙන කිසිම) ධර්මයක් කවුරුන් හෝ කැමති වුවහොත් නියත වශයෙන්ම ඔහුගෙන් (එය) භාරගනු ලබන්නේ නැත. පරලොවදී ඔහු පරාජිතයන්ගෙන් කෙනෙකු වශයෙන් සිටිනු ඇත" (3:85)


7. දෙවියන් සිටින බවට පැහැදිලි තර්ක ඉදිරිපත් කල හැකි වීම

ඉස්ලාම් දෙවියන් හෙවත් සියල්ලෙහි නිර්මාතෘ මුල්කරගෙන පවතින දහමකි. එනිසා දෙවියන් සිටිනවාද යන්න තහවුරුකරගැනීම අතයාවශය කාරණාවකි. දෙවියන් අපට හිතාගැනීමට බැරි තරම් ශ්‍රේෂ්ඨය, අපිට හිතාගන්න බැරි තරම් විශාලය. අපගේ පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන ස්වභාවයකින් යුක්තය. එනිසා අපේ ඇසින් දෙවියන්ව බලා තහවුරු කරගැනීමට අපට මෙලොවදී හැකියාවක් නැත. එනිසා අපට දෙවියන්ගේ සලකුණු, දෙවියන්ගේ නිර්මාණ, දෙවියන්ගේ දිව්‍ය වැකි, දේව දූතවරුන්ගේ ප්‍රකාශ සහ අපගේ බුද්ධිය භාවිතා කර දෙවියන් සිටින බව තහවුරු කරගැනීමට සිදු වෙයි.

  • දිව්‍යයමය හෙළිදරව් (නබිවරුන් හරහා ලැබී ඇති දෙවියන්ගේ පණිවුඩ අද්යනය කිරීමෙන්)
  • හේතු-ඵල තර්කය (විශ්වය ආරම්භ වූ දෙයකි. එම අරම්භයට හේතුව දෙවියන් ලෙස තර්ක කල හැක)
  • සැලසුම් සහගත බවේ තර්කය (විශ්වය සහ එහි ඇති සියල්ලේ ඇති සැලසුම් සහගත බව) 
  • ප්‍රාතිහාර්යයන් පිලිබඳ තර්කය (ප්‍රාතිහාර්යන් සිදුකල හැක්කේ සර්වබලධාරී දෙවියන්ට පමණි)
  • ස්වභාවික අත්දැකීම් සහිත තර්කය

මෙම කාරණා පිළිබඳව වැඩි විස්තර සදහා පහතින් ඇති "දෙවියන් සිටින බවට සාක්ෂි" සබැදියාව (Link) විවෘත කරන්න . 

8). සොබාදහමත් සමග ඍජු සම්බන්ධතාවයක් ඇති දහම වීම.

සොබාදහමේ නිර්මාතෘ විසින් සොබාදහමට ලබා දී ඇති දහමද ඉස්ලාම් දහමම වේ. සොභාදහමේම කොටසක් වන මිනිසාගේ (රූහ්) ආත්මයෙහිද, ශරීරයෙහිද, (නෆ්ස් නැමති) සිතෙහි ව්‍යුහමය තත්වයේද දහමත් ඉස්ලාම් දහමම වේ. එනිසා එය ප්‍රතික්ශේපකළ නොහැකි වීම ඉස්ලාමය සත්‍ය දහම ලෙසට පෙන්වීමට සාදකයකි.