ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය

ඉස්ලාම් ආගම යනු කුමක්ද?

එය බොහෝ අනුගාමිකයන් සිටින ප්‍රධාන දේවවාදී ආගමකි. ඉස්ලාමයේ දේව සංකල්පය නම් ඔවුන් එක දෙවියෙකු සහ ඔහුගේ උපදෙස්, ඉගැන්වීම් විශ්වාස කිරීමයි. ඔවුන් අනාගතවක්තෘවරුන් විශ්වාස කරති, අවසන් නබිවරයාව අනුගමනය කරති, පරලොව ගැන, දේව දූත (මලායිකාවරු) ගැන සහ දෙවියන් (අල්ලාහ්) ගේ නියමයන් ගැන විශ්වාස කරයි.

දෙවියන් පිළිබඳ වඩාත් සංක්ෂිප්ත අර්ථ දැක්වීම:
දෙවියන් විසින් තමා ගැන, තමා කුමන ආකාරයේ කෙනෙක්ද යන්න ගැන තම දේවදූතවරයෙකු හරහා මිනිසුන්ට දැනගන්නට සැලස්වූ වදන් කිහිපයකි මෙය. 

"කියන්න: ඔහු එකම දෙවියන්ය. ඔහු ස්වයංපෝෂී. ඔහු කිසිවෙකුව ප්‍රසූත කලේ නැත, ඔහු කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබුවේද නැත. ඔහුට සමාන කිසිවෙක්ද නැත." [අල් කුර්ආනය 112:1-4] සූරා ඉක්ලාස්.

සූරා ඉක්ලාස් මගින් දෙවියන් කුමන ආකාරයේ කෙනෙක්ද යන්න සංසන්දනාත්මකව අද්යනය කිරීමට පහසුකම ලබා දෙන්නකි. මුස්ලිම් නොවන ඕනෑම කෙනෙකුට ඔබ අසා ඇති දෙවිවරුන්ව මෙය සමග සංසන්දනය කර බැලිය හැක. පරීක්ෂා කළ හැක.

දෙවියන් ලෙස පෙනී සිටින මිනිසුන් ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද?

බොහෝ සාන්තුවරයන් සහ අධ්‍යාත්මික ගුරුවරුන් සිටින බැවින් ඉන්දියාව දේව-මිනිසුන්ගේ දේශය ලෙස හැඳින්වේ. එවැනි එක් මාස්ටර් කෙනෙකි ඔෂෝ රාජ්නීෂ්.

ඔෂෝ රාජ්නීෂ්:

ඔහු ඉන්දියාවේ අධ්‍යාත්මික ගුරුවරයෙකු වූ අතර ඔහු ඔහුගේම ප්‍රජාවක් පිහිටුවා ගත්තේය. ඔහුගේ අනුගාමිකයන් සිතුවේ ඔහු දෙවියන් බවයි.

භගවාන් රාජනීෂ් -  සූරා ඉක්ලාස් පරීක්ෂණයට ලක් කර බලමු:

  • පළමු නිර්ණායකය වන්නේ දෙවියන් එක් අයෙකු වීමයි, -නමුත් ඔෂෝ රාජ්නීෂ්  වැනි ශරීර ඇත්තවුන් බොහෝ දෙනෙක් සිටිති. 
  • දෙවනුව, දෙවියන් ස්වයංපෝෂී කෙනෙකු විය යුතුය. (කිසිවකගේ අවශ්යතාවය මත යැපෙන්නෙක් නොවිය යුතුය). නමුත් රජිනීශ්ට බොහෝ අවශ්යතාවන් පිටතින් සපුරා ගත යුතුය.
  • තෙවනුව, 'ඔහු (දෙවියන්) කිසිවෙකුව ප්‍රසූත කලේ නැත, ඔහු (දෙවියන්ව) කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබුවේද නැත' - නමුත් රාජනීෂ්ට දෙමාපියන් සිටියහ.
  • හතරවනුව, 'ඔහුට (දෙවියන්ට) සමාන කිසිවෙක් නැත,' නමුත් රාජ්නීෂ් වැනි බොහෝ දෙනෙක් සිටිති. 

මේ නිසා රජිනීශ් දෙවි කෙනෙකු ලෙස මුස්ලිම් අය පිලිගන්නේ නැත.

හින්දු කෝවිල් වල, සහ වෙනත් ස්ථානවල විවිධාකාර රූප වලින්, පිලිම වලින් පෙන්නුම් කරන ඒවා දෙවියන් ලෙස පිලිගත හැකිද?

සූරා ඉක්ලාස් වෙතින් දෙවියන් පෙන්වා දී ඇති කරුනු වලට අනුව දෙවිගොල්ලො ගොඩක් සිටිය නොහැක. එහෙම දෙවිගොල්ලො ගොඩක් සිටියොත් විවිධාකාර ගැටලු මතුවනු ඇත. නමුත් කෝවිල් වල දෙවිගොල්ලො තිස්තුන් කෝටියකට වඩා ඇති බව පවසය්. මදක් සිතා බලන්න, ඉරට අධිපති දෙවියන් ඉර හකුලා ගත්තොත් සඳුට අධිපති දෙවියන්ට සහ කතරගමට හෝ පෘථිවියටම අධිපති දෙවිවරුන්ට යන එන මං නැතිවනු ඇත. එනම් මේ සියලුම නිර්මාණයන්ට සහ සියල්ලෙහිම පාලනයට එකම දෙවියෙකු පමනය් සිටිය යුත්තේ.

දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකු වන්නේ නැත.

බොහෝ අය තර්ක කරන්නේ දෙවියන් වහන්සේ සර්වබලධාරී නම්, ඔහුට මනුෂ්‍යයෙකු විය නොහැක්කේ මන්ද යන්නයි. ඒ මන්දැයි පහත කරුණු වලින් අපි ඔබට කියන්නෙමු,

දෙවියන් වහන්සේ අමරණීය ය; මිනිසුන් අමරණීය නොවේ. දෙවියන්ට ආරම්භයක් හෝ අවසානයක් නැත, නමුත් මිනිසුන්ට තිබේ. දෙවියන්ට ආහාර ගැනීමට හෝ නිදා ගැනීමට අවශ්‍ය නැත. මිනිසුන්ට අවශ්‍යයි. දෙවියන් මනුෂ්‍ය තත්වයකට පැමිනියා නම්, (දෙවියන් වහන්සේ මිනිසත් බවට පත්වුවහොත්)  එවිට ඔහු දෙවියන්ගේ කිසිදු ගුණාංගයක් නොමැති තත්වයකට පත්වනු ඇත. එසේම දෙවිකෙනෙකුට (ඔහුට) නොගැලපෙන දේ තාවකාලිකව හෝ කිරීමට ඔහුට සිදුවනු ඇත. දෙවියන් වහන්සේ කිසිවිටකත් ඔහුට, ඔහුගේ මහිමයට නුසුදුසු දේ කරන්නේ නැත. ඉස්ලාමයේ දෙවියන් පිළිබඳ සංකල්පය ඔහුගේ උත්තරීතර බව තබමින් කතා කරයි .

ඔහුට කිසිදා අයුක්තිය හෝ බොරු කීම වැනි අභක්තික ක්‍රියා (Un-Godly act) සිදු කළ නොහැක. ඔහුට නලුවෙකු ලෙස හැසීරීමේ අවශ්යතාවයක් නැත. මිනිසුන්ට මෙන් දුඟද ගහන, වයසට යන, දිරාපත් වන, අපිරිසිදු ද්‍රව්‍ය සහිතවන, ආහාර ආදිය මත යැපෙන, අපිරිසිදු ස්ථාන මත ඇවිද යන, විවිධ ගතිගුන ඇති අය සමග එකට වසන, සත්වයින් සමගද එකට ලගින මනුශ්ය ස්වරූපයක් ගැනීම ඔහුගේ උත්තරීත බවට කිසි සේත්ම ගැලපෙන්නේ නැත.

මැවුම්කරු තම මැවීම් වලට උපදෙස් ලබා දීමට දූත සංකල්පය භාවිතා කරයි.

කුරානයේ ස්වරූපයෙන් මෙම පෘථිවියෙහි අවසන් කාලය තුල වසන මිනිසුන්ට අවශ්ය උපදෙස් මිනිසුන් අතරින්ම තෝරාගත් අවසන් නබිවරයා හරහා ලබා දී ඇත. මෙලෙසටම මීට පෙර විසූ ජනයාටත් තම උපදෙස් එවා ඇත. මිනිසුන්ට ජීවත් වීමට අවශ්ය ගුරුහරුකම් සහ නීති රීති ලබා දීමට දෙවිඳුන්ට මෙම පොලොවට පැමිනීමට අවශ්යතාවය නැත. ඒ සදහා දෙවිඳුන් දූත සංකල්පය භාවිතා කරයි.

අපි දෙවියන්ව හඳුන්වන්නේ කුමන නමින්ද?

'දෙවියන්- GOD' යන වචනය සමඟ වෙනස්කම් ඇති කළ හැකි නිසා ඉස්ලාමයේ දේව සංකල්පය පිරිසිදුව තබා ගැනීමට මුස්ලිම්වරුන් දෙවියන්ට "අල්ලාහ්" ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වයි.