
ඉස්ලාමීය අධ්‍යාපනික හා සාමාජයීය මධ්‍යස්ථාන
මුස්ලිම්වරුන්ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් ස්ථාන කිහිපයක් පහත දැක්වේ. නවක මුස්ලිම්වරුන් මේවා පිළිබඳව දැනුවත් වී ඒවා සමඟ සම්බන්ධ වීම ඉතා ප්‍රයෝජනවත් වේ.
- ඉස්ලාමීය දහම් පාසැල් (මදර්සා).
- ඉස්ලාමීය විශ්වවිද්‍යාල (ජාමියා).
- දාවා (ඉස්ලාමය ප්‍රචාරය කරන) මධ්‍යස්ථාන.
- සුභසාධන මධ්‍යස්ථාන.
- සකාත් එකතු කරන සහ බෙදාහරින මධ්‍යස්ථාන.
- ඉස්ලාමීය විද්වතුන්ගේ කමිටුව.
- කාති (ක්වාසි) උසාවිය.
- රජය හා සම්බන්ධ ආයතන.
1. ඉස්ලාමීය දහම් පාසල් (මදර්සා مدرسة) සහ ඉස්ලාමය උගන්වන මධ්‍යස්ථාන.
මදර්සා යනු අරාබි භාශාවෙන් "පාසල" යන්නය. සෞදි අරාබියාව වැනි රටවල සෑම ළමයෙක්ම එක වසර සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ මදරසා වලය. නමුත් ශ්‍රී ලංකාවේ මදර්සා පාසල් ලෙස හදුන්වන්නේ ඉස්ලාමීය දහම් පාසල් වලටය.
එවැනි මධ්‍යස්ථාන ඔවුන්ගේ හැකියාවන් මත පදනම්ව විෂයයන් තෝරා ගනිමින් ඉස්ලාම් ඉගැන්වීමේ නිරත වේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝ විට අධ්‍යාපනය ලබා දීමට පමණක් සීමා වේ. කුඩා කුරාන් පංතියක සිට රජයේ ලියාපදිංචි කර, මනා කළමනාකාරීත්වයන්ගෙන් යුක්තව නේවාසික පහසුකම් පවා ලබා දී පූර්ණ කාලීන පාඨමාලා පවත්වා මවුලවිවරු, ඉස්ලාමීය ආගමික විද්වතුන් සහ දේශකයින් බිහිකිරීමේ තත්ව දක්වා ඇති පරාස වල, "මද්රසා" යන නමින්ද, සමහර ඒවා "අරාබි පාසල්" යන නමින්ද, තවත් ඒවා "කුරාන් පංති" ලෙසින්ද මෙම ඉස්ලාමීය දහම් පාසල් ඇත.
මෙම පාසල්වල අරාබි භාෂාව උගන්වනු ලැබේ. දෙවියන් වහන්සේගේ අවසාන එළිදරව්ව අරාබි භාෂාවෙන් හෙළිදරව් කරන ලද නිසාත්, අවසාන දේවදූතයන්ගේ ඉගැන්වීම් ද අරාබි භාෂාවෙන් ලියා ඇති නිසාත්, අරාබි භාෂාව ඉගෙනීම ඒවා නිවැරදිව තේරුම් ගැනීමට සහ ඒවා සමාජයට නිවැරදිව ගෙන ඒමට බලවත් මෙවලමකි.
මෙම දහම් පාසල්වල ඉගෙනුම ලබන සිසුන් අතර සිංහල කතා කරන්නන් සිටීම සිංහල ජනතාවට ආශිර්වාදයකි. හේතුව ඔවුන් හරහා සිංහල ජනතාවට දෙවියන් වහන්සේගේ ධර්මය ඉතා පැහැදිලිව අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවිනි.
2. ඉස්ලාමීය විශ්වවිද්‍යාල (ජාමියා).
ඉස්ලාම් යනු ඉගනගෙන අවසන් කල හැකි විෂයක් නොවේය. අල්ලාහ් දෙවිඳුන් එය පහළ කර ඇත්තේ ඒ ආකාරයටය. ඉගනගන්නා කෙනෙකුට එය මහා සාගරයක් වැනිය. මෙනිසා ඉතිහාසයේ සිටම ඉස්ලාමීය විද්වතුන් බොහෝමයක් බිහි විය. වර්ථමානයේ එය වඩාත් ඵලදායි ලෙස සිදු කිරීමට ඉස්ලාමීය විශ්ව විද්‍යාල බිහි කර ඇත. තමන් විසින් හෝ තම දරුවන් හරහා ඒවායින් ප්‍රයෝජන ගැනීමට නවක මුස්ලිම් වරුන්ද සළකා බැලිය යුතුයි.
3. දාවා (ඉස්ලාමය ප්‍රචාරය කරන) මධ්‍යස්ථාන.
ශ්‍රී ලංකාව තුල හෝ පිටරටක සිටින නවක මුස්ලිම්වරුන්, විශේෂයෙන් තම අධයාපනික කටයුතු, හජ් උම්රා වැනි වන්දනා කටයුතු, ෂහදා සහතික ලබා ගැනීම් වැනි කටයුතු ඉටුකරදීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින මෙවැනි සංවිධාන හඳුනාගෙන ඔවුන් සමග සම්බන්ධ වී කටයුතු කිරීමට යොමු විය යුතුයි.
4. සුභසාධන මධ්‍යස්ථාන.
මුස්ලිම්වරුන්ට අල්ලාහ්ගේ තෘප්තිය දිනාගැනීම වෙනුවෙන් හැකි තරම් සදකා හෙවත් සුභසාදන කටයුතුවල නිරත වන ලෙස දිරිගන්වා ඇත. රමධාන් සහ ඊද් අවුරුදු සමයන්හී මොවුන් වැඩි වශයෙන් දාන මාන කරති. ඒ වගේම සමහරුන් සදකතුල් ජාරියාත් වෙනුවෙන් ද උනන්දුව දක්වයි. මෙම සදකා එකතු කර බෙදා හරින මධ්‍යාස්ථාන සමග නවක මුස්ලිම්වරුන් සම්බන්ධවී කටයුතු කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.
5. සකාත් එකතු කරන සහ බෙදා හරින මධ්‍යස්ථාන.
නවක මුස්ලිම්වරු සකාත්හි ප්‍රතිලාභීන් වෙති. එය දැරිය හැකි අයට සකාත් ලබා දිය හැකි අතර එය අවශ්‍ය අයට සකාත් ලබා ගත හැකිය. එබැවින්, සකාත් එකතු කර බෙදා හරින අය සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළ යුතුය.
නවක මුස්ලිම්වරුන් සහ සකාත් එකතු කර බෙදා හරින මධ්‍යස්ථාන අතර සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුය.
6. ඉස්ලාමීය විද්වතුන්ගේ කමිටුව.
ශ්‍රී ලංකාව තුල සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සභාව (ACJU) මේ සම්බන්ධව මූලිකව කටයුතු කරයි.
නවක මුස්ලිම්වරු වෙනුවෙන් ඔවුන් ගන්නා උත්සාහයන් සහ ඔවුන්ගේ දායකත්වය ගැනද දැනුවත් විය යුතුයි. එය නවක මුස්ලිම්වරුන්ගේ ඉදිරි ගමනට ශක්තිමත් පදනමක් විය හැකියි.
7. කාති (ක්වාසි) උසාවිය.
කාති (ක්වාසි) උසාවි ක්‍රමය මුස්ලිම්වරුන්ට අදාලවන ලෙස විශේෂයෙන්ම මුස්ලිම් විවාහය හා අදාලවන කටයුතු කරණ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල මීට වසර 70 කට පමණ පෙර ව්‍යවස්ථාගත කර ඇති නීතියකි. එය අර්ධ අධිකරණ වැනි තත්වයක් ඇත්තකි. ඉදිරියේදී මේ සම්බන්ධව වැඩි විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us