මස්ජිද් (නැමදුම් ස්ථාන)

මස්ජිද් (مَسْجِد) යනු මුස්ලිම්වරුන්ගේ නැමදුම් ස්ථානයක් හඳුන්වන අරාබි වචනයකි. ලොව පුරාම සිටින මුස්ලිම් මිනිසුන් මස්ජිද් යන නම හඳුනන නිසා එම නම භාවිතා කිරීම මුස්ලිම් සමාජයේ සුලභ දෙයකි. එය තවත් නම් වලින් මෙලෙස හඳුන්වයි; මුස්ලිම් පල්ලිය, මුස්ලිම් දේවස්ථානය, මොස්ක්-Mosque.

මස්ජිද් කුඩා හෝ විශාල වීම මත එය තම දෙවියන් නැමදීමේ උච්චත්වය අඩු හෝ වැඩි වීමට හේතුවක් නොවේ. ලොව පුරා නිසි අයුරින් නැමදීම් සිදුකරන සියළුම මස්ජිද අල්ලාහ් ඉදිරියේ එක සමානය. මුස්ලිම්වරුන්ද ඒ සියළුම මස්ජිද් අල්ලාහ්ගේ නිවෙස් ලෙස ගෞරවයෙන් සලකති. 

ලියාපදිංචි මුස්ලිම් පල්ලි ලැයිස්තුව

කුඩා නැමදුම් ස්ථාන 

සිටින සෑම ප්‍රදේශයකම මෙවැනි කුඩා මස්ජිද් එකක් හෝ කිහිපයක් තිබිය හැක. මුස්ලිම් පිරිමින්ට දිනපතා පස් වතාවක්ම පල්ලියේ සාමූහිකව යාඥා කිරීමට දිරිගන්වා ඇත. එම නිසා අදාන් (හෙවත් නැමදීමට ආරාධනා කරන හඬ) ඇසෙන මානයක ජීවත් වීමට ඔවුන් ප්‍රිය කරයි. එම නිසා එයට සරිලන ආකාරයට තම නිවෙස් ආසන්නයේ කුඩාවට හෝ මස්ජිදයක් සාදා ගැනීමට ඔවුන් උත්සහ ගනී. මෙම මස්ජිද් වල දිනකට පස් වේලක් මුඅද්දීන් වරයෙක් (හෙවත් සලාතයට කැදවන්නෙක්) විසින් තම අසල්වාසීන්ට සලාතය වේලාව සිහි කර, නැමදීමට ආරාධනා කරනු ලබයි. මෙම මුස්ලිම් මස්ජිද් බොහෝ විට ගමේම ජනතාව විසින්ම නඩත්තු කරනු ලැබේ, එබැවින් ඔබට හැකි ඕනෑම ආකාරයකින් ඒවාට දායක වීම මහත් ආශිර්වාදයකි. 

මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මෙවැනි කුඩා නැමදුම් ස්ථාන කිහිපයක් තිබීම එම ජනතාව අතර යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවට ප්‍රධාන සාධකයකි. හේතුව, එම පහසුකම නිසා, සෑම වැඩිහිටි මුස්ලිම් පුරුෂයෙකුටම තම දෛනික යාච්ඤාවන් සාමූහිකව ඉටු කිරීමට දිරිමත් කරනු ලැබේ. මස්ජිදය ඉතා දුරින් පිහිටා ඇති විට, එය ප්‍රායෝගිකව ඔවුන්ට අපහසු වේ, එබැවින් ඔවුන් තම යාච්ඤාව නිවසේදී ඉටු කිරීමට නැඹුරු වෙති. නිවසේදී ඉටු කිරීමට වඩා පල්ලියක යාච්ඤාව ඉටු කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

මෙම මස්ජිද් වල සිකුරාදා දිනට නියමිත ජුම්මා සලාතය සිදු කරන්නේ නැත. 

ජුම්මා මස්ජිද් 

ජුම්මා මස්ජිද් ලෙස හඳුන්වන්නේ විශාල පිරිසකට සහභාගී විය හැකි, මිම්බරයක් (හෙවත් සිකුරාදා දින ඉමාම් වරයෙක් විසින් දෙනු ලබන දේශනය දීමට ඔහුට සිටගත හැකි උස් වේදිකාවක්) සහිත මස්ජිදයන්ය. 

එම මස්ජිද් වලද අනිකුත් කුඩා මස්ජිද්වල මෙන් දෛනික පස්වේල සලාතයන් ද සිදු කරනු ලබයි. ඊට අමතරව සිකුරාදා දින විශාල ප්‍රදේශයක සිටින ජනතාවක් එය වෙත පැමිණ කුද්බා (නමින් හඳුන්වන විශේෂ) දේශනයක් සහිත නැමදීමකට සහභාගී වේ.

විශාල හෝ කුඩා ඕනෑම පල්ලියක ඇත්තේ ඉතාම සීමිත දේවල් කිහිපයක් පමණි. ඒවා අතර ඇතැම් පල්ලිවල, කුරාන් පොත් කිහිපයක්, සලාතයන්හි වෙලාව දක්වන පුවරුක්, බිම වාඩිවීමට අපහසු අයට වාඩි වීමට පුටු කිහිපයක්. යාච්ඤාවෙන් පසු උසුරීමට ගැනෙන වැකි සඳහන්ව ඇති පුවරුවක්, යාච්ඤාවට කැඳවීම සඳහා සහ යාච්ඤාව අතරතුර ඉමාම්ගේ හඬ වැඩි කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර, වැසිකිළි පහසුකම්, දෝවනය හෙවත් වුළු කිරීමට අවශ්‍ය  ජලය සහ ජුම්මා පල්ලියක නම් දේශනය සඳහා වේදිකාවක්. එපමණයි. පිළිම හෝ රූප කිසිවක් නැත. 

සෑම මස්ජිදයක්ම මක්කාව දිසාවට මුහුණලා සිටින සේ නිර්මාණය කරයි. මස්ජිද් සෑදීමේදී වියදම් කිරීමට ඇති හැකියාව මත සමහර මස්ජිද් අලංකාරවත්ව නිර්මාණය කරයි. සමහර මස්ජිද් ඉතාමත් දුප්පත් මට්ටමින්ද ඇත. නමුත් අල්ලාහ් බලන්නේ මිනිසුන්ගේ හදවත් දෙසය. එනිසා කුමණ මට්ටමක මස්ජිදයක උනත් තම සලාතය අල්ලාහ් කෙරෙහි ඉතාමත්ම බිය බැතිව සිදු කරන්නේ නම් එයයි ඉහළම නමස්කාරය. 

කාන්තාවන්ට විවිධ හේතු නිසා තම සලාතයන් නිවස තුලදීම ඉටු කිරීම වඩාත් යහපත් බව දහම තුලින් පෙන්වා දෙයි. එසේ වුවත්, ඔවුන්ට පල්ලි තුල සලාතය ඉටු කිරීමට තහනමක් නැත. සමහර පල්ලි වල කාන්තාවන් සදහා වෙනම කොටසක් වෙන්කර ඇත. නබි තුමාගේ කාලයේ පිරිමින්ට ඉදිරි පෙළවල සලාතය කිරීමටත් කාන්තාවන් සඳහා තම සිටගැනීම පල්ලියේ පිටුපසම සිට ආරම්භ කිරීමටත් අවස්ථාව ලබා දී ඇත. කෙසේ වෙතත්, කිසිම පල්ලියක පිරිමින් සහ කාන්තාවන් එකට ළඟින් සිටගෙන සලාතය ඉටු නොකරති.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us