දුආ, දික්ර්, ශුක්ර්, තව්බා

මුස්ලිම්වරුන් විසින් නිතර භාවිත කරන දුආ ප්‍රාර්ථනා කිහිපයක් පහතින් දැක්වේ. ඒවායේ තේරුම පහතින් සඳහන් කර ඇත.


බිස්මිල්ලාහ්, සුභානල්ලාහ්, අල් හම්දුලිල්ලාහ්, අල්ලාහ්හුඅක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, හස්බිඅල්ලාහ්, අස්තහ්ෆිරුල්ලාහ්, අඋදුබිල්ලාහ්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්, ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලායිහී රාජි ඕන්, රදීතු බිල්ලාහි රබ්බන් වබිල් ඉස්ලාමි දීනන් වබි මොහම්මදින් නබීයන්, ලා ඉලාහ ඉල්ලාලාහ් අන්ත සුභානක ඉන්නී කුන්ත් මින්නස් දාලිමීන්, අල්ලාහුම්ම ඉන්නක අෆූවුන් තුහිබ්බුල් අෆු අෆ අෆුඅන්නී, ලා ඉලාහ ඉල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයි ඉන් කදීර්, අල්ලහුම්ම අ'ඉන්නි අලා දික්රික ව ශුක්රික ව හුස්නි ඉබාදතික, අල්ලාහුම් අජ් අල්නී මිනත් තව්වාබීන වජ් අල්නී මිනල් මුත්තහ්හරීන්. සුභාන රබ්බියල් අzතීම්, සුබ්භාන රබ්බියල් ආ'ලා, හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලල්ලාහු අලෙයිහිතවක්කල් වහුව රබ්බුල් අර්ෂිල් අතීම්, රබ්බනා ආතිනාෆී ද්දුනියා  හසනතන් වෆිල් ආකිරත් හසනතන් වකිනා අදාබ් අන් නාර්, මා ෂා අල්ලාහ්, අස්තහ්ෆිරුල්ලාහ්, 


අල්ලාහ්ගේ නාමයන් භාවිතා කරමින් එම ඕනෑම නමකින් ඔහුව සිහිපත් කළ හැකියි. ඔහුව ප්‍රසංශා කළ හැකියි. 

අල්ලාහ්ගේ නම් 99ක් 


අර්-රහ්මාන්, අර්-රහීම්, අල්-මලික්, අල්-කුද්දූස්, අස්-සලාම්, අල්-මු'මීන්, අල්-මුහයිමින්, අල්-අසීස්, අල්-ජබ්බාර්, අල්-මුතකබ්බීර්, අල් ක්හාලික්, අල්-බාරි, අල්-මුසව්විර්, අල්-ගෆ්ෆාර්, අල්-කහ්හාර්, අල්-වහ්හාබ්, අර්-රස්සාක්, අල්-ෆත්තාහ්, අල්-අලීම්, අල්-කාබිඩ්, අල්-බාසිත්, අල්-ඛාෆිද්, අර්-රාෆි, අල්-මුයිස්, අල්-මුසීල්, අල්-සමී', අල්-බසීර්, අල්-හකම්, අල්-ආදල්, අල්-ලතීෆ්, අල්-ක්හාබීර්, අල්-හලීම්, අල්-අතීම්, අල්-ගෆූර්, අල්-ශකූර්, අල්-'අලී', අල්-කබීර්, අල්-හෆීඩ්, අල්-මුකීත්, අල්-හසීබ්, අල් ජලීල්, අල්-කරීම්, අර්-රාකීබ්, අල්-මුජීබ්, අල් වාසී, අල් හකීම්, අල්-වදූද්, අල්-මජීඩ්, අල් බා'යිත්, අල් ශහීද්, අල් හක්, අල්-වකීල්, අල් කවිඊ, අල් මතීන්, අල් වලී, අල් හමීඩ්, අල් මුහ්දී, අල් මුබ්දි, අල් මු'ඉද්, අල් මුහී, අල් මුමීත්, අල් හෛයි, අල් කෛයූම්, අල් වාජිද්, අල් මජිඩ්, අල් වාහිද්, ඇහැද්, අස් සමද, අල්-කදීර්, අල්-මුක්තදීර්, අල් මුකද්දිම්, අල්-මුආක්කීර්, අල් අව්වල්, අල් ආක්හිර්, අද්-දාක්හිර්අල් බාතින්, අල් වාලී, අල් මුතා'අලී, අල් බාර්, අත්- තව්වාබ්, අල් මුන්තකීම්, අල් අෆුවුව්, අර් රවූෆ්, දුල්-ජාලාලි වල්-ඉක්රාම්, අල් මු'ශිත්, අල් ජාමි, අල් ඝනී, අල් මුග්නි, අල් මානී, අල් ධාර්, අල් නාෆී, අන් නූර්, අල් හාදි, අල් බාදි, අල් බාකි, අල් වාරිත්, අල් රාශීඩ්, අල් සබූර්.

  • දික්ර් - යනු දෙවියන්වහන්සේව සිහිපත් කිරීමකි. එය නමස්කාරයකි. එය තම හදවත තුළ අභ්‍යන්තරව සහ තම දිවෙන් මුනුනමින් ඔහුව මහිමයට පත් කිරීමයි. එය කෘතඥතාවයේ සහ ස්තුතියේ පදනම වේ. 
  • ශුක්ර් - යනු ඉස්ලාම් දහමෙහි ඉතා උසස් ගෞරවාදරයට පාත්‍ර වූ යහපත් ගුණාංගයක් වන මිනිසුන් විසින් තම නිර්මාතෘ වන දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වීම, කෘතඥතාව දැක්වීම හෝ උන්වහන්සේගෙන් යමක් පිළිගැනීම හඟවන අරාබි පදයකි.

  • දුආ - ඇමතීම සහ කන්නලව් කිරීමේ ක්‍රියාවකි, එනම් යමක් උනන්දුවෙන් හෝ නිහතමානීව දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටීම හෝ අයැදීමයි.

  • තව්බා - එය කිසියම් පාපයක් සහ වැරදි ක්‍රියාවක් සිදු කිරීම හේතුවෙන් දෙවියන්වහන්සේ වෙත පසුතැවිලි වීමේ ඉස්ලාමීය සංකල්පයයි. (එනම් එම වරද නැවත නොකරන්නම අල්ලාහ් ඉදිරියේ අධිෂ්ඨාන කර ගැනීමකි). එය තමා සහ දෙවියන් වහන්සේ අතර සෘජු කාරණයක් වන අතර එයට වෙනත් මැදිහත් කරුවෙක් සම්බන්ධ නොවේ.

  • ඉස්තිග්ෆාර් - මෙය වරදට සමාව ගැනීමක් වැනි දෙයකි. (එයට ඔහු "අස්තහ්ෆිරුල්ලාහ්!" යනුවෙන් පවසයි).

බිස්මිල්ලාහ් :- "අල්ලාහ්ගේ නාමයෙනි". මුස්ලිම්වරුන් ඕනෑම දෙයක් ආරම්භකිරීමේදී දෙවියන්වහන්සේගේ නාමය පවසා ආරම්භ කිරීමට උනන්දු වෙති. සියල්ල ආරම්භයට හේතුවද අල්ලාහ්ය. ඔහුගෙන් තොර කිසිවක් නොමැත. සියල්ලෙහි හිමිකරුද ඔහුය. සියල්ල කෙරෙහි බලය ඇත්තේද ඔහුටය. එනිසා ඔහුගේ නාමයෙන් ආරම්භ කිරීම තුල ඔහුව සිහිකිරීමක්, ඔහුට කෘතඥ වීමක්, ඔහුගෙන් අවසර ගැනීමක් වැනි බොහෝ ගුණාංග එය තුල ගැබ්ව පවතී.


සුභානල්ලාහ්:- "දෙවියන්ට මහිමය වේවා"!  එය බොහෝ විට අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය සඳහා ප්‍රශංසා කිරීමේ සහ අගය කිරීමේ ආකාරයක් ලෙස භාවිතා වේ. එය ප්‍රීතිය, පුදුමය හෝ විස්මිත අවස්ථා වලදීද භාවිතා කළ හැක. අල්ලාහ්ගේ මැවීමේ බලය සහ අලංකාරය පිළිබඳව සුභානල්ලාහ් මගින් අපගේ ප්‍රශංසාව ප්‍රකාශ කරයි.  


අල් හම්දුලිල්ලාහ් :- "සියලු ප්‍රශංසාව අල්ලාහ්ට හිමි වේ." එය බොහෝ විට අල්ලාහ් ආශීර්වාද සහ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ප්‍රතිපාදන වැනි අනුග්‍රහය දැක්වීමට කෘතඥතාව පළ කිරීමට කියනු ලැබේ. බොහෝ විට මුස්ලිම් කෙනෙකුගෙන් අසන විට, "ඔබට කොහොමද?" ලෙස, ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ "අල්හම්දුලිල්ලාහ්" යනුවෙනි. එම අවස්ථාවේ ඔහු මොන තරම් අපහසුව සිටියත්, මොන තරම් පහසුවක සිටියත් දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය නිසා එය ඔවුන්ට ශක්තියකි, එනිසා ඔවුන් පවසන්නේ "සියලු ප්‍රශංසාව අල්ලාහ්ට හිමි වේ" ලෙසිනි


අල්ලාහ්හුඅක්බර් :- මින් අදහස් වන්නේ " අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි" යන්නය. තස්බීහ් ලෙසද මෙය හඳුන්වයි. මෙම වදන තුල විශාල අදහසක් ඇත. අදාන් තුලද, සලාතය තුලද මෙය නිතර භාවිතා වේ. පුදුම වන දෙයක් දුටුවිට පවා මෙය මුස්ලිම් අයගේ මුවින් නිතැතින්ම කියැවෙයි. යුද්ධයකදි පවා මේ වචනය භාවිතා කිරීම ජයග්‍රහනය ලැබීමට හේතුවක් බව අල්ලාහ් කුරානය තුලින්ම පවසා ඇත. මේ සියල්ල තුලින් ගම්‍ය වන්නේ දෙවියන්ගේ බල පරාක්‍රමයයි. හැම අතින්ම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු වෙයි. සලාතයේදී ඉරියව් වෙනස් කිරීමේදී මෙය පවසමින් සලකුණු කරනුයේ ඇත්තටම අපට සෙලවීමට පවා අල්ලාහ්ගේ බලය නොමැතිව කල නොහැකි බවයි. විශාල පිපිරීමකදී මුස්ලිම් අය තිගැස්සීමෙන් යුතුව මෙය පවසන්නේ ඒ පිපිරුමට බලය පවා උත්පාදකයෙකු නොමැතිව සිදු විය නොහැකි බවත් විශ්වය ඇතුළු සියල්ලෙහි නිර්මාතෘ අල්ලාහ්ම වන බවත් විශ්වාස කරන නිසාවෙනි. හැම අංශයකින්ම ඔහු තමයි ශ්‍රේෂ්ඨ. ඔහුගේ නම් 99 ක් කුරානය තුල සදහන් ඒ හැම නමකටම ශ්‍රේෂ්ඨත්වයේ තිබෙන්නේත් ඔහුටමය. සියල්ල දකින්නා ඔහුය, සියල්ල අසන්නා ඔහුය.... ඔබ දන්නවද මිනිස් සිරුරේ සෛල කීයක් විතර තියෙනවද කියලා? එය ට්‍රිලියන 30ක් පමන වේ. ඔබ දන්නවද නිරීක්ෂන අහසේ මන්දාකිනි කීයක් විතර තියෙනවද කියලා? එය ට්‍රිලියන 3 ක් පමන වේ. මේ සියල්ලෙහි නිර්මාතෘ අල්ලාහ්මය. අල්ලාහ්හුඅක්බර්. 


ලා ඉලාහ ඉල්ලල්ලාහ් :- අල් ඉලාහ් යනු දෙවියන් යන්නයි. නැමදීමට සුදුස්සා යන අර්ථයද එහි ඇත. ඉල්ලල්ලාහ් යනු අල්ලාහ් හැර යන්නයි. එයට අනුව මෙයින් කියැවෙන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැති බවයි. (එය එකවරම ප්‍රතික්ෂේප කිරීම සහ සහතික කිරීමකි. "ලා ඉලාහා" යනු අල්ලාහ් හැර අනෙකුත් සියලුම නමස්කාර ප්‍රතික්ෂේප කිරීමකි. "ඉල්ලා අල්ලාහ්" යනු හවුල්කරුවන් නොමැතිව සියලු නමස්කාරයන් අල්ලාහ්ට පමණක් බව තහවුරු කිරීමකි). දෙවියන්ගේ ඒකීයත්වය මෙයින් පිලිඹිබු වේ. එනම් එකම එක දෙවියෙකු පමණයි සිටින්නේ. එවන් වෙන කිසිවෙකුත් නැත. එනම් ඔහු හැර නැමදීම් ලබන්න සුදුසු වෙන කිසිවෙක් නැත. මිනිසාද ඔහුට හැර වෙන කිසිවෙකුට නැමදිය යුතු නැත. සමහර මිනිසුන් නමදින වෙනත් කිසිවක් නැමදුම නම් උත්තරීතර ගෞරවය ලබන්න තරම් සුදුසුකම් නොලබන බවත් එයින් ගම්‍ය වේ.


අඋදුබිල්ලාහ් :-  මම අල්ලාහ්ගේ රැකවරණය පතමි

න'ඖදුබිල්ලාහ් :-  යනු 'අපි අල්ලාහ්ගේ රැකවරණය පතමු'


හස්බිඅල්ලාහ් :- අල්ලාහ් මට ප්‍රමාණවත්ය


ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් :- අල්ලාහ් සමඟ මිස කිසිම බලයක් හා ශක්තියක් නැත. මෙයින් ආදහස් වන්නේ අල්ලාහ්ගේ උපකාරය සහ සහයෝගය නොමැතිව තමාට (හෝ වෙන කිසිවෙකුට) කිසිවක් කළ නොහැකි බව පුද්ගලයෙකුගේ පිළිගැනීමයි.


ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලායිහී රාජි ඕන් :-  නියත වශයෙන්ම අපි අල්ලාහ්ට අයත් වන අතර අපි සියල්ලෝම ආපසු ඔහු වෙතම යන්නෙමු." යමෙකු මිය ගිය පසු හෝ අවාසනාවන්ත හෝ ව්‍යසනකාරී දෙයක් අත්විඳීමෙන් පසු මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් මෙය පවසයි. නමුත් මෙය ඕනෑම වෙලාවක සිහිපත් කල හැකියි. සතුටු අවස්ථාවකදී උනත්. තමාගේ ජීවන ගමනේ මුල සහ අග මතක්කර ගැනීමකි. අල්ලාහ් හමුවට යාම සිහි කැදවීම තුළින් තමාව ඒ සදහා සූදානම් කර ගැනීමකටද මෙම සිහිකිරීම වටින්නේය.


රදීතු බිල්ලාහි රබ්බන් වබිල් ඉස්ලාමි දීනන් වබි මොහම්මදින් නබීයන්:- අල්ලාහ් මගේ ස්වාමියා ලෙසත්, ඉස්ලාමය මගේ ආගම ලෙසත්, මුහම්මද් තුමාණන් මගේ අනාගතවක්තෘවරයා ලෙසත් මම සෑහීමකට පත් වෙමි". මෙය නිතර සිහිපත් කිරීම අපට ඉතා ප්‍රයෝජනවත් වන්නකි. ඇත්තටම මෙය අපේ පොරොන්දුවකි. අල්ලාහ් තමාගේ දෙවියන් බවත් ඔහුට අවනත වන බවටත් අපි මෙලොවට පැමිණීමටත් පෙරම ආල්ලාහ් ඉදිරියේ පොරොන්දු වී ඇත. අපි මිය ගිය පසු මිණීවල තුල මලායිකාවරුන් මුලින්ම අපෙන් අහන්නේද මේ ප්‍රශ්න තුනය. ඔබගේ දෙවියන් කවුද? ඔබගේ දහම් මාර්ගය කුමක්ද? ඔබ ගේ නබිවරයා කව්ද? ඒවාට නිසි පිළිතුරු දු අයට මිණීවල (කබ්ර්) තුල (බර්සාක් නම්) ජීවිත කාලයට යම් සැනසීමක් ලැබෙනු ඇත.


ලා ඉලාහ ඉල්ලාලාහ් අන්ත සුභානක ඉන්නී කුන්ත් මින්නස් zදාලිමීන්:- "ඔබ හැර වෙන දෙවියෙක් නැත, ඔබට මහිමය වේවා! නියත වශයෙන්ම මම වැරදි කරන්නන් අතර සිටිමි!". යූනුස් (අ.ස) නබිතුමා අල්ලාහ්ගේ උපදෙස් ලැබීමට පෙර තමන් ගත් තීරණයක් නිසා තමාට වරදක් සිදුවූ බව වටහා ගත්තේය. ඔහුව විශාල මාළුවෙක් ගිල ගත්තේය. ඔහු මාළුවාගේ උදර කුහරය තුලදී අල්ලාහ් වෙත තම බැගෑපත් භාවය පෙන්වීමට කල ප්‍රාර්ථනාවකි මෙය. අල්ලාහ් එයට සවන් දී ඔහුට දයාව දක්වා නිරුපද්‍රිතව මාලුවාගෙන් බේරා ගොඩ බිමට සේන්දු කරවන ලදී. මෙම දුවා ප්‍රාර්ථනාව ඉතා ප්‍රභල එකකි. නිතර මෙනෙහි කරමින් පැවසීමට රෙකමදාරු කළ එකකි.


අල්ලාහුම්ම ඉන්නක අෆූවුන් තුහිබ්බුල් අෆු අෆ අෆුඅන්නී:-  අනේ දෙවියනේ! ඔබ ඉතාමත්ම සමාව දෙන්නාය, ඔබ සමාව දීමට කැමැත්ත ඇත්තාය, එබැවින් අපට සමාව දෙනු මැනව!


ලා ඉලාහ ඉල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයි ඉන් කදීර් :- අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකුත් නැත, හවුල්කරුවන් කිසිවෙක් නොමැති එකම අල්ලාහ්ට සියලුම ආධිපත්‍යය හිමි වන අතර සියලු ප්‍රශංසා ඔහුටම හිමි වේ, ඔහු සියල්ල කෙරෙහි බලය ඇත්තාය.


අල්ලහුම්ම අ'ඉන්නි අලා දික්රික ව ශුක්රික ව හුස්නි ඉබාදතික:- අනේ දෙවියනේ! ඔබ ගැන මතක තබා ගැනීමටත්, ඔබට කෘතඥ වීමටත්, ඔබට විශිෂ්ට ලෙස නමස්කාර කිරීමටත් මට උපකාර කරන්න. සෑම සලාතයකට පසු මෙම අයැදීම ඉටු කරන ලෙස නබි ﷺ තුමානන් උපදෙස් දී ඇත.


අල්ලාහුම් අජ් අල්නී මිනත් තව්වාබීන වජ් අල්නී මිනල් මුත්තහ්හරීන්:- අනේ දෙවියනී!, පසුතැවිලි වී ඔබ වෙත හැරෙන අය අතරට මා පත් කරනු මැනව. තවද පවිත්‍ර වූවන් අතරට මා පත් කරනු මැනව. සෑම සලාතයකට පසු මෙම අයැදීම ඉටු කරන ලෙස නබි ﷺ තුමානන් උපදෙස් දී ඇත.


සුභාන රබ්බියල් අzතීම් :- යන්නෙන් අදහස් වන්නේ, 'මගේ ස්වාමියා වන අල්ලාහ්ට ශ්‍රේෂ්ඨතම මහිමය හිමිය. අල්ලාහ් තආලා අපගේ පරිකල්පනයෙන් ඔබ්බට සිටින කෙනෙකි, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයටද සීමාවක් නැත. සමස්ත නිර්මාණය කෙරෙහි ඒවායේ සියලු තාක්ෂණය සහ දැණුමද ඔහු ගේය. මෙය සෑමසලාතයකම රුකූ අවස්ථාවේ මුනුනමින් ඉතා සෙමින් කියනු ලැබේ. එසේම ඕනෑම අසස්ථාවකදී උව කීමට සුදුසුය.


සුබ්භාන රබ්බියල් ආ'ලා :- යන්නෙහි තේරුම මහෝත්තමයාණන් වන මාගේ ස්වාමි වූ අල්ලාහ්ට මහිමය වේවා යන්නයි. මෙය සලාතයේදී සුජූද් අවස්ථාවේදී කියනු ලබයි. මෙහිදී නැවතත්, ඔබ අල්ලාහ් තආලා ඉදිරියෙහි සිටින බව සිහි තබා ගන්න. මෙහිදී ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම යටහත් වී ඇති බවක් සහ උපරිම ගෞරවයක් පෙන්නුම් කරයි.


හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලල්ලාහු අලෙයිහිතවක්කල් වහුව රබ්බුල් අර්ෂිල් අතීම් :- අල්ලාහ් මට ප්‍රමාණවත්ය. ඔහු හැර නමස්කාරයට සුදුස්සෙක් නැත. මම ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෙමි, ඔහු මහිමාන්විත (අර්ෂ්) සිංහාසනයේ ස්වාමියාය.


රබ්බනා ආතිනාෆී ද්දුනියා හසනතන් වෆිල් ආකිරත් හසනතන් වකිනා අදාබ් අන් නාර් :- "අපගේ ස්වාමීනි, මෙලොවදී යහපත් දේත්, පරලොව යහපත් දේත් අපට ලබා දී අපව නිරා ගින්නේ දඬුවමෙන් ආරක්ෂා කළ මැනව." [-2:201]


මා ෂා අල්ලාහ් :- යන්නෙහි වාචික අර්ථය වන්නේ "දෙවියන් වහන්සේ එය (සිදුවීමට) අදහස් කර ඇත", "දෙවියන් වහන්සේ කැමති දේ සිදුවී ඇත" හෝ "දෙවියන් වහන්සේ කැමති දෙයයි" යන්නයි. උදාහරණයකින් පවසනවා නම්, ඔබ ලස්සන මලක් දැක්කා කියලා හිතමු. එවිට ඔබ මාශාඅල්ලාහ් කියා පවසයි. එනම් එම මල ඒ විදිහට පැවැතීමට දෙවියන් අදහස් කර තිබෙනවා, ඔහු එය නිර්මාණය කර තිබෙනවා, එය ඔබට දකින්න අවස්ථාව ඇති කර තිබෙනවා. එනිසා එම මලෙහි සුන්දරත්වය විදින ඔබ එහි නිර්මාතෘ ගෙ දායකත්වය අගය කරනවා. ඔබේ අල්ලපු ගෙදර අය අලුතින් වාහනයක් ගෙනත් කියලා හිතමු. එවිට ඔබ මා ෂා අල්ලාහ් යැයි පවසනවා. එනම්, ඒ ගැන ඔබට ඉරීසියාවක් නෑ. ඔබ සතුටුයි. හේතුව නම්, එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි. ඔහු එය වෙන්න ඉඩ හැර තිබෙනවා. දැන් ඒ දේ සිදුවී තිබෙනවා. 


අස්තහ්ෆිරුල්ලාහ් :- මෙය වරදට සමාව ගැනීමක් වැනි දෙයකි. මෙයට වඩා තව්බා කිරීම වඩා උසස් ය. 

මෙය සංවර්ධන කරමින් පවතී....

හදීස්...

අල්ලාහුම්ම අන්ත රබ්බි, ලා ඉලාහ ඉල්ලා අන්ත. හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු. අඌදුබික මින් ශර්රි මා සනඃතු. අබුඋ ලක බිනිඃ මතික අලයිය ව අබුඋ බිසන්බි ෆග්ෆිර්ලී ෆඉන්නහු ලා යග්ෆිරුස්සුනූබ ඉල්ලා අන්ත.

අර්ථය : ඔ අල්ලහ්! ඔබ මාගෙ රබ්ය. නැමදීමට සුදුසු ඔබ හැර අන් කිසිවෙකු නොමැත. මා මැවුවෙ ඔබමය. මම ඔබගේ ගැත්තා වෙමි. මම මාගේ හැකියාව අනුව ඔබගේ පොරොන්දුව හා ගිවිසුම අනුව ක්‍රියාකරමි. මා කල ක්‍රියාවන් හි උවදුරු වලින් ඔබෙන් රැකවරණය පතමි. ඔබ මට පිරිනමා ඇති භාග්‍යයන් සියල්ලම පිළිගනිමි. මා කළ පාපයන් ද පිළිගනිමි. එහෙයින්, මගේ පාපයන් කමා කරනු මැනවි. පාපයන් කමා කරන්නා ඔබ හැර අන් කිසිවෙක් නැත. (ග්‍රන්ථ: බුහාරි, 150)

by sjw

මේ පිළිබඳව ඔබගේ අදහස් අපට ලියන්න