දෙවිඳුනි ඔබමයි මා ලද සම්පත...

දැවෙනා හදවත් කතරට වැසි දිය හලා සිසිල් කරනා 

දෙවිඳුනි ඔබමයි මා ලද සම්පත හදවත සුවපත් කරනා 

ජීවන ගමනේ දුක් සංකා මැද යා යුතු යහමග පෙන්වා 

කවුරුද ඉන්නේ කඳුලට සුසුමට එරෙහිව අත්වැල් බන්දා 

දෙවිඳුනි ඔබමයි මා ලද සම්පත හදවත සුවපත් කරනා 

සිත කය සන්වර කර ජය ගන්නට මෙලොවෙහි මට ඇති භාදා 

මෙනෙහි කරන්නෙමි අපරිමාණ වූ ඔබෙ ගුණ කඳ නැත නිම්මා 

දෙවිඳුනි ඔබමයි මා ලද සම්පත හදවත සුවපත් කරනා //