දෙවියන්ගේ රාජධානිය

සියලුම මැවීම් වලට ඉහලින් අල්ලාහ් සදාකල් එක්කෙනෙකුම වශයෙන් සර්වබලධාරී තත්වයෙන් එයට ගැලපෙන උත්තරීතර ස්වභාවයෙන් සිටී. අල්ලාහ් සම්බන්ධයෙන් කාලය හෝ ස්ථානයක් මෙතරම් යැයි ගනනින් කිව නොහැක. ඔහු ඒ සියල්ල අභිභවා යන්නෙකි. එම තත්වය සහ ස්වභාවය අපගේ මනසින් පරිකල්පනය කල නොහැකිය. එය අල්ලාහ් විසින් අර්ෂ් ලෙස හඳුන්වාදී තිබේ. අර්ෂ් යන්න අපට නිවැරදිවම වටහා ගැනීමටවත් බැරිය. නමුත් පහසුව සඳහා "අල්ලාහ් සිටින්නේ අර්ෂ් හි" යැයි අපට පැවසිය හැක.  වෙනත් කිසිවක් තිබීමට පෙර එය ජලයේ පාවෙමින් තිබුනු බව අල්ලාහ් පවසා ඇත. පසුව අල්ලාහ් විසින් පළමු නිර්මාණය ලෙස පෑනක් නිර්මාණය කර ඇත.

උබදා බී. අල් සමිත් තම පුතාට මෙසේ කීවේය: පුතා! අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) පවසනු මට ඇසිණි: අල්ලාහ් මුලින්ම මැවූයේ පෑනයි. ඔහු එයට මෙසේ කීවේය: ලියන්න. එවිට එය මෙසේ ඇසුවේය: ස්වාමීනි, මා කුමක් ලිවිය යුතුද? ඔහු කීවේය: අවසාන හෝරාව පැමිණෙන තෙක් සෑම දෙයක් ගැනම නියම කර ඇති දේ ලියන්න. Grade: Sahih (Al-Albani) | Reference: Sunan Abi Dawud 4700 | In-book reference: Book 42, Hadith 105 | English translation: Book 41, Hadith 4683.

අහස් සහ පොළොව නිර්මාණය කිරීමට වසර 50,000 කට පෙර ඒවායෙහි සිදුවිය යුතු දේවල් සියල්ල ආරක්ෂිත ඵලකයක් ලෙස හඳුන්වන ලවුහුල් මහ්ෆූල් හි පෑන විසින් සටහන් කළ බව දෙවිඳුන් අපට දැනුම් දී තිබේ. ඉන් පසු අල්ලාහ් අර්ෂ් හි තම සිංහාසනය (අල් කුරුසි) නිර්මාණය කර තම බලයෙන් අර්ෂයට පිටින් ඇති දැය නිර්මාණය කරන්නට විය. ලවුහුල් මහ්ෆූල් HARD DISK එකක් යැයි අප උපකල්පනය කලොත් අල්ලාහ්ගේ නිර්මාණ සියල්ලෙහි දත්ත එහි ගබඩා කර ඇත. එනම්, ලබන වසරේ ඉපදෙන්නට සිටිනා කුහුඹුවෙකුගේ සම්පූර්ණ ආහාර වට්ටෝරුව පවා එහි ලියවී අවසන්ය.

සර්වබලධාරී අල්ලාහ් "සිංහාසනයේ අධිපතිය". එයින් අදහස් කරන්නේ අල්ලාහ් සියල්ලට වඩා උත්තරීතර යන්නයි. සිංහාසනය, සියළුම නිර්මාණ කෙරෙහි මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස (අපගේ මට්ටමින්) වටහා ගැනීම ප්‍රමාණවත් යැයි මම අදහස් කරමි. එහි සම්පූර්ණම බලධාරියා ඔහුය. ඔහු කිසිවකුගේ පරිකල්පනයට හා අවබෝධයට වඩා බොහෝ ඉහළින් සිටින අතර, මෙතෙක් ඔහුව දැකපු කෙනෙකුත් නොමැත. ඔහු තම මැවීම තුළින් ඔහුගේ මහිමය සහ ඔහුගේ සදාකාලික අධිකාරිය ප්‍රදර්ශනය කරයි. යුග අවසානයට පසු ස්වර්ගවාසීන්ට ඔහුව දැකීමට අවස්ථාවක් ලබා දෙන බව පවසා ඇත. එතෙක් ඔහුගේ රුව අපට සිතින් හෝ පරිකල්පනය කල නොහැක. 

"බලසම්ම්පන්න බවින් විශ්වය නිර්මාණය කළෝ අප වන අතර තවද අපම එය නිරන්තරයෙන්ම පුළුල් කරන්නෙමු" නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමට තබා ඇත්තෙමු. (51:47)


ඔහු අපට ලබා දී ඇති මාර්ගෝපදේශය වන ශුද්ධ වූ අල් කුරාණය තුල තම රාජධානිය ගැන සහ පසුව ඔහු කළ නිර්මාණ ගැන යම් ප්‍රමාණයකට තොරතුරු කිහිපයක් අපට දන්වා තිබේ. කුරාණයට අමතරව අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) හරහා ද තවත් අමතර කරුණු කිහිපයක් හෙළිදරව් කර ඇත. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි.


නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රීයෙන් දහවල අවසා දමන්නේය, (දහවලෙන් රාත්‍රීය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදු වෙමින් පවතින්නේය. සූර්‍යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවෙද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධණය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54)


(මිනිසුනේ!) ඔබගේ දෙවියන් වන එම අල්ලාහ්ම අහස්ද භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. (මේවා සම්බන්ධයෙන් වූ) සියළු කාරණාවන්ද ඔහුම සැළසුම් කර (පරිපාලනය කරමින්) සිටින්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව (ඔබ වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර පෝෂණය කරන්නාය. එබැවින් ඔහුවම (ඔහු එක්කෙනෙකුවම) ඔබ නමදිනු. (හොඳ හැඟීමක් ලබා ගැනීමට මේවා ගැන) ඔබ සිතා බැලිය යුතු නොවේද? (10:3)


(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: "ඔවුන් කියන අන්දමට අල්ලාහ් සමග වෙනත් දෙවිවරු සිටින්නේ නම්, ඒවා අර්ෂ්හි (අල්ලාහ් වන) ඔහු දෙසට යන මාර්ගය සොයාගෙන (ඔහු වෙතම ගොස්) ඇත. (17:42)


ඔහුම අහස්ද, භූමියද දින හයකිදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි. ඔබගෙන් දැහැමි ක්‍රියාවන් කරන්නෝ කවරෙක්දැයි ඔබව පිරික්සනු පිණිස, (ඔබවද, මේවාද ඔහු උත්පාදනය කළේය. නබියේ! (ඔබ මිනිසුන්ගෙන්)."ඔබ මිය යාමෙන් පසු නියත වශයෙන්ම (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නෙහුය" යැයි පැවසුව හොත්, එයට (ඔවුන්ගෙන් වූ) ප්‍රතික්ෂේප කරන්නන් "මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත" යැයි පවසන්නාහ. (11:7)


ආරම්භයේදී එකට එක්කාසුවී තිබුණු අහස්ද, භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රත්ක්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය) ඔවුන් විශ්වාස නොකරන්නෙහුද? (21:30)


ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදනය කළ කෙනෙකි. (ඔහු කුමක් හෝ උත්පාදනය කිරීමට අදහස් කර), තීරණය කළහොත් "වනු" යැයි කීම පමණකින්ම එවෙලේම එය සිදුවන්නේය. (2:117)


(නබියෙ! මින්) පසුවද, ඔවුන් (ඔබව අනුගමනය නොකර) ඈත් වුවහොත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: "අල්ලාහ් මාහට ප්‍රමානවත්ය. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මගේ කාරණාවන් සියල්ලෙහි) ඔහු කෙරෙහි මා පූර්ණ විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුම අති විශාල වූ අර්ෂ් හි අධිපතිය".(9:129)


(නබියේ! එදිනදී) මලායිකාවරුන් තමන්ගේ දෙවියන්ට ප්‍රශංසා කර සුවිශුද්ධ කරමින්, අර්ෂ් වටා වට කරගෙන සිටිනු ඔබ දකින්නෙහිය. ඒ අතර ඔවුන් අතරේ සාධාරණ ලෙසටම විනිශ්චය කරනු ලැබේ. "ලෝකවාසීන් සියල්ලන්වම උත්පාදනය කර, පෝෂනය කර, සංරක්ෂණය කරමින් සිටින අල්ලාහ්ටම සියලු ප්‍රශංසා අයත් වේ" යයි (සියල්ලන් විසින් සුවිශුද්ධ කර, ප්‍රශංසා කර) පවසනු ලැබේ. (39:75)


අර්ෂ් උසුලාගෙන සිටින්නන්ද, එය වටා සිටින්නන්ද, තමන්ගේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් (ඔහුව) සුවිශුද්ධ කරන්නාහ. ඔහුව විශ්වාස කරන්නාහ. විශ්වාසය තැබූවන්ගේ වැරදි වලට සමාව දෙන මෙන්ද ඉල්ලා සිටින්නාහ: (40:7)


එදිනදීම (යුග අවසානයේ) ඉමහත් වූ සිදුවීම සිදුවනු ඇත. එදිනදී අහස පුපුරා විවර වී පඬරැල් මෙන් බවට පත්වනු ඇත. (නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහළින් ඔසවාගෙන සිටිනු ඇත. (මිනිසුනේ!) එදිනදී ඔබ (ඔබගේ දෙවියන් ඉදිරියේ) ගෙන යනු ලබන්නාහ. ගුප්ත වූ ඔබගේ කුමණ කාරණාවක් වුවද ඔහුට සැඟවෙන්නේ නැත.(69:15-19)


"අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) මෙසේ පැවසූහ: 'අර්-රහ්මාන්ගේ අත පිරී ඇත, ඔහු දිවා රෑ නොබලා වියදම් කරයි, එහෙත් එය ඔහුගේ අතේ ඇති දේ අඩු වී නැත, ඔහුගේ සිංහාසනය ජලයට ඉහළින් ඇත, ඔහුගේ අනෙක් අතේ ඔහු ඔසවන සහ පහත් කරන මිසාන් (පරිමාණය) ඇත. Jami at-Tirmidhi | Grade: Sahih (Darussalam) | English translation: Vol. 5, Book 44, Hadith 3045 | Arabic reference: Book 47, Hadith 3319


ඉබ්නු මස්උද් පැවසූ බව විස්තර විය: පළමු අහස සහ ඊට ඉහළින් ඇති අහස අතර (දුර) අවුරුදු පන්සියයකි. සෑම අහසක් අතරම අවුරුදු පන්සියයක දුරක් ඇත. හත්වන අහස සහ කුර්සි අතර (දුර) අවුරුදු පන්සියයකි. කුර්සි සහ ජලය අතර (දුර) වසර පන්සියයක් වන අතර, සිංහාසනය ජලයට ඉහළින් ඇත. අල්ලාහ් සිංහාසනයට ඉහළින් සිටින අතර, ඔබගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහුගෙන් සැඟවී නැත. (At-Tawhid, p. 105 සහ Al-Bayhaqi in Al-Asma' was-Sifat, p. 401 හි Ibn Khuzaymah විසින් විස්තර කරන ලදී. [මෙම අවුරුදු ගණනය කුමණ ඒකක මතදැයි සඳහන වී නැත]/


අල්ලාහ් (ඔහුගේ සන්න්නිධානයට අදාල) දින 6 කින් විශ්වය නිර්මාණය කළේය. (පෘතුවියෙහි ස්වභාවය ඉන් දින දෙකක කාලයක්දී සිදුවූ බවද සඳහන්).

පලමු අහස (අපගේ විශ්වය) -> එහි ඉහලින්ම බයිතුල් ඉස්සා -> ඊට ඉහලින් අනිකුත් අහස් හය. හත්වෙනි අහසේ ආරම්භයේ බයිතුල් මා' මූර් -> ඉහලින්ම සිද්රතුල් මුම්තහා ගස -> ඊටත් ඉහලින් අල්ලාහ්ගේ රාජධානිය.

මේ පිළිබඳව කෙටි සටහනක් ඔබ මවිත වන දේවල් කිහිපයක් නැමති ලිපියෙහි අවසානයට සඳහන් කර ඇත.

පහතින් දක්වා ඇත්තේ මෙය පහදා දීමට යොදාගත් මනඃක්කල්පිත රූපයකි. එය අල්ලාහ්ගේ රාජධානියේ පිහිටුවා ඇතු 'කුරුසි' හෙවත් ප්‍රධාන ස්ථානය යයි උපකල්පණය කරමු. එය යම් කිසි භෞතික ස්ථානයක් විය යුතුයි. එහි විශාලත්වය අහස් හතට සාපේක්ෂවද (අපට සිතා ගත නොහැකි තරම්) විශාලය. එම කුරුසිය අප ඉහත කතා කල අහස් හත ආදියෙහි පරිපාළක මධ්‍යාස්ථාන යැයි අප උපකල්පනය කරමු. එය ('කුරුසි') කොතරම්ම විශාල වුවත් අල්ලාහ්ගේ තත්වය හා සන්සන්දනය කරන විට එයද කාන්තාරයේ වැලි කැටයක් තරම් යැයි අවසන් නබි මොහම්මද් ﷺ තුමා පවසා ඇත. ඒ අනුව අල්ලාහ් කෙතරම් බලසම්පන්නයෙක්දැයි අපට යම් අදහසක් ගත හැක.

දෙවියන්ගේ අර්ෂ් මලායිකාවරුන් හතර දෙනෙකු විසින් ඔසවා සිටින බව පවසයි. විනිශ්චය දිනයේ ඔවුන්ගේ ගණන අටක් බව අල්ලාහ් දැනුම් දී ඇත.

(නබියේ!) මලායිකාවරුන් එහි පැතිවල සිටින්නාහ. තවද එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහලින් ඔසවාගෙන සිටිනු ඇත. (69:17)