
දෙවියන්ගේ නිර්මාණ: ඉබිලීස්, ජින්වරු, ෂෙයිතාන්වරු
හැඳින්වීම
ඉබිලීස් :- ජින්වරුන්ගේ [ෂේතාන්වරුන්ගේ] ප්‍රධානියා
ජින්වරුන් :- අල්ලාහ්ගේ තවත් නිර්මාණයකි. මිනිසුන් නිර්මාණය කිරීමට පෙරම අල්ලාහ් ඔවුන්ව නිර්මාණය කර තිබේ. ඔවුන්ව දුම රහිත පැහැදිලි අධික උෂ්ණත්වයෙන් යුත් ගින්දරෙන් නිර්මාණය කර ඇත. ජින්වරුන්ටද අල්ලාහ් අපට මෙන් ජීවන ප්රීක්ෂනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන්ට දී ඇති සිහිකල්පනාව භාවිතා කර ගෙන ඍජු මාර්ගයේ ගියොත් ඔවුන්ටම හොඳය. ඔවුන්ට අපව පෙනෙයි. එහෙත් අපගේ පියවි ඇසට ඔවුන්ව නොපෙනේ. (සමහර සතුන්ට ඔවුන්ව පෙනෙයි). ඔවුන් තම ප්‍රජාව බෝ කිරීම සිදු කරයි. ඔවුන් ආහාර ගැනීම සිදු කරයි. (උදාහරනයකට මස් කටු ආදිය). නමුත් ඔවුන් එය අනුභව කල බවක් අපගේ පියවි ඇසට නොපෙනේ. මිනිසුන්ට මෙන්ම සමහර ජින්වරුන්ටද අහසේ යම් සීමාවක් දක්වා තරණය කල හැක. මුහුදු පතුලේ කිමිදිය හැක. සමහර අන්හ්ස වලින් ඔවුන් මිනිසුන්ට වඩා දක්ශය. සමස්තයක් ලෙස ගතහොත් ඔවුන් මිනිසුන්ට වඩා දුර්වල ජීවී සමූහයකි. නමුත් මිනිසුන් ඔවුන්ට බිය බව ඇඟවූව හොත් හෝ ඔවුන්ගෙන් පිහිට ඉල්ලමින් සිටියොත් පමණක් ඔවුන්ට පුලුවනි මිනිසුන්ට හානි කිරීමට. ඔවුන්ගෙන් බහුතරයක් ඇත්තෙන්ම මිනිසාගේ සතුරෙකු ලෙස සිටිමින් මිනිසාව ඍජු මාර්ගයෙන් පිටමං කරවීමට සෑම විටම උත්සාහ ගනිමින් සිටී. ඒ වෙනුවෙන් ඔවුන් කරනුයේ අප ළඟම ගැවසෙමින් අපට නරක කිරීමට මිමිණීමය. එනම් අපට රහසින් පවසයි.
ජින්වරුන්ගෙන සමහරක් මුස්ලිමුන් ලෙස ඍජු මාර්ගයේ සිටිති. අල්ලාහ්ව විශ්වාස කරන (මුස්ලිමුන් ලෙස සිටින) ජින්වරුන් ගැන තොරතුරු රාශියක් අල් කුර්ආන් හී [සූරත් අල් ජින් / 72 පරිච්ඡේදයේ] සඳහන් වේ).
නමුත් ජින්වරු බහුතරයක් අල්ලාට විරුද්ධව යමින් දුර්මාර්ගයේ සිටිති. එනිසා ජින් සංහතියේ බහුතරයකගේ අවසාන ඉරණම නිරය බව දෙවිඳුන් කලින්ම පවසා තිබේ.
දුර්මාර්ගයේ සිටින ජින්වරුන් අපගේ ඉරණම කෙරෙහි ප්‍රභල බලපෑමක් කරන අය වේ. එම නිසා ඔවුන් පිළිබදව අප දැනගෙන සිටීම අනිවාර්යය වේ.
ජින්වරුන්ට අල්ලාහ් මිනිසුන්ට නොමැති සුවිශේෂී හැකියාවන්ද දී තිබේ. ඈත අතීතයේ ජින්වරු විශාල බරපතල වැඩ කර ඇත. සුලෙයිමාන් නබිගේ කාලයෙන් පසු මිනිසුන්ට ජින්වරුන්ගෙන් වැඩ ගැනීම තහනම් කර ඇත. නමුත් සමහර මිනිසුන් අදටත් ඔවුන්ගෙන් එක් එක් වැඩ ගනිමින් සිටිනු අපට දකින්නට ඇත.
ෂේතාන්වරු :- මොවුන් විශ්වාසවන්ත යහපත් ජින්වරුන්ව සහ විශ්වාසවන්ත යහපත් මිනිසුන්ව දෙවියන්ගේ ඍජු මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නන්ය.
ෂේතාන්වරු සියල්ලගේම ඉරණම අවසන් වන්නේ නිරයෙනි.
ඔවුන් ජින්වරු අතරත් සිටී, මිනිසුන් අතරත් සිටී. (එනම්, ඉබිලීස්ගේ කැමැත්ත ඉටු කරන අය ජින්වරුන්ගේ සැබෑ ස්වභායෙන් ඉන්නත් පුලුවනි, එසේත් නැත්නම් එම කැමත්ත මිනිසා තුලින් ක්‍රියාත්මක වීමට සැලැස්වීමද කළ හැකි බවය). මේ අනුව විශ්වාසවන්තයෙකු ලෙස සිටීමට නම අපට ආකාර දෙකක අවධානම් වලින් ආරක්ෂා වීමට සිදුවෙනවා.
- ෂේතාන්වරුන්, ඔවුන් විසින්ම අපව නොමගට යැවීමට ගන්න උත්සහයන්ගෙන්.
- ෂේතාන්වරුන් විසින් දැනටමත් නොමග යවා ඇති මිනිසුන්ව අප වෙත එවා, ඔවුන් හරහා අපවත් නොමගට යැවීමට අටවා ඇති උගුල්වලින්.
ජින්වරුන්ගෙන් සමහරුන්ට එක් එක් ස්වරූප ගැනීමට හැකියාව ඇත. ඔවුන්ට සතෙකු මෙන් පෙනී සිටිය හැක. මිනිසෙකු ලෙසද පෙනී සිටිය හැක.
නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට සතුරෙකු වශයෙන් සිටින්නේය. එබැවින් ඔහුව ඔබත් සතුරෙකු බවටම ඇර ගනු. ඔහු (තමන්ට අවනත වූ) තම සමූහය ආරාධනා කරන්නේ ඔවුන් නිරාවාසීන් බවට පත් කිරීමටය. (35:6)
(සැඟවෙන අපරාධකාරයින්ගේ විපත් වලින් ආරක්ක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි, (යයි ප්‍රාර්ථනා කරයි). ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හී (පුහු) සැකය උපදවයි. (එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද සිටින්නාහ. (114:4,5,6)
(වියළී ගියහොත් ටං ටං යන) ශබ්දය ගෙන දෙන ඇලෙන සුළු කිරිමැටියෙන් නියත වශයෙන්ම අපිම (ඔබගේ මුල් පියා වන පළමු) මිනිසාව උත්පාදනය කළෙමු. (15:26)
(එයට/ මිනිසාට) පෙර ජින්වරුන්ව දරුණු උෂ්නත්වයෙන් යුත් ගින්දරෙන් උත්පාදනය කළෙමු. (25:27)
(මට අවනත වී මාව) නැමදීමට මිස ජින්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කළේ නැත. (51:56)
නියත වශයෙන්ම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද, බොහෝමයක් දෙනාව නිරය සඳහාම අප උත්පාදනය කර ඇත්තෙමු. (ඔවුන් කෙබන්ඳයත් නම්), ඔවුන්ට හෘදයන් ඇත. එහෙත් එමඟින් හොඳ ඔවදන්) ඔවුන් වටහා නොගන්නාහ. ඔවුන්ට ඇස්ද ඇත. එහෙත් එමඟින් (මෙලොවෙහි ඇති සාධකයන්) ඔවුන් නොබලන්නාහ. ඔවුන්ට කන් ඇත. එහෙත් එමගින් ඔවුන් (හොඳ ඔවදන්වලට) සවන් නොදෙන්නාහ. මොවුන් සතුන් මෙන් සිටින්නාහ. තවද ඒවාටත් වඩා මාර්ගය වැරද ගියවුන් වශයෙන්ම සිටින්නාහ. මෙවැන්නන්ම (අපගේ ආයාවන්) නොසළකා හැරිය වුන් වන්නාහ. (7:179)
මලායිකාවරුන්ට "ආදම්ට සුජූද් කරනු" යයි අපි පැවසීම ගැන සිතා බලනු. ඉබිලීස් හැර, ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු නම්, ජින් වරුන්ගේ වර්ගයට අයත් කෙනෙකි. ඔහු තම දෙවියන්ගේ අණට වෙනස්කම් කර හැරියේය. එබැවින් (මිනිසුනේ!) ඔබ මා හැර, ඔහුවද, ඔහුගේ පරම්පරාවේ දරුවන්වද, හිමි වශයෙන් ගන්නෙහුද? ඔවුන් නම් ඔබට දරුණු සතුරන් වශයෙන්ම සිටින්නාහ. අපරාධකරුවන් (මාව හැර දමා, ඔවුන්ව තමන්ට ආරක්ෂකයින් වශයෙන්) වෙනස් කර ගැනීම ඉතාම නපුරුය. (18:50)
පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය සම්බන්ධව
"මා මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍යය) මගේ ආත්මය ඇතුළු කළහොත් (ඔහුට ගෞරව කිරීමට) ඔබ නලල බිම තබා සුජූද් කරණු (යයි අණ කළේය). ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලන්ම (ඔහුට ගෞරව කිරීම සදහා) සුජූද් කළහ. ඉබිලීස් හැර, ඔහු සුජූද් කරන්නන් සමග එක්කාසු වී සුජූද් නොකර ඈත් වූවේය". (15:29,30,31).
(එයට දෙවියන්) "ඕ ඉබිලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඩුඟු වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද? යි කීවේය. (38:75)
එයට ඔහු "ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව(ලැජ්ජාවකි), කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය" යි කීවේය. (38:76)
(එවිට දෙවියන්, එසේනම්) "ඔබ මෙතැනින් පිටමං වනු. ඔබ එළවනු ලැබුවෙහිය" යි කීවේය. විනිශ්චය දින දක්වා මගේ ශාපය ඔබ කෙරෙහි නියත වශයෙන්ම තිබෙනු ඇත. (38:77,78)
(එවිට ඔහු "මගේ දෙවියනේ! (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින දක්වා මට කාල අවකාශය දෙනු මැනව" යි කීවේය. (38:79)
එයට දෙවියන්, "නියත වශයෙන්ම ඔබට ලාක අවකාශය දෙනු ලැබීය. නියමිත කාලයේ දින දක්වා (ඔබගේ වාරයයි) යයි පැවසුවේය. (38:79,80)
එයට ඔහු "ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මත සත්තකින්ම! මා මිනිසුන් වන) ඔවුන් සියල්ලන්වම මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි. එහෙත්) ඔවුන්ගෙන් පරිශුද්ධ මනසින් යුත් ඔබගේ වහලුන් හැර" යයි කීවේය. එයට දෙවියන් "එය සත්‍යයයි! මා පවසන සත්‍යය කුමක්ද යත්, නියත වශයෙන්ම ඔබවත්, ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන සියල්ලන් මගින් නිරය පුරවන්නෙමි" යයි කීවේය. (38:82-85)
"ඕ:ආදම්! 'නියතවශයෙන්ම මොහු නුඹටද, නුඹගේ බිරියටද සතුරෙක් වන්නේය. එබැවින්, ඔහු නුඹලා දෙදෙනාව මෙම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඉඩ නොතබනු. එසේ වුයේ නම් නුඹ අභාග්යයවන්තයෙකු වනු ඇතැ'යි අපි පැවසුවෙමු". (20:117)
ඉහත සිද්ධියෙන් පසු ඉබිලීස් තම (ෂේතාන්වරුන්ගෙන් යුත්) සේනාවද භාවිතයට ගනිමින් ආදම්ගේ දරු පරම්පරාව වන මිනිස් සංහතිය දෙවියන්ට නැමදීමේ මාර්ගයෙන් ඉවත් කොට දුර්මාර්ග වල යැවීම සඳහා උපරිමව උත්සහ ගනිමින් සිටී. මිනිස් සංහතිය ෂේතාන්වරුන්ගේ උපක්‍රම වලට අසු නොවී දෙවියන් විසින් දෙන ලද මාර්ගෝපදේශය අනුගමණය කලහොත් ජීවන සටනින් ජයග්‍රහනය කල හැක. නැතහොත් පරාජිතයන් බවට පත්වනු ඇත. (මේ ක්‍රමවේදය අල්ලාහ්ගේ නිර්මාණයකි. අල්ලාහ් ජින්න්වරුන්ව සහ මිනිසුන්ව පරීක්ෂා කිරීමට ගත් පියවරකි. මෙතනදී හොඳ හෝ නරක විදිහට හැසිරෙන්නේ අල්ලාහ් නොව, මිනිසුන් සහ ජින්වරුන් ය. ඔවුන්ගේ අනාගතය ගැන ඔවුන් දන්නේ නැත. නමුත් අල්ලාහ් එයද දැනුවත්ව හිඳී).
පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කළ අවස්ථාවේ සහ ඔහු සහ ඔහුගේ බිරිඳ ස්වර්ගයෙන් පිටමං වී පෘථිවිය වෙත පැමිණෙන තෙක් ෂේතාන්වරුන්ගේ ප්‍රධානියා වන ඉබිලීස් හැසිරුණු ආකාරය ගැන වැඩි විස්තර පහත සදහන් සබැඳි දෙක තුලින් විස්තර කර ඇත.
Prophet Adam ආදම් (අ.ස) ගැන ලියවුනු සියළුම කුරාන් ආයත් සහ ස්වර්ගයේ සිටි ආදම් හව්වා දෙපලගේ දරු පරම්පරාව ෂේතාන්වරු නිසා ඍජු මාර්ගයේ සිට දුර් මාර්ගයට ඇවිදින් නෝහා නබිතුමාගේ නූහ් (අ.ස) කාලයේදී මහා විනාශයකට ලක්වුනු ඉතිහාස විස්තර මෙහි ඇත.
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය කිරීම (සහ ඉබිලීස් ගේ ප්‍රතිචාරය ගැන වැඩි විස්තර මෙහි ඇත).
ඉබිලීස් ගේ උපක්‍රම යන මැයෙන් ලියා ඇති (link) ලිපිය හරහා අපට නොදැනී ෂේතාන්වරු අපව නොමග යවමින් සිටින ආකාරය ඉතා හොදින් වටහා ගත හැකිවෙයි.
සොභාවික විපත් පිටුපස ඇති රහස (link) ලිපිය කියාවා බලන්න. මෙයට හේතුව ෂේතාන්වරුන් මිනිසුන්ව දුර්මාර්ගයේ යැවීමය. විපත් භූමිකම්පාවක් ලෙස හෝ මිනිසුන්-මිනිසුන් අතර ඇතිවන යුද්ධයක් ලෙස හෝ භයානක වෛයිරසයක පැතිරීමක් උවත් ඒවායේ රහස එකමය.
[6:95-99/අල්ලාහ්ගේ නිර්මාණ හා දයාව විශාල වශයෙන් මතක් කර දී] (මේ සියල්ල මෙසේ තිබියදී) ඔවුන් ජින්වරුන්ගෙන් බොහෝමයක් අල්ලාහ්ට සමානයන් බවට පත් කරන්නාහ. එහෙත් එම ජින්වරුන්වද, ඔහුම උත්පාදනය කරන්නේය; (6:100)
නබිවරයන් හා සම්බන්ධව
මෙසේම සෑම නබිවරයාටම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද ඇති ෂෙයිතාන්වරුන්ව අපි සතුරන් බවට පත්කර තිබුණෙමු. ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුව රවටණු පිණිස අලංකාරවත් (බොරු) වදන් (කණ්හි) රහසින් පවසා (විසුරුවා හරිමින්) සිටියහ. ඔබගේ දෙවියන් අදහස්කර තිබුනේ නම්, මෙසේ ඔවුන් කර තිබෙන්නට ඉඩ නැත. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්වද, ඔවුන්ගේ බොරු කියමන්ද හැර දමනු. (6:112)
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "මිනිසුන්ද, ජින්වරුන්ද එක්කාසු වී මෙවැනි කුර් ආනයක් ගෙන ඒමට උත්සාහ කර, ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුට උදව්වට සිටියා වුවද, මෙවැන්නක් ඔවුන් විසින් (කළ) නොහැකිය. (17:88)
සුලෙයිමාන් නබි (අ.ස) ගේ කාලයේ සිදුවූ සිද්ධි සම්බන්ධව
ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී. (27:17)
එයට ජින්වරුන්ගෙන් වූ ඉෆ්‍රීත් (නැමැති වීරයෙකු) "ඔබ ඔබගේ ස්ථානයෙන් නැගී සිටීමට පෙරාතුවම එය මා ගෙන එන්නෙමි. නියත වශයෙන්ම මා මෙයට ශක්තිවන්තයෙකි. (ඉතාමත්) විශ්වාසයෙන් යුක්තෙකුද වන්නෙමි" යි පැවසුවේය. (27:39)
තවද සුලෙයිමාන්ට සුළඟ (වසඟ කර දුන්නෙමු). එහි උදේ ගමන මාසයක දුරක්ද, එහි සවස් ගමන මාසයක දුරක්ද වශයෙන් තිබුණි. තවද උණු වූ තඹෙහි උල්පතක් (වතුර මෙන්) අපි ඔහු වෙනුවෙන් ගලා බසින්නට සැලැස්සුවෙමු. තම දෙවියන්ගේ අනුමැතියට අනුව ඔහුට වැඩ කර දිය හැකි ජින්වරුන්වද, (අපි ඔහුට වසඟ කර දී, ඔහුට අවනත වී කටයුතු කිරීමෙහි) ඔවුන්න්ගෙන් කවුරුන් අපගේ නොයෝගයන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දළුලා දැවෙන (නිරා) දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු"යි කීවෙමු). (34:12)
(සුලෙයිමාන් වන) ඔහු කෙරෙහි මරණය නියම කළ විට, ඔහු මරණයට පත් වූවේය යන්න ඔහු හාන්සි වී සිටි සැරයටිය විනාශකර දැමූ වේයන් මිස< (වෙන කිසිවෙකුත්) එම ජින්වරුන්ට දැනුම් දුන්නේ නැත, (ඔහු හාන්සි වී සිටි සැරයැටිය වේයන් කා දැමූහ. එබැවින් ඒ මත හාන්සි වී සිටි සුලෙයිමාන් බිමට ඇද වැටුනේය). ඔහු බිම ඇද වැටුනු වහාම (වැඩ කරමින් සිටි) ඔවුන් ගුප්ත කාරණාවන් දැන ගත හැකි අය වශයෙන් සිටියේ නම්, (රෑ දවල් තිස්සේ වැඩ කර) අවමන් ගෙන දෙන මෙම දඬුවමෙහි ස්ථිරව සිටිය යුතු නැතැයි ජින්වරුන් ඉතාමත් පැහැදිලිව දැන ගත්හ. (34:14)
විනිශ්චය දින සම්බන්ධව
දෙවියන් ඔවුන් සියල්ල ඒකරාශී කරන (විනිශ්චය) දිනදී (ජින්වරුන්ට) "ඕ ජින් වාර්ගිකයිනී! ඔබ මිනිසුන්ගෙන් බොහෝමයක් දෙනාව (වැරදි යාමට සලස්වා) ඔබ සමග එක්කාසු කරගත්තා (නොවෙද?" යි විමසනු ඇත. එයට) මිනිසුන්ගෙන් වූ ඔවුන්ගේ මිතුරන් "අපගේ දෙවියනේ! අපගෙන් සමහරෙක් (වෙනස්කම් කළ) සමහරෙකු මගින් ප්‍රයෝජන අත්කරගෙන ඇත්තාහ. අපට ඔබ ඇති කළ කාලය අපි අත් පත් කර ගත්තෙමු. (අපට කුමණ නියෝගයක් ද?) යි විමසන්නාහ. (එයට දෙවියන්) "ඔබට නිරයම වාසස්ථානය වේ. (ඔබගෙන්) අල්ලාහ් (සමාව දීමට) අදහස් කරන්නන් හැර, (අන් සියල්ලම සදහටම) එහි රැඳී සිටිනු ඇත" යයි පවසන්නේය. නියත වශයෙන්ම (නබියේ!) ඔබගේ දෙවියන් ඉතාමත් ඥානවන්තයෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (6:128)
එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ). (55:39)
(දෙවියන් පරලොවදී මිනිසුන්ටද, ජින්වරුන්ටද) "මිනිසුනි! හා ජින් සමූහයිනී! ඔබගෙන් ඉකුත් වූ (මාගේ) දූතයින් ඔබ වෙත පැමිණ මාගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා, ඔබ (මාව) හමුවන මෙම දිනය ගැනද ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූයෙ නැද්ද? යි (විමසනු ඇත). එයට ඔවුන් '(අපගේ දෙවියනේ! ඇත්තය). මෙලොව ජීවිතය අපව රවටා දැම්මේය" යයි තමන්ට විරුද්ධවම සාක්ෂි දරණ අතර ඇත්තෙන්ම තමන් ප්‍රතික්ෂේප කරමින් සිටි බවද, තමන්ට තමන්ම විරුද්ධව ඔවුන් සාක්ෂි දරණු ඇත. (6:130)
"ඔබට පෙර ඉකුත් වූ (ඔබ මෙන් පාපතරයන් වන) සමූහය සමග ඔබත් එකතු වී නිරයට යනු' යයි පවසන්නේය. ඔවුන්ගේ සෑම සමූහයක්ම (නිරයට) ගිය විට, (පෙර එහි පැමිණ සිටි) තමන්ගේ වාර්ගිකයින්ව මුමුනා ශාප කරන්නාහ. (මෙසේ) මොවුන් සියල්ලන්ම නිරය අත් කර ගත් පසු (ඔවුන්ගෙන්) පසු පැමිණෙන්නන් (තමන්ට)පෙර පැමිණියන්ව ගෙන හැර දක්වා "අපගේ දෙවියනේ! මොවුන් අපිව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. එබැවින් ඔවුන්ට (අපට වඩා) දෙගුණයකින් නිරා දඬුවම දෙනු මැනව! යයි පවසන්නාහ. එයට ඔහු, "ඔබගෙන් සියල්ලන්ටම දෙගුණයක් (දඬුවම්) ඇත. එහෙත් (මීට හේතුව) ඔබ දැනගන්නේ නැත" යයි පවසන්නේය. (7:38)
"විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසනු ඇත) 'නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්‍ය පොරොන්දුවක් දුන්නේය. මමද නුඹලාට (බොරුවට) පොරොන්දු දුන්නෙමි; එහෙත් මම නුඹලාට ද්‍රෝහී වුයෙමි. මට හැකි වුයේ ඔබලාව ඇරයුම් කිරීමට මිස වෙනත් කිසිවක් සඳහා බලයක් තිබුනේ නැත, එහෙත් නුඹලා මට ප්‍රතිචාර දැක්වූයේය. එම නිසා මට දොස් නොකියනු, ඒ වෙනුවට ඔබලා නුඹලාට ම දොස් පවරාගනු. මට දැන් නුඹලා වෙනුවෙන් උදව් කල නොහැකිය. ඔබලාටද මා වෙනුවෙන් උදව් කල නොහැකිය. නුඹලා මිට ඉහතදී මාව අල්ලාහ් සමග සම කිරීම මා ප්‍රතික්ෂේප කරමි. ඇත්ත වශයෙන්ම (ඔබ වැනි) වැරදිකරුවන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත." යයි පවසනු ඇත. (14:22)
නිරය හා සම්බන්ධව
"ඔබට පෙර ඉකුත් වූ (ඔබ මෙන් පාපතරයන් වන) සමූහය සමග ඔබත් එකතු වී නිරයට යනු' යයි පවසන්නේය. ඔවුන්ගේ සෑම සමූහයක්ම (නිරයට) ගිය විට, (පෙර එහි පැමිණ සිටි) තමන්ගේ වාර්ගිකයින්ව මුමුනා ශාප කරන්නාහ. (මෙසේ) මොවුන් සියල්ලන්ම නිරය අත් කර ගත් පසු (ඔවුන්ගෙන්) පසු පැමිණෙන්නන් (තමන්ට)පෙර පැමිණියන්ව ගෙන හැර දක්වා "අපගේ දෙවියනේ! මොවුන් අපිව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. එබැවින් ඔවුන්ට (අපට වඩා) දෙගුණයකින් නිරා දඬුවම දෙනු මැනව! යයි පවසන්නාහ. එයට ඔහු, "ඔබගෙන් සියල්ලන්ටම දෙගුණයක් (දඬුවම්) ඇත. එහෙත් (මීට හේතුව) ඔබ දැනගන්නේ නැත" යයි පවසන්නේය. (7:38)
(ඔවුන්ගෙන්) ඔබගේ දෙවියන් දයාව පහළ කළ අය හැර, මේ සඳහාම (වෙනස් වන සුළු) ඔවුන්ව උත්පාදනය කර ඇත්තේය. "(පාපයන් කළ) ජින්වරුන්, මිනිසුන් ආදී සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි" යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම පූර්ණය කරනු ඇත. (11:119)
අපි කැමති වී තිබුණේ නම්, (මොවුන්ගෙන් වූ) සෑම මිනිසෙකුටම ඔහු ඍජු මාර්ගයෙහි යා හැකි බුද්ධිය දී ඇත්තෙමු. එහෙත්, "ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද (වූ පාපතරයින්) සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි" යි යන මාගේ පොරොන්දුව (මීට පෙරම) ඇති වන්නට ඉඩ තිබුණු. (32:13)