දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්)

මලායිකාවරුන් යනු කවුරුන්දැයි හැඳින්වීම.

දෙවියන් වහන්සේ සදාකාලිකව ස්වාධීනව සිටින කෙනෙකි. ඔහු ස්වයංපෝෂීය. ඔහුට කිසිවෙකුගේ අවශ්‍යයතාවයක් නොමැත. මෙවන් ස්වභාවයක් ඇති දෙවියන්වහන්සේට තනිව සදාකල් සිටිය හැක. එවිට ඔහුට භාහිරින් වෙන කිසිවක් පවතින්නේද නැත.

සර්වබලධාරී දෙවියන්වහන්සේ ඉතා බලසම්පන්නයෙකි. ඔහුට සිතෙන, ඔහුට කැමති ඕනෑම දෙයක් කිරීමට හැක. ඔහුට ඔහුගේ බලයෙන් මැවීම් සිදුකල හැක. එනිසා ඔහුගේ කැමැත්ත පරිදි ඔහු මහා පුදුමාකාර මැවීම් (නිර්මාණ) සිදු කරමින් සිටී. විශ්වය ඉන් එක් මැවීමකි. අපද එම මැවීමේ කොටසකි.

මෙවන් ස්වභාවයක් ඇති දෙවියන් වහන්සේ ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඔහු මැවීම් කරන විට එය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට ගැලපෙන අයුරින්ම ඒවා සිදුකරයි. එහි ප්‍රතිඵලයකි මලායිකාවරුන් හෙවත් සුරදූතයින්.


සරළ උදාහරණයක් මගින් මෙය හොඳින් වටහා දිය හැක. 

ඉතා ධනවත්ව සුවසේ සිටින පුද්ගලයෙක් ඔහුගේ හැකියාව යොදා යම් කිසි යන්ත්‍රයක් ගොඩනගනවා. ඉන් පසු එය ක්‍රියාත්මක කරවීම  ආකාර දෙකකට කළ හැක.

  1. ඔහුම එහි වැඩවලට සම්බන්වී ඔහු විසින්ම එය ක්‍රියාවට නැගීම. (නමුත් ඔහු ඉතා ධනවත්ව හා සුවසේ සිටින නිසා ඔහු එයට කැමති නැහැ. එය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට ගැලපෙන්නෙත් නැහැ. එනිසා ඔහු පහත ආකාරයේ දෙවැනි සැලසුම වෙත යොමු වෙනවා). 
  2. (හොඳින් වැඩකළ හැකි, කාර්යක්ෂම, අවංක සේවකයින් කණ්ඩායමක් ඒ සදහා භාවිතා කරනවා. (අප කතා කරන මලායිකාවරුනුත් මෙම සේවක පිරිස හා සමානය)

දෙවියන්වහන්සේ තම මැවීම් නිසි ලෙස පවත්වාගෙන යාමට ඒවාට ඉතාම හොඳින් ගැලපෙන අයුරින් මලායිකාවරුන් හෙවත් සුරදූතයින් ලෙස විවිධ ස්වරූපයන්ගෙන් යුක්තව සුවිෂේශී කණ්ඩායමක් නිර්මාණයක් කර ඇත. දෙවියන් ආලෝකය උපයෝගී කරගෙනයි ඔවුන්ව නිර්මාණය කර ඇත්තේ. 


මලායිකාවරුන් ගැන විශ්වාස කිරීම යනු ඉස්ලාම් ඇදහිල්ලෙහි දෙවන මූලිකාංගයයි. අල්ලාහ් මෙසේ පවසයි,

"රසූල්වරයා තම ස්වාමියාගෙන් ඔහුට පහළ වූ දේ විශ්වාස කරයි, විශ්වාස කරන්නන් ද එසේමය. සියල්ලෝම අල්ලාහ්, ඔහුගේ දූතයන් සහ ඔහුගේ මලායිකාවරුන් ගැන විශ්වාස කරති".(2:285)

"...ඔවුන් අල්ලාහ් අණ කරන දෙයට අකීකරු වන්නේ නැත. ඔහු ඔවුන්ට අණ කරන ලද දේ හරියටම කරති". (66:6)


ඔවුන් විශ්වය පුරා සෑම තැනකම විසිරී සිටිමින් තමන් වෙත පැවරී ඇති කාර්‍යයන් 100% ක් නිවැරදිව අකුරටම කරමින් සහ සෑම විටම දෙවියන්ව ප්‍රසංශා කරමින් සිටී. 

ඔවුන්ගේ නිර්මාණාත්මක ස්වභාවය අනුව ඔවුන්ට අපට මෙන් ආහාර ගැනීම, මහන්සිය දැනීම, විවේකය ගැනීම, වයසට යෑම ,  දරුවන් බිහි කිරීම වැනි තත්වයන් නොමැත. ඔවුන්ට ලිංග භේදයක්ද නැත. ඔවුන්ට අපට මෙන් ඊරිසියාව, ක්‍රෝධය, තරහ, ආදරය, කරුණාව වැනි තත්වයන්ද නැත. මිනිසුන් මෙන් එක ස්වරූපයක් ගන්නේද නැත. ඔවුන්ට විවිධ ස්වරූප ඇත. සමහරුන්ට වෙනත් රූපයකට මාරුවෙන්න පුළුවන් (මිනිස් රුවකට පවා), සමහරුන්ගේ වේගය දුර කොපමනදැයි අදාල නොවී නිමේශයකින් අවශ්‍යය තැනට යා හැක. ඔවුන්ට මිනිසුන්ට මෙන් සිවයං තීරණ ගෙන හොඳ හෝ නරක ආදී ලෙස කටයුතු කළ නොහැක. ඔවුන් සැමවිටම දෙවියන්ගේ අණ පමණක් ක්‍රියාවට නගයි. ඔවුන් දෙවියන්ට 100% ම කීකරුව හා යටහත්ව සිටී. ඔවුන් දෙවියන්ගේ ගෞරවණීය නිර්මාණයකි. ඔවුන්ට දෙවියන් කෙරෙහි ගෞරවයද බිය බැති භාවයද උපරිමව ඇත. 

එම ගෞරවණීය මලායිකාවරුන්ට අප හැකි හැම විටකදීම "දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන් වෙත ලැබේවා!"යැයි පැතීමද විශ්වාසවන්තයෙකුගේ හොද ලක්ෂනයකි.

ඔවුන් අප හා සම්බන්ධවද විශාල කටයුතු ප්‍රමාණයක් කරමින් සිටී. ඔවුන්ව අපගේ පියවි ඇසට නොපෙනේ. නමුත් අවසන් දේවදූත මොහම්මද් නබි ﷺ තුමාට ඔවුන්ගෙන් සමහරෙක්ව දැකීමට හැකියාව දෙවියන් ලබා දී තිබුණි.

මලායිකාවරුන් මිනිසුන් සම්බන්ධයෙන් කෙසේ කටයුතු කරන්නේ දැයි පහත සටහනින් පෙන්වා දී ඇත.

දෙවියන් මිනිසාව නිර්මාණ්ය කිළ මුල් අවධියේදී ඔහුට තිබුනේ දෙවියන් ඔහුට දුන් ආත්මය පමණි. මෙලොව ඉපදීමට නියම වූ සියළුම මිනිසුන්ගේ ආත්ම දෙවියන් (අහස් හී) එක් ස්ථානයක රඳවා තැබීය. මෙම රඳවා තබා ඇති ස්ථානයේ සිට එම ආත්මය දෙවියන් නියම කළ වෙළාවට එම ආත්මය හිමි අය ඉපදීමට නියමිත ලෙස දෙවියන් විසින් තීරණයකර තිබූ මවගේ කුස වෙතට රැගෙන එන්නේ මෙම මලායිකාවරයන්ගෙන් එයට නියමක්ර ඇති අයෙකු විසිනි.

දරුවාගේ ලක්ෂන යම් ප්‍රමාණයක් (සහිත ජාන) ඔහුගේ පියාගේ ශුක්‍රාණු වලින්ද තවත් ප්‍රමාණයක් මවගේ සෛල වලින්ද දරුවාට ලැබුණත්, දරුවා ඒක සෛලිකව සිට මෙලොව එලිය දකින තුරු එය විභාජනය වී, විවිධ අවයව සහ සහ හැඩතල සැකසීමේ ක්‍රියාවලියටද මෙම මලායිකාවරුන්ගෙන් විශාල මෙහෙයක් සිදුවෙයි.

ඉන් පසු ඉපදුනු දරුවා පෘතුවිය තුල තම මරණය තෙක් (ජීවත්වන කාලය පුරාවටම) දෙවියන්ගේ උපදෙස් මත ඔවුන්ව ඉදිරියෙන් සහ පසුපසින් ආරක්ශා කරමින් සිටී. මිනිසාගේ ජීවිත කාළය තුල විවිධකාරයට මිනිසුන්ට සහය දක්වමින් සිටින සේ පත් කල විවිධ මලායිකාවරුන් අප සමග සිටී. 

මිනිසාට ජීවත්වීමට අවශ්‍යය මාර්ගෝපදේශ හෙවත් දිව්‍ය හෙළිදරව්වන් දෙවියන්ගේ සන්නිධානයේ ඇති ලව්හුල් මහ්ෆූල් නම් ඵලකයෙන් රැගෙන, නබිවරුන් වෙත ගෙන එන්නේද මෙම මලායිකාවරුන්ගෙන්ම එයට නියම වූ අය විසිනි.

මලායිකාවරුන් අපට නොපෙනී අපට බොහෝ උදව් කරමින් සිටී. සමහර අනතුරුවලින් ඔවුන් මහ පුදුමාකාර ලෙස අපව බේරා ගනු ඇත. දෙවියන් ඔවුන්ට ඉවත්වන ලෙස අණ දුන් අවස්ථාවල ඔවුන් තම උදව් දීම අතහැර දමණු ලැබේ. 
මොහම්ම්ද් නබි ﷺ තුමා කළ ඇතැම් යුද්ධ වලදී ඔහුට සහායක හමුදා වශයෙන් මලායිකාවරුන්ගේ සේනාවන් පැමිණි බවද කුරානයෙහි සඳහන් වේ. 
සුළඟ ඒ මේ අත යැවීම, වලාකුළු මත ජලය එක් රැස් කිරීම, ඒවා විවිධ ස්ථාන වෙත තල්ලු කිරීම, ඒවායින් ප්‍රමාණවත් අයුරින් වැස්ස ලෙස ජලය පහලට එවීම ආදී සොභාවධර්මය ලෙස අපි හදුන්වන පාරිසරික ක්‍රියාවන්ද ඉටුකරයි. ඒවා ඔවුන්ගේ කැමත්තට කරන කටයුතු නොව. දෙවියන් ඔවුන්ට අණ කර ඇති ආකාරයට ඔවුන් ඒවා සිදු කරයි.

ගැහැණු හෝ පිරිමි දරුවෙකු තමන්ට හොඳ නරක තේරෙන වයසට හෙවත් වැඩිවියට පැමිණි පසු ඔහු හෝ ඇය දවසේ පැය 24 පුරාම කරන කියන හොඳ සහ නරක දේවල් සටහන් කර ගැනීමද ඔවුන් විසින් සිදුකරයි. ඔවුන් ඇතිකර ගන්නා හොඳ හෝ නරක සිතුවිලි මලායිකාවරුන්ට නොපෙනේ. නමුත් ඒවා අල්ලාහ්ට පෙනෙණු ඇත. එහෙයින් (අල්ලාහ්ගේ කැමැත්ත මත) ඒවා අල්ලාහ් විසින් මලායිකවරුන්ට දැණුම් දෙනු ඇත. එවිට එය ඔවුන්ගේ සටහන් වල සටහන් කරගනු ඇත. ("රහසින් වත් පව් නොකළ යුතුයි" කියන්නේ මේ නිසයි. එය අකුසලයක් බවට සටහන් වී පසුව එයට අල්ලාහ් වෙතින් විපාක ලැබිය හැක. හොඳ සිතුවිළි ඇතිකරගත් විට ඒවාද සටහන් වන්නේද එලෙසමය). මෙම ලියාගත් සටහන මරණින් මතු (නියමිත විනිශ්චය දවසට) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒවා ඔවුන් නිසි පරිදි සුරක්ශිත කර තබනු ඇත.

පුද්ගලයෙකුට මරණය නියමු වූ වෙලාවට ඔහුගේ ආත්මය ශරීරයෙන් පිටතට ගනු ලබන්නේද මලායිකාවරුන්ගෙන් එයට නියම වූ අය විසිනි. ඉන්පසු එම ආත්මය ඔවුන්ට උපදෙස් දී ඇති ආකාරයට විනිශ්චය දින නැවත අලාලාහ් විසින් කැඳවනු ලබනතෙක් බර්සාහ් නම් අවස්තාවේ (එයට නියමිත පරිසරය තුල) තබාගනු ඇත. එම කාලය තුලද මලායිකාවරුන් අපගේ ආත්මය සමග විවිධ ආකාරයට සම්බන්ධව කටයුතු කරණු ඇත. තමා ජීවිත කාළය තුල යහපත් හෝ අයහපත් ලෙස හැසිරුණු විදිහ අනුව මරණින් පසු ආරම්භ වන අලුත් ජීවිතයද පහසු හෝ වේදනාකාරී විය හැක. මලායිකාවරු ඒ සඳහා ගැලපෙන වටපිටාව සකසා දෙනු ඇත.

ඉන් පසු හදිසියේම විනිශ්චය සඳහා එක් මලායිකවරයෙක් විසින් මිය ගිය සියලු ආත්මයන්ට ඇසෙන ලෙස එක් නළා හඬක් නිකුත් කරනු ඇත. එවිට සියළුම ආත්මයන් සහ ඔවුන්ගේ දිරාපත් වී පස් බවට, දූවිලි බවට හෝ පරමාණු බවට පත් වූ තම ශරීර වලට අදාල සියල්ලද එක් ස්ථානයක් වෙත යොමුවෙනු ඇත. ඉන් පසු ඒවා එක්කොට නැවත ශරීයය ඇතිකොට එක් එක් පුද්ගලයන්ගේ ආත්මාවන් නැවත එම ශරීර වලට ඇතුල් කරනු ඇත. ඉන් පසු ඔවුන් දීර්ඝ කාලයක් එහි සිටගෙන සිටිනු ඇත. මේ අවස්ථාවේද මලායිකාවරු එම වටපිටාව හසුරුවමින් සිටිනු ඇත.

දෙවියන් විනිශ්චය සිදු කරන විට අපගේ සටහන් ලියාගත් අයද ඇතුළුව සියළුම මලායිකාවරු එතනට එනු ඇත.

විනිශ්චය දවසට පසු ස්වර්ගයන්ට පිවිසෙන්නන්ව පිළිගෙන ස්වර්ගයන්හි දොරටු විවෘත කරන්නේද ඒ සදහා නියම වූ මලායිකාවරුන්ය.

අපායට නියම වූවන් එහි ඇතුළු කරන්නේද, ඔවුන්ට නිසි දඩුවම් ලබාදෙන්නේද එයට පත්කර ඇති මලායිකාවරුන් විසිනි. අපායේ සිටින මලායිකාවරුන්ට එහි පරිසරයේ කටුක ස්වභාවය අදාල වන්නේ නැත. එය ඔවුන්ට දුක්බර තැනක් නොව. ඔවුන්ව නිර්මාණය කර ඇත්තේ ඔවුන්ට එය පහසු වන ලෙසටය. නමුත් එහි ඇතුළුවූ මිනිසුන්ට එහි සිටීම ඉතාම දුෂ්කර වනු ඇත.


විශ්වය අපට සිතා ගැනීමට නොහැකි තරමටම විශාලය. එය තුල කොතරම් නම් මලායිකාවරුන් සිටීදැයි අපට සිතා ගත නොහැකිය. ගනන් කල නොහැකි තරමින් එම ගනනය අධිකය. විශ්වයට එහා ඇති අර්ෂ් නම් අල්ලාහ්ගේ රාජධානිය ද ඉතාම විශාලය. එය පවා ඔසවා සිටින ආකාරයට මලායිකවරුන්ව අල්ලාහ් නිර්මාණය කර ඇත. විවිධත්වයෙන් සහ ගනණින් ඒවා අති විශාලය.

මේවා සියල්ලෙන් සර්වබලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් විදහා දක්වයි.

කුරානය සහ හදීස් තුල නම් වශයෙන් සඳහන් මලායිකාවරු (දේවදූතයින්) කිහිපදෙනෙකු ගේ නම් සහ ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන කාර්යයන් කිහිපයක් පහතින් දැක්වේ.

  1. ජිබ්රීල් (අලෙහිස් සලාම්) :- අල්ලාහ් හෙළිදරව් කළ දිව්‍ය පණිවිඩ පෘතුවිය වෙත රැගන ඒම.
  2. මීකායිල් (අලෙහිස් සලාම්) :- වර්ෂාව යැවීම, ජීවීන්ට පෝෂණය බෙදා හැරීම නියාමනය කිරීම
  3. ඉස්රාෆීල් (අලෙහිස් සලාම්) :- විනිශ්චය පැමිණෙන දවසේදී එය දැණුම් දීම සඳහා හොරණෑව පිඹීමට
  4. ඉස්රායිල් (අලෙහිස් සලාම්) :- මිනිසාගේ මරණය නියම ව ඇති වෙලාවට ඔහුගේ ආත්මය අත්පත්කරගැනීම.
  5. මුන්කර් (අලෙහිස් සලාම්) :- මුන්කර් සහ නාකිර් යන දේවදූතයන් දෙදෙනාම මිනිසා භූමදානය කල පසු ආත්මයෙන් මූලිකම ප්‍රශ්න කිරීමක් කරයි.
  6. නාකිර් (අලෙහිස් සලාම්) :- මුන්කර් සහ නාකිර් යන දේවදූතයන් දෙදෙනාම මිනිසා භූමදානය කල පසු ආත්මයෙන් මූලිකම ප්‍රශ්න කිරීමක් කරයි.
  7. රාඛිබ් (අලෙහිස් සලාම්) :- මිනිසා ජීවත් ව සිටින කාලය තුල කරන හොඳ නරක සටහන් කිරීම
  8. ආතිද් (අලෙහිස් සලාම්) :- මිනිසා ජීවත් ව සිටින කාලය තුල කරන හොඳ නරක සටහන් කිරීම
  9. මාලික් (අලෙහිස් සලාම්) :- නිරයේ පාළන කටයුතු
  10. රිද්වාන් (අලෙහිස් සලාම්) :- විශ්වාසවන්තය්න්ව ස්වර්ගයෙහිදී පිළිගැනීම