
දෙවියන්ගේ නිර්මාණ: ස්වර්ගයන්
අපි මෙලොවෙහිම ඉතා ලස්සන තැන් දකින්නෙමු. ගොඩක්ම ලස්සන තැන් වලට අපි කියන්නෙ හරියට ස්වර්ගය වගේ කියලයි. එනම්, අපේ යටි හිත හඳුනා ගෙන ඇති දෙයක් තමයි ස්වර්ගය කියන්නෙ ඉතාම ලස්සන තැනක් කියලා.
අපේ මුල්ම පියා සහ මව (ආදම් සහ හව්වා අ.ස) ස්වර්ගයේ ජීවත් වූ අයයි. අපේ ආත්මයන් පවා ස්වර්ගයෙහිදී ආරම්භ වූ ඒවාය. එනිසා අපිටත් ස්වර්ගයෙහි යම් උරුමයක් තියෙනවා. නමුත් එය (නැවත) ලබා ගන්න නම් අපිට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ස්වර්ගය ගැන සඳහන් තොරතුරු ස්වල්පයකුත් එය ලබා ගත හැකි මාර්ගෝපදේශයකුත් අප වෙත ලැබිලා තියෙනවා. පහතින් සඳහන් කර ඇත්තේ අපවත්, ස්වර්ගත් නිර්මාණය කල දෙවිදුන්ම ස්වර්ගය ගැන සහ නැවත එය වෙත යා හැකි මාර්ගය ගැන හෙළි කල තොරතුරු ස්වල්පයකි.
කවුරුන් (දෙවියන්ට) බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ට දෙවියන්ගේ සන්නිධානයෙන් ස්වර්ගයන් ඇත; (3:15)
අල්ලාහ් නම්, තම දයාව මගින් ස්වර්ගයටද (තමන්ගේ) ක්ෂමාවටද (ඔබව) ආරාධනා කරන්නේය. මිනිසුන්ට සිතට (ගෙන) කටයුතු කරණු පිනිස තමන්ගේ ආයාවන් (වැඩිදුරටත්) විවරණය කරන්නේය; (2:221)
(නබියේ!)"කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන් ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයෙහි) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යයි ඔබ සුභාරංචි දෙනු මැනව! ඒවායේ (ඔවුන්ට) පලතුරක් කෑමට ලබා දෙන සෑම විටම "කළින් අපට ලබා දෙනු ලැබුවේද මේවා නොවෙද?"යි (විමතියට පත්වෙමින්) පවසන්නාහ. (මන්දයත්, බැලූ බැල්මට) එකම විදිහේ පෙණුමක් ඇති දැයම දෙනු ලබන්නාහ. (එහෙත් ඒවා රසයෙන් විවිධව ඇත). ශුද්ධ වූ වල්ලභයන්ද එහි ඔවුන්ට ඇත. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ. (2:25)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්‍යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දින දීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයන් හී ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්‍යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කල හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත. (3:185)
කවුරුන් (ෂෙයිතාන්වරුන්ව) ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් මත විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව (පරලොවදී) අපි ස්වර්ගයන්හී ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාහ්ගේ (මෙම) පොරුන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යයකි. අල්ලාහ්ට වඩා ඇත්ත කියන්නේ කවරෙක්ද? (4:122)
එබැවින් පිරිමි වුවද, ගැහැනු වුවද, ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නොද, ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාධාරණයක් කරණු නොලබන්නාහ. (4:124)
කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැදෙන ස්ථානය නිරයයි. මෙවැනි අපරාධකාරයින්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත; (5:72)
(නබියේ!) ක්‍රිස්තියානුවෙකු වශයෙන් හෝ යුදෙව්වෙකු වශයෙන් සිටින්නන් හැර,(වෙන කිසිවෙකුත්) ස්වර්ගයට ඇතුළු වන්නේ නැත යයි ඔවුන් (ඔවුනොවුන්ට) පවසන්නාහ. මෙය ඔවුන්ගේ පුහු විශ්වාසයක් මිස, (ඇත්තක් නොව, එබැවින් ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ කියනු. "ඔබ ඇත්ත පවසන්නන් බවට සිටින්නෙහු නම් ඔබ ඔබගේ (මෙම වදනට) සාධකයන් ගෙන එනු".(2.111)
(විශ්වාසවන්තයිනි!) ඔබට පෙර ඉකුත්ව ගිය අයට සිදු වූවාක් මෙන් (ඉතාමත් අමාරුකම් වූ) තත්වයක් ඔබට නොපැමිණීම ඔබ ස්වර්ගයට ඇතුළු විය හැකි යැයි සිතා ගත්තෙහුද?;(2:214)
(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් (අල්ලාහ් වෙනුවෙන්) යුද්ධ කරන්නේ කවරෙක්ද? (අමාරුකම් ඉවසිලිවන්තව) විඳ දරාගන්නේ කවරෙක්ද යන්න අල්ලාහ් නොදැන, ස්වර්ගයට යා හැකි යයි ඔබ අදහස් කරමින් සිටින්නෙහුද? (3:142)
ආදම්ගේ දරුවනී! ෂෙයිතාන් ඔබගේ දෙමව්පියන්ව (ඔවුන් ඉතාමත් සැප පහසුවෙන් වාසය කල) උයනෙන් පිටමං කර (දුක් කරදර වලට ඇතුළු කළ) ආකාරයටම, ඔබවත් දුක් ගැහැට වලට ඇතුළු නොකරත්වා! ඔවුන්ගේ රහස් ස්ථානයන් ඔවුන්ට පෙන්වීම පිණිස ඔහු ඔවුන්ගේ ඇඳුම් ගලවා දැමුවේය. නියත වශයෙන්ම ඔහුද, ඔහුගේ වාර්ගිකයින්ද, ඔබ ඔවුන්ව දැක ගැනීමට නොහැකි වනසේ (සැඟ වී සිටිමින්) ඔබව (මාර්ගය වැරද යාමට සැලැස්වීමට අවස්ථාවක්) බලමින් සිටින්නාහ. නියත වශයෙන්ම විශ්වාසය නොතැබුවන්ටම එම ෂෙයිතාන්වරුන්ව අපි මිතුරන් බවට පත් කර ඇත්තෙමු. (7:27)
නියත වශයෙන්ම කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම ආඩම්බරයක් වශයෙන් ගත්තෝද, ඔවුන්ට (දෙවියන්ගේ වරප්‍රසාදයන්ට හිමි) අහස් හී දොරටු විවෘත කරනු නොලැබේ. ඉඳිකටුවේ සිදුර තුලින් ඔටුවෙකු රිංගන තුරු ඔවුන් ස්වර්ගය අත් කර ගන්නේ නැත. වැරදි කරුවන්ට මේ අයුරින්ම අපි ඵලවිපාක දෙන්නෙමු. (7:4)
කවුරුන් විශ්වාසය තබා (තමන් විසින් හැකි පමණින්) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට වැඩියෙන් අපි බල කරන්නේ නැත. මෙවැන්නන්ම ස්වර්ගවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටින්නාහ. (7:42)
මෙලොවෙහි (කෙනෙකුට කෙනෙකු ගැන තිබූ) වෛරයද ඔවුන්ගේ සිත් වලින් පහ කර හරින්නෙමු. (එබැවින් කෙනෙකුට කෙනෙකු ඉතාමත් සමීප මිතුරන් බවට පත්වනු ඇත); (7:43)
කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ෆිර්දවුස් නැමති ස්වර්ගයන්හී (අමුත්තන් වශයෙන්) ආගන්තුක සත්කාර කරනු ලබන්නාහ. ඔවුන් එහි සදාකල් ස්ථිට වනු ඇත. එයින් පිටමං වීමට කැමතිම නොවන්නාහ. (18:107,108)
(ඒවායෙහි) සලාම් (සාමය හා සමාදානය) යන්න මිස, පුහු වදන් සවන් දෙනු නොලබන්නාහ. එහි ඔවුන්ට උදේ හවස (ඉතාමත් උසස්) ආහාරද ලබා දෙනු ලැබේ. මෙවැනි ස්වර්ග අපගේ වහලුන්ගෙන් භය භක්තිකයන් හට උරුම කර දෙන්නෙමු. (19:62,63)
(එබැවින් පරලොවදී මොවුන්ට) "ඔබද ඔබගේ භාර්‍යාවන්ද ඉතාමත් සතුටින් ස්වර්ගය තුලට ඇතුළු වනු" (යයි කියනු ලැබේ). විවිධ වර්ගයේ ආහාරයන් හා පානයන්ගෙන්ද පිරි) රණ් බන්දේසිද, කුසලානද, ඔවුන් වටා කැරකෙමින් තිබෙණු ඇත. එහිදී ඔවුන් සිත් ඇළුම් කරන දැයද, ඔවුන්ගේ ඇස් පිනා යන දැයද ඔවුන්ට ලැබෙනු ඇත. (ඔවුන්ට) "මෙහි සදාකල් ඔබ වාසය කරමින් සිටිනු" (යයිද කියනු ළැබේ). (43:70-73)
පරිශුද්ධවන්තයන්ට පොරොන්දු දෙන ලද ස්වර්ගයෙහි උදාහරණය නම්, එහි හානියකින් තොර (පරිශුද්ධ වූ) දිය දහරා ඇත්තේය. (පරිශුද්ධ වූ) රසය වෙනස් නොවන කිරි වලින් යුත් ගංගාවන්ද ඇත්තේය. පානය කරන්නන්ට ඉමිහිරි රසයක් ගෙන දිය හැකි මිදි රසයෙන් පිරි ගංගාවන්ද ඇත. තවද පැහැදිලි මී පැණි ගංගාවන්ද ඇත්තේය. තවද, එහි ඔවුන්ට සියළු අන්දමේ පලතුරු වර්ගද, තමන්ගේ දෙවියන්ගේ සමාවද (ඔවුන්ට) ඇත; (47:15)
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයට බිය වන්නේද, ඔහුට (ස්වර්ගයෙහි) උයන් දෙකක් ඇත. මේ දෙකම අතුවලින් ගහනව (පිරී) පවතී, ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) මතුවී ගලා බසිමින්ම ඇත්තේය. ඒ දෙකේම සෑම පලතුරු වර්ගයක්ම (ඉදුණු හා අමු වශයෙන්) දෙවර්ගයක් ඇත. ඉස්තබරක් නැමති සේද මෙට්ටයන් (යහනාවන්) මත හන්න්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. එම උයන් දෙකේ පලතුරු වර්ග (කඩා ගැනීමට) ළං වී තිබෙනු ඇත.ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත. ඔවුන් රතු මිණි කැට මෙන්ද, පබළු මෙන්ද සිටිනු ඇත. මේ දෙක හැර (ස්වර්ගයෙහි ඔවුන්ට තවත්) උයන් දෙකක් ඇත. ඒ දෙකම තද කොළ වර්ණයෙන් යුක්තය. ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) උතුරා ඉකුත් වෙමින්ම සිටිනු ඇත. ඒ දෙකේම (විවිධ වර්ගයේ) පලතුරුද, ඉඳිද, දෙළුම් ද ඇත. ඒවායේ අලංකාරවත්, හොඳ ගුණවත් හා හොඳ හැඩරුවින් යුත් කන්‍යාවන්ද ඇත්තේය. (ඔවුන්ම) හූර් (නැමති අලංකාරවත් කන්‍යාවන්)ය. ඔවුන් (මුතු, පබලු වලින් නිමා කරන ලද) කූඩාරම්හී වාසය කරන්නාහ. මොවුන්ට පෙර ඔවුන්ව කිසිම මිනිසෙකු හෝ ජින්වරයෙකු ස්පර්ශ කර නැත. (ස්වර්ගවාසීන්) උසස් කොළ වර්ණයෙන් යුත් මැණික් ඔබ්බන ලද ලෝම ඇතිරිල්ලෙහි (ආහාර) අනුභව කර, කොට්ට මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටින්නාහ. එබැවින් ඔබ සමූහයන් දෙකම දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද?;/// (55:46-77)
(විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට, අහස (පැළී) ඈත් කරනු ලබන විට, නිරය දවනු ලබන විට, ස්වර්ගය (අලංකාරවත්) කරනු ලැබ), සමීපයට ගෙන එනු ලබන විට, සෑම ආත්මයක්ම (පින් හෝ පව්) තම ඉදිරියේ හොඳින් දැන ගනු ඇත. (81:10-14)
(විනිශ්චය දිනදී) ඔබ කොටස් තුනකට බෙදී යන්නේහුය. (පළමුව) දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහිද) ඔවුන් ඉතාමත් භාග්‍යයවන්තයින්ය. (56:7,8)
(දෙවනුව) වම් පාර්ශවයේ ඇති අයයි. වම් පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහිද) ඔවුන් ඉතාමත් අභාග්‍යයවන්තයින්ය. (56:9)
(තුන්වෙනුව) පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි.මොවුන් (තමන්ගේ දෙවියන්ට) ඉතාම සමීප වූ අයයි. (56:10,11)
(ස්වර්ගයන්හී) පළමු කොටසේ අයගෙන් විශාල සමූහයක්ද, (පෙර ඉකුත්ව ගිය) පසුව සිටින්නන්ගෙන් සුළු ගනනක්ද සිටින්නාහ. (රණ්, දියමන්ති වලින්) නිමවූ සිංහාසනයන් මත- කෙනෙකුට කෙනෙක් මුහුණ ලා ඒ මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. මේ වෙනුවට ලාබාල තරුණයෛන් (සේවය කිරීමට සෑම විටම) මොවුන් වටා කැරකෙමින් සිටින්නාහ. මිහිරි පානයන්ගෙන්ද, කෙණ්ඩිද, බඳුන්ද ඔසවාගෙන (ඔවුන් වටා කැරකෙමින් සිටිනු ඇත) එමගින් (එම පානයන් පානය කිරීම මගින්) මොවුන්ට හිසරදය ඇති නොවේ. මොවුන්ගේ සිහි බුද්ධියද වෙනස් නොවේ. මොවුන් (කැමති වී) තෝරාගන්නා පලතුරු (වර්ග)ද, කැමති පක්ෂීන්ගේ මස් ද, (එම තරුණයින් උසුලාගෙන ඒ මේ අත සැරිසරනු ඇත). (එහි මොවුන්ට) හූරුල් ඊන් (නැමති අලංකාරවත් කන්‍යාවන් වන භාර්‍යාවන්)ද, සිටිනු ඇත. ඔවුන් ආරක්ෂා කරන ලද මිණි මුතු මෙන් (සිටිනු ඇත). මේ සියල්ල මොවුන් කළ (පින් ඇති) ක්‍රියාවන්ට ඵලවිපාක වශයෙන් ලැබෙනු ඇත; (56:13-24)
(එදිනදී හොඳ වහලුන්ට) "ඕ තෘප්තියට පත් ආත්මය! ඔබ ඔබගේ දෙවියන් දෙසට යනු! ඔහු මගින් ඔබ තෘප්තියට පත් වනු! ඔබ ගැන ඔහු තෘප්තියට පත් වී ඇත්තේය. ඔබ මගේ හොඳ වහලුන් සමග එකතු වී- මගේ ස්වර්ගයෙහිද ඔබ ඇතුළු වනු! (යයිද පවසනු ඇත). (89:27-30)