දෙවියන් සිහිකිරීම සම්බන්ධව ඇති කුරාන් ආයත්

පැහැදිළි කාරනාවක් මතම දෙවියන්වහන්සේ විසින් මිනිසාව නිර්මාණය කර ඇත. තම නිර්මාතෘව තම ඇසට නොපෙනෙන අවස්ථාවේ නිර්මාතෘ අපට දී ඇති සලකුණු මත යමින් ඔහුව හඳුනාගෙන ඔහුව සිහිපත් කිරීම, ඔහුව ප්‍රසන්සා කිරීම, ඔහුගෙන් ප්‍රාර්ථනා කිරීම, තම වැරදි වලට පසුතැවී සමාව අයැදීම වැනි කාරණාවන් මතද ඔහු අපව පිරික්සන්නෙහිය. මිනිසාට කිසිඳු වියදමකින් තොරවම, තම සිතින් සහ මනසින්ද, දිවෙන් මුමුණමින්ද මෙම මහත්ඵල මහානිසංස ලැබෙන කටයුත්තේ නියැලීමට පුළුවන. අල්ලාහ්ව සිහිපත් කිරීම ගැන ඔහු කුරානය තුලින් මිනිසාව අමතා ඇති ආකාරය පහත සඳහන් ආයත් හරහා අපට බලා ගත හැක.


ඔබ මාව (සිතමින්) භාවනා කරනු. මම ඔබව සිතා (දයාව පහළ කරමින්) සිටින්නෙමි. ඔබ මා හට කෘතඥ වෙමින් සිටිනු. (මා හට ස්තූති නොකරන) ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් නොවනු. (2:132)


(නබියේ!) ඔබ මනසෙහි ඉතාමත් පහත්වද, බියෙන්ද, (සුමුදුවද), දැඩි කටහඬක් නොමැතිවද, උදේ සවස ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! (ඔහුව) අමතක කර දමා සිටින්නන්ගෙන් ඔබත්  නොසිටිනු (මැනව!). (7:205)


(නබියේ!) කවුරුන් තමන්ගේ සොම්නස බලාපොරොත්තුවෙන් ඔහුවම උදේද, සවසද (ප්‍රාර්ථනා කර) ආරාධනා කරමින් සිටින්නෝද, ඔවුන් සමග ඔබත් (ඔබගේ දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු මැනව! මෙලොව ජීවිතයෙහි අලංකාරය ඔබ ආශා කර, එවැනි (හොඳ) අයව අත්හැර ඔබගේ ඇස් හරවා නොගනු මැනව! තවද කවුරුන් තම (ශරීර) සුවය අනුගමනය කිරීමේ හේතුවෙන් ඔහුගේ හෘදය අපව සිහිකර, යාක්ඥා කිරීමෙන් අපි හරවා දැමුවේද, ඔහුව ඔබ අනුගමනය නොකරනු. ඔහුගේ කාරණාව සීමාව ඉක්මවූ එකක් වන්නේය. (18:28)


"නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා හැර වෙන දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු. මාව සිහිපත් කරමින් සිටිනු පිණිස සලාතය නොකඩවා ඉටු කරනු". (20:14)


ඔහුම නැගෙනහිර දිසාවටද, බටහිර දිසාවටද දෙවියන්ය. ඔහු හැර, වෙන කිසිම හිමියෙකු නැත. එබැවින් ඔහුවම ඔබ, (ඔබගේ) ආරක්ෂකයා වශයෙන් (පත්) කරගනු, (73:9)


කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුගේ ජීවිතය නියත වශයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිබෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු" යැයි පැවසුවේය: (20:124)


කවුරුන් රහ්මාන්ගේ හොඳ ඔවදනින් ඈත්ව ඇස් පියාගෙන සිටින්නේද, ඔහුට අපි එක් ෂෙයිතාන්වරයෙකුව (මිතුරෙකු වශයෙන්) පත් කර හරින්නෙමු. ඔහු, ඔහුට කිසිදාක ඈත් නොවන මිතුරෙකු බවට පත්වන්නේය. නියත වශයෙන්ම (ෂෙයිතාන් වන) ඒවාම ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා හරින්නාහ. එහෙත් ඔවුන් නම්, තමන් ඍජු මාර්ගයෙහිම සිටින්නෝ යයිම අදහස් කර ගන්නාහ. (43:36-37)


තවද ඔවුන් යම්කිසි අවමන් ගෙන දෙන ක්‍රියාවක් කළද, නැතහොත් (පාපයක් කර) තමන්ට තමන්ම හානියක් කර ගත්තද, එවෙලේම අල්ලාහ්ව සිතා, (ඔහු වෙතින්ම) තමන්ගේ පාපයන්ට සමාව අයැද සිටින්නාහ. (අල්ලාහ්ද ඔවුන්ට සමාව දෙනු ඇත). අල්ලාහ් මිස, (මෙවැන්නන්ගේ) වැරදි වලට සමාව දෙන්නේ කවරෙක්ද? ඔවුන් කළ (වැරැදි) ක්‍රියාව (වැරැද්දක් යයි) ඔවුන් දැනගත හොත් (එහි) ගැලී නොසිටින්නාහ. (එවෙලේම එයින් ඈත් වන්නාහ). (3:135)


මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්‍රෝධයද ඇති කිරිරීමටද, අල්ලාහ්ගේ මතකයෙන්ද, සලාතයෙන්ද, ඔබව වළක්වා හැරීමට නියත වශයෙන්ම ෂෙයිතාන් කැමැති වන්නේය. (එබැවින් ඒවායෙන්) ඔබ ඈත් වන්නෙහුය. (5:91)


(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද (මෙම) ධර්මය ඔබ සමුදීරණය කර, සලාතය නොකඩවා ඉටු කරමින් සිටිනු. මන්ද යත් නියත වශයෙන්ම සලාතය අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද, පාපයන්ගෙන්ද, (මිනිසාව) ඈත් කරන්නේය. අල්ලාහ්ව (අමතක නොකර) මතකයේ තබා (ඔහුට දික්ර් කර) සිටීම. නියත වශයෙන්ම ඉමහත්ය, තවද ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නේය. (29:45)


(නබියේ!) උදේ සවස ඔබ දෙවියන්ගේ සුවිශුද්ධ වූ නාමය (පවසා) සුවිශුද්ධ කරමින් සිටිනු. රාත්‍රියෙහිද ඔහුට හිස නමා සුජූද් කර, රාත්‍රි කාලයෙහි දීර්ඝ කාලයක් ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! (76:25-26)


විශ්වාසවන්තයිනී! (සිකුරාදා දින වන) ජුමා දිනදී සලාතය සඳහා (අදාන් පවසා ඔබව) ආරාධනා කරනු ලැබුව හොත් වෙළදාම (ආදිය) අත්හැර දමා අල්ලාහ්ව දික්ර් කිරීමට ඔබ ඉක්මන් කර යනු. ඔබ බුද්ධිමත් අය වශයෙන් සිටියහොත් මෙයම ඔබට ඉතාමත් අගනේය. (මෙය ඔබ දැන ගනු විශ්වාසවන්තයිනී! ඔබගේ වස්තූන්ද, ඔබගේ දරුවන්ද, අල්ලාහ්ගේ මතකයෙන් ඔබව ඈතට හරවා දැමීම නොකළ යුතුය. කවුරුන් හෝ මෙසේ කළහොත් එවැන්නන් නියත වශයෙන්ම පරාජිතයින්ය. (63:9)මැනව!). (62:9)


(විශ්වාසවන්තයිනී!) ඔබ (සලාත් කර), සලාතය අවසන් කර ගතහොත් ඔබ සිටගෙන සිටියදීද, වාඩිවී සිටියදීද, හාන්සිවී සිටියදීද, අල්ලාහ්ව දික්ර් (සිහි) කරමින් සිටිනු; (4:103)


(නබියේ!) බලසම්පන්නකමද, අභ්‍යන්තර මනසෙන් වූ දූරදර්ශී භාවයෙන්ද යුක්තව සිටි අපගේ වහලුන් වන ඉබ්රාහීම්, ඉශාක්, යාකූබ්වද සිතා බලනු! අපි ඔවුන්ට විෂේශ (වූ එක් කාරණාවක්) මෙනෙහි කිරීම සඳහාද, (පරලොව) නිවස (සෑම විටම) මෙනෙහි කිරීම සඳහාද තෝරා ගත්තෙමු. (38:45-46)


(විපතක පැටළී) දඟලමින් සිටින අය (ආරක්ෂාව පතා) ආරාධනා කළහොත් (ඔවුන්ට) පිළිතුරු දී, ඔවුන්ගේ අමාරුකම් පහ කරන්නේ කවරෙක්ද? භූමියෙහි ඔබව නියෝජිතයින් වශයෙන් පත් කළේ කවරෙක්ද? මෙවැනි අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තෙන්ම නැත) ඔබ (මේ ගැන) සිතන්නේ ඉතා අල්පයකි. (27:62)


විශ්වාසවන්තයිනී! ඔබ (යුද්ධයේදී සතුරන්ගේ) සමූහය හමු වුවහොත් (බිය නොවී) ස්ථිර වශයෙන් (විරුද්ධව) සිටිමින් "(අල්ලාහු අක්බර් යයි)" අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය ඔබ අධික වශයෙන් (ශබ්ධ නගා) පවසනු. (එයින්) ඔබ ජයග්‍රහණය අත් කර ගනු ඇත. (8:45)


නියත වශයෙන්ම මගේ වහලුන්ගෙන් එක් කොටසක් සිටියහ. ඔවුන් (මා හට) "අපගේ දෙවියනේ! අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. ඔබ අපගේ වැරදි වලට සමාව දී අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! දයාව පහළ කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස් වන්තයෙකි" යැයි ප්‍රාර්ථනා කරමින් සිටියහ. (23:109). නමුත් "ඔබ නම්, මාව සිහි කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඔවුන්ව අපහාසයට ලක් කරමින් ඔවුන් ගැන සිනහ සෙමින් සිටියෙහුය. (23:110) (ඔබගේ අපහාසය) ඔවුන් විඳ දරාගෙන සිටීමේ හේතුවෙන් අද දින නියත වශයෙන්ම මා ඔවුන්ට (හොඳ) ඵලවිපාක දුන්නෙමි. ඇත්තෙන්ම ඔවුන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි" (යයිද දෙවියන් පවසනු ඇත). (33:111)


විශ්වාසය තැබූවන්ගේ හෘදය අල්ලාහ්වද, ඔහු පහළ කරන ලද සත්‍ය (ආයාවන්)ද සිතා බිය වී වෙව්ලන කාලය (තවමත්) පැමිණියේ නැද්ද? මොවුන්ට පෙර ධර්මය ලබා දෙනු ලැබූ අය මෙන් මොවුන්ද පත් නොවිය යුතුය. (මෙසේම) ඔවුන් කෙරෙහි එක් කාලයක් ගිය පසු ඔවුන්ගේ හෘදයන් ගල් බවට පත් විය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් බවට පත් වූහ. (57:16)


(නබියේ!) මෙම මක්කාවාසීන් (ධර්ම) මාර්ගයෙහි ස්ථිරව සිටියහොත් බාධාවකින් තොරව ඔවුන්ට වර්ෂාව වසින්නට සලස්වමින් සිටින්නෙමු. (මෙහිදී) ඔවුන්ව අපි පිරික්සන්නෙමු. එබැවින් කවුරුන් තම දෙවියන්ව මතක් කිරීමම ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දරුණු දඬුවමෙහි ඔහු ඇතුළු කර දමන්නේය. (72:16-17)


(නබියේ!) කවුරුන් අපගේ මතක් කිරීම ප්‍රතික්ශේප කර, මෙලොව ජීවිතය හැර, (පරලොව) කැමති නොවී සිටින්නේද. ඔහුව ඔබ ප්‍රතික්ෂේප කර දමනු. (මොවුන්ගේ අධ්‍යාපන ඥානය මෙපමන දුර පමනක් යන්නේය! (මීට එහාට යන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්නද හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන් ද යන්නද ඔහු හොඳින් දන්නේය. (53:29-30)


(නබියේ! මොවුන්න්ට) "රාත්‍රියේ හෝ දහවලෙහි හෝ පැමිණිය හැකි රහ්මාන්ගේ දඬුවමෙන් ඔබව බේරා ගන්නේ කවරෙක්ද?" යි ඔබ විමසනු. එහෙත් මොවුන් නම්, තමන්ගේ දෙවියන්ව සිහි කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ. (21:42)


ප්‍රතික්ශේප කරන්නන්ට එදිනදී නිරයම අපි (නියත වශයෙන්ම) ඔවුන් ඉදිරියට තබන්නෙමු. ඔවුන් කෙබන්ඳයන්ද යත් (මෙම අල් කුරානය/ මගේ කැඳවීම) වෙතින් ඇස් වහගෙන සිටි සහ (එය) ඇසීම දරාගත නොහැකිව සිටි අය වෙති. (18:100-101)


පාපතරයින් වෙනුවෙන් නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී උදාවන බුද්ධියෙන් ඔහුට කුමණ ප්‍රයෝජනයක්ද? "මගේ පරලොව ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවෙද!" යයි ප්‍රලාප දොඩවනු ඇත. (89:23-24)


ෂෙයිතාන් මොවුන්ව ජයග්‍රහනය කර,අල්ලාහ් ගැන වූ අදහසම මොවුන්ට අමතක කර දැමුවේය. මොවුන්ම ෂෙයිතාන්ගේ සමූහයයි. ෂෙයිතාන්ගේ සමූහය නියත වශයෙන්ම පරාජිතයින් යන්න (නබියේ! ඔබ) දැනගනු, (58:19)


අල්ලාහ්ගේ වරප්‍රසාද ගැන සිහි කිරීම. (ඉතිහාස කතා)


ආරක්ෂාව :-  (විශ්වාසවන්තයිනී!) ඔවුන් (මක්කාවාසී ප්‍රතික්ෂේප කරන්නන්) වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ආරක්ෂකයා යන්න ඔබ ස්ථිර වශයෙන් දැන ගනු. (ඔහු) ආරක්ෂා කිරීමෙහිද ඉතාම ශ්‍රේෂ්ඨය. උදව් කිරීමෙහිද ඉතා ශ්‍රේෂ්ඨය. [8:40] 


පෝෂණය:- තවද ඔහු නොදන්නා අන්දමට ඔහුට ජීවනෝපයක් ඔහු (අල්ලාහ්) ලබා දෙන්නේය. කවුරුන් අල්ලාව (සම්පූර්ණයෙන්ම) විශ්වාස කරන්නේද ඔහුට, ඔහුම (සම්පූර්ණයෙන්ම) ප්‍රමාණවත් කෙනෙකි; [65:3]


අසනීප:- අයියූබ්වද, (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම දෙවියන්ට "නියත වශයෙන්ම අසනීපයක් මාව පීඩා කරමින් ඇත්තේය. (එය පහ කර හරිනු මැනව!). ඔබ නම්, දයාබරවන්තයන්ගෙන් ඉමහත් දයාබරවන්තයෙකි" යැයි ප්‍රාර්ථනා කළ අවස්ථාවේදී; අපි ඔහුගේ ප්‍රාර්ථනාව භාර ගෙන, පීඩා කරමින් තිබූ අසනීපයද පහ කර, ඔහුගේ පව්ලද අපි ඔහුට ලබා දී අපගේ දයාවෙන් නැවත්ත් ඒ වගේම සංඛ්‍යාවක් (ඔහුට පව්ලක් වශයෙන්) ලබා දුන්නෙමු. මෙය (අපව) නමදින්නන්ටද (අප වෙත ප්‍රාර්ථනා කරන්නන්ටද) හොඳ වැටහීමක් බවට ඇත්තේය. [21:83,84]


උසස් අධ්‍යාත්මික තත්වයක්සඳහා:- මගේ දෙවියනේ! ඔබ මට ඥානය පහළ කර, හොඳ අය සමග මාව එක්කාසු කර හරිනු මැනව!". "පසු කාලයේදී (යුග අවසාන දින දක්වා සියල්ල) මා හට (අලෙහිස්සලාම් යයි පවසන) හොඳ නාමයද (කීර්තියද) ලබා දෙනු මැනව!" [26:83,84] මෙලෙස ඉබ්රාහිම් නබි තුම කළ ප්‍රාර්ථනාව අල්ලාහ් පිලිගත් බව සඳහන් කර ඇත.


ළමුන් සඳහා:- "මගේ දෙවියනේ! හොඳ අයගෙන් (කෙනෙකුව) ඔබ මා හට (දරුවෙකු වශයෙන්) ලබා දෙනු මැනව! යයි කීවේය. එමගින් ඉතාමත් ඉවසිලිවන්ත (ඉස්මාය්ය්ල් නැමති) පුතෙකු මගින් ඔහුට සුභාරංචි දුන්නෙමු. [37:99,100]. මෙය ඉබ්රාහිම් නබි තුම කළ ප්‍රාර්ථනාවකි.ඒ අනුව ඔහුට එම පුතා ලැබුණි.  


සලාතය සඳහා:- "මගේ දෙවියනේ! මාවද, මගේ පරම්පරාවේ දරුවන්දවද, (ඔබව) සලාත් කර සිටින්නන් වශයෙන් පත් කරනු මැනව! අපගේ දෙවියනේ! මගේ ප්‍රාර්ථනාව භාර ගනු මැනව! [14:40] මෙය ඉබ්රාහීම් නබි තුමා කළ ප්‍රාර්ථනාවකි.


දුක සහ වේදනාව ඉවත් කිරීම සඳහා:- නූහුවද (නබිවරයෙකු වශයෙන් අපි යැව්වෙමු). ඔහු ඊට පෙර කරමින් සිටි ප්‍රාර්ථනාව ඔහු වෙනුවෙන් අපි භාර ගෙන, ඔහුවද ඔහුගේ පව්ලේ උදවියද ඉමහත් අමාරුකමෙන් බේරා ගත්තෙමු. [21:76] [12:86]


ඉවසීම සඳහා පීඩකයන්ගෙන් ගලවා ගැනීම සඳහා:- එයට ඔහු "මගේ ශෝකයද, දුකද අල්ලාහ් වෙතම මා පැමිණිළි කරන්නෙමි. ඔබ නොදන්නා දැයද අල්ලාහ්ගේ (දයාවෙන්) මා දැන සිටින්නෙමි" [12:86] මෙය යාකූබ් (අ.ස) නබි තුමා කල ප්‍රකාශයක් බව අල්ලාහ් පවසයි 


ප්‍රශ්නවලින් මිදීම සඳහා:- (යූනුස් නබි වන) දුන්නූන්වද (අපගේ දූතයෙකු බවට පත් කළෙමු. තම ජනතාවගෙන් ඈත් වී) ඔහු කෝපයෙන් යුතුව පිටමං වූ අවස්ථාවේදී, (අපි ඔහුව අල්ලා ගැනීමට) ඔහු කෙරෙහි ශක්තියක් නැතැයි සිතා ගත්තේය. (එබැවින් ඔහුව මාළුවෙකු ගිල ගැනීමට සැලැස්සුවෙමු. මාලුවාගේ කුසේ) අන්ධකාරයේ සිටි ඔහු (අපට) "ඔබ හැර නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිවෙකුත් නැත, ඔබ ඉතාමත් පාරිශුද්ධවන්තයෙකි. නියත වශයෙන්ම මා නම්, අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වුනෙමි. (මා හට සමාව දී දයාව පහළ කරනු මැනව!)" යයි ප්‍රාර්ථනා කළේය. [21:87] අපි ඔහුගේ ප්‍රාර්ථනාව භාර ගෙන, ඔහුගේ ඉතාමත් දුක් මුසු) දුක් ගැහැට වලින්ද අපි ඔහුව බේරා ගත්තෙමු. මෙසේම (අමාරුකමෙහි පැටළී අප වෙත ප්‍රාර්ථනා කරන) විශ්වාසවන්තයින්වද අපි බේරා ගන්නෙමු. [21: 88]


මූසා නබිතුමා සහ එම ජනතාවට දුන් වරප්‍රසාද ගැන සිතා බලනු [ ]


නූහ් නබි තුමාගෙන් පසු පැමිනි ජනතාවට දුන් වරප්‍රසාද ගැන සිතා බලනු [7:69]


ආද් නැමැති ජනතාවට පසු පැමිනි ජනතාවට දුන් වරප්‍රසාද ගැන සිතා බලනු [7:74]

මේ පිළිබඳව ඔබගේ අදහස් අපට ලියන්න