
නබිවරුන් සම්බන්ධ ප්‍රාතිහාර්‍යයන්
අනාගතවක්තෘවරුන්ගේ ප්‍රාතිහාර්‍යයන් සහ විශේෂ සිදුවීම්.
ඔක්ස්ෆෝඩ් ශබ්දකෝෂයට අනුව ප්‍රාතිහාර්‍යයක් යනු; ස්වාභාවික හෝ විද්‍යාත්මක නීති මගින් පැහැදිලි කළ නොහැකි සහ එම නිසා දිව්‍ය ආයතනයකට ආරෝපණය කරන ලද අසාමාන්‍ය සහ පිළිගත හැකි සිදුවීමකි.
ප්‍රාතිහාර්‍යය යන්නට ආශ්චර්‍යය, පෙළහර, හාස්කම, මහා පුදුමය, අද්භූත දේ යන වචනද භාවිතා කෙරේ.
විශ්වයේ ආරම්භයද ප්‍රාතිහාර්‍යයකි. එය මනා සැලසුමකට අනුව ව්‍යාප්ත වීමද, එහි අන්තර්ගතය තුල ඇති සෑම දෙයක්ම ප්‍රාතිහාර්‍යයන් ලෙසම පවතී. නමුත්, මිනිසුන් විසින් ඒවා සාමාන්‍ය දේවල් බවට පත්කරගෙන විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී.
එවන් අවස්ථාවක දෙවිඳුන් විසින් නබිවරුන් හරහා මිනිසාට මාර්ගෝපදේශ ලෙස දිව්‍ය හෙළිදරව්වන් පහළ කල විට එම දිව්‍ය වදන් සහ එම නබිවරුන්ව නොසලකාහරින තරමට මිනිසුන් ඉක්මන් සහ අහංකාර වේ. එවිට එම නබිවරයා පැමිණියේ දෙවියන්ගේ හෙළිදරව්වන් රැගෙන බව තහවුරු කිරීමට සොභාවික පරිසරය තුල සාමාන්‍ය ආකාරයට සිදු නොවන යම් යම් සිදුවීම් හෙවත් ප්‍රාතිහාර්‍යයන් පෑමට දෙවිදුන්ගේ අවසරින් එම නබිවරුන්ට අවස්ථාව ලබා දුනි. එවැනි ප්‍රාතිහාර්‍යයන් කිහිපයක් සහ නබිවරුන් සම්බන්ධ එවැනි තවත් විශේෂ තොරතුරු කිහිපයක් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කර ඇත.
ඉස්ලාම් දහම වෙතින් ප්‍රාතිහාර්‍යයන් සහ ඉතිහාසය ගැන තොරතුරු ඉදිරිපත් කරනුයේ ශුද්ධ වූ අල් කුරාණය සහ නබි මොහම්මද් ﷺ තුමාගේ දිව්‍යමය ආදර්ශය පදනම් කරගෙනය. එබැවින්, කුරාණය යනු කුමක්දැයි සහ නබි මොහම්මද් ﷺ තුමා ගැනත් කෙටියෙන් පැහැදිලි කිරීම පළමුව වටී. (කුරානයේ මග පෙන්වීම මත ඇතැම් ඉතිහාස කරුණු ගැන යම් තොරතුරු ප්‍රමාණයක් පෙර පහළ වූ ග්‍රංථ වන තව්රාත් සහ ඉංජීලයෙන්ද සොයා ගත හැක. නමුත් ඒවායේ ඇති සමහර කරුණු මිනිසුන් විසින් වෙනස් කර ඇති නිසා ඒ ගැනත් සැළකිලිමත්වී සත්‍ය තොරතුරු පමණක් ලබාගැනීම කළ යුතුය).
ඇත්ත වශයෙන්ම අල් කුරාණය යනු අද යුගයේ සිටින ජනතාවට සිය දෑස්වලින්ම බලා ගැනීමට හැකි වන ලෙස සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විසින් අවසන් නබි මොහම්මද් ﷺ තුමාට පහළ කල විශේෂ ප්‍රාතිහාර්‍යයකි. එය ලෝක අවසානය තෙක්ම ප්‍රාතිහාර්‍යයක් ලෙසම පවතී යන්නයි මුස්ලිම්වරුන්ගේ විශ්වාසය.
කුරාණය ප්‍රාතිහාර්‍යයක් වන්නේ එහි අන්තර්ගත වාක්‍ය වලින් සහ එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ස්ථාවර භාවයෙනි. කිසිඳු මිනිසෙකුට හෝ මුළු මහත් මිනිස් (සහ ජින්) සමූහයම එකතුවී උත්සහ ගත්තත් කුරාණය වැනි ග්‍රංථයක් නිර්මාණය කළ නොහැකි බවත්, මෙම කුරාණය තුලින් කිසිඳු වරදක්, නොගැලපීමක් සොයාගත නොහැකි බවත් එහි කතෘ වන දෙවියන්වහන්සේ සහතික වී සහ අභියෝග කර ඇත.
කිසිඳු මිනිසෙකු දැන ගැනීමට පෙර විශ්වය සහ එහි ඇති දේ ගැන බොහෝ කරුණු දෙවිඳුන් කුරාණය තුල අංතර්ගත කර තබා තිබීමද එය දෙවියන්ගෙන් පැමිණි හෙළිදරව්වක් බවට සාධයයකි. මේ ගැන කුරානය යනු කුමක්ද? යන ලිපිය තුල වැඩි වශයෙන් කරුණු අන්තර්ගත කර ඇත.
එම කුරාණය තුල පෙන්වාදෙන ප්‍රාතිහාර්‍යයන් කෙරෙහි කිසිඳු සැකයකින් තොරව මුස්ලිම්වරුන් විශ්වාස කරනුයේ එම සෑම වචනයක්ම දෙවියන්ගේම වචන බවට ඇති අචල විශ්වාසය නිසාය. එසේම, අල්ලාහ්ගේ අවසන් දූතයා වන නබි මොහම්මද් ﷺ තුමා කෙරෙහිද ඇත්තේ එවැනිම විශ්වාසයකි. එම නිසා මුස්ලිම්වරුන් එතුමාගේ දිව්‍ය ආදර්ශය හෙවත් සුන්නාව ද විශ්වාස කරයි. එතුමා ගැන මොහම්මද් නබි යනු කවුරුන්ද යන ලිපියෙහි වැඩි වශයෙන් තොරතුරු අංතර්ගතය.
එම විශ්වාසයන් මත පිහිටුවමින් පහත සඳහන් ප්‍රාතිහාර්‍යයන් සහ විශේෂ සිදුවීම් ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත.
1). ආදම් (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යයන්
පළමු මිනිසා සහ ඔහුගෙන් නිර්මාණය කළ පළමු කාන්තාව වන ආදම් (අ.ස) සහ හව්වා (අ.ස) යන දෙපල සම්බන්දව ප්‍රාතිහාර්‍යයන් සිදුවිය. නමුත් ඒවා ජනතාවට පෙන්වීමට ජනතාව ඉදිරියේ සිදු වූ ඒවා නොවේ. සිදුවූ ප්‍රාතිහාර්‍යයන් නම්, ඔවුන් ව නිර්මාණය කළ ආකාරයත් ඔවුන් ස්වර්ග උයනේ සිට ඉතා දුරක් ගෙවමින් පෘතුවිය වෙත පැමිණීම සහ ඔවුන් පෘතුවියෙහි ස්ථාන දෙකකට පහළ වූ පසු පසුව මක්කා හිදී නැවත එකට මුනගැසීමත්ය.
ඔවුන් ස්වර්ග උයනේ සිට පෘතුවියට පැමිණි වේගය ආලෝකයේ වේගයට වඩා වැඩි විය යුතුයි. අවසන් නබි මොහම්මද් ﷺ තුමන්ද මෙලෙස විශ්මිත ගමනක යෙදී තිබේ. එය එතුමාට ලැබුනු ප්‍රාතිහාර්‍යයකි. ඒ ගැන මුහම්මද් ﷺ තුමාණන්ගේ මිහ්රාජ් ගමන ගැන ලියවුණු ලිපියෙහි සඳහන් වේ.
2). ඉද්රිස් (අ.ස) තුමා සම්බන්ධ විශේෂත්වයන්
ආදම් (අ.ස)ට පසු කුරානය තුල සඳහන් වන්නේ නබි ඉද්රීස් (අ.ස) තුමා ගැනය. දෙවිඳුන් පවසනවා ඔහු ඉතා අවංකභාවයෙන් යුත් 'විශ්වාසවන්ත' සහ 'ඉවසිලිවන්ත' කෙනෙකු බව. එසේම, ඔහුට බුද්ධිය, කුසලතාව, ජ්‍යොතිෂය වැනි දැණුමද, මිනිස් ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසිය හැකි ලිවීම, සංඛ්‍යා ශාස්ත්‍රය සහ මැහුම් කටයුතු වැනි දේවලින් නිර්මාණ කිරීමේ හැකියාව වැනි තත්වයන් ලබා දී ඇත.
3). නූහ් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
නූහ් නබි (අ.ස) තුමා වසර 950 කට ආසන්න කාලයක් එවකට සිටි ජනතාවට පිළිම වන්දනාව සහ අල්ලාහ්ට සමානයන් තැබීමෙන් වළකින ලෙස උපදෙස් දුනි. නමුත් ඔවුන් එම වදන් සැලකිල්ලට ගත්තේ නැත. අවසානයේ නූහ් නබි තුමා එම ගුණමකු සමාජය මෙලොවින් ඉවත් කරන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේය. එවිට, අල්ලාහ්ගේ අවසරය සහ මගපෙන්වීම ඇතිව, නූහ් නබි (අ.ස) තුමා පළමු වරට විශාල නැවක් සෑදීය. අල්ලාහ්ව සහ නබිවරයාව ප්‍රතික්ෂේප කරන්නන්ව සහමුලින්ම විනාශ කර දැමීමට පහළ කල මහා වර්ෂාවෙන් සහ ගංවතුරින් බේරී යාමට එම නැව උපකාරී විය. නූහ් නබි තුමා සමග විශ්වාසවන්තයින් කිහිපදෙනෙකු සහ සතුන් යුගල කිහිපයක් එම නැව හරහා ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කලේය. පසුව ඔවුන්ගෙන් නව මිනිස් පරම්පරාව ව්‍යාප්ත විය.
4). හූද් නබි (අ.ස) සම්බන්ධ විශේෂත්වයන්
ආද් ජනතාව ඉතා දක්ෂ හා විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පීන් විය. ඔවුන් මන්දිර අලංකාර ලෙස ඉදි කරන්නන්ය. ශක්තිවන්තයන්ය. ඔවුන් ඒකාධිපතියෙකුගේ නායකත්වය යටතේ සිටි අතර අල්ලාහ්ට මෙන්ම අනෙකුත් සත්වයන්ටද නමස්කාර කළහ. පිළිම වන්දනාවද අධික විය. හූද් නබි (අ.ස) ඔවුන්ට අල්ලාහ්ව පමණක් නමදින ලෙස නැවත නැවත කීවේය. අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කළේය. ඔවුන් එය ගනන් ගත්තේ නැත.
අවසානයේ අල්ලාහ් ඔවුන් වෙත දඬුවමක් පහළ කළේය. එය දින 8 ක් සහ රාත්‍රී 7 ක් පුරා පැවති සුළඟක් ලෙසින් පැමිණ එයින් සියලු ප්‍රතික්ෂේප කරන්නන් සහ ගේදොර මාලිගා ආදිය විනාශ වී ගියේය.
අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම කල හූද් නබි (අ.ස) තුමා සහ ඔහුව විශ්වාස කළ ජනතාව නිරුපද්‍රිත වූහ.
5). සාලීහ් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
ආද් ජනතාව මෙන්ම මොවුන්ද දක්ෂ ගෘග නිර්මාණ ශිල්පියෝ වූහ. ඔවුන් ඉතා ශක්ති සම්පන්න ජනතාවක් විය. විශාල පර්වත හාරා නිවාස අලංකාරවත් ලෙස සැදීය. ඔවුන්ද අල්ලාහ්ට සමානයන් තබා පිළිම වන්දනාවේ නිරත විය. ඔවුන් වෙත සාලීහ් නබි (අ.ස) විසින් අල්ලාහ් ගැන පහදා දෙන්නට විය. ඔවුන් නබිවරයාව විහිළුවට ගත්තේය. ඔවුන් නබිවරයාගෙන් ප්‍රාතිහාර්‍යයක් පෙන්වන ලෙස ඉල්ලීය. එය නම් පර්වතයක් පලා එතුලින් ගැහැණු ඔටුදෙනක් ලබා දෙන ලෙසය. එය ඒ පරිදිම සිදු විය. ඉන් පසුවත් ඔවුන් පිළිසකර නොවීය. පසුව ඔවුන් ඔටු දෙනවද මරා දැමීය. එවිට මහා භූමිකම්පාවක් ඇතිවී ඔවුන් සියල්ල සහමුලින්ම විනාශ විය. සාලීහ් නබිවරයා සහ ඔහුව විශ්වාස කළ අය නිරුපද්‍රිත විය.
6). ඉබ්රාහීම් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
ඉබ්රාහීම් නබි (අ.ස) තුමා තම පියා ඇතුළු පිළිම වන්දනාකරුවන් සමග එයට විරුද්ධව නිතර වාද කළ කෙනෙකි. වරක් ඔහු කිසිවෙක් නොසිටි අවස්ථාවක ඔවුන්ගේ පිළිම කඩා විනාශ කර එක් විශාල පිළිමයක් පමණක් ඉතුරු කළේය. පසුව ගම්වාසීන් පැමිණ මෙය දැක එයට ඉබ්රාහීම් (අ.ස)ව සැක කළහ. ඉබ්රාහීම් (අ.ස) පැවසුවේ පිළිම කඩපු කෙනා ගැන මේ ඉතුරු විශාල පිළිමයෙන් අසා දැන ගන්නා ලෙසය. එවිට ඔවුන් කෝප වී ඉබ්රාහීම් (අ.ස)ව ගින්නකට දැමීය. එවිට අල්ලාහ්ගේ අණින් එම ගින්න ඉබ්රාහීම් (අ.ස)ට රස්නයක් හෝ පිළිස්සීමක් ඇති නොකලේය.
7). ලූත් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
ලූත් නබි තුමා වාසය කල ප්‍රදේශයේ ජනතාව පිරිමි-පිරිමි ලිංගිකව එකතුවන අසික්කිත ක්‍රියාවේ නියැලෙන්නට විය. ඔවුන් පාපී ජනතාවක් විය. ඔවුන් ට ලූත් නබි (අ.ස) විසින් අල්ලාහ් ගැනත් ඔහුගේ දඬුවම් ගැනත් කියා දුනි. නමුත් ඔවුන් පිළිසකර වූයේ නැත. එවිට අල්ලාහ් ඔවුන් වෙත උනුසුම් කරණ ලද කිරිමැටි ගල් වර්ෂාවක් එවා ඔවුන්ගේ නගරය සහමුලින්ම විනාශ කර දැමීය. නගරය උඩු යටිකුරු කරාක් මෙන් විය. ලූත් නබි (අ.ස) සහ විශ්වාසවන්තයින්ට හානියක් නොවීය.
8). ඉස්මායිල් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
ඔහුගේ පියා (ඉබ්රාහීම් අ.ස), අල්ලාහ්ගේ අණ පරිදි ඔහුව (කුර්බාන් ලෙස) පූජා කිරීමට සූදානම් වූ විට ඔහුගේ ගෙල කැපීමට මොහොතකට පෙර අල්ලාහ් ඉස්මායිල් (අ.ස) කුඩා දරුවා වෙනුවට එතනට බැටළුවෙකු ආදේශ කළේය. ඉස්මායිල් (අ.ස)ව ඝාතනය නොවුනි. ඉබ්රාහීම් (අ.ස) ද තම විශ්වාසනීයභාවය පෙන්වමින් අල්ලාහ්ගේ පරීක්ෂනයෙන් සමත් උනි.
9). ඉස්හාක් නබි (අ.ස) සම්බන්ධ විශේෂත්වය
ඉස්හාක් (අ.ස) ඉබ්රාහීම් (අ.ස) ගේ එක් පුතෙකි. ඉස්හාක් (අ.ස) ගේ බිරිඳ (වන රෆ්කා බින්ට් බතුයිල්) වඳ කාන්තාවක් වූ අතර, ඔහුගේ යාච්ඤාවේ ප්‍රතිඵලයක් ලෙස අල්ලාහ් ඔවුන් දෙපලට නිවුන් දරුවන් ලබා දුනි. එම දරුවන්ගෙන් එක්කෙනෙක් රෝමවරුන්ගේ මුතුන් මිත්තෙකු වන 'ඉෂු' සහ අනිත් දරුවා ඊශ්‍රායෙල් දරුවන්ගේ මුතුන් මිත්තෙකු වන යා'කුබ් (අ.ස)ය.
10). යාකුබ් නබි (අ.ස) සම්බන්ධ විශේෂත්වය
යාකුබ් (අ.ස) දරුවන් 12 දෙනෙකුගෙන් යුත් අනාගතවක්තෘවරයෙකු වූ අතර ඔහුට ඔහුගේ මරණයට පෙර තම පුතුන් සම්බන්ධව තිබූ කැමැත්ත ඉටු වීම ද පුදුමයකි. එය අල් කුරාණයේ සූරා අල්-බකරා හි 133 වන පදයේ අඩංගු වේ. එය මෙසේය. "මගෙන් පසු ඔබලා කුමක් නම් නමදින්නෙහුද?"යි විමසූ විට, "ඔබගේ දෙවියන්ද, ඔබගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක් ආදීන්ගේ දෙවියන්ද වන එකම දෙවියන්ව අපි නමදින්නෙමු! ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වූ මුස්ලිම්වරුන් වශයෙන්ම සිටින්නෙමු" යයිද පැවසූහ; (2:133)
11). යූසුෆ් නබි (අ.ස) සම්බන්ධ විශේෂත්වයන්
යූසුෆ් නබි (අ.ස)ට අල්ලාහ් විසින් ඉතාම කඩවසම් පෙනුමක් ලබා දී තිබූ අතර සිහින අර්ථ නිරූපණය කිරීමට හැකියාවද ලබා දී තිබුණි.
12). අයියුබ් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
අයියුබ් (අ.ස) රෝගාතූර විය. ඉන් විශාල ලෙස පීඩා වින්දේය. ඔහුගේ පව්ලද, දේපලද විනාශ විය. අයියුබ් (අ.ස) තම පරීක්ෂාවන්ට මුහුණ දීමේදී ඔහු වඩාත්ම ඉවසිලිවන්ත ලෙස සිටියේය. ඔහු අධික ලෙස පීඩා විඳිමින් සිටින විට අල්ලාහ් ඔහුට ඔහුගේ පාදයෙන් පොළොවට ගසන ලෙස අණ කළේය. ඔහු එසේ කල විට එතනින් දිය උල්පතක් මතු විය. ඔහු එයින් පානය කර ස්නානය කල විට ඔහුගේ රෝගය සුව විය.
13). ශූඅයියූබ් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
ශූඅයියූබ් (අ.ස)ගේ ජනතාව අල්ලාහ්ට සමානයන් තබමින්ද නබිවරයාගේ ඔවදන් ප්‍රතික්ෂේප කරමින්ද, කිරුමෙහි ආසාධාරණකම් කරමින්ද, පාපිෂඨයන් වශයෙන් සිටියේය. නබිවරයාව ගල් ගසා මරණ බවද පැවසීය. එවිට ශූඅයියූබ් (අ.ස) අල්ලාහ්ගේ දඬුවම් ගැන ඔවුන්ට මතක් කර දුනි. ඉන් පළක් නොවීය. පසුව ආලෝක සහිත මහා හෙණ හඬවලින්ද, භූමිකම්පාවෙන්ද ඔවුන්ව විනාශකර දැමීය. ශූඅයියූබ් (අ.ස) සහ විශ්වාසවන්තයින් නිරුපද්‍රිත විය.
14). මූසා නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යයන්
අල්ලාහ් සුභානවතාලා මූසා නබි තුමා සමග කථා කල බව කුරාණය තුල සඳහන්. එසේම අල්ලාහ්ව දැකීමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටි විට, මිනිසුන් කිසිවෙක්ට අල්ලාහ්ව ඍජුව බැලිමට ශක්තිය නැති බව පවසා එය තහවුරු කිරීමට අල්ලාහ් එක බැල්මක් හෙලූ කන්ද සුණු විසුණු වී ගිය ආකාරය මුසා (අ.ස) ට දැකීමට අවස්ථාව දුනි.
තවද අල්ලාහ් මූසා (අ.ස) ට දුන් ප්‍රාතිහාර්‍යයන් හේතුවෙන්, මූසා නබිතුමාගේ අත කමිස සාක්කුවට දමා පිටතට ගත් විට එයින් ආලෝකය පිට විය. ඔහුගේ දිවෙහි ගැටය නිසා ඔහු කෙරෙහි තිබූ වචන උච්චාරණ දෝෂය නිවැරදි කරන ලෙස අල්ලාග්හෙන් ඉල්ලීම් කල පසු එය නිසි පරිදි සැකසුණි. එසේම ඔහුගේ සැරයටිය නාගයෙක් බවට පත් කල හැකි වීම සහ එම සැරයටිය භාවිතා කරමින් ඔහුට රතු මුහුද දෙබෑ කිරීමට හැකි වූ අතර එමඟින් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ෆිරඖන්ගේ ලුහුබැඳීමෙන් බේරා ගත හැකි විය.
ඊට අමතරව ඔහු හා සම්බන්ධව එම ජනතාවට ඉඩෝරය, අස්වැන්න අඩු කිරීම, උකුණන්, පළඟැටියන්, මැඩියන්, වස්තූන් ගල් කිරීම වැනි තත්වයන්ද සිදුවී ඇත.
15). දාවූද් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යයන්
කදු සහ පක්ෂීන් ඔහුට වසඟ කර දීම. එමගින් ඔහුට ඒවා සමග යම්කිසි සන්නිවේදන හැකියාවන් ඇතිවීම. ඉමිහිරි කටහඬක් ද, ශක්තිමත් දෑතක්ද, ආරවුල් විසදීමේ ඥාණය සහ යකඩ වලින් ආරක්ෂිත යුද ඇඳුම් සෑදීමේ නුවණ ඔහුට අල්ලාහ්ගෙන් වරප්‍රසාද ලෙස ලැබුණි.
16). සුලෙයිමාන් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යයන්
පක්ෂීන්ගේ භාෂාව කතා කිරීමට සහ තේරුම් ගැනීමටත්, කුහුඹුවන් වැනි සතුන්ගේ භාෂාවන් පවා වටහා ගැනීමේ හැකියාවත්, ජින් සහ සුළඟ ඔහුගේ කැමැත්තට කීකරු වන පරිදි ඒවා යටත් කර ගැනීමට හැකියාව ඔහුට අල්ලාහ් විසින් ලබා දී තිබුණි.
17). යූනුස් නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යයන්
යූනුස් නබි (අ.ස) වාසය කළ නගරයෙහි මිනිසුන් පිළිරූ වන්දනා කළේය. එය නවතා අල්ලාහ්ව නැමදුවේ නැතිනම් අහසින් දඬුවමක් පැමිණේවි යයි ඔහු තම ජනතාවට අනතුරු හැඟෙව්වේය. නමුත් අණතුර ප්‍රමාද වූ නිසා ඔහු ජනතාවට බියෙන් එම නගරෙන් පිට විය. එවිට ජනතාව අණතුර ගැන ඇත්තටම බියවී අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටි පසු අල්ලාහ් විසින් අණතුර පහව හැරියේය.
නගරෙන් පිටත් වූ යූනුස් නබි (අ.ස) විශාල මාළුවෙකු ගිලගත් අවස්ථාවේ ඔහු මාළුවාගේ කුස තුල සිටින ගමන් තමන්ව එයින් මුදවන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කලේය. අල්ලාහ් එම ප්‍රාර්ථනාව පිළිගෙන ඔහුව එයින් මුදවන ලදී.
18). සකරීයා නබි (අ.ස) සම්බන්ධ ආශ්චර්‍යය
සකරීයා නබි (අ.ස) සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම ඉතාම මහළු වයසෙදී තමන්ගේ පරම්පරාව ගෙනයාමට දරුවකු ලබා දෙන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා ප්‍රාර්ථනා කලේය. ඒ වන විටත් ඔහුගේ බිරිඳ වඳභාවයෙන්ද සිටියේය. නමුත්, අල්ලාහ් ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දී ඔවුන් දෙපලට යහියා (අ.ස) නම් පුතෙකු ලබාදුන්නේය.
දරුවා ලැබීම ගැන මුලින්ම සුභාරංචිය ලැබුණු අවස්ථාවේ සකරියා (අ.ස) ඒ ගැන සළකුනක් පෙන්වන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට දැනුම් දුන්නෙ "නුඹ දින තුනක් මිනිසුන් සමග කතා නොකරන ගොලුවෙකු ලෙස සිටින බවය". ඔහුට එසේ මිනිසුන් සමග කතා කළ නොහැකි විය, නමුත් ඔහු සලාත් කිරීමෙහි දී සහ අල්ලාහ්ව දික්ර් කිරීමේදී ඔහු ගොලු නොවීය.
19). ඊසා නබි (අ.ස) [යේසුස් වහන්සේ] සම්බන්ධ ආශ්චර්‍යයන්
ඊසා (අ.ස) ගේ උපතත් ප්‍රාතිහාර්‍යයකි. ඔහු පියෙකු රහිත කෙනෙකු ලෙස දේව අනින් උපත ලද්දේය. ඔහු උපන් අලුත මිනිසුන් සමග කථා කලේය. ඔහු වැඩිවිය පැමිණි පසු උපතින් අන්ධ වූවන් සුව කිරීමටත්, මළවුන් නැවත නැඟිටුවීමටත් සමත් වූ අතර, යුදෙව්වන් ඔහුව කුරුසියේ ඇණ ගැසීමට උත්සාහ කළ විට අල්ලාහ් ඔහුගේ රුව වෙනත් කෙනෙකුට මාරු කර ඔහුව ස්වර්ගයට ඔසවා තබන ලදී. ඔහු ලෝක අවසානයට පෙර නැවත පැමිනීමටද නියමිතය.
20). මොහම්මද් නබි (ﷺ) සම්බන්ධ ආශ්චර්‍යයන්
මොහම්මද් නබි (ﷺ) තුමාණන්ගේ ශ්‍රේෂ්ඨතම ප්‍රාතිහාර්යය වන්නේ මනුෂ්‍ය වර්ගයාට මඟ පෙන්වීමක් ලෙස අල් කුරාණයයි. ඊට අමතරව,
අල්ලාහ් ඔහුට තවත් අසාමාන්‍ය අවස්ථාවක් ද ලබා දී ඇත, එය ඉස්රා සහ මිහ්රාජ් නම් ගමනයි. එය ආලෝකයේ වේගය පවා අභිභවා ගිය ගමනකි. මක්කාවේ සිට ජෙරුසෙලමේ බයියතුල් මුකද්දස් වෙත සහ අපගේ විශ්වය වන පහල අහසත් ඉන් ඉහල ඇති තවත් අහස් හයකුත් පසු කර අල්ලාහ්සුභානවතාලා සිටින මායිමට ගොස් නැවත පැමිණීමකි. එම සිදුවීම දිනකට අඩු කාලයක් තුළ සිදු විය.
අල්ලාහ්ගේ අවසරය ඇතිව මුහම්මද් ﷺ තුමාණන්ට චන්ද්‍රයා දෙකට බෙදිය හැකි විය. එහි සළකුනු අදත් චන්ද්‍රයා මත ඇත.
නබි ﷺ තුමා ගේ මිතුරෙකු කුඩා කණ්ඩායමක් සඳහා සූදානම් කර තිබූ ආහාර වේලකට ඔහුට ආරාධනා කළ විට, නබි ﷺ තුමා එම ආරාධනය පිළිගත් අතර, සත්කාරකයා පුදුමයට පත් කරමින්, නබි ﷺ තුමා තමාගේ තවත් අනුගාමිකයින් විශාල ප්‍රමාණයකට එම ආහාර මේසයට එක්වන ලෙස ආරාධනා කළේය. ආශ්චර්‍යයක් ලෙස එම කුඩා ආහාර ප්‍රමාණය එම විශාල සෙනගටම ඇතිවන ලෙස සැකසුනි.
නබි ﷺ තුමාගේ එක් සංචාරයකදී, එතුමාණන් සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජල සැපයුම අවසන් වූ විට තීරණාත්මක තත්වයකට මුහුණ දුන්හ. මෙම අවශ්‍යතාවය ඇති වූ මොහොතේ, නබි ﷺ තුමා සතුව කුඩා වතුර භාජනයක් තිබුණි. ඔහු එයට අත තැබූ විට, එයින් සියළුම දෙනාගේ වතුර අවශ්‍යතාවයන් සපිරෙන ලෙස එයින් වතුර නිකුත්වන්නට විය.
නබි ﷺ තුමාණන් බොහෝ විට සිකුරාදා දේශන පැවැත්වූයේ ගසක කඳක් මත සිටගෙනය. පසුව සහාබිවරයෙකු එතුමන්ට මිම්බරයක් පිළිගැන්වීය. එහි සිටිමින් ඔහුගේ පළමු දේශනාව දෙන අතරතුර, ඉහත සඳහන් ගසක කඳෙන් ගැඹුරු හා ශෝකජනක ශබ්දයක් මතු වූ අතර එය දරුවෙකුගේ කෑගැසීම් වලට සමාන විය. බොහෝ සහචරයින් මෙම අසාමාන්‍ය සිදුවීම දුටු අතර ශබ්දයෙන් සංවේගයට පත් විය. එවිට නබි ﷺ තුමාට එම ගස සමග සන්නිවෙදන හැකියාව ලැබුණි. නබි ﷺ තුමා තමා වෙතින් වෙන් වීම ගැන එය දුක් වී ඇත. පසුව නබි ﷺ තුමා එය ගෞරවාන්විත ලෙස වලලන ලෙස සහාබිවරුන්ට උපදෙස් දී ඇත.
නබි ﷺ තුමාණන් ආශ්චර්යමත් ක්‍රියා මගින් දිව්‍ය සුව කිරීමේ බලය පෙන්නුම් කළහ. එක් අවස්ථාවක අලි (රලි) තුමා අක්ෂි ආසාදනයකින් පීඩා විඳිමින් සිටීමයි. එවිට නබි ﷺ තුමා තම කෙල බිඳක් අලි (රලි)ගේ ඇස් මත මෘදු ලෙස ගා ඔහුගේ සුවය සඳහා ආශිර්වාද කළේය. ඔහු එයින්ම සුව විය.
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us