නැවත හැරීම යනු කුමක්ද?

by sjw (website's admin)

නැවත හැරීම යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවයි. මෙය ඔබටද පොදු විය හැක. එනිසා මෙ පිළිබඳව ඔබවත් දැනුවත් කිරීමට අදහස් කලෙමි.

මෙයට 'ආපසු හැරිම' ලෙසින්ද කිව හැක. 'ආපසු හැරීමක්' නිසා සම්පූර්ණයෙන්ම සිදුවූ හැරීමක් බවත් 'නැවත හැරීමක්' නිසා 'පෙර සිටි' තත්වයකට 'නැවත පැමිණීමක්' බවත් අදහස් වෙනවා.

කුමක්ද මේ පෙර සිටි තත්වය?

මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්.

  • ඔබ මවගේ කුසෙන් බිහිවන විට ඔබ බොහෝ දේ රැගෙන ආවා නේද? පෙනීම, ඇසීම, ඔබට හිමි ජාන ආදී බොහෝ දේ.
  • ඒ සමග ඔබ රැගෙන ආ ආගම කුමක්ද? 

ඔබ ආගමක් රහිත කෙනෙක් වශයෙන්ද ඉපදුනේ?

මදක් නිශ්ශබ්දව සිතා බලන්න.

කිසිවක් නොදන්නෙකු ලෙස (බොහෝ විට රෝහලකදී) උපත ලද අතදරු ඔබව ඔබේ මව නිවසට ගෙනවිත් කල් යද්දි ඇයට සුපුරුදු දහම ඔබට කියා දුන්නා. ඔබ ඒ ගැන අද සතුටු වෙනවා ඇති. 
"ඔබ හිතනවද කෙනෙකුට නිවැරදි ආගම ලැබෙන්නේ ඒ ආකාරයට කියල?

ඔබ දන්නෙත් නැතුව කුඩා කාලෙම වෙනත් ආගමක කෙනෙක් ඔබව සොරකම් කරගෙන ගොස් තිබුණා නම් අද ඔබේ ආගම කුමක්ද? ඔබ අද ප්‍රතික්ෂේප කරන වෙන දහමක කෙනෙක් වෙලා නේද? එවිට ඔබ එම ආගම සත්‍යයයි කියමින් හඬ නගාවි නේද? 

මේ දෙකටම වඩා වෙනස් පහත අවස්ථාව බලන්න.

  • ඔබට කිසිම දහමක් නොවැටහෙන වයසේදී ඔබව කැලෑවක අතරමන් උනා නම්, අද ඔබේ ආගම කුමක්ද?
  • එවිට ඔබ අදහන්නේ ඔබ ඉපදෙනවිට රැගෙන ආ ඔබටම හිමි ඔබේම ස්වාධින ආගම නොවේද?

ඔබ ඔබේ පපුවට තට්ටු කරලා අහන්න, ඔබ කුමන ආගමක් ඇදහුවත්, කුමන රූපයකට දණගහල වැන්දත්, ඔබට මහත් ව්‍යසනයක් අනතුරක් අසරණකමක් ඇතිවූ විට ඔබේ ඇතුලාන්තයෙන්ම කතා කරන්නේ කාටද කියල. 

ඔබ පිහිට ඉල්ලන්නේ කාගෙන්ද කියල ඔබ ඔබෙන්ම ප්‍රශ්න කර බලන්න. 

ඔබ 'දෙවියන්ව' අමතනවා කියා මම කිව්වොත් ඔබද එයට එකඟ වනු ඇත.

මම විදෙස් රටක වූ සත්‍ය සිදුවීමක් මතක් කරන්නම්.

එක්තරා උපාධිධාරී සිසුන් කිහිපදෙනෙකුව කැඳවා තිබුණා යම් කිසි ආයතනයක විශේෂ වැඩමුළුවක් සඳහා. ඔවුන් පිරවූ අයදුම් පත්‍ර වල ආගම සදහන් ස්ථානයේ සුළුතරයක් හැර වැඩි දෙනෙක් සදහන් කර තිබුනේ 'තමන්ට කිසිම ආගමක් නැහැ' කියලයි. ආගමක් නැහැ කියූ අයට පහතින් ගමන් කරන කුඩා ගුවන්යානයකින් යන සංචාරයකට අවස්ථාවක් ලබා දුන්නා. 

එහි ගුවන් නියමුවාට මෙහෙම උපදෙස් දුන්නාලු; 'ඔබ ටික දුරක් ගොස් ගුවන් යානය තමාට පාලනය කළ නොහැකි බව පවසා බය හිතෙන විදිහට එහෙට මෙහෙට හරවා හරවා පදවන්න. තව ටික දුරක් ගොස් තමාට නැවත එය පාලනය කල හැකි බව පවසන්න. ඉන් පසු නැවත සියල්ල කැඳවාගෙන එන්න.' කියලා.

ඔහුට ලැබුණු එම උපදෙස් පරිදිම ඒ දේ ඒ විදිහටම සිදුවුනි.  

පසුව ඒ සියල්ල තේ පැන් සංග්‍රහයකට කැඳවා තිබුණි. ඔවුන්ට වීඩියෝ පටයක් පෙන්වන්නටද විය. 

පුදුමයකි! ඉහත දී තමන් මුහුණ දුන් මාරාන්තික අවස්ථාවේ වීඩියෝ පටයක් දැන් ඔවුන්ට නැරඹීමට අවස්ථාවක් ලැබී ඇත. 

ඔවුන් එම අවස්ථාවේ කෙසේ හැසිරුනේදය් ඔබට හිතා ගත හැකිද? ඔබ එහි හිටියානම් ඔබේ තත්වය කුමක්ද? සිදුවූ දේ ඔබට පැහැදිලි යැයි සිතමි.

අහසෙදී ඔවුන් සියල්ල මෙසේ මරහඩ දෙන්නට විය. 

අනේ දෙවියනේ මට උදව් කරන්න..../// O' God help me..

අනේ දෙවියනේ අපට උදව් කරන්න..../// God please help us..

අනේ දෙවියනේ අපව බේර ගන්න...../// O' God save us..

සියල්ලගෙන්ම ඉවරයක් නැතුව මෙයම ඇසෙන්නට විය.

ඉන් පසු "ගුවන් යානාව පාලනය කල හැකි" බව ඇසු සැනින් ඔවුන් දෙවියන්ට ස්තුති කරන්නටද විය. "Thanks God...///"

දැන් සංවිධායක මඩුල්ල ඔවුන් ගෙන් ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්.

"ඔබලාට ආගමක් නැහැ කියලා නොවේද ඔබල සියල්ල ඔබලාගේ අයදුම් පත්‍ර වල සදහන් කලේ? කාටද ඔබ කතා කලේ, කාගෙන්ද උදව් ඉල්ලුවේ?" .. 

එවිට ඔවුන් සියල්ලගේම පිළිතුර උනේ..

'අපි දන්නේ නැහැ, අපි නොදැනුවත්වම එය අපි තුලින්න්ම එලියට ආපු දෙයක්, අපේ ඇතුලාංතයෙන්මයි අපි දෙවියන්ව ඇමතුවේ'.

මුලින් "ආගමක් නැහැ" කියූ අයගෙ ශරීරය ඇතුලෙ, හදවත ඇතුලෙ, ආත්මය ඇතුලෙ තිබූ තමන්ගෙම ආගම එලියට ආපු විදිහ ඔබ දුටුවා ද? ඔබේ ඇත්ත තත්වෙත් එයම තමයි. 


මගේ සහෝදරවරුනි!

අද මම 'නැවත හැරී' සිටින්නේ එම දෙවියන්ගේම මාර්ගයටයි.

මම අද අනුගමනය කරන්නේ ඔහුගේ දහමයි. ඔහු 'අල්ලාහ්' ම බව (එනම් තමාගේම නිර්මාතෘ බව) 'ශුද්ධ වූ කුරානය' කියවුවොත් ඔබටද වැටහෙනු නොඅනුමානයි.

අල්ලාහ් අපට පවසනවා, අප ඉපදෙන්නට පෙරම ඔහු තමාගේ දෙවියන් අල්ලාහ් බවට පිලි ගන්නව කියලා අපෙන් තනි තනිව පොරොන්දුවක් ගත් බවත්, පසුව ඒ පිලිගැනීම අපේ මනස තුලට ද කාවද්දල දෙවියන් නැමදීමේ ස්වභාවය සෑම මනුෂ්‍යයෙකු තුලම ස්ථාපනය කරලා ඉන් පසුවයි අපව මේ ලෝකෙට එවල තියෙන්නෙ කියලා.

ඒ ස්වභාවය නිසා තමයි මිනිසා නැමදීමේ කටයුත්තේ නිරත වන්නේ. භාහිර පරිසරයෙන් ඔහුගේ මනස විකෘති නොවුනානම්, ඔහු අනිවාර්යයෙන්ම නමදින්නේ තම නිර්මාතෘ (අල්ලාහ්)ට මය. අල්ලාහ් (හෙවත් තමාගේ නිර්මාතෘ) දෙවියන්ට නොනැමද වෙනත් වෙනත් පුද්ගලයන්ට හෝ වස්තූන්ට නමදින්නට මිනිසා පෙලඹෙන්නේ ඔහුට ඔහුගේ වටපිටාවෙන් ලැබුණු ආදර්ශය හා උපදෙස් නිසයි. එයට පළමුව වගකිව යුත්තේ හරියට හොයන්නේ බලන්නේ නැතුව අපට ගුරු හරුකම් දුන් අයයි. දෙවනුව, වැඩිවිය පැමිණි පසු තමාගේ මනස උපයෝගී කර ගන්නේ නැතුව අන්ධයන් මෙන් අනුන් කියන සැම දේම සත්‍යයයි කියා පිළිගත්ත තමාමය.

මිනිසා, නැමදීම හෙවත් උපරිම ගරුත්වය පිදිය යුත්තේ තම නිර්මාතෘ (දෙවියන්)ට පමණක්ම බව දෙවියන්ම පවසයි. ඔහු මානවයාව එතරම්ම උසස් කොට සළකා ඇත. දෙවියන්ට සමාන වෙන කිසිවක් හෝ ඇත්නම් එයට හිස නැමීමට හෙවත් උපරිම ගරුත්වය පිදීමට මිනිසාට අවසර ඇත. දෙවියන්ට සමාන නොවන මොනම බලගතු කෙනෙකුට හෝ දෙයකට හෝ වේවා මිනිසා නොනැමදිය යුතුයි. එයයි මිනිසාගේ නිර්මාතෘගේ නියමය. එසේ අණ කලත් එම දෙවියන්ම පවසනවා 'මිනිසා ඔහුව නැමදීමෙන් ප්‍රයෝජනය ඇත්තේ මිනිසාටම බවත්'. 

අල්ලාහ් ශුද්ධ වූ කුරානයෙන් අපට පවසනවා ඔහු ගැන. ඔහු කෙබඳු කෙනෙක්ද යන්න පිළිබඳව. (දෙවියන් ගැන බොහෝ තොරතුරු මෙම වෙබ් අඩවියෙහිම ඇතුලත් කර ඇත).

ඔබට පුරුදු ඔබ නමදින දෙවියෝ කියන කිසිවෙක් අල්ලාහ් මෙන් ඔබව කුමන ආකාරයකට හෝ අමතා තිබේද? ඔවුන්ගේ ස්වරූපයන් දෙවිකෙනෙකුට සමකල හැකිද?

හැන්ද පුටුවට සමාන නැත. පුටුව කුකුළාටද සමාන නැත. කුකුළා කොටියටද, කොටිය මිනිහටද සමාන නැත, මේ කිසිවක් දෙවියන්ටද සමාන නැත. ඔබ පන්සල් පල්ලි කෝවිල් ආදිය තුලින් දෙවිවරු ලෙස දකින එක රූපයක්වත් දෙවියන්ගෙ යැයි පිළිගත නොහැක. එම රූප තනිකරම මිනිසා මනඃකල්පිත කරගත් ඒවාය.

මහා බ්‍රහ්මයාගේ යැයි කියමින් සමාජයට රූප හෝ පිළිම වලින් පෙන්වා දී ඇති ස්වරූපය දෙස බලන්න. ඒ රූපය විශ්වයේ නිර්මාතෘ ගේ ස්වරූපය යැයි පිළිගත හැකිද? අල්ලාහ් පවසනවා 'ඔහුට සමාන කිසිවක් නැහැ' කියලා. මිනිසාගේ සම්පූර්ණ තොරතුරු අන්තර්ගත, පසුව මිනිසෙක් දක්වා වර්ධනය කරවන ඉතා කුඩා ශුක්‍රාණු ඒක සෛලයේ නිර්මාපකයාද, මහා විශ්වයේ නිර්මාපකයාද වන අල්ලාහ්ගේ දෑත (මිනිසා මනංකල්පිත කර ඇඳ ඇති) මහා බ්‍රහ්මයාගේ රූපයේ තියෙන දෑත වගේ විය හැකිද?

අල්ලාහ් වෙනුවෙන් රූපයක්, පිළිමයක් නිර්මාණය කල හැකි කෙනෙක් මේ මිනිස් සමාජයේ ඉදීවිද? දෙවියන්ගේ හැඩරුව ගැන මිනිසාගේ කුඩා මොලයට ගෝචර වෙයි කියා ඔබ හිතනවාද? ඔහුගේ නිර්මාණ දෙස බලා ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන ඔහුව නිසි අයුරින් පැසසුම් කරන්න. මනඃක්කල්පිත කර ඇති බොරු වලට රැවටෙන්න එපා.

අල්ලාහ් පවසනවා තමා ස්වාධින බව. කිසිඳු අවශ්‍යතාවයක් නොමැති, ඔහුට හුස්ම ගැනීමට වාතයද, ආහාරද අවශ්‍ය නැති බව ඔහු පවසනවා. මේ විශ්වය පාලනය කිරීමේදීත්, නඩත්තු කිරීමේදීත් ඔහුට වෙහෙසක් ඇති නොවන බවත් ඒ සඳහා කිසිවෙකුගේ සහාය අවශ්‍ය නොවන බවත් ඔහු පවසනවා. ඔහු ඔහුට සිතු දේ කිරීමට තරම් බලසම්පන්න බවත් පවසනවා. ඔහුට මවෙක් පියෙක් හෝ දරුවන්ද නොමැති බවත් එවැනි දෙයින් ඔහු පාරිශුද්ධ බවත් ඔහු පවසනවා. මේ විශ්වයේ දෙවි වරු දෙදෙනෙක් වත් නොමැති බවත් දෙදෙනෙකු හිටියානම් මෙම විශ්වය අවුල් වියවුල් වන්නටද ඉඩ ඇති බවත් ඔහු එක්කෙනෙක්ම පමණක් බවත් යලි යලිත් කුරානය තුලින් ඔහු අපට මතක්කර දෙනවා. 

ඔහු සියල්ල අසන බවත්, ඔහු සියල්ල දකින බවත්, ඔහු සියල්ල කෙරෙහි දැනුවත්ව සිටින බවත් අපට සිහි ගන්වනවා. ඔහුට නොදැනුවත්ව ගසක කොලයක් හෝ බිමට නොවැටෙන බවත් ඔහු ආහාර සැපයීමේ වගකීම භාර නොගත් කිසිඳු ජීවියෙකු මිහිමත නොමැති බවත් ඔහු පවසනවා. මුළු විශ්වයම ඔහුගේ අණට යටත් බවත් ඔහු පවසනවා. ඔහු අපට මහත් භාග්‍යමත් ජිවිතයක් දුන් බවත් ඔහු අපට මහා කරුනාවන්තයෙක් වශයෙන් සිටින බවත් පවසනවා. ඔහු සියලු ලෝකවලට අධිපති බවත්, විනිශ්චය දිනයේ රජු බවත් එහිදී කිසිවෙකුට අණුවක තරම් හෝ අසාධාරණයක් නොකරන බවත් පවසනවා. ඔහු දයාලු වන්තයා වශයෙන්ද සමාව දෙන්නා වශයෙන්ද සිටින බවත් පවසනවා. යහපත් විශ්වාසවන්තයන්ට ස්වර්ගය පිරිනමන බවත් ඔහුව ප්‍රතික්ෂේප කරන්නන්ව නිරයට දමන බවත් ඔහු පවසනවා.

ඔහු පැහැදිලි සාක්ෂි සහිත පුස්තකයක් (Al Quran) මගින්ද පැහැදිලි සාක්ෂි සහිතව පැමිණි අවසන් නබි වරයා (Mohammad ﷺ)  හරහාද මිහිමත තම දහම සම්පුර්ණ කල බවත් ඔහුගේ දහමට පිටින් යන කුමන දහමක් වත් ඔහු පිළිනොගන්න බවත් පවසනවා. පුලුවන්න්නම් ඔහුගේ නබි වරයාවත් පුස්තකයත් බොරු කර පෙන්වන්නැයි කියා 'වෙනත් ආගම හරිය කියන අයට' අභියෝගද කර තිබෙනවා. එම අභියෝගය ඔබ ඉදිරියේද තිබෙනවා.

මම නැවත - (ආපසු) හැරුනේ මගේ එම දහම වෙතයි. කිසිම පුද්ගලයෙකුට අයිවාසිකමක් කිව හැකි ආගමක් නොවෙයි එම දහම. එය කිසිම පුද්ගලයෙක් දෙසු දහමක් නොවෙයි. එය මේ විශ්වයටම පොදු දහමයි.

විශ්වයේ මැවුම් කරු ඉතා පැහැදිලි සාක්ෂි සහිතව ශුද්ධ වූ අල් කුරාණය මගින් අපට පවසා තිබෙනවා ඔහු අපගේ මැවුම් කරු බවත් ඔහු අපට අනුමත කල දහම මෙම විශ්ව දහම පමණක්ම බවත්.

අපිට යමක ඉතාම පැහැදිලි සාක්ෂි තිබෙනවානම් එය පිළිගන්නට අපි සුදානම්.

ඉතින් කුරානය තුලින් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් එය පිළිනොගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය මතු නොවන්නේද? ඔබට පුලුවන්ද ඔබ හරියි කියන ආගම පිළිගන්නට තියෙන පැහැදිලි සාක්ෂි කිහිපයක් පෙන්වා දෙන්නට?  සාක්ෂි නැතුව 'පාර භෞතික' කරුණු විතරක් කෙරෙහි විස්වාසය තියන්නද ඔබ අදහස් කරන්නේ?  ශුද්ධ වූ කුරාණය ගැන ඔබ නොදන්නවානම් ඔබට මගේ තීරණය ගැන පැහැදිළි අවභෝධයක් ගන්න බැහැ. නමුත් ඔබට එක කරුණක් පැහැදිළි වෙයි. ඔබ නිවැරදියි කියන (විශ්වයේ නිර්මාතෘ ගේ නොවන) දහම සත්‍යයි කීමට තියෙන පැහැදිලි සාක්ෂි මොනවද කියල සොයා බැලීම තමාගේම ණුවනට හුරු කරුණක් බව. ඔබට තනියම හිතා ගන්න බැරිනම් 'ආගම විශ්වාස කිරීමට පැහැදිලි සාක්ෂි කිහිපයක් ධර්ම පුස්තක වලින් උපුටා පෙන්වන ලෙස' ආගමික විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න. 

මදක් සිතා බලන්න කියා මම ඔබට යෝජනා කරනවා.

ඉස්ලාමය සත්‍යය බව තහවුරු කරගැනීමට සාදක

by sjw  

මේ පිළිබඳව ඔබේ අදහස අප වෙත එවන්න