පරිණාමවාදය සහ දෙවියන්ගේ නිර්මාණ

පරිණාමවාදය යනු න්‍යායකි. එය සත්‍යය දැයි තහවුරු කරගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරති. එම කාර්‍යය විද්‍යාඥයන්ටම භාර දී එහි අවසාන නිගමනය එන තුරු එය සත්‍යය යැයි කියන්නට අප ඉක්මන් නොවිය යුතුය.

විශ්වය නිර්මාණය වූයේ කෙසේ දැයි විද්‍යාව මගින් තවම සම්පූර්ණ තොරතුරු සොයා ගෙන නැත. විද්‍යාවේ දැනුමෙහි සීමාව Big Bang හී ආරම්භක ලක්ෂය දක්වා පමණක් විය. නමුත් එම ආරම්භක ලක්ෂය පැමිණියේ කොහෙන්ද සහ මනා ක්‍රමවේදයකට එය පුපුරා ගියේ කෙසේ දැයි විද්‍යාඥයන්ට තවම සොයා ගත නොහැකි විය. 

විශ්වය මැව්වේ සර්වබලධාරී දෙවි කෙනෙක් බව ලෝකයේ බොහෝ දෙනා විශ්වාස කළත් එය විද්‍යාඥයන්ට ළඟා විය නොහැකි විෂය පරාසයකි. (විද්‍යාව යනු පරීක්ෂන නිරීක්ෂන මත හිදිමින් නිගමන වලට පැමිණෙන සීමා සහිත විෂයකි. එනිසා එයින් සියළුම ප්‍රශ්න වලට පිලිතුරු අපේක්ෂා කළ නොහැක).

ආගමක් යනු විශ්වාසය මත පදනවූ වූ දෙයකි. එය දෙවියන්වහන්සේ වැනි මහා බලයක් කෙරෙහි හෝ බුදුන්වහන්සේ වැනි කෙනෙකුගේ බුද්ධියක් කෙරෙහි හෝ විය හැක. නමුත් මේ විශ්වාස මගින් පවා සියළුම ප්‍රශ්න වලට පිළිතුරු නොලැබේ.

එනිසා ඔබ හෝ මම කැමති උනත් නැතත්, විශ්වය, ශාක සහ සතුන් ආදියෙහි ආරම්භය, එහි පැවැත්ම සහ අවසානය ගැන කතා කිරීමට අපට ආගමික මූලාශ්‍රත්, විද්‍යාවේ සහයත්, අපගේ විචාර බුද්ධියත්, ආධ්‍යයාත්මික දැණුමත් යන සියල්ල කෙරෙහි සැලකිලිමත් වෙන්න වෙනවා.

ඔබ ආගම ගැන පමණක්ම කතා කරනවා නම් හෝ, ඔබ විද්‍යාව ගැන පමණක්ම කතා කරනවා නම් මෙය අනවභෝදයෙන් අවසන් වන හිස් තර්කයක් පමණක් වනු ඇත. එනිසා අපි එවැනි අන්තගාමීන් නොවී අපගේ පැණයන්ට පිළිතුරු සොයන්නන් බවට පත්වෙමු.

පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂ ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ.

පරිණාමවාදයේ පියා ලෙස හදුන්වන්නේ චාල්ස් ඩාවින්ය. "ස්වභාවික වරණාත්මක ක්‍රියාවලිය" නම්වූ සිය න්‍යාය ඔහු (1859දී) ලොවට පෙන්වා දුන් අතර එය කෙතරම් ව්‍යාප්ත වූවාද යත් 1993 උසස් පෙළ ජීව විද්‍යාවට මම ඉගන ගත්තේද එය සත්‍යයට සමීප අදහසක් ලෙසය. එය අදටත් පෞද්ගලික න්‍යයායක් ලෙස පවතින අතර විද්‍යාවෙන් සත්‍යය බවට තහවුරු වී නොමැත. 


ඉතිහාසය සහ විද්‍යාව හදාරන අයට පෘතුවිය සහ එහි ජීවය හටගැනීම සම්බන්ධව පහත ආකාරයේ තොරතුරු අසන්නට ලැබේ. විශ්වය ආරම්භ වූයේ මීට වසර බිලියන 13.7 කට පමණ පෙරය. එසේනම්, පෘථිවියේ ජීවය ආරම්භ වූයේ කවදාද? පෘථිවිය වසර බිලියන 4.5 ක් පමණ පැරණිය. විද්‍යාඥයන් සිතන්නේ මීට වසර බිලියන 4.3කට පෙර (විශ්වයේ තම සීමාව තුල) පෘථිවිය ජීවයට අවශ්‍ය තත්ත්වයන් වර්ධනය කර ගැනීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පැරණිතම ෆොසිල වල වයස අවුරුදු බිලියන 3.7 ක් පමණි. එම කාළ දෙක අතර වසර මිලියන 600ක කාළය තුළ, ග්‍රහලෝක, ඇස්ටරොයිඩ සහ වල්ගාතරු ආදිය සමඟ ඇති වුන ව්‍යසනකාරී ඝට්ටනවල බලපෑමෙන් පෘතුවිය තුල ඇතිවූ ජීවය නැවත නැවත ඇති වී නැතිවී නැවත ඇතිවීම වගේ තත්ව තිබෙන්නට ඇති කියා සමහරු මද ඉදිරිපත් කරයි. 

කෙසේ හෝ කල් යද්දි (ඇතැම් විද්‍යාඥයින් පවසන ආකාරයට) ස්වභාවයෙන්ම ආදී සූපය ලෙස හඳුන්වන තත්වයකට පොළොව සැකසී ඇත. එයින් ස්වභාවිකවම ආරම්භක ප්‍රෝටීන අණුද, ඒවා තව කල් යද්දි ඒක සෛලික තත්වද, පසුව බහු සෛලික තත්වද ඇතිවී ඒවා ස්වභාවයෙන්ම වෙනස්වීම් වලට ලක්වී ඉතාම සංකීර්ණ සහ විශ්මිත ව්‍යුහ සහිත ශාක, සත්ව ආදිය අද අප සිටින වර්තමානය දක්වා පරිණාමය වූ බව පවසයි.

දැන් ඔබට සිතීමේ ශක්තිය ඇත්නම් කල්පනාකර බලන්න මේ තරම් මනා පිළිවෙලක් ඇති සොභා දහමකුත්, එතුල විශ්මිත භාවයෙන් යුත් සහ එකිනෙකට වෙනස්කම් දරන විශාල ශාක සහ සත්ව ගහණයකුත් එකම ඉර යට, එකම පොලොවෙ මනා සම්බන්ධතාවයකින් පවතින්නේ ඉබේම ද එසේත් නැතිනම් මෙය යම් කිසි සැලසුමක ප්‍රතිඵලයක් ද කියලා. නැවත නැවත හිතලා බලන්න. 

මේ තියෙන්නෙ කුරුමිණියෙකුගෙ පෙර පාදයක යටි පතුලක්. මෙය ස්වභාවික සංසිද්ධියක (අහඹු) ප්‍රතිඵලයක්ද, මෙය ස්වභාවික (ජාන) විකෘතියක ප්‍රතිඵලයක්ද? නැත්නම් මෙය කාගෙ හරි සැළසුමක ප්‍රතිඵලයක්ද? ඔබට මොනවද හිතෙන්නෙ?

මේ කුරුමිනියාගේ යටිපතුල සම්බන්ධ ඉතාම කුඩා එහෙත් සංවිධානත්මකව සැකසී ඇති ශරීර කොටස් සහ එහි ඇති DNA ආදිය ස්වභාවික සංසිද්ධියක් කියලද හිතන්නෙ? 

මිනිසෙක් තට්ටු 10ක පමණ උඩක සිට බිමට වැටුනොත් ඔහුගේ මුහුණ විකෘති වෙන විදිහ අපට සිතා ගත හැකි. එය හිටියට වඩා ලස්සනට විකෘති වෙන තත්වයක් ගැන අපි විශ්වාස කරන්නේ කොහොමද? බිග් බෑන්ග් පිපිරීමෙන් පසු ඉතාම සැලසුම්සහගත ආකාරයකට විශ්වය දිග හැරුනේ ඉබේම කියා සිතිය හැකිද? මිනිසෙකුගේ එක් එක් සෛල, ඒවායේ විශ්මිත බව, ඒවායේ එකිනෙක අතර සම්බන්ධය, ඒවායේ DNA වල දිග පළල. ඒවා ඉතා කුඩාවට සැකසී සහ ඇහිරී ඇති ආකාරය නිකම්ම ඉබේ සිදු උනා කියලා කොහොමද හිතන්නෙ? 

එහෙම ඉබේ සංවිධානාත්මකව, සංකීර්ණව සහ විශ්මිතව ශුභවාදී වෙනසක් ඇති කරවන "ලෝක නීතිය"ට කියන නම කුමක්ද? ඩාවින් සොභාවික වරණය ලෙස කියූ කතාව පිළිගත හැකිද? ආදී සූපයට පසු ඉබේම හටගත් ඒක සෛලයට ආත්මය ඇතිවූ ආකාරයක් ගැන මිනිසුන්ගෙන් කවුරුන් හෝ නිවැරදි තොරතුරක් දී තිබේද? වෙන විශ්වයකින් ආත්ම ආවා නම් ඒ ලෝකවලට ඒ ආත්ම ආවේ කොහෙන්ද? ඒ ලෝක හටගත්තේ කොහොමද? 

උඩ තට්ටුවේ සිට බිමට වැටීමේ කාලය සහ පරිණාමයේ කාලය වෙනස් උනත් සංසිද්ධිය එකමය. අහඹු සිදුවීමකින් යහපත් තත්වයක් කලාතුරකින් ඇති විය හැකි උනත් අපි දකින විශ්වය සහ සොභා දහමේ ඇති "සියල්ල විශ්මිත සහ සියල්ල අංග සම්පූර්ණය. ඉහල අහසේ සහ පෘතුවියෙහි ඇති බොහෝ දේවල් හී මනා සැලසුම්සහගත සහ නිර්මාණාත්මක ස්වභාවයක් අපි අපේ ඇස් වලින්ම දකින්නෙමු. එය කුඩා කුහුඹුවෙකුගේ ඇසක් හෝ මහ විශාල රූස්ස ගසක් හෝ සූර්‍යායා හෝ විය හැක. ඒවා සැලසුම්සහගතව සකස් වී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. එවැන්නක් ඉබේ සිදුවන්නේ කෙසේද? පිළිතුර නම් "එවැන්නක් එසේ ඉබේ සිදු විය නොහැකිය" යන්නය. නමුත් එය එසේ වී ඇත. එනිසා, පරිණාමවාදය, ආදි සූපය සහ වෙන විශ්වයකින් මෙහි පැමිණුනා යන අසම්පූර්ණ පිළිතුරු පසුපස හඹා යනවා වෙනුවට විද්‍යා දැනුමත් උපයෝගී කරගෙන පහත සඳහන් කාරණාව කෙරෙහි සිත යොමුකර බැලීම වඩා හොඳය. 

අපි උපකල්පණයක් ලෙස මොහොතකට හිතමු, ඉහල අහස තුලින් මහා අමුතුම ස්වරූපයකින් සහ මහා විශාලත්වයකින් යුතුව යම් කිසි කෙනෙක් මතුවී, අපිට දර්ශනය වී, ඔහු කිව්වොත්,"මම තමයි ඔබලා සිටින පෘතුවිය නිර්මාණය කළේ, එයට සාක්ෂියක් ලෙස මම අර ඈත තියෙන විශාල කන්ද ක්‍ෂණයකින් සුණු විසුණු කර පෙන්වන්නෙමි, ඔබලා මා කියූ දෙය පිළි නොගත්තොත් මම දැන්මම ඔබලා සියල්ලවම විනාශ කර දමන්නෙමි". එසේ කියා කන්ද සුණු විසුණු කර පෙන්නුවොත් ඔබලා-ඔබලා අතර හෝ ඔහු සමග තව දුරටත් තර්ක කරනවාද? මම නම් හිතන්නෙ අපි සියළු දෙනාම බයටම එය ඇත්ත කියලා පිළිගනී කියලයි. ඔහු මහා විශාල සාක්ශියකුත් ගෙන හැර පෙන්වා හමාරය.

අප සිටින සමාජයේ බොහෝ මිනිසුන්, විශ්වය බිහි උනේ මෙහෙමයි, මිනිසා ඇතුලු ජීවය හටගත්තේ මෙහෙමයි, කියල ඒ ගැන හරි විස්තරයක් සොයා ගැනීමටද නොහැකිව, හරියට නොදැන, තර්ක කර කර ඉන්න විට, ඉහත කී ආකාරයේ බලසම්පන්න දෙයක් දැනටමත් පෘතුවියට පැමිණිලයි තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ ඒ මහා බලසම්පන්නයා 'තමන් එය කෙසේ නිර්මාණය කළේදැයි මිනිසාට වටහා ගැනීමට සටහන් කර නබිවරයෙකු හරහා එවා ඇති පොත' කියවලා තේරුම් ගන්නකං මිනිසාට පොඩි කාලයක් දීලා තියෙනවා. ඒ පොතම ඉහත කන්ද සුණු විණු කලා මෙන් මහා ප්‍රාතිහාර්යයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා.


ඒ පොතෙහි ඇති කරුණු කිහිපයක් පහතින් සඳහන් කර ඇත. එය කියවා බලා පරිණාමවාදය ගැන හෝ ආදී සූපය ගැන හෝ වෙනත් ලොවකින් ජීවීන් පැමිණීම ගැන ඔබ අවසන් නිගමණය ගන්න.


මිනිසුනේ! ඔබගේ දෙවියන් වෙතින් (ප්‍රමාණවත්) සාධකයන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත. පැහැදිළි ඉමහත් ආලෝකයම (ශුද්ධ වූ කුර්ආනය) අපි ඔබට පහළ කර ඇත්තෙමු. (4:174)


(කිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින් අහස (විශ්වය) නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමට තබා ඇත්තෙමු. (ඇත්ත වශයෙන්ම, අපි එය පුළුල් කරන්නෙමු)." (51:47)


නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත්) ප්‍රමාණයට අනුවම නිර්මාණය කර ඇත්තෙමු. (54:49)


මොවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිනිස, මෙම කුරානයෙහි නියත අවශයෙන්ම අපි විවිධාකාර අන්දමින් (හොඳ ඔවදන්) පවසා ඇත්තෙමු: (17:41)


මිනිසුන්ව තෘප්තියට පත් කිරීමට අවශ්‍යය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (30:58)


තවද, සත්‍යය පැමිණ ඇත, අසත්‍යය සැඟවී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය අනිවාර්‍යායෙන්ම විනාශ වී යනු ඇතැයි ද (නබියේ ඔබ) පවසනු. (17:81)


ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය. (2:2)


එබැවින් මෙහි ඇති කාරණාවන් (ගනන් නොගෙන) සුළු කොට සළකන්නෙහුද? (56:81)


"මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද?" (47:24).


(මිනිසුනේ!) මෙම කුරානය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම්, මෙහි අනන්තවත් වැරදිද, භේදයන්ද ඔවුන් දකිනු ඇත. (4:82) 

[මෙය ලොව සිටින 'ප්‍රතික්ෂේප කරන ඉහලම විද්වතුන්ට' යොමු කරන අභියෝගයකි]


මිනිසා වඳුරෙකුගෙන් ඇති වූවක් නොව, මිනිසාව මිනිසෙකු වශයෙන්ම නිර්මාණය කළ බව දෙවිදුන් පවසා ඇත. 


නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරට) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇතිවන සිතුවිල්ලද, අපි හොදින් දනිමු. පිටි බෙල්ලේ ඇති පන නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු. (50:16)


මිනිසාණෙනී! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද? ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය. ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබේ අවයවයන්) සවි කළේය. (82:6,7,8)


නබියේ, ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ශියක් වශයෙන්ද තබා (ඔවුන්ට) "මා ඔබගේ දෙවියන් නොවේද"? යි විමසූ විට, "ඇත්තෙන්ම (ඒ ආකාරයටම) අපි සාක්ශි දරන්නෙමු" යැයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටියෙමු" යැයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සදහාද..,(7:172)


දෙවිඳුන් විසින් මිනිසාවත් ඔහු ජීවත්වන මහපොළොවත් නිර්මාණය කර මිනිසාට අවශ්‍යය සියළුම පහසුකමුත් සපයා, ජීවත් වීමට මාර්ගෝපදෙශයනුත් එවා, නොදන්නා බොහෝ කාරණා සම්බන්ධ තොරතුරුත් එවා, ජීවත් වීමෙහි අරමුණත් පැහැදිළි කර, මරණින් මතු තත්වයත් පහදා දී අවසානයට මෙසේත් පවසා තිබෙනවා.


"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නේහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115).


(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)


නියත වශයෙන්ම ප්‍රතික්‍ෂේප කරන්නන්ට නිරයම අප පිලියෙල කර ඇත්තෙමු. (කුරානය 18:102)


by sjw

මේ සම්බන්ධව සත්‍යය තහවුරු කර ගැනීමට වැඩි විස්තර සඳහා පහත සඳහන් සබැඳි විවෘත කර බලන්න.

මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න