
ප්‍රතික්ෂේප කිරීම හෙවත් ලොකුම පාපය
ප්‍රතික්ෂේප කිරීම ලෙස මෙහිදී සළකනු ලබන්නේ විශ්වයේ නිර්මාතෘව සහ ඔහුගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමයි. විශ්වයටත් තමාටත් නිර්මාතෘ කෙනෙක් සිටිනා බව සමහරුන් දන්නේ නැති නිසා නොදැනුවත්වම හෝ මෙම ප්රතික්ෂේපය සිදු විය හැක. නමුත් නොදැනුවත්කම අවසානයට නිදහසට කරුනක් නොවෙයි. මෙය නිවැරදිව වටහා නොගෙන නොසලකා හැරියොත් තමන් තමන් විසින්ම හුස්ම හිරකරගෙන සියදිවි නසාගත්තාක් මෙනි. ඇත්තටම නම් එය ඊට වඩා දරුණුය. එනිසා සෑම මිනිසෙකුම තම ජීවිත කාලය තුල දැනගත යුතු මූළික කරුණු කිහිපයක් ඇත. ඒවා නම්, විශ්වය සහ තමාව නිර්මාණය කල දෙවිඳුන් ගැනත්, දෙවියන්වහන්සේ විසින් මිනිසාව නිර්මාණය කලේ ඇයි දැයි යන්නත්, මිනිසා තම ජීවිත කාලය තුල තම නිර්මාතෘ සමග සම්බන්ධතාවය තබා ගත යුත්තේ කෙසේද යන්නත් ගැනය. දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙවියන්ව ප්‍රතික්ෂේප කරමින් ජීවත් උනොත්, තම මරණින් පසු ඔහු ඉමහත් අලාභවන්තයෙක් බවට පත්වනු නියතය.
දෙවියන් තම දහම තුල මිනිසාට බල කිරීමක් කර නැත. තම කැමැත්තට නිදහස දී ඇත. නමුත් ඒ නිදහස මරණය තෙක් පමණි. ඉන් පසු අප (කැමති උනත් නැතත්) නිර්මාතෘගේ ඉදිරි පියවරයන් කරා මුහුණ දිය යුතුය.
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී" කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය, අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය". (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාධකාරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු (18:29)
නියත වශයෙන්ම නිරයට යවන තරමට බරපතල වූ මෙම ප්‍රතික්ෂේප කිරීම කුමක්ද?
තමන්ට පුළුවන්ද තමන්ට උපතක් දුන් තමන්ගෙම අම්මව ප්‍රතික්ෂේප කරන්න? ඇය තමන්ට ලේ කිරිකර පොවා, ලොකු මහත් කර, උගන්වා, ඇයට හැකි උපරිමයෙන් තමන්ට සහයෝගය දී සිටියදී කාටද පුළුවන් ඇය තමන්ගෙ මව නොවෙයි කියන්න?
මීට වඩා බරපතලයි තමන්ට නිර්මාතෘ කෙනෙක් නැහැයි කියලා කියලා සිතා සිටිනවා නම්. එහෙම හිතනවා නම් තමන්ට නොදැනුවත්වම මේ ලෝකෙ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කරන්නෙක් බවට තමන්ව නිරායාසයෙන්ම පත් වෙනු ඇත. අන්තිමට තමන්ට තමන්ගේ මනුෂ්‍යත්වය පවා නැති වෙනවා. තමන් කිසිම කෘත ගුණයක් නොදන්නා ඉතාම පහත් කෙනෙක් බවට පත්වෙනවා.
මිනිසාගේ නිර්මාතෘ මිනිසාට එවූ අවසන් මාර්ගෝපදේශයේ ප්‍රතික්ෂේප යන වචනය 525 වතාවක් සදහන්ව ඇත.
මෙය මෙතරම් බහුල වශයෙන් සඳහන් කිරීමට හේතුව නම්, මිනිසාගේ ඉරණම තීන්දු වන්නේ ඔහු කරන කුසල් අකුසල් වලට වඩා මෙම ප්රතික්ෂේපය නැමති කාරණාව මතය.
ඉන් කිහිපයක පරිවර්ථන මෙම සබැඳියෙහි ඇත. දෙවියන් පවසා ඇති මෙම වැකි ඔබ අනිවාර්යෙන්ම බැලිය යුතුයි.
ප්‍රතික්ෂේප කිරීම පහදා දීමට මම පහත කුරාන් වැකි තුන උපයෝගී කර ගැනීමට අදහස් කලෙමි. (අල් කුරාණය, පරිච්ඡේදය 95)
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාම ලක්ෂණ ස්වරූපයෙන් උත්පාදනය කර ඇත්තෙමු. (95:4)
(ඔහුගේ නපුරු ක්‍රියාවන් හේතුවෙන්) පසුව ඔහුව දීන වූවන්ගෙනුත් දීන වූවෙකු (නිරාවාසියෙකු) බවට අපි පත්කර හරින්නෙමු (95:5)
එහෙත්, කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. ඔවුන්ට (සදාකල්ම) නොවැලැක්වෙන හොඳ ඵලවිපාක (ස්වර්ගයන්හී) ඇත. (95:6)
මම මෙම වැකි නොසලකා හැරියොත් (මම කැමති උනත් නැතත්) මගේ තත්වය එම වැකි තුලම ලියැවී ඇත. එනම් දෙවියන් විසින් මාව දීන වූවන්ගෙනුත් දීන වූවෙක් බවට පත්කර හරිනවා යැයි පවසා ඇත. එයට අනුව එහි ප්‍රතිඵල මටම අත් විඳින්න සිදුවනු ඇත. (එයට විරුද්ධව මට විශ්වයේ අධිපති සමග සටන් කළ නොහැක).
මෙම වැකි ප්‍රතික්ෂේප කලොත් මම නොදැනුවත්වම හෝ මවිසින් ප්‍රතික්ෂේප කරන තව කරුනු කීපයකුත් එයට එකතු වනු ඇත. ඒවා නම්,
1). මෙම වැකි සඳහන් වන්නේ ශුද්ධ වූ අල් කුරාණය තුලයි. එතුල අන්තර්ගතවන සෑම වැකියක්ම විශ්වයේ අධිපති වන දෙවියන්වහන්සේ විසින් පහළ කර ඇති බවට සහතික කර ඇත. මිනිසෙකුගේ වචන එකක්වත් එහි අන්තර්ගත කර නැත. මම මෙම වැකි බොරුවක් යැයි කියනවා නම්, විශ්වයේ අධිපති එවූ පණිවිඩය (එනම් අල් කුරාණයම) බොරුවක් බවට මම තහවුරු කරනවා. (නමුත් කුරානය තුල කිසිඳු බොරුවක් නැති බවට එයම එයට සාක්ෂි දරනවා). එය අධ්‍යනය කිරීම හෝ නොකිරීම මගේ ඉරණමට ඍජු ලෙසම බලපාන කරුණක් වී ඇත. එනිසා කුරාන් වැකි බොරු යැයි කීමට හදිස්සි නොවී ඒ ගැන සොයා බැලිය යුතුය.
2). දෙවියන් විසින් මිනිසාව ඉතාම ලක්ෂන ස්වරූපයෙන් නිර්මාණය කර ඇති බව එහි පවසනවා. අනිකුත් සියළුම සතුන්ට වඩා මිනිසා සුවිශේෂී බව අපට අවිවාදයෙන් පිළිගත හැක. දෙවියන් මිනිසාව නිර්මාණය නොකලා යැයි ඔබ විශ්වාස කරනවා නම්, ඔබ විශ්වාස කරන වෙනත් කරුණක් දෙවියන්ගේ කාරණාවට වඩා හොඳින් ඔබ අවභෝධ කරගෙන සිටිය යුතුයි. නමුත්, මට නම් එයට වඩා පිළිගත හැකි වෙනත් තොරතුරක් මෙතෙක් හමුවී නැත. මම හෝ ඔබ කොතරම් උත්සහ ගත්තත් අපට ඒ සඳහා ප්‍රමාණවත් දත්ත සොයාගත නොහැක. එය ස්ථිරය. මෙහි ඇති පරිණාමවාදය සහ දෙවියන්ගේ නිර්මාණ යන ලිපිය තුල ඒ බව සඳහන් කර ඇත.
3). මිනිසා කරන ක්‍රියාවන් වල කුසල් අකුසල් සඳහා දෙවියන් විසින් ඵලවිපාක ලබා දෙන බව එහි සඳහන්. එය ප්‍රතික්ෂේප කරනවා නම් ඔබට සිදුවෙනවා කුසල් අකුසල් යාන්ත්‍රණය කෙසේ සිදුවන්නේ දැයි පැහැදිළි කිරීමට. දෙවියන් පෙන්වා දෙන ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් මට නම් පෙන්වා දිය නොහැකිය.
4). මෙහි ස්වර්ගය සහ නිරය ගැන සඳහන් වෙනවා. ඔබ ඒවා පිළිගන්නවානම් ඒවා කෙසේ නිර්මාණය උනා දැයි ඔබ දන්නවාද? දන්නෙ නැතිනම්, ඒවා දෙවියන්ගේ නිර්මාණ ලෙස පෙන්වා දෙන කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කළ යුතු වෙනවා. මෙනිසා මෙය අධ්‍යනය කළ යුතු දෙයකි. දැනුම නොමැතිව තීරණ ගන්නවාට වඩා අධ්‍යනය කර දැනගැනීම තමාගේ යුතුකමකි. මිනිසාගේ නිර්මාතෘ පවසන පරිදි මිනිසාගේ ගමනාන්තය මේ දෙකෙන් එකකි. වෙන මාර්ග නැත. දෙවියන්ට හොරෙන් ඔහුගේ නිර්මාණ වලින් එක අණුවකට (හෝ එක ආත්මයකට හෝ) පිටව යා නොහැකි බව දෙවියන් සහතික කර ඇත.
5. මෙහි විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කිරීමක් ගැන සඳහන් වී ඇත.
මොනව ගැනද මේ විශ්වාසය තැබිය යුත්තේ? දෙවියන් විසින් අප වෙත එවා ඇති අල් කුරාණය තුලද, අවසන් නබිවරයාද කරුණු පෙන්වා දෙමින් එම විශ්වාස කළ යුතු කරුණු 6 ක් ඉදිරිපත් කර ඇත. මම "විශ්වාස නොකරන්නෙක්/ ප්‍රතික්ෂේප කරන්නෙක් නම්" එම කරුණු 6 ම ප්‍රතික්ෂේප කරන්නෙක් බවට නිරායාසයෙන්ම මාව පත් වනු ඇත. උදාහරණයකින් කියනවානම් බෞද්ධ අය විසින් මෙම කරුණු 6 ම ප්‍රතික්ෂේප වෙනු ඇත. එය බරපතල කාරණාවකි. ඒ කරුණු 6 පහත පරිදි වේ.
- දෙවියන්ගේ ඒකීයභාවය පිළිබඳ විශ්වාසය
- දෙවියන්ගේ දූතයන් කෙරෙහි විශ්වාසය
- දෙවියන්ගේ පොත් කෙරෙහි විශ්වාසය
- අනාගතවක්තෘවරුන් කෙරෙහි විශ්වාසය
- විනිශ්චය දවස කෙරෙහි විශ්වාසය
- දිව්‍ය ආඥාව කෙරෙහි විශ්වාසය
ඉහත කරුණු 6 ම විශ්වාස කළ හැකි වන තරමට අපට තොරතුරු ලැබී ඇත. (මෙම වෙබ් පිටුවලද ඒවා ඉදිරිපත් කර ඇත). ඒවා ගැන අධ්‍යයන නොකර මම විසින් ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් (මම කැමති උනත් නැතත්) ඉහත වැකි තුලින් (සහ අල් කුරාණය පුරාවටම) දෙවියන් පවසනවා එවැන්නන්ගේ මරණින් මතු තත්වය ගැන. එනම් ඔවුන් නිරාවාසීන් බවට පත් කරනු ඇත.
6). කුමක්ද මේ "නීච වූවන්ගෙනුත් නීච වූවන්" බවට පත් වෙනවා කියන දේ? මම මගේ මව ප්‍රතික්ෂේප කරන්නෙක් නම් මම නීචයෙකි. ඉහත කරුණු 6 ද ඇතුළුව මම මගේ නිර්මාතෘව ප්‍රතික්ෂේප කරන්නෙක් නම් මම නීච වූවන්ගෙනුත් නීචයෙකි. එය සිදුවන්නේ පහත ආකාරයටයි.
තිරිසන් ලෝකය පහත් යැයි සමහරු සිතනවා. නමුත් දෙවියන්ගේ මාර්ගෝපදේශයට අනුව තිරිසන් සතුන් මරණින් මතු නිරාවාසීන් වන්නේ නැත. නිරය නිර්මාණය කර ඇත්තේ මිනිසුන් සඳහාය. එනිසා එහි සේන්දුවන අය අවසානයේ තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට වැටෙනවා නොවෙද? මම මම ගැනත් ඔබ ඔබ ගැනත් සිතා බැලිය යුතුයි. කරන දෙයක් මරණය ලගා වන තෙක් පමණි. ඉන් පසු අපගේ පරීක්ෂනය අවසන්. තම නිර්මාතෘව සහ ඔහුගේ මග පෙන්වීම ප්‍රතික්ෂේප කිරීම සෙල්ලමක් හෝ සුළු පටු කාරනාවක් නොවේය!
මෙම සියළුම කරුනු තහවුරු කිරීමට අවශ්‍යය කරන ලිපි මෙම වෙබ් අඩවිය තුලම ඇත.
දෙවියන්ව ප්‍රතික්ෂේප කරන අයව හඳුනා ගන්නෙ කොහොමද?
1). දෙවියන් විසින් පහළ කළ (තම සමාජයට අදාල) දිව්‍ය වදන් (සහිත පුස්තකය) අධ්‍යනය නොකරන සහ (තම සමාජයට අදාල) නබිවරයාව අනුගමනය නොකරන අය. දෙවියන් පවසන ආකාරයට ඔවුන් නොමග ගිය ජන කොටසකි. මොවුන් තම නිර්මාතෘව සහ ඔහුගේ මගපෙන්වීම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි අය නම්,
- බෞද්ධ දර්ශනය පමණක් පිලිගන්නා අය.
- හින්දු අය දෙවියන්ව නොමග ගිය ආකාරවලින් අනුගමනය කිරීම.
- වෙනත් දර්ශන අනුගමනය කරන අය.
- හෞතික වස්තූන් නමදින්නන්.
- මිනිසුන්ව නමදින්නන්.
- සත්වයින්ව නමදින්නන්.
- යක්ශයින් නමදින්නන්.
- කිසිම ආගමක් දහමක් අනුගමනය නොකරන අය.
2). දෙවියන් ගේ මාර්ගෝපදේශ පරිහරණය කළත් එහි උපදෙස් නිසි පරිදි භාර නොගැනීම/ ප්‍රතික්ෂේප කිරීම. (විශේෂයෙන්ම දෙවියන් පිළිබඳව සඳහන් කරුණු).
දෙවියන්ගේ උපදේශය වන්නේ තම සමාජය වෙත අවසන් වරට පැමිණ ඇති නබිවරයා සහ ඔහුට දෙවියන් විසින් පහළ කළ මාර්ගෝපදේශය අනුගමනය කරන ලෙසය. එම උපදෙස ප්‍රතික්ෂේප කර හෝ එම ධර්මය විකෘති කරගෙන වැරදි මාර්ගයේ යන අය පහත ආකාරවලින් අපට දැකීමට පුළුවන. දෙවියන් පවසන ආකාරයට ඔවුන් දෙවියන්ගේ කෝපයට පාත්‍ර වූ ජන කොටසකි.
- යුදෙව්වරුන්:- ඔවුන් වෙත පැමිණි මූසා (අ.ස) නබි සහ ඔහුට පහල වූ තව්රාත් නැමති දිව්‍ය හෙලිදරව මත නතර වී (එයද විකෘති කරගෙන) ඉන් පසු පහළ කල මාර්ගෝපදේශ සහ නබිවරුන්ව අනුගමනය නොකරන ජනතාව.
- ක්රිස්තියානිවරුන්:- ඔවුන් වෙත පැමිණි (Jesus) ඊසා (අ.ස) නබි සහ ඔහුට පහල වූ ඉන්ජීල් නැමති දිව්‍ය හෙලිදරව්ව මත නතර වී (එයද විකෘති කරගෙන), නබිවරයාව දෙවියන් වශයෙන් සලකා, ඉන් පසු පහළ කල මාර්ගෝපදේශ සහ නබිවරයාව අනුගමනය නොකරන ජනතාව.
3). මුස්ලිම් සමාජයේ වැරද ගිය අය. අවසන් නබි මොහම්මද් (ﷺ) තුමා පවසා තිබෙනවා මුස්ලිම් සමාජයේත් සිටින එහෙත්, දෙවියන්ව නැමදීම නොකරන ජනතාව ඔහුගේ ජනතාවක් නොවන බව. එසේම දර්මයෙහි කොටසක් පිළි අරන් තව කොටසක් ප්‍රතික්ෂේප කරන්නන්ද, එසේත් නැතිනම් ධර්මයට අලුතින් දේවල් එකතු කරන්නන් සහ ධර්මය තුල ඇති දෙය වෙනස් කරන්නන්ද ප්‍රතික්ෂේප කරන්නන්ම බව.
by sjw