
පිළිම වන්දනාව අනුමතද?
සැබෑවන්තයා වෙනුවට ගල් වැලි සිමෙන්ති මැටි හෝ කාබන් ආදිය භාවිත කර සාදන හෝ අඳින ලද ආකෘතියක් මගින් ඇත්තටම සිදුකරන්නේ සැබෑවන්තයාට අගෞරව කිරීමකි.
දෙවියන්වහන්සේගේ රුවට සමාන රූපයක් ඇඳීම හෝ පිළිමයක් නෙලීම කිසිවෙකුටත් සිදු කල නොහැක. එසේ තිබියදී දෙවියන්වහන්සේට සමාන නොවන වෙනත් රූප ඔහු වෙනුවෙන් නිර්මාණය කර ඒවාට නැමදීම කිසි විටෙකත් සදාචාරාත්මක නොවේ.
දෙවියන්ගේ පමණක් නොව. නබිවරුන්ගේ, බුදුවරුන්ගේ, දෙමාපියන්ගේ හෝ සතුන්ගේ හෝ කිසිම රූපයක් හෝ පිළිමයක් මගින් ඒවායේ සැබෑ ස්වභාවය ඇති කල නොහැක. එම නිර්මාණ පණ නැති ඒවා ලෙසම පවතින දේවල්ය.
ඔබට ඔබේ මවව මැටියෙන් සෑදිය නොහැක. ඔබේ මව මැටි පිළිමයකට වඩා ඉතාමත් උසස් කෙනෙකු ලෙස සිටී හෝ සිටියාය.
මැටි වලින් සාදන පිළිම වලට අප කියනා දේ ඇසෙන්නේ නැත. ඒවාට අපව පෙනෙන්නේ නැත. කොටින්ම ඒවා මැටිය. එසේත් නැත්නම් ගල්, වැලි හෝ සිමෙන්තිය. ඒවා ජීවමාන නැත. නමුත් ජීවමානව හෝ ඔබේ මනස තුල හෝ සිටිනා ඔබේ මව ඊට වඩා උසස්ය. මනස තුල සිටින මවට අගෞරවයක් වන්නේ නැත. ඔබට ඇයව ඔබ මිය යන තෙක්ම ඔබගේ මනස තුල ජීවමානව මෙන් ගෞරවාන්විතව තබාගත හැක. ජීවත්ව සිටිනා හෝ මිය ගොස් ඇති ඔබේ මවගේ ගෞරවය ආරක්ෂා කරනු පිණිස ඔබ ඇය වෙනුවෙන් පිළිම නොසෑදිය යුතුය. එලෙසින්ම, දෙවියන්ගේද, නබිවරුන්ගේද, බුදුවරුන්ගේද ගෞරවය ආරාක්ෂා කිරීමට ඔවුන්ගේ පිළිම නිර්මාණය නොකල යුතුය. කලාකරුවන් විසින් නිර්මාණ කරන විටද අතිශෝක්තිය එකතු වීමද තවත් ගැටළුවකි. කලාව සහ සත්‍ය අතර මිනිසා පැටලීම එහි ඇති අවාසනාවන්ත තත්වයයි.
ඉස්ලාම් දහමට අනුව දෙවිඳුන් විසින්ම තමා වෙනුවෙන් පිළිම නොසාදන ලෙස දන්වා ඇත. නබිවරුන්ද තමන් වෙනුවෙන් සහ දෙවියන් වෙනුවෙන් පිළිම නොසාදන ලෙස දන්වා ඇත.
මුස්ලිම්වරුන් තම දෙවියන්ට සහ නබිවරුන්ට තම පනටත් වඩා ආදරයද ගෞරවයද පුද කරමින් දහම තුල සිටී. ඔවුන් පිළිම හරහා ඔවුන්ට ළං වෙනවාට වඩා උසස් අන්දමින් තම මනසින් ඔවුන්ට ළං වේ. ඔවුන්ගේ දෙවියන්ගේ සහ නබිවරුන්ගේ යැයි මනඃක්කල්පිත කර සෑදූ පිළිමයක් හෝ රූපයක් දුටුවොත් ඔවුන් ඒ ගැන කණගාටු වෙයි. ඔවුන් කැමති නැහැ තමන්ගේ දෙවියන්ට හෝ නබිවරුන්ට රූප හෝ පිළිම හරහා අපහාස සිදුවෙනවාට. එනිසා ඔවුන් රූප සහ පිළිම සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරයි.
ක්‍රිස්තියානි ආගම තුල ඇති බයිබලයේද තම දෙවියන් වෙනුවෙන් රූප සහ පිළිම සෑදීම තහනම් කර ඇත. නමුත් එම දහම අදහන වැඩි දෙනෙක් තම ධර්ම මූලාශ්‍රය තුල ඇති දෙයම නොසලකා රූප සහ පිළිම සාදා ඒවාට නැමදුම් කරති.
යුදෙව් ආගම තුලද ඕනෑම ආකාරයක රූප හෝ පිළිම වන්දනා කිරීම තහනම් කරයි. මොසෙස් නබි තුමාගේ කාලයේ රන් වස්සෙකුව නැමදීමෙන් ඔවුන් කරගත් පාපයට පසු ඔවුන් කිසිඳු ආකාරයකින් රූප සහ පිළිම සාදමින් ඒවාට නැමදීම අනුමත කරන්නේ නැත.
හින්දු ආගමේ මූලික ධර්ම මූලාශ්‍ර වල සඳහන් වන්නේ දෙවියන් වෙනුවෙන් රූප සහ පිළිම නිර්මාණය නොකළ යුතු බවය. නමුත් ඔවුන් තම ධර්ම මූලාශ්‍ර වලට පිටින් යමින් විවිධාකාරයේ මනඃක්කල්පිත රූප සාදාගෙන ඒවාට නැමදීම් සිදු කරමින් සිටී. ඔවුන් සදාගෙන ඇති බොහෝමයක් පිළිම වලින් පෙන්නුම් කරන්නේ අංග විකළ ලෙස සැකසූ මිනිස් රූපය.
ජෛන ආගමේ සහ බෞද්ධාගන්මේ බැතිමතුන් පිළිවෙලින් මහාවීරගේ සහ බුදුන්වහන්සේගේ පිළිම සාදාගෙන ඒවාට නමදින් සිටී. බොහෝමයක් බෞද්ධයින් හින්දු ආභාශයෙන් ලද ඉහත කී දේව රූපවලටද නැමදීම සිදුකරයි.
ඇතැම් ආගම් වලට අනුව දිව්‍ය ලෝක වල සිටිනවා යැයි කියන බ්‍රහ්ම සහ ප්‍රාදේශීය දෙවිවරුනුත් ස්ත්‍රී හෝ පුරුෂ ලෙස අප වැනිම රූප සහිත, අප වැනිම මසා නිමකල ඇඳුම් අඳින දෙවිවරු ලෙස සිටී.
බුදුන්වහන්සේ ජීවමානව සිටියදී එතුමන් විසින් පිළිම වන්දනාව අනුමත කර තිබී නැත. අද වන විට විවිධ බෞද්ධ ජන කොටස් විසින් වෙනස් වෙනස් රූප ආකාර වලින් ගෞතම බුදුන්වහන්සේගේද, මනඃකල්පිත කරගත් මිනිස් රූපාකාර වලින් රහතන් වහන්සේලාගේද, පෙර පහළ වූ බුදුවරුන්ගේද පිළිම සාදාගෙන ඒවාට නැමදුම් කරමින් සිටී. අඩු තරමින් කිසිවෙකු ළඟවත් එතුමන්ලාගේ සත්‍යය රූපද නැත.
මීට අමතරව තව බොහෝ ආකාර වලින් රූප සහ පිළිම සාදාගෙන නැමදීම් කරන ජන කොටස ඉතිහාසයේ සිට අද දක්වාම ලොව පුරා සිටිනු දැකිය හැක. ඒවා අතර මිනිස රූපද, සත්ව හා භෞතික හැඩතල සහිත රූපද පවතී.
අපේ රටේ බහුතරයක් මිනිසුන් පිළිපදින ථේරවාදී බුදුදහම ගැන හොඳ අවබෝධයක් ඇති බෞද්ධ ගිහිහියන්ගෙන් සහ පැවිදි භික්ෂූන් වහන්සේලාගෙන් මෙම පිළිම සම්ප්රදාය ගැන ඇසුවොත් ඔවුහු පිළිම හෝ රූප වන්දනාව ප්‍රතික්ෂේප කරනු දැකිය හැක. එයිනුත් පැහැදිළි වන්නේ ඔවුන් නොවන, එහෙත් බෞද්ධයින් බහුතරය රූප සහ පිළිම වන්දනා කරමින් නොමගෙහි සිටින බවය.
සැබෑ දෙවියන්, සැබෑ ධර්මය, සැබෑ නබිවරුන්, හෝ සැබෑ බුදුවරුන් තම හදවත් තුලින් දැකිය නොහැකි ජනතාවට ඒවාට ළං වීමට, ඒවා හඳුනා ගැනීමට, ඒවා අවභෝද කර ගැනීමට පහසු කරවීම සඳහා රූප සහ පිළිම භාවිතා කරන බව සමහරු පවසයි. එනම්, දහම නිවැරදිව වටහා ගත්තවුන්ට පිළිම අවශ්‍ය නොවන අතර, සත්‍යට කිට්ටු අයට කුඩා පිළිමත් සත්‍යට ගොඩාක් දුර අයට විශාලත්වයෙන් වැඩි පිළිමත් භාවිත කිරීමට සිදුව ඇති බව පෙනෙයි. මිනිසුන්ගේ භක්තිය වැඩි කිරීම සඳහා අති විශාල පිළිම ඉදිරිපත් කිරීමේ තත්වයක් ලෙසද එය දැකිය හැක.
මුස්ලිම්වරුන් සහ යුදෙව්වන් සියල්ලට රූප සහ පිළිම රහිතව තම ඇදහිල්ල තුල සිටිය හැකි නම්, අවභෝදය සහිත ක්‍රිස්තියන් සුළු පිරිසකටත්, බෞද්ධයින් සුළු පිරිසකටත් එය එසේ කල හැකි නම් අනිකුත් අයට පිළිම රහිතව තම ඇදහිල්ලේ සිටීමට නොහැක්කේ මන්ද? එය වෙන කිසිම හේතුවක් නිසා නොව, තම වැඩිහිටියන්ව ඒ ආකාරයටම අනුගමනය කිරීමෙහි ආදිනවයක් ලෙස සිදුවන බව සිතිය හැක. එනම්, ඔවුන් පිළිම වලට ඇබ්බැහි වීමක් වී හෝ පිළිම කෙරෙහි ආභාශයක් ඇති කරගෙන සිටී.
ධර්මය අවභෝධ කරවීමේ පහසු මගක් ලෙස මුල්කාලවල ධර්මචක්රය වැනි දෑ භාවිත කළත්, පසු කාලීනව පිළිම භාවිතයද ඒ සඳහා යොදගෙන ඇත. එයින් ඇතිවූ අනිසි බලපෑමක් ලෙස ධර්මයට වඩා මිනිසුන්ගේ සිත් පිළිම කෙරෙහි නැඹුරු විය. පිළිම රහිතව බෞද්ධයෙක් විය නොහැකි වන තරමට එය වැඩි දියුණු විය. එම නිසා සෑම පන්සලකම, සෑම බෞද්ධ නිවසකම පිළිමයක් තිබීම අනිවාර්ය අංගයක් බවටත් පිළිම ඉදිරියේ සිටිමින් බුදුන් නැමදීමටත්, ගෞරව කිරීමටත්, පිහිට පැතීමටත්, පුද පූජා පැවැත්වීමටත් යොමුවී තිබේ.
දෙවියන්ගේ අවසන් නබි වන මොහම්මද් නබි (ﷺ) තුමා තමන්ගේ අනුගාමිකයින්ට පැවසුවේ කිසිවිටෙකත් තමාගේ රුව සිතුවම් හෝ පිළිරූ ගත නොකරන ලෙසයි. කොටින්ම තමන්ගේ හෝ කිසිවෙකුගේ මිනී වලට ඉහලින් ස්මාරක පවා නොසාදන ලෙස උපදෙස් දෙන ලදී. තව දුරටත් ඔහු පෙන්වා දුන්නේ මීට පෙර පැමිනි ජේසු (ඊසා අ.ස) තුමාගේ පිළිම සාදාගෙන ඇතැමුන් අවසානයේ ඔහුව දෙවියන්ව කරගෙන නොමග ගිය ආකාරයට කිසිවෙකුවවත් පත් නොකළ යුතු බවය.
වරෙක ආනන්ද තෙරුන් බුදුන්වහන්සේගේ රුව සිතුවම් ගත කිරීමට අවසර ඉල්ලූ විට බුදුන්වහන්සේද එය ප්‍රතික්ෂේප කර තිබේ.
බුදුන්වහන්සේ සර්වඥයන් වහන්සේ ලෙස හඳුන්වාදීමෙන් හා වර්ණනා කිරීමෙන්ද බුදුන් වහන්සේගේ අනුගාමිකයන්ව නොමඟ යැවීම කණගාටුවට කරුණකි. සියල්ල දන්නා ලෙස අපට හඳුනාගත හැක්කේ සියල්ලෙහි නිර්මාතෘ ලෙස සිටිනා සර්වබලධාරී දෙවියන් වහන්සේය. එතුමන් විසින් ඇතැමුන්ට සුවිසේශී දැනුම ලබා දී තිබීමද අපට දැකිය හැක. බුදුන්වහන්සේ තුලද නබිවරුන් තුලද එවන් තත්ව අපි දකින්නෙමු.
පිළිම තුලින් දකිනා බුදු රුව සැබෑම බුදුන්වහන්සේගේ රුව නොවේ. කෙසේ නමුත් බුදු පිළිම තුලින් බුදු ගුණ සිහිපත් කිරීම පහසු බව ඇතැමුන් පවසයි. බුදු ගුණ අනන්ත යැයි සමහරු පවසති. අනන්ත ගුණ තිබිය හැක්කේ සර්වබලධාරී එකම දෙවියෙකුට පමණි. අනන්ත ගුණ සහිත දෙදෙනෙකුට පැවතිය නොහැකිය. දෙවියන්වහන්සේගේ ගුණ අනන්ත නිසයි ඔහු සදාකල් පවතින්නේ. බුදුන්වහන්සේ සදාකල් පවතින කෙනෙකු ලෙස පෙන්වා දෙන්නේ නැති නිසා එතුමන්ගේ ගුණ අනන්ත ලෙස පවතිනවා යැයි කීමට නොහැකිය.
බුදු ගුණ හරහා බුදුන් වහන්සේව සර්වබලධාරී දෙවියන්ට සමාන කිරීමක් හෝ ඊටත් වඩා උසස් කර සැලකීමක් කරන්නේ නම් එයද එක්තරා විදිහක ව්‍යාජ දෙවිවරුන් සාදාගෙන වන්දනා කරන පිළිම වන්දනාවටම සම වන්නේය.
බුදුන්වහන්සේ සියල්ල දන්නවා (සර්වඥ) නම් විශ්වයන්ගේ ඇතිවීම නැතිවීම හා ඒවා තුල සිදුවන සියල්ල ගැන දැන සිටියාට අමතරව ඊටත් එහා ගිය, එනම් ඒවා සියල්ලෙහි නිර්මාතෘ වන සර්වබලධාරී දෙවියන්ගේ පෞද්ගලික තොරතුරුද ඔහුගේ සදාකල් පැවැත්මේ ස්වභාවයද දැනගෙන සිටිය යුතුය. එය කෙසේවත් සිදුවිය නොහැකිය. ඒ සියල්ලත් බුදුන්වහන්සේ දන්නවා නම් දෙවියන් සර්වබලධාරී නොවන තත්වයට පත්වනු ඇත.
ඉතිපිසෝ භගවා අරහං වැනි ගාථා මගින් පෙන්වාදෙන බුදු ගුණ සර්වබලධාරී දෙවියන්ගේ ගුණාංග වලට සමානකම් ඇතිකරයි. මෙය සර්වබලධාරී දෙවියන් ගැන නොදන්නාකම නිසා සිදුවූ වරදක් ලෙස පෙන්වාදිය හැකියි. සියළු ලෝක ගැන වඩා හොදින්ම දන්නේ ඒවා සියල්ලෙහි නිර්මාතෘ ය. ඒවා සියල්ල පාලනය කළ හැක්කේද ඒවා සියල්ල නිර්මාණය කල සර්වබලධාරී දෙවියන්ටමය. සියල්ලටම වඩා සත්‍ය දන්නේද ඔහුමය. දෙවියන් වහන්සේ තමාගේ ගුණාංග සහ ඊට අදාල නම් 99ක් තම අවසන් දිව්‍ය හෙලිදරව්ව තුලින් මිනිසාට දැනුම් දී ඇත.
එනිසා සර්වබලධාරී දෙවියන්වහන්සේට වඩා බුදුන්වහන්සේව උසස් කොට සැළකීම නිවැරදි විය නොහැක. එනිසයි නැමදීමට වඩාත්ම සුදුස්සා ලෙස දෙවියන්ව හඳුන්වා දෙන්නේ. ඉස්ලාමය තුලින් පෙන්වා දෙන්නේ නැමදීමට අල්ලාහ් හෙවත් සර්වබලධාරී දෙවියන්වහන්සේට වඩා වෙන කිසිවෙකුත් නැති බවයි.
දෙවියන් යනු කෙබඳු කෙනෙක්ද, දෙවියන්ගේ දැනුම සහ ඔහුගේ නිර්මාණශීලී හැකියාව, දෙවියන්ගේ රාජධානිය යන ලිපි කියවා බැලුවොත් ඔබ කිසි විටකත් වෙන කිසිවෙක්ව දෙවියන්ට සමාන නොකරනු ඇත.
දෙවියන්වහන්සේ මිනිසාව නිර්මාණය කළේ ඇයි? දෙවියන් වහන්සේ මිනිසාට දුන් වරප්‍රසාද, දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමේ පාපයේ බරපතලකම ආදිය ගැන නොදැන සිටීම මිනිසා අතින් සිදුවනුයේ විශාල අත්වැරද්දකි. පිළිම සාදා ඒවා මත කොටු වීමමයි මෙයට හේතුව. පිළිම නිසා මිනිසාගේ විචරබුද්ධිය පවා සීමා සහිත වනු ඇත.
පිළිම නිසා ක්‍රිස්තියන් අය ජේසු තුමා තුලින් දෙවියන්ව දකින්න උත්සහ ගන්නවා. පිළිම නිසා හින්දු අය ඔවුන්ගේ විකෘති රූප හරහා දෙවියන් ගැන වටහා ගන්න උත්සහ ගන්නවා. බුදු පිළිම හරහා බුදුන්වහන්සේට වඩා උසස් කෙනෙක් නැතැයි කියා බෞද්ධයින් සිතනවා. මේ නිසා තමයි දෙවියන්ම පවසා තිබෙන්නේ පිළිම වන්දනාව මිනිසාට නුසුදුසු බව.
ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ යුදෙව් ආගම් වලට අනුව පළමු මිනිසා ආදම් (අ.ස) ය. මිනිසාට හිමිවිය යුතු දහම ඔහුට උගන්වා දුන්නේ මිනිසාගේ නිර්මාතෘ වන දෙවියන්වහන්සේ විසිනි. පෘතුවියට පැමිණි පසු ආදම් (අ.ස) තම නිර්මාතෘ වෙනුවෙන් පිළිම නිර්මාණය කලේ නැත. ඔහුගේ පසු පරම්පරාවල දරු මුණුපුරන් ගේ කාලයක යහපත් මිනිසුන් කිහිප දෙනෙක් ජීවත්ව සිට ඇත. ඔවුන් මිය ගිය පසු ඔවුන්ව සිහිවීම පිනිස ඔවුන් වෙනුවෙන් ස්මාරක ඉදි කර ඇත. පසුව ඒවාට වැඩි ගෞරව දක්වන්නට පටන්ගෙන ඇත. තවත් කල් යාමේදී ඒවාට නැමදීම් කරන්නට පටන්ගෙන ඇත. පිළිම වන්දනාව මෙසේ ආරම්භ වී එම වැරදි ආදර්ශය අද දක්වාම පැමින ඇත. එය නොකළ යුතු බව දැනුම් දීමට දෙවියන්වහන්සේ විසින් විටින් විට නබිවරු එවා ඇත. සෑම නබිවරයෙකුම ගෙනා පණිවිඩය වන්නේ නැමදීමට එකම සුදුස්සා සර්වබලධාරී දෙවියන් බවත් ඔහු හැර වෙන කිසිවෙකුට මිනිසා නැමදීම නොකළ යුතු බවත්ය. මුස්ලිම් මිනිසුන් තම නිර්මාතෘට හැර වෙන කිසිවෙකුට නමදින්නේ නැත්තේ මෙනිසයි. දෙවියන් වෙනුවෙන් රූප සහ පිළිම නෙලීමට දැණුම සහ හැකියාව ඇති කිසිවෙකුත් නොමැත. එනිසා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වයට කිසිඳු හානියක් නොකර ඔහු වෙනුවෙන් රූප සහ පිළිම නෙලීම් නොකර තම දහම තුල සිටීමට මුස්ලිම්වරු වගබලා ගනී. ඔවුන් දෙවියන්ගේ නිර්මාන තුලින් දෙවියන්ගේ මහිමය හඳුනා ගනිමින් සිටී. දෙවියන් යනු කෙතරම් ශ්‍රේෂ්ඨ කෙනෙකුද යන්න ඔහුගේ නම්, ලක්ෂන සහ ඔහුගේ නිර්මාණ වලින් හඳුනා ගෙන ඔහුට නිසි ගරුත්වය ලබා දීමට අප සියලුදෙනාම ඉක්මන් විය යුතුය.
මිනිසාගේම යහපත වෙනුවෙන් ඔහු විසින් තම නිර්මාතෘට නැමදීමෙන් නිසි ගරුත්වය දක්වන ලෙසත්, දෙවිඳුන් ට හැර වෙන කිසිවකට නොනමදින තරමට මිනිසාව උසස් කර ඇති බව දෙවිඳුන්ම අපට දන්වා ඇති තත්වයක සහ අවසන් නබි මොහම්මද් තුමන්ද, ඊට පෙර පැමිණි ජේසු තුමා (ඊසා අ.ස) ඇතුළුව සියළුම නබිවරුන්ද, ගෞතම බුදුන්වහන්සේද, ධර්මය ගැන දැනුම් තේරුම් ඇති පෘතඃජන උගතුන්ද පිළිම නැමදීම අනුමත නොකරන තත්වයක් උඩ ඔබ තව දුරටත් පිළිම වන්දනා කරනවා නම් ඒ ගැන නැවත සළකා බැළිය යුතු නොවේද?
ඉස්ලාම් දහමට අනුව නම් පිළිම වන්දනා කිරීම ඉතාමත් බරපතලම පාපයකි. දෙවියන් විසින් සමාව නොදෙන පළමු පෙලේ පාපයකි. දෙවියන් විසින් සෑම මිනිසෙකු වෙතම එවන ලද අවසන් පණිවිඩයේ සඳහන් එම කරුණ ලැබුණු අප විසින් එය ඔබටත් දැනුවත් කිරීම අපගේ අනිවාර්ය යුතුකමකි.
by sjw
පිළිම වන්දනාව සම්බන්ධව ආගමික මූලාශ්‍ර වල සදහන් කරුණු කිහිපයක්
(තවද)"අල්ලාහ්ව මිස, ඔබ නමදින පිළිරූ සියල්ල ඔබ බොරුවට මනඃක්කල්පිත කර ගත් දැයයි. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් හැර, ඔබ නමදින මේවා ඔබට ආහාර ලබා දීමට පොඩියක් හෝ ශක්තිය නැති දැයයි. එබැවින් (ඔබට අවශ්‍ය) ආහාර අල්ලාහ්ගෙන්ම ඉල්ලා, ඔහු (එක්කෙනෙකු)වම නැමද ඔහුට කෘතඥ වී සිටිනු. ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය. (Al Quran 29:17)
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය හැර, (අන් කිසිවක් වුවත්, තමන් අදහස් කරන්නන්ට සමාව දෙන්නේය. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔවුන් නියත වශයෙන්ම අති විශාල පාපයම මනඃක්කල්පිත කරන්නාහ (Al Quran 4:48)
Bible ගීතාවලිය 115:4-8 ඔවුන්ගේ පිළිම රිදී සහ රන් ය, මිනිසුන්ගේ අත් වැඩ. ඒවාට මුඛය ඇත, නමුත් ඒවා කතා නොකරයි; ඇස් ඇත, නමුත් ඒවා නොපෙනේ; ඒවාට කන් ඇත, නමුත් ඒවා ඇසෙන්නේ නැත; නාස් ඇත, නමුත් ඒවා ගඳ නොගසයි; ඒවාට අත් ඇත, නමුත් ඒවා අල්ලන්නේ නැත; පාද ඇත, නමුත් ඒවා ඇවිදින්නේ නැත; ඔවුන් තම උගුරෙන් කතා කරන්නේ නැත. ඒවා සාදන අය ඒවාට සමාන වනු ඇත; ඔව්, ඒවා කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම.
Bible යෙසායා 45:16 ඔවුන් සියල්ලෝම ලජ්ජාවට පැමිණෙති, එසේය, වියවුල්වන්නෝය; පිළිම සාදන්නෝ එක්ව වියවුලට පත්වන්නෝය.
Hindu:- Yajurveda – the Yajurveda says on Ch. No. 32, V. No. 3… 'Natasya Pratima Asti'... 'Of that God, no image can be made'
Hindu:-Yajurveda, Ch. No. 40, V. No. 8 says… 'God is image less, and body less – He has got no form, He has got no body'
Hindu:- Yajurveda, Ch. No. 40, V. No. 9 says… 'All those who worship the Asumbhuti, the natural things like air, water, fire… All those who worshipping the Asumbhuti, are in darkness'. And the verse continues… 'They are entering into more darkness. who are worshipping the Sambhuti – Sambhuti means… the created things.
Hindu:-Yajurveda Ch. No. 40, V. No. 9… 'If you worship the Sambhuti, the created things… the table, chair, etc., you are entering more into darkness. The Hindu Scriptures says… "Ekam Brahm, dvitiya naste neh na naste kinchan" (Sanskrit) – (Translation) 'There is only one God, not a second, not at all, not at all, not in the least bit'.
Hindu:- The Rigveda says in Vol. No. 8, Ch. No. 1, V. No. 1 . 'All praises are due to Him alone' – Alhamdullilah Hi Rabbul Alamin. Same as the Holy Qur'an, Surah Fathiha, Ch. No. 1, V. No. 1 to 2… Alhamdullilah hi Rabbul Alamin. The same Regveda, Vol. 6, Ch. No. 45, V. No. 16 says…'There is only one God… Worship Him alone'.