
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් අයගෙන් කෙරෙන ඉල්ලීමක්!
ඔබ පිළිගත් දහමේ මූලික ධර්ම මූලාශ්‍ර තුලින් ඔබගේ සිත් ඇඳබැඳ ගත් සහ ඔබගේ ඇදහිල්ල හෝ විශ්වාසය ශක්තිමත් කිරීමට බලපෑ වැකි කිහිපයක් අප සමගත් බෙදා ගන්න.
කුමණ හෝ ආගමක් දහමක් ගැන සොයන්නා, ඇහුම්කන් දෙන්නා සහ දෙසන්නා මේ ලොව තුල සිටි ශ්‍රේෂ්ඨටතම පුද්ගලයින්ව අනුගමණය කරන්නෙකි. බුදුන් වහන්සේත්, යේසුස් වහන්සේත්, මොහම්මද් නබි ﷺ තුමත් හින්දු දහමේ සිටි පණ්ඩිත්වරුත් ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ සත්‍යය සෙවීමෙනි, අන්‍යන්ට ඇහුම්කන් දීමෙනි, එසේම තමා පිළිගත් සත්‍යය ලොවට දේශනා කිරීමෙනි.
කුමණ හෝ ආගම දහමකට දර්ශනයකට ලැදි නැති, ඒ පිළිබදව උවමනාවක්- උනන්දුවක් නැති සහ, තමා සත්‍යය යැයි විශ්වාස කරන ආගම දහම සම්බන්ධ තොරතුරු අන් අය සමගත් බෙදා නොගනිමින් සිටින අයගේ මනුෂ්‍යත්වයේ ඇති ඵලය කුමක්ද? මිනිසුන්ට එකිනෙකා සමඟ කතා කිරීමට මීට වඩා හොඳ මාතෘකාවක් තවත් තිබේද? බුදුරදුන් හා නබිවරුන්ට අනුව මෙය උසස්ම කාර්යයකි.
ඔබ පිළිගත් දහමෙන් ඔබගේ සිත් ඇඳබැඳ ගත් වැකි කිහිපයක් පහත තීරුවෙහි අකුරින් සටහන් කරමින් හෝ ධර්ම මූලාශ්‍රයේ ඡායාරුප භාවිතා කරමින් අප වෙත එවන්න. මූලාශ්‍රයේ නම, පරිච්ඡේදයේ නම, වැකි අංක ආදිය සමගම එවන්නට වගබලාගන්න.
ඉස්ලාම් දහමට අදාලව ශුද්ධ වූ කුරානය තුලින් මා සිත් ඇඳබැඳ ගත් වැකි කිහිපයකුත් ලිපිය අවසානයේ සඳහන් කර ඇත.
ඔබ පිළිගත් දහමෙන් ඔබගේ සිත් ඇඳබැඳ ගත් වැකි කිහිපයක් අප වෙත එවන්න
ශුද්ධ වූ කුරානය තුලින් මා සිත් ගත් වැකි කිහිපයක් මෙහි සඳහන් කර ඇත.
ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය.(2:2). මෙය අනාවරණය උනේ විශ්වයේ අධිපති වූ අල්ලාහ් (දෙවියන්) ගෙනි:"(32:2). "අපි තමයි මෙම ග්‍රන්ථය පහල කලේ. අපිම එය ආරක්ෂා කරන්නෙමු"(15:9). 'ඔවුන් මෙම කුරානය ගැඹුරින් අවධානය කල යුතු නොවේද? මෙය දෙවියන්ගෙන් හැර වෙනත් කෙනෙකුගෙන් පහල වූ පුස්තකයක් නම් මෙහි අනන්තවත් වැරදි හා භේදයන් ද ඔවුන් විසින් දකින්නට තිබුණි'(4:82). මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද?(54:17). "නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැයි සමහරු කියනවා නම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්ඡේද එකක් නිර්මාණය කර පෙන්වන්න කියා.(2:23-25). (අපගේ) දූතයාණෙනී! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකලහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කල කෙනෙකු බවට පත්වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටවත් බිය නොවනු). මිනිසුන්ගේ (නපුරෙන්) අල්ලාහ් ඔබව (ආරක්ශා කර) බේරා ගනු ඇත.(5:67). මීට පෙරද මිනිසුන්ට සෘජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුණු (පව්, පින්) වෙන් කර දැනුම්දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. (3:4).
සටහන:- ඉහත වැකි කිහිපය හරහා එම ධර්මය පිළිබඳව මනා විශ්වාසනීය භාවයක් ඇති කරන නිසා ඒවා මා සිත් ඇඳබැඳ ගත්තේය. හරි පුදුමයි! විශ්වයේ අධිපති විසින් මිනිසාට මාර්ගෝපදේශයක් එවා, එහි කිසිදු අඩුපාඩුවක්ද නැති බවත් පවසා එය ආරාක්ෂාවට ලක් වූ දහමක් බවත්, එහි මිසිසාට ඍජු මාර්ගය ඇති බවත් පවසා එවැනි දහමක් වෙන කිසිවෙකුටත් ඉදිරිපත් කල නොහැකි බවට අභියෝගත් ඉදිරිපත් කල ඇත. මීට පෙර සිටි ජනතවටද මෙලෙස දෙවියන්ගේ මාර්ගෝපදේශ ලබා දී ඇති බවත් මෙම කාලයට වලංගු නබිවරයාට අල් කුරානය පහළ කර එය ජනතාවට දැනුම් දෙන ලෙසටද දෙවියන් උපදෙස් දී ඇත.
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාම ලක්ෂණ ස්වරූපයෙන් උත්පාදනය කර ඇත්තෙමු.(95:4). ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිනිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය.(67:2). ඔහුම (තම) නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත් කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනිත් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමගින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේදැයි) ඔබව පරීක්ෂා කරන්නේය;(6:165). (මනුෂ්‍යයිනී!) ප්‍රාණයක් නොමැතිව තිබූ ඔබට ඔහුම පණ දී තිබියදී, ඔබ අල්ලාහ්ව කෙසේ නම් ප්‍රතික්ශේප කරන්නෙහුද? ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය, පසුවද ඔහුම ඔබට පණ දෙන්නේය. (ඉන්) පසුවද ඔබ (ඔබගේ කළකම් සඳහා ඵලවිපාක අත්කර ගැනීම සඳහා) ඔහු වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලබන්නෙහුය.(2:28).
සටහන:- අපගේ ජීවිතය ආරම්භ වීම ගැන සහ එයට අරමුණක් ඇති බවත්, මරණයට පසු අප නැවත දෙවියන් වෙතම යා යුතු බවත් පවසා ඇත. එනම් අප පිළිබදවත් මුල මැද සහ අග පිළිබදව තොරතුරු දන්වා ඇත.
'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බඳිණු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. මෙයින් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වැහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. අත්තෙන්න්ම මෙහිද සිතා වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත'. (16:68/69).
සටහන:- මෙම වැකිය මා සිත් ඇඳබැඳ ගැනීමට හේතුව නම්, මේ හරහා අපට ලැබෙන පණිවිඩය ඉතා විශාලය. සතුන්වත් නිර්මාණය කල දෙවිදුන් ඔවුනට සුවිශේෂී හැකියාවන් ලබා දී ඇති බවත්, සොභාදහම දෙවියන් විසින් මනා සැලසුමකින් නිර්මාණය කර ඇති බවත්, එහි පාලන කටයුතුද දෙවියන් විසින්ම සිදු කරන බවත් මේ හරහා අපට වටහා ගත හැක. දෙවියන් මී මැස්සාට දැණුම දුන්නා නම් අප ද ලබා ගන්නා දැණුමෙහි හිමිකරු දෙවියන්ම විය යුතුය.
උදාහරනයකින් පවසනවා නම්, අපි GPS තාක්ෂණය සොයාගෙන මාර්ග වල ගමන්මග දැන ගැනීමට සමත්ව ඇත. දෙවියන් මී මැස්සන්ට, වවුලන්ට, කැස්බෑවන්ට තම ගමන් මග සොයා ගැනීමට වැටහීම ලබා දී ඇත්නම් අප GPS තාක්ෂණය සොයා ගත්තේ අපේ හැකියාවෙන්දැයි නැවත කල්පනාකර බැලිය යුතු නොවෙදැයි මම අදහස් කරමි. එනම් අපගේ මෙලොව ජීවිතයේ පරීක්ෂනය වෙනුවෙන් අවශ්‍යය සියළුම වටපිටාව දෙවියන් විසින්ම සපයමින් සිටී.
කාලය මත සත්තකින්ම. මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත).(103:1-3)
සටහන: කුරානයෙහි 103 වන මෙම පරිච්ඡේදය ජීවිතය ජය ගැනීමට අප විසින් කල යුතු දේ පිළිබඳව අපගේ නිර්මාතෘ සාරාංශ කර පවසා ඇත.
මෙහි විශ්වාසය තබා යන්න ඉතා වැදගත් ය. මිනිසුන් වන අප විශ්වය හා සසඳා බැලීමේදී ඉතාම නොගැනිය ගැකි තරම් වැලි කැටයක් වැනිය. අපි සියල්ල දන්නෝ නොවෙති. අප සියල්ල් දැකීමට හෝ සියල්ල් සොයාගැනීමට හැකියාව ඇත්තෝද නොවෙති. අපට දෙවියන්ව දැකීමටද හැකියාව නැත. නමුත් දෙවියන් අප වෙත පහළ කර ඇති මාර්ගෝපදේශය දෙස බලා ඒ තුලින් අපට දෙවියන් කෙරෙහි විශ්වාසය තැබිය හැක. අපගේ ආත්මය ගැන, මරනින් මතු තත්වය ගැන අපට වටහා ගැනීමට ඇති හොදම මාර්ගය ලෙස මා වටහා ගත්තේ එය අපගේ නිර්මාතෘ ගෙන්ම දැනගැනීමය. ඔහු අපට විශ්වාස කල යුතු කරුනු පෙන්වා දී ඇත. එම විශ්වාසය සමග යහපත් ක්‍රියාවල නියැලෙන අයට ජයග්‍රහනය කල හැකි බව දෙවියන් පෙන්වා දී ඇත.
by sjw (admin)