
බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් මෛත්‍රේය නම් වූ සාශ්තෘන්.
ගෞතම බුදුන් වහන්සේ මෛත්‍රී නම් බුදු කෙනෙකුගේ පැමිණීම ගැන අනාවැකි පළ කළහ. ඒවා පහත ආකාරයට බෞද්ධ ග්‍රන්ථ වල සඳහන්ව ඇත.
ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙසේ විමසීහ: 'ඔබ වහන්සේ නැති කල්හි අපට උගන්වන්නේ කවරෙක් දැ?
එවිට බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක. මා නැති කල්හී මාගේ ධර්මය ඔබට සාස්තෘන් වන සේක. එසේම "නායකත්වය සහ පිළිවෙළ රඳා පවත්වගෙන යන පලමු හා එකම බුදුවරයා මම නොවේ යැයි කියනු ලැබේ. මට පෙර බොහෝ බුදුවරුන් පැමින ඇත. මට පසුද එවැනි ගුණ ඇති මෛත්‍රිය නම තවත් බුදුවරයෙකු පැමිනෙනු ඇත"
එවිට ආනන්ද තෙරුන් මෙසේ විමසීය. එතුමන්ව හඳුනා ගන්නේ කෙසේද? එවිට බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මෛත්‍රේය නම් වූ (කාරුණික වූ) ශාස්තෘ වූ, උත්තරීතර වූ, සිල්වත් වූ, හැසිරීම් ප්‍රඥායෙන් සමන්විත වූ, භාග්‍යවත් වූ, විශ්වය දන්නා වූ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ය. ඔහු තමාගේ සුවිසේශී ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ දෙය මේ විශ්වයට ප්‍රකාශ කරන්නේය. ඔහු තම ආගම දේශනා කරන්නේය. එය මහිමාන්විත වන්නෙය, එය තේජාන්විත වන්නෙය, ආත්මයෙන් හා අකුරෙන්, ආගමක් ප්‍රකාශ කරයි. ජීවිතය, සම්පූර්ණයෙන්ම පරිපූර්ණ සහ සම්පූර්ණයෙන්ම පිරිසිදු, මම දැන් මගේ ආගම දේශනා කරන මෙන්, දැන් මම සිය ගණනක් වූ භික්ෂු සමාජයක් පවත්වාගෙන යනු මෙන්, ඔහු දහස් ගණනක භික්ෂූ සමාජයක් පවත්වා ගෙන යනු ඇත".
පහතින් සදහන් වන කරුණු බෞද්ධ අදහස් සමග සමහර විට නොගැලපෙන්නත් පුලුවන්. එහෙත්, යම් හෙයකින් විමර්ශනය කරන්නෙකුට යම් ප්‍රයෝජනයක් ද තිබිය හැක. නොගැලපෙනවා නම් එය නොසලකා හරින්න.
1. 'මෛත්‍රේය' යන සංස්කෘත වචනය
'මෛත්‍රේය' යන සංස්කෘත වචනය හෝ ඊට සමාන පාලි භාෂාවෙන් 'මෙත්තෙය්‍ය' යන්නෙහි තේරුම ආදරණීය, දයානුකම්පිත, දයාවන්ත සහ කරුණාවන්ත යන්නයි. එය කරුණාව සහ මිත්‍රත්වය, අනුකම්පාව යනාදිය ද අදහස් කරයි. මේ සියලු වචනවලට සමාන එක් අරාබි වචනයක් වන්නේ 'රහමත්' යන්නයි. අල් කුර්ආන් හී කිහිප තැනක අවසන් දේවදූතවරයා (නබිවරයා) සම්බන්ධයෙන් පහත ආකාරයේ වදන් දැකිය හැක.
"අපි ඔබව එව්වේ, සියලු සත්වයන්ට කරුණාවක් ලෙසයි." [අල්-කුර්ආනය 21:107]
මුහම්මද් (ﷺ) තුමාණන් දයානුකම්පිත ලෙස හැඳින්වූයේ 'මෛත්‍රී' යනුවෙනි.
මුහම්මද් යන වචනය 'මහමෙට්' හෝ 'මහොමෙට්' ලෙසද විවිධ භාෂාවලින් වෙනත් විවිධ ආකාරවලින්ද ලියා ඇත. පාලි සහ සංස්කෘත භාෂාවෙන් 'මහෝ' හෝ 'මහා' යන වචනයේ තේරුම ශ්‍රේෂ්ඨ සහ කීර්තිමත් වන අතර 'මෙත්තා' යන්නෙන් අදහස් කෙරේ. එබැවින් 'මහොමෙට්' යනු 'මහා දයාව' යන්නයි.
මනා ලෙස අධ්‍යනයක යෙදුනු පසු මෙම ලිපිය ලියන මටද, තව බොහෝ මුස්ලිම් වරුන්ටද වරෙක සිතෙනවා ගෞතම බුදුන්වහන්සේ එසේ වදාලේ මොහම්මද් නබි ﷺ තුමා ගැනවත් දෝ කියලා. එය මුස්ලිම් අපට ඇතිවන සාධාරණ සිතුවිල්ලකි.
2. බුදුරදුන්ගේ ධර්මය සැගවීම හෝ එලිපිට කීම:
"ආනන්‍දය, සත්‍යයන් සම්බන්ධයෙන් යමක් පස්සට තබන, ගුරුවරයෙකුගේ වැසූ හස්තය වැනි දෙයක් තථාගතයන් වහන්සේට නැත".
සර්වබලධාරී දෙවියන්ගේ ආඥාව පරිදි අවසන් දේවදූතවරයානන් ද ගුප්ත දෙය හා එලිපිට දෙය අතර කිසිදු වෙනසක් නොකර පණිවිඩය සහ මූලධර්මය සියල්ල ලබා දුන්නේය. අල් කුර්ආනය නබි ﷺ තුමාගේ කාලයේ ප්‍රසිද්ධියේ පාරායනය කරන ලද අතර එය අද දක්වාම සිදු කෙරේ. නබිතුමා මුස්ලිම්වරුන්ට ධර්මය සැඟවීම දැඩි ලෙස තහනම් කර ඇත.
3. බුදුරදුන්ගේ සැදැහැවත් සේවකයෝ:
"ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුගාමිකයන් අමතා, 'යමෙක් අතීතයේ පටන් අරහත්-බුද්ධ වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ආනන්ද තෙරුන් වහන්සේ මා කෙරෙහි සැදැහැවත් වූ සේම, යම්සේ සහෝදරයෝද ඒ දාසයෝ වූහ. අනාගතයේ අරහත්-බුදුවරු වෙති, ආනන්ද මට කළාක් මෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට සැදැහැවත් සේවකයෝද වෙති".
බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් ය. මුහම්මද් (ﷺ) තුමාට මලික්ගේ පුත්‍රයා වූ අනස් (රලි) නම් සේවකයෙක් ද සිටියේය. අනස් (රලි) නබිතුමාට ඔහුගේ දෙමාපියන් විසින් ඉදිරිපත් කරන ලදී. අනස් (රලි) විස්තර කරයි: "මගේ මව නබි (සල්) තුමානන්ට මෙසේ පැවසුවා, 'අනේ දෙවියන්ගේ දූතයාණෙනි, මෙන්න ඔබේ කුඩා සේවකයා'.
තව දුරටත් අනස් විස්තර කරයි, "මම ඔහුට වයස අවුරුදු 8 සිට ඔහුට සේවය කළ අතර නබි ﷺ තුමා මට ඔහුගේ පුතා සහ ඔහුගේ කුඩා ආදරණීයයා ලෙස හැඳින්වීය". නබිතුමාණන්ගේ ජීවිතයේ අවසානය දක්වා සාමය ඇතිවිට හා යුද්ධයේදී, අනස් (රලි) ආරක්ෂිතව මෙන්ම අනතුරට ලක්වද සිටියේය.
- අනස් (රලි) තුමාට වයස අවුරුදු 11ක් වන විට, නබිතුමාණන්ගේ ජීවිතය දැඩි අනතුරකට ලක්ව තිබූ උහුද් සටනේදී නබිතුමා අසල නැවතී සිටියේය.
- හොනයින් සටනේදී පවා දුනුවායන් වූ නබි තුමාගේ සතුරන් විසින් වට කර ගත් විට වූ , වයස අවුරුදු 16 ක් වූ අනස් (රලි) නබිතුමාගේ පැත්තේ සිටියේය.
ගෞතම බුදුන් වහන්සේ ළඟට මත් වූද සිහි විකල් වූද හස්තියා ළඟට එන විට ඔහු අසල සිටි ආනන්ද සමඟ අනස් (රලි) සැසඳිය හැකිය.
4. බුදුන් හඳුනාගැනීමේ නිර්ණායක හයක්:
"භාග්‍යවතුන් වහන්සේ වදාළා, 'තථාගතයන් වහන්සේගේ රුව නිරවුල් සහ අතිශයින් පැහැපත් වන අවස්ථා දෙකක් තිබෙනවා. ආනන්ද, රාත්‍රියේදී තථාගතයන් වහන්සේ උත්තරීතර වූ පරිපූර්ණ ඥානය ලබනවා. අවසානයේ දී උන්වහන්සේ පිරිනිවෙන රාත්‍රියේදී ඔහුගේ භූමික පැවැත්මේ කිසිවක් ඉතිරි නොවන සේ අතිශයින් ගමන් කිරීමකි".
ගෞතම බුදුන් වහන්සේට අනුව (මෛයිත්‍රී) බුදුන් වහන්සේ හඳුනාගැනීමේ නිර්ණායක හයක් පහත දැක්වේ.
1) බුදුරජාණන් වහන්සේ රාත්‍රියේදී උත්තරීතර හා පරිපූර්ණ තීක්ෂ්ණ බුද්ධිය ලබා ගනී.
2) ඔහුගේ සම්පූර්ණ බුද්ධත්වයේ අවස්ථාවෙහිදී ඔහු අතිශයින් දීප්තිමත් ලෙස පෙනේ
3) බුදුන් වහන්සේ ස්වභාවික මරණයක් සිදු කරයි.
4) ඔහු රාත්‍රී කාලයේ මිය යයි.
5) ඔහුගේ මරණයට පෙර ඔහු ඉතා දීප්තිමත් ලෙස පෙනේ.
6) උන්වහන්සේගේ ඇවෑමෙන් පසු බුදුන් වහන්සේ නමක් මිහිපිට නිරුද්ධ වේ.
1) මුහම්මද් (ﷺ) තුමාණෝ උත්තරීතර තීක්‍ෂණ බුද්ධිය සහ නබිත්වය ලබා ගත්තේ රාත්‍රියේදීය. සූරා දුඛාන් පවසන පරිදි: "දෙයක් පැහැදිලි කරන ග්‍රන්ථ මගින් - අපි එය ආශීර්වාද ලත් රාත්‍රියක පහළ කළෙමු." [අල්-කුර්ආන් 44:2-3]: "අපි මෙය (පණිවිඩය) ඇත්ත වශයෙන්ම භාග්‍යයයෙන් පිරි ලෛලතුල් කදර් නම් රාත්‍රියේ පහල කළෙමු." [අල්-කුර්ආනය 97:1]
2) මුහම්මද් (ﷺ) තුමාට තම අවබෝධය ආකාශ ආලෝකයෙන් ආලෝකමත් වූ බව ක්ෂණිකව දැනුනි.
3) මුහම්මද් (ﷺ) තුමා ස්වභාවික මරණයකින් මිය ගියේය.
4) අයේෂා (රලි) ට අනුව, මුහම්මද් (සල්) තුමාණෝ රාත්‍රියේ මිය ගියේය. ඔහු මිය යන විට පහනෙහි තෙල් නොතිබූ අතර ඔහුගේ බිරිඳ අයේෂා (රලි) පහන සඳහා තෙල් ණයට ගැනීමට සිදු විය.
5) අනස් (රලි) ට අනුව, මුහම්මද් (සල්) තුමාණෝ ඔහුගේ මරණය සිදු වූ රාත්‍රියේ අතිශයින් දීප්තිමත් ලෙස පෙනුණි.
6) මුහම්මද් නබි (ﷺ) තුමාණන්ගේ දේහය භූමදානය කිරීමෙන් පසු ඔහුව නැවත කිසි දිනෙක මේ මිහිතලය මත ඔහුගේ සිරුරෙන් දැකගත නොහැකි විය. (කිසිම රූපයක් හෝ පිලිමයක්ද නැත).
5. බුදුවරු දේශකයෝ පමණි.
අල් කුරානය සූරා ගාෂියා හි මෙසේ පවසයි.
"එබැවින්, නබිතුමනි, සියලු දෙනාටම මතක් කිරීම දිගටම කරගෙන යන්න, මක්නිසාද ඔබගේ යුතුකම වන්නේ මතක් කිරීම පමණි. ඔවුන්ව විශ්වාස කිරීමට බල කිරීමට ඔබ නැත. [88:21-22]
6. බුදුන් වහන්සේ විසින් මෛත්‍රී බුදුන් හඳුනා ගැනීම ගැන තොරතුරු
1) ලෝකයේම වඩාත් සාර්ථක කෙනෙකු ලෙස සිටී.
2) සදාචාර දේශකයෙකු ලෙස සිටී.
පහත සදහන් සමානතාවයන් දෙස සලකා බලන්න
ගෞතම බුදුන්වහන්සේ ස්වර්ගය සහ අපාය ගැන දේශනා කර ඇත. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද ස්වර්ගය සහ අපාය ගැන දේශනා කර ඇත.
ගෞතම බුදුන්වහන්සේ විශ්වය ගැන දේශනා කලහ. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද විශ්වය ගැන දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ විසින් විද්යාත්මක තොරතුරු බොහෝමයක් ගැන දේශනා කලහ. අකුරු ලියන්නට කියවන්නට බැරි කාන්තාරයේ ජීවත්වූ අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද විද්යාත්මක තොරතුරු බොහෝමයක් ගැන
දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ විසින්, මනුෂ්‍යයන්, අමනුශ්යයන් සහ සත්වයන් මරණින් මතු නැවත ඉපදෙන බව දේශනා කළේය. අවසන් දේවදූත මොහම්මද් (ﷺ) තුමාද ඔවුන්ගේ නැවත ඉපදීමක් ගැන දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ විසින්, මනුෂ්‍යයන් වෙනත් ලොවක සිට මෙහි පැමිණි බව දේශනා කළේය. අවසන් දේවදූත මොහම්මද්
(ﷺ)
තුමාද මනුෂ්‍යයන් වෙනත් ලොවක සිට මෙහි පැමිණි බව දේශනා කළේය.
ගෞතම බුදුන්වහන්සේ විසින් නිර්වාණයක් හෙවත් සදාකල් සැනසීම ලැබීමක් ගැන දේශනා කලහ. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද සදාකල් සැනසීම ලැබීමක් ගැන දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ ප්‍රාතිහාර්‍යාන් පෑ බව සඳහන්, අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද ප්‍රාතිහාර්‍යාන් පෑ බව සඳහන්.
ගෞතම බුදුන්වහන්සේ සක්‍ර නම් දෙව් රජාණන් කෙනෙකු ගැන දේශනා කලහ. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද Allah නම් දෙව් රජාණන් කෙනෙකු ගැන දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ සක්‍ර නම් දෙව් රජාණන් සමීපයට වැඩම කල බව සදහන්, අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද Allah දෙව් රජාණන් සමීපයට (ජිබ්රීල් නම් දේවදූතයෙකු විසින්) රැගෙන ගිය බව කල සඳහන්.
ගෞතම බුදුන්වහන්සේ විසින්, නිර්මාතෘ (සක්‍ර දෙව්) නොවන වෙනත් දෙවිවරුන් විශාල ගනනක් සිටින බව දේශනා කළේය. අවසන් දේවදූත මොහම්මද්
(ﷺ)
තුමාද නිර්මාතෘ (Allah දෙව්)
නොවන වෙනත් සුරදූතවරු විශාල ගනනක් සිටින බව දේශනා කළේය. බුදුන්වහන්සේ ඔවුන්ගෙන් සමහරෙක්ව දුටු බව සඳහන්. නබිතුමාද ඔවුන්ගෙන් සමහරෙක්ව දුටු බව සඳහන්.
ගෞතම බුදුන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට මනුෂ්‍යායින්ගේ ආත්ම මෙලොවට පැමිණ ඇත්තේ විශ්වයේ ඈත වෙනත් දිශාවකිනි.(ආබස්සර බඹ ලොව ලෙස එය හැඳින්වේ) සඳහන්. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද දේශනා කළේ මිනිසුන්ගේ ආත්ම මෙලොවට පැමිණියේ පිටතින් බවය.
ගෞතම බුදුන්වහන්සේ වයස 36 දී සුවිශේෂී පුද්ගලයෙකු (බුදුවරයෙකු) බවට පත් වූ බව සඳහන්. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද වයස 40 දී සුවිශේෂී පුද්ගලයෙකු (නබිවරයෙකු) බවට පත් වූ බව සඳහන්.
ගෞතම බුදුන්වහන්සේ තම ධර්මය රැගෙන ආවේ බහූදේව වාදී සහ අදේවවාදී ගෝත්‍ර විශාල සංඛයාවක් සිටි නොදියුණු සමාජයකටය. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද ධර්මය මුලින්ම රැගෙන ආවේ බහූදේව වාදී සහ අදේවවාදී ගෝත්‍ර විශාල සංඛයාවක් සිටි නොදියුණු සමාජයකටය.
ගෞතම බුදුන්වහන්සේ තම ධර්මය නගරෙන් නගරෙට ගොස් දේශනා කලහ. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද තම ධර්මය නගරෙන් නගරෙට ගොස් දේශනා කලහ.
ගෞතම බුදුන්වහන්සේ මාධ්‍යයම ප්‍රතිපදාව දේශනා දේශනා කලහ. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද දේශනා කලේ එලෙසමය.
ගෞතම බුදුන්වහන්සේ ධර්මය දේශනා කලහ, කරුණු පහදා දුනි. ධර්මයෙහි බල කිරීමක් නැත. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද දේශනා කලේ එලෙසමය. සත්‍යය අසත්‍යය පෙන්වා දුනි. ඉස්ලාම් දහමෙහි බල කිරීමක් නැත.
ගෞතම බුදුන්වහන්සේට හොඳ විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් මෙන්ම එතුමන්ට අපහාස කල, එතුමන්ව මැරීමට පවා තැත් කල ජනතාවක්ද සිටියේය. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද හොඳ විශ්වාසවන්ත අනුගාමිකයන් පිරිසක් මෙන්ම එතුමන්ට අපහාස කල, එතුමන්ව මැරීමට පවා තැත් කල ජනතාවක්ද සිටියේය.
ගෞතම බුදුන්වහන්සේ විසින්, තමා එකම බුදුවරයා නොවන බවත් තමාට පෙර තවත් බොහෝ බුදුවරු පැමිණි බවත් තමාට පසු මෛත්‍රී නමින් තවත් බුදුවරයෙකු පැමිණෙන බවත් දේශනා කල බව සඳහන්. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාද තමා එකම නබිවරයා නොවන බවත් තමාට පෙර නබිවරු බොහෝමයක් පැමිණි බවත් තමා මුලු මහත් ලෝකයටම මෛත්‍රී කරන්නෙකු ලෙස පැමිණි අවසන් නබිවරයා බවත් දේශනා කල බව සඳහන්.
ගෞතම බුදුන්වහන්සේ පිරිනිවන් පෑමට ආසන්නයේදී තම අනුගාමිකයින් ට පැවසුවේ දහම සම්බන්දව තව කුමක් හෝ දැනගැනීමට අවශ්‍යය නම් නොපමාව එය අසන ලෙසයි. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමා තම මරණයට පෙර පැවසුවේ මනුශ්යයාගේ දහම තමා සම්පූර්ණ කල බවය්.
ගෞතම බුදුන්වහන්සේගේ ධර්මදේශනාවන් කටපාඩම් කල පිරිසක් සිටි අතර එතුමන්ගේ පිරිනිවන් පෑමෙන් වසර 400 කට පමන පසු ඒවා ග්‍රන්ථාරූඪ කෙරින. අවසන් දේව දූත මොහම්මද් (ﷺ) තුමාගේ ධර්මදේශනාවන් කටපාඩම් කල පිරිසක් සිටි අතර එතුමන්ගේ ජීවිතකාලය තුලදීම ඒවා ග්‍රන්ථාරූඪ කෙරින.
බුදුන්වහන්සේ (සිදුහත් කුමරා ලෙස) සාමාන්ය දරුවෙකු ලෙස ඉපදී හැදී වැඩී විවාහ වී දරුවන් ලැබ සාමාන්ය මනුශ්යයෙකු ලෙස සිටීහ. පසුව බුද්ධත්වය ලැබීය. ඉන්පසු තම ජීවිතයම දහම වෙනුවෙන් කැප කළේය. ඒ අතර සතුරන්, මිතුරන්, අනුගාමිකයින් සිටීහ. අටලෝ දහමට මුහුන දුනි. අවසානයේ සාමාන්‍යා මනුශ්යයෙකු ලෙසින්ම (අසනීප වී) මරණයට මුහුණ දුනි. අවසන් දේව දූත නබි
මොහම්මද් (ﷺ)
තුමන්ගේ ජීවිතයද එලෙසම ගෙවීය. එතුමන් නබිවරයෙකු ලෙස සිට තම දහම ප්‍රචාරය කළේය. අවසානයේ සාමාන්‍යා මනුශ්යයෙකු ලෙසින්ම (අසනීප වී) මරණයට මුහුණ දුනි.
ගෞතම බුදුන්වහන්සේ විසින් තම දහමෙහි කිසිඳු සැකයක් නොමැති බව දේශනා කළේය. එය නුවණින් විමසා පරීක්ෂා කර බලන ලෙසද පැවසීහ. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද
තම දහමෙහි කිසිඳු සැකයක් නොමැති බව දේශනා කළේය. එය නුවණින් විමසා පරීක්ෂා කර බලන ලෙසද පැවසීහ.
ගෞතම බුදුන්වහන්සේ දේශනා කල ධර්මය එතුමන්ගේ ඇවෑමෙන් වසර 300කට පසු ග්‍රන්ථාරූඪ කෙළේය. අවසන් දේව දූත මොහම්මද් (ﷺ)
තුමා පාරායනා කල "දේව වදන්' (අල් කුරාණය) එතුමන්ගේ ජීවිත කාලය තුලම ලේඛණ ගත කළේය.
ගෞතම බුදුන්වහන්සේ පිරිනිවන් පාන විට භෞතික වශයෙන් ඔහු වෙනුවෙන් මෙලොව කිසිදෙයක් ඉතුරු කර ගියේ නැත. අවසන් දේව දූත මොහම්මද්
(ﷺ)
තුමාද
තම මරණයට පෙර භෞතික වශයෙන් ඔහු වෙනුවෙන් මෙලොව කිසිදෙයක් ඉතුරු කර ගියේ නැත.
බුදුන්වහන්සේ විසින්, තමන්ට වන්දනා කරන ලෙසත් තමාට ප්‍රතිමා නිර්මාණය කර ඒවාට වන්දනා කරන ලෙසත් තම අනුගාමිකයින්ට කිසිවිටකත් පැවසුවේ නැත. අවසන් දේව දූත නබි මොහම්මද් (ﷺ)
තුමන්ද හැසිරුනේ එලෙසමය.
ගෞතම බුදුන්වහන්සේ දේශනා කළේ මනුෂ්‍යායන්ට වඩාත්ම උසස් වන්නේ මෙලොව ජීවිතයට වඩා පරලොව තත්වය බවය. එනිසා ඉතා යුහුසුලුව පරලොව වෙනුවෙන් කටයුතු කරන ලෙසය. අවසන් දේව දූත නබි මොහම්මද් (ﷺ) තුමන්ද දේශනා කළේ එලෙසමය.
බෞද්ධ විශ්වාසයට අනුව බුදුන් වහන්සේ නිර්වාණ සම්පත්තිය හිමිකර ගත් බවය. ඉස්ලාමයට අනුව (දේව වදන් වලටම අනුව) මොහම්ම්ද් (ﷺ) නබි තුමාද අනිවාර්යයෙන්ම දෙවියන් කැමති තාක් කල් ස්වර්ගයෙහි ඉතාම උසස් වන්තයෙකු ලෙස (කිසිඳු ආකාරයක දුක් පීඩාවක් නොමැතිව) ඉතාම සුවසේ සිටින බව තහවුරුය.
ඉහත කරුණු දෙස සලකා බැලීමේදී නබිවරයෙකුගේ ලක්ෂන බුදුන්වහන්සේ තුලින්ද පෙන්නුම් කර ඇත. ඒ අනුව බුදුන් වහන්සේද නබිවරයෙකු විය හැකි යැයි අනුමාන කල හැකි නමුත්, සෑම නබිවරයෙකුගේම ප්‍රධානතම ධර්ම පණිවිඩය වන විශ්වයේ මැවුම්කරු වන එකම දෙවි (අල්ලාහ්)ව විශ්වාස කලයුතුය යන පණිවිඩය දැනට භාවිත වන බෞද්ධ ග්‍රන්ථ හෝ බෞද්ධ දේශනා වලින් දැකිය නොහැක. ඒවා ට අනුව බුදුන් වහන්සේ නබිකෙනෙකු ලෙස ඉස්ලාම් භක්තිකයන්ට පිළිගත නොහැක.
උදාහරණයකින් පවසනවා නම්, මුස්ලිම් අය ජේසු තුමා නබිවරයෙක් ලෙස පිලිගනී. නමුත් ක්‍රිස්තියානි අය (ඔවුන් දැනට භාවිතා කරන බයිබලයට අනුව යමින්) ඔහු නබිවරයෙක් ලෙස පිළිගන්නේ නැහැ. ඔවුන් පිළිගන්නේ ජේසු තුම දෙවියන් ලෙසටය. එනිසා ඔවුන් ජේසු තුමාට වන්දනාමාන කරයි.
බුදු දහමෙහි සාරාංශය ලෙස හුවා දක්වන සබ්බපාපස්ස අකරණං ගාථාවේ සහ ඉස්ලාමයේ සාරංශය ලෙස හුවා දක්වන අ ල් අසර් ගාථාවේ එකම වෙනස නම් බෞද්ධ ගාථාව තුල "නිර්මාතෘව සහ ඔහුගේ ධර්මය විශ්වාස කර" කියන වාක්‍යය නැතිකමය.
ධම්ම පදය – බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව
"සබ්බ පාපස්‌ස අකරණං -කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං -ඒතං බුද්ධාන ශාසනං"
මෙම ගාථාවෙන් කියවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ.
103 සූරාව- අල් අසර් (කාලය). Al-'Aṣr. العصر
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.
1. වල් අසර්
2. ඉන්නල් ඉන් සානලෆී කුhuස්ර්
3. ඉල් ලල්ලදීන ආමනූව අමිලුස් සාලිහාති වතවා සව් බිල් හක්කි වතවාසව් බිස්සබර්
අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙනි.
1. කාලය මත සත්තකින්ම
2. මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය.
3. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත).
මනුෂ්‍යායාට නිර්මාතෘ කෙනෙකු සිටී නම්, නිර්මාතෘ විසින් ධර්මයක් (ජීවන සැලසුමක්) එවා තිබේ නම් බෞද්ධයන්ට තම නිර්මාතෘව සහ ඔහු තමන්ට ලබා දුන් ජීවන සැලැස්ම (The manual of the human) විශ්වාස කර අනුගමනය කිරීමට ඇති භාදාව කුමක්ද?
මෙය ගැන පාඨක ඔබේ අදහස් අප වෙත දැනුම් දෙන්න.