මදීනා සහ ඒ අවට ඇති විශේෂ ස්ථාන

මදීනාව යනු නගරයකට වඩා වැඩි වටිනාකමක් ඇති තැනකි. එය මක්කාවෙන් පසු ඉස්ලාමයේ දෙවන වඩාත්ම පූජනීය නගරයයි. මදීනාව යනු නබි මුහම්මද් (ﷺ) තුමාගේ මජිද්ය පිහිටා ඇති සහ, එතුමාව භූමදාන කරන ලද නගරයයි.. මක්කාවෙන් සංක්‍රමණය වීමෙන් පසු මොහම්මද් නබි (ﷺ ) තුමාගේ ගමනාන්තය මදීනාව විය. ඉන් ටික කලකට පසු, එතුමාගේ නායකත්වය යටතේ මදීනාව හරහා ලොව පුරා ඉස්ලාමය ප්‍රචාරය කිරීමේ මහඟු කාර්යය පටන් ගැනුණි. 

සෑම මුස්ලිම්වරයෙකුටම මදීනාව සම්බන්ධව දැනගත යුතු බොහෝමයක් කාරණාවන් ඇත. ගනණය කිරීම් වලට අනුව 2016 දුල් හජ් මාසයේ දිනකට බැතිමතුන් ලක්ෂ තුනක් පමන මදීනාවට පැමිණ ඇත. සෑම මුස්ලිම්වරයෙකුම ගමන්කිරීමට ඉතාම කැමතිම නගරයකි මෙය. ඉතිහාසයේ එය යත්රීබ් යන නමින්ද වර්තමානයේ මදීනා අල් මුනව්වරා යන නමින්ද හඳුන්වනු ලබයි.

"විශ්වාසවන්තයෙකුට මදීනාව හොඳම ස්ථානයයි" යනුවෙන් නබි මුහම්මද් (ﷺ) තුමා පැවසූ බව අනස් (රලි) වාර්තා කරයි.

මස්ජිද් අල් නබවි

මස්ජිද් අන්-නබවි යනු මොහම්මද් (සල්) තුමා මක්කම සිට මදීනාවට සංක්‍රමණය වීමෙන් පසු එතුමා විසින් ඉදිකරන ලද මස්ජිදයයි. එය කොතරම් ආශිර්වාද ලත් මස්ජිදයක්ද යත්, එහි සිදුකරන එක් යාඥාවක් යාඥා දහසක් ඉටු කිරීමේ විපාකයට සමාන බව නබි තුමානන් පවසා ඇත.

අර් රව්දා.  (නබිතුමා සලාත් කල පෙදෙස (රියාස් උල් ජන්නා/ Green carpet) සහ නබි තුමාගේ සොහොන ඇති පෙදෙස



1, රියාස් උල් ජන්නා. (මෙම කොටස Green carpet ලෙසද හඳුන්වයි). 

මෙම කාපට් එකේ කොළ පැහැය පාරාදීසය නියෝජනය කරන අතර මල් එහි උද්‍යාන සංකේතවත් කරන බව විශ්වාස කෙරේ. මෙම ස්ථානය මස්ජිදුල් නබවි හි වඩාත්ම ශුභදායක ස්ථානය ලෙස සැලකේ. 

එය නබි (සල්) තුමා විසින් පාරාදීසයේ උයන ලෙස හඳුන්වනු ලබන අතර, නබි (සල්) තුමාගේ මෙම ප්‍රකාශය සියලුම මුස්ලිම්වරුන්ට මස්ජිදයේ මෙම ප්‍රදේශයේ වැදගත්කම පැහැදිලිව පෙන්නුම් කරයි. එම ස්ථානයේ අයැදීමක් කළහොත් එය දෙවියන් වහන්සේ විසින් කිසි විටෙකත් ප්‍රතික්ෂේප නොකරන බව විශ්වාස කෙරේ. මෙම ප්‍රදේශයේ සැබෑ ප්‍රමාණය දිග මීටර් 22 ක් සහ පළල මීටර් 15 කි. 

"මගේ නිවස සහ මගේ මින්බර් අතර ප්‍රදේශය පාරාදීසයේ උද්‍යානවලින් එකකි" යැයි තුමාණෝ පැවසූහ. අල්-බුහාරි, 1196; මුස්ලිම්, 1391

මෙයින් අදහස්වන ආකාරයට ලෝක අවසානයේදී මෙම කොටස ඉහලට ඔසවාගන්නා බවක් පෙන්නුම් කෙරේ.

3D Tomb & Rawdah Of Prophet Mohammad 

2. නබි තුමාගේ සොහොන ඇති පෙදෙස

නබි තුමාගේ නිවසෙහි ආකෘතියක්

නබි මොහම්මද් (ﷺ ) තුමා ගේ මදීනා හි පිහිටි නිවස ඉතාම කුඩා එකකි. එය දිගින් සහ පළලින් අඩි පමණ විය, වහලයද උස අඩු එකකි. එතුමා (ﷺ ) සහ අයේෂා රළි තුමිය එහි වාසය කලහ. නබි තුමාගේ අභාවයෙන් පසු ඔහුගේ දේහය එම කුඩා කාමරයේම කොනක තැන්පත් කරණ ලදී. ඉන් පසුවද අයේෂා රළි තුමිය එහිම වසය කළහ. ඉන් පසු ඇගේ පියා වන අබු බකර් රළි තුමා ගේ අභාවයෙන් පසු ඔහුගේ දේහයද නබි තුමාගේ දේහය අසළින්ම තැන්පත් කළහ. ඉන් පසුවද ඇය එම කාමරයේම වාසය කළහ. ඉන් පසු ඔබර් රළි තුමා ගේ අභාවයෙන් පසු ඔහුගේ දේහයද එම කාමරයේම අබු බකර් රළි තුමා අසළින් තැන්පත් කළහ, ඔමර් රළි තුමා අයේෂා රළි තුමියගේ නෑදෑයෙකු නොවන නිසා (මහර්ම් නැති නිසා) ඉන් පසු එම සොහොන් පෙදෙස සහ අයේෂා රළි තුමියගේ සයනය සහිත කාමර කොටස අතර බිත්තියකින් වෙන් කෙරිණ. ඉන් ප්සු ඇය ඉතිරි කාලය පුරාම එම කුඩා නිවෙසෙහි තනිව ජීවත් විය.

උහද් කන්ද

ඉස්ලාමීය අනාගතවක්තෘ මුහම්මද් තුමා සහ ඔහුගේ කුරෙයිෂ් ගෝත්‍රයේ බහුදේවවාදීන් අතර දෙවන සටන සිදු වූ ස්ථානය මෙය විය. උහුද් සටන ක්‍රි.ව. 625 මාර්තු 19 වන දින මදීනාවේ කුඩා මුස්ලිම් හමුදාවක් සහ මක්කාව්න් පැමිණි හමුදාවක් අතර සිදු විය.

අවසානයේදී උහුද් සටන අබු සුෆියාන් යටතේ සිටි මක්කානුවන් විසින් ජයග්‍රහණය කරන ලද අතර, ඔහු මොහම්මද් (සල්) සහ ඔහුගේ කුඩා මුස්ලිම් හමුදාව පරාජය කළ අතර, අනාගතවක්තෘවරයාට පවා තුවාල සිදු කළේය. කෙසේ වෙතත්, එය සම්පූර්ණ ජයග්‍රහණයක් නොවීය, මන්ද මක්කානුවන් මදීනාව අල්ලා නොගත් අතර, මුස්ලිම්වරු තවත් දිනක් සටන් කර අවසානයේ යුද්ධයේ ජයග්‍රහණය ලබා ගත්හ.

සටන අවසන් වූයේ මුසාබ් බින් උමයිර් සහ හස්රත් හම්සා බින් අබ්දුල් මුත්තලිබ් ඇතුළු මුස්ලිම්වරුන් 70 දෙනෙකු පමණ දිවි පිදීමෙනි. ඇත්ත වශයෙන්ම උහුද් සටන එදා සහ අද මුස්ලිම්වරුන්ට පාඩමක් විය. අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට කීකරු වීමට අප මතක තබා ගත යුතුය, එවිට අපට නිසැකවම සාර්ථකත්වය ලැබෙනු ඇත.

කිබ්ලාතෙයින් මස්ජිද් (مسجد القبلتين) 

"කිබ්ලා දෙකේ පල්ලිය" එහි සිංහල පරිවර්තනයයි. 

 හිජිරි වසර දෙකේ රජබ් මස කුර්ආන් ආයත් 2:142-144 පහළ වීමත් සමග එතෙක් ජෙරුසලමේ මස්ජිද් අල්-අක්සා දිසාවට හැරී සලාතයන් කිරීම වෙනුවට එතැන් සිට මක්කාවේ කාබතුල්ලාහ්ව ඇති දිසාවට හැරී සලා කිරීම ආරම්භ කෙරින. එසේ කිබ්ලාවේ දිශාව වෙනස් කළ මොහොතේ නැමදුම් දිශාවන් දෙකක් හෙවත් කිබ්ලා දිසාවන් දෙකක් තිබුන නිසා එයට එම නම පටබැඳුනි . මස්ජිද් අල්-කිබ්ලාතෙයින් මුස්ලිම්වරුන්ට ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ එය වෙනස් වීමෙන් පසු පළමු සභා සලාහ් හෙවත් ජුම්මාහ් සලාත්යේ යාච්ඤාව කළ ස්ථානය වන බැවිනි.

මස්ජිද් අල් කුබා

මක්කාවේ සිට මදීනාව දක්වා මොහම්මද් (සල්) තුමාණන්ගේ විශේෂ ගමන මතකද? එය හිජ්රා ලෙස හඳුන්වන අතර එය ඉස්ලාමීය ඉතිහාසයේ අතිශයින් වැදගත් වේ. මෙම ගමන ඉස්ලාමීය දින දර්ශනයේ ආරම්භය සනිටුහන් කරයි! නබිතුමානන් විසින් මස්ජිද් කුබා ගොඩනගන්නේ මෙම ගමන අතර මගදීය.

මෙම ගමනේදී නබිතුමා කුබා මස්ජිදය ඉදි කළේය. එය මදීනාවට කිලෝමීටර් 3.5 ක් පමණ පෙර පිහිටා ඇත. එය මුහම්මද් නබිතුමාගේ ආගමික මෙහෙවර අතරතුර ඉදිකරන ලද පළමු මස්ජිදය වීම ද විශේෂත්වයකි.

මෙහි ඉටු කරන එක් සලාතයකට ලැබෙන විපාකය එක් උම්රා එකකට ලැබෙන විපාකයට සමාන බව නබිතුමාණන් පැවසූහ.

සබා මස්ජිද්

මදීනා කෞතුකාගාරය

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us