මලායිකාවරුන් ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්

අපට හිතාගැනීමට බැරි තරම් විශාල කටයුතු ප්‍රමාණයකට දායකත්වය දක්වමින් මලායිකාවරුන් හෙවත් දේව දුතවරුන් අප සම්බන්ධවත්, විශ්වය හා ඊට ඉහලින් දෙවියන්ගේ රාජධානිය දක්වාත් ඇති පරාසය තුල විවිධත්වයෙන් සහ ගණනින් අති විශාලව හිදිමින් තම දෙවියන් වෙනුවෙන් කටයුතු වල නියැලෙමින් සිටී. 

ඔවුන් අපගේ පියවි ඇසට නොපෙනුනත් දෙවියන් ඔවුන් පිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් අපට දැනුවත් කර තිබේ. පහතින් දැක්වෙන්නේ එවන් තොරතුරු වල එකතුවකි.

  • පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය සම්බන්ධව 
  • මිනිසාගේ ආරක්ෂාව සම්බන්ධව
  • සටහන් තබා ගැනීම සම්බන්ධව
  • මිනිසාගේ මරණය සම්බන්ධව
  • විනිශ්චය දින සම්බන්ධව
  • නිරය සම්බන්ධව
  • ස්වර්ගය සම්බන්ධව
  • ධර්මය සහ නබිවරයන් සම්බන්ධව
  • ජිබ්රීල් දේවදූතවරයා සහ අවසන් නබිතුමා සම්බන්ධව

මලායිකාවරුන්ව හඳුන්වා දීමක් මෙම සබැඳියෙහි ඇත. Link:-  දෙවියන්ගේ නිර්මාණ: මලායිකාවරුන් (සුරදූතයන්) 

මීට අමතරව සොබාදහම සම්බන්ධයෙන් මලායිකාවරු දායක වන ආකාරයද ලිපිය අවසානයේ ඇති සබැදි  (Link) වලින් සොයා ගත හැක.

අහස් හිද, භූමියෙහිද ඇති අනිත් ජීවීන්ද අල්ලාහ්ට හිස නවා නමදින්නාහ. මලායිකාවරුන්ද එසේමය; (16:49)


අහස්ද, භූමියද, උත්පාදනය කර, දෙකක්, තුනක්, හතරක් අත් තටු වලින් යුත් මලායිකාවරුන්ව (තමන්ගේ) දූත මෙහෙවර ගෙන යන්නන් වශයෙන්ද පත් කල අල්ලාහ්ටම සියලු ප්‍රසන්සා. ඔහු කැමති දැය (තම) නිර්මාණයෙන් (පසුද) වැඩි කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්යෙකි. (35:1)


"නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැතැ"යි මලායිකාවරු සාක්ෂි දරන්නේය; (3:118)


මලායිකාවරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද අල්ලාහ් (තමන්ගේ) දූතයන්ව තෝරා ගන්නේය; (22:75)


විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ මෙම දූතයා වෙත පහළ කළ ධර්මයද, මෙයට පෙර තිබූ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද ප්‍රතික්ශේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය (4:136)


තවද මලායිකාවරුන්වද, නබිවරුන්වද දෙවිවරු වශයෙන් ඇරගනු" යයිද ඔහු ඔබට අණ කරන්නේ නැත; (3:80)


(මලායිකාවරුන්ව නමදිමින් සිටි) ඔවුන් සියල්ලන්වම ඒකරාශී කරන දිනදී, මලායිකාවරුන්ට "මොවුන් ඔබව නමදිමින් සිටි අය" යයි විමසනු ලැබේ. (34:40) එයට ඔවුන් "(අපගේ දෙවියනේ!) ඔබ ඉතාමත් පාරිශුද්ධවන්තයෙකි. ඔබමය අපගේ දෙවියන්. ඔවුන් නොව. (මොවුන් අපව) නොව, ජින්වරුන්වම නමදිමින් සිටියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ව (එම ජින්වරුන්වම) විශ්වාස කරමින්ද සිටියහ" යයි පවසන්නාහ. (34:41)


(ඔබගෙන්) කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරුන්ටද, ඔහුගේ මලායිකාවරුන්ටද, ජිබ්රීල්ටද, මීකායිල්ටද සතුරෙකු වශයෙන් සිටිමින් (ඔවුන්ව ප්‍රතික්ෂේප කර) හැරියොත්, එම ප්‍රතික්ෂේප කරන්නන්ට නියත වශයෙන්ම අල්ලාහ්ද සතුරෙකු වශයෙන්ම සිටිනු ඇත. (2:98)


"(ඔබගෙන්) කවුරුන් ජිබ්රීල්ට සතුරෙකුද?"යි (නබියේ! ඔබ යුදෙව්වන්ගෙන්) විමසනු. නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයන් අනුවම ඔබගේ සිත්හි මෙය දැඩි ලෙස තැබුවේය. (මෙය) තමන්ට පෙර ඇති ධර්මයන් සත්‍යය කරන්නක් වශයෙන්ද, සෘජු මාර්ගය දැණුම් දෙන්නක් වශයෙන්ද, විශ්වාසවන්තයින්ට ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය. (2:97)

පළමු මිනිසා (ආදම්)ව නිර්මාණය සම්බන්ධව

(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට "මා භූමියෙහි (මගේ) නියෝජිතයා (ආදම්)ව නිර්මාණය කිරීමට යන්නෙමි" යැයි පැවසූ අවස්ථාවේදී, (එයට) ඔවුන් "(භූමියෙහි) නපුරුකම් කරමින් ලේ වගුරුවන්නට (පරම්පරාවක් බිහි කිරීමට) යන ඔහුව, එහි (ඔබගේ නියෝජිතයා වශයෙන්) පත් කරන්නෙහිද" අපි නම්, ඔබගේ පාරිශුද්ධභාවය පවසමින්, ඔබගේ ප්‍රශන්සාව මගින් ඔබව සුවිශුද්ධ කරමින්ම සිටින්නෙමු" යයි පැවසූහ. (එයට දෙවියන් වහන්සේ) "ඔබ නොදැනුවත් දැය සියල්ල නියත වශයෙන්ම මා හොඳින් දැන සිටින්නෙමි" යයි පැවසුවේය. (2:30)


පසුව (ආදම්ව උත්පාදනය කර). ආදම්ට (භූමියෙහි ඇති) සියළුම (වස්තූන්ගේ) නම්ද (ඒවායේ ගුණාංගයන්ද) උගන්වා දී පසුව ඒවා (එම) මලායිකාවරුන්ගේ ඉදිරියේ තබා, ඔබ සත්‍යයවන්තයින් නම්, මේවායේ නාමයන් ඔබ මා හට දැනුම් දෙනු යැයි පැවසුවේය. (2:31)


(එසේ දැනුම් දීමට නොහැකිව) ඔවුන් (දෙවියන් වහන්සේට) "ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබ අපට දැනුම් දුන් දැය හැරෙන්නට (වෙන කිසිවක්) අපි දන්නේ නැත. නියත වශයෙන්ම ඔබම හොඳින් දන්නෙකුද ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නෙහිය යයි පැවසීය. (2:32)


පසුව අපි මලායිකාවරුන්ට "ආදම්ට ඔබ හිස බිම තබා නැවී සුජීද් (ගෞරව) කරනු" යැයි පැවසූ විට, ඔවුන් (සියල්ල) සුජීද් කලහ. ඉබිලීස් හැර. ඔහු නම්, උඩුගු කමින් ඈත් වී (අපගේ අණ නොතකා) ප්‍රතික්ෂේප කර හැරියේය. (2:34)


ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට "මා මිනිසාව කිරිමැටියෙන් නිර්මාණය කරන්නට යන්නෙමි" යයි පැවසූ අවස්ථාවේදී. මා ඔහුව නිර්මාණය කර, ඔහු තුලට (මා උත්පාදනය කළ) මාගේ පණද ඇතුළු කළ හොත්, ඔබ ඔහුට සුජූද් (හිස බිම තබා ගෞරව) කරනු" යයිද පැවසුවේය. ඒ අවස්ථාවේදී මලායිකාවරුන් සියල්ල සුජූද් කළහ. ඉබිලීස් හැර. ඔහු උඩුඟු වී (අපගේ නියෝගය) ප්‍රතික්ශේප කරන්නන්ගෙන් කෙනෙකු බවට පත් විය. 38:71-74)


(එහි පළතුරු ආහාරයට ගතහොත්) ඔබ දෙදෙනා මලායිකාවරුන් වශයෙන් හෝ නැතහොත් මරණයක් නොමැත්තන් වශයෙන් හෝ බවට පත්වන්නෙහුය යන්න මිස, (වෙන කිසිවක් සඳහා හෝ) ඔබගේ දෙවියන් මෙම ගස ඔබට වැළැක්වූයේ නැත" (යැයි ඉබිලීස් ආදම් [අ.ස]ට සහ හව්වා [අ.ස]ට පැවසූහ); (7:20)

මිනිසාගේ ආරක්ෂාව සම්බන්ධව

ඔහුට (එක් එක් පුද්ගලයාට), ඔහුට පෙර සහ පසුපස අනුප්‍රාප්තිකව දේවදූතයන් ඇත. අල්ලාහ්ගේ අණ පරිදි ඔවුහු ඔහුව ආරක්ෂා කරති. (13:10-11)


"ඔහු තම වහලුන්ව යටහත් පහත් කර පාලනය කරන්නේය. තවද ඔබට ආරක්ෂකයින්වද ඇති කරන්නේය. ඔවුන් ඔබගෙන් සෑම කෙනෙකුවම මරණයට පත් කිරීමේ කාලය ළඟා වනතුරු ආරක්ශා කර, පසුව ඔහුව අපගේ දේවදූතයින් මරණයට පත් කරන්නාහ. ඔවුන් (නියමිත කාලයට පෙර හෝ පසුව හෝ පන අත්පත් කර) කිසිම වැරැද්දක් කරන්නේ නැත. (6:61)

සටහන් තබා ගැනීම සම්බන්ධව

පුද්ගලයන්ගේ හොඳ සහ නරක ක්‍රියා ලියා තබන දේවදූතයන් (3:30



ඔවුන් ගෞරවනීය මලායිකාවරුන් දෙදෙනෙකි.(කිරාමන් කාතිබීන්). ඔබ කරන සෑම දෙයක්ම ඔවුන් නිවැරදිව දැන (ලියා) ගන්නාහ". (82:10-12)


"සැබවින්ම අපි මිනිසා මැව්වෙමු, ඔහුගේම ආත්මය ඔහුට පවසන දේ අපි දනිමු. තවද (අපගේ දැනුමෙන්) ඔහුගේ බෙල්ල නහරයට වඩා අපි ඔහුට සමීප වෙමු. ඔහු (හෝ ඇය) වචනයක්වත් නොකියයි, නමුත් ඔහු අසල මුරකරුවෙක් (එය පටිගත කිරීමට) සූදානම්ව සිටී. (50:16-18)


මිනිසාගේ මරණය සම්බන්ධව

(තවද) ඔවුන් (තමන්ගේ ධර්මයෙහි ඇති සත්‍යය සඟවා) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරමින්ම මරණයටද පත් වන්නෝද, ඔවුන් කෙරෙහි අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලගේ ශාපය නියත වශයෙන්ම අත් වන්නේය. (2:161)


එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු; "ඔබ කෙරෙහි ඔබගේ දෙවියන් පවරනු ලැබ ඇති මලක්කල් මව්ත් (නැමති මලායිකාවරයා) ඔබගේ පණ අත්පත් කරගන්නෙහිය. පසුව (නැවතත් පණ දෙනු ලැබ), ඔබගේ දෙවියන් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය." (32:11)


-මෙම අපරාධකාරයින් මරණ මංචකයේ සිටින අවස්ථාවේදී ඔබ ඔවුන්ව දකින්නේ නම්, මලායිකාවරුන් තමන්ගේ අත් දිගු කර (ඔවුන්ට) "ඔබගේ පණ ලබා දෙනු, අද දින අවමන් ගෙන දෙන දඬුවමම ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබනු ඇත. ඔබ සත්‍යය නොවන දැය අල්ලාහ් කෙරෙහි (බොරු ගොතා) කියා ඔහුගේ ආයාවන්ද උඬුඟුකම මගින් ඔබ ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතු වේ" (යයි පවසනු ඔබ දකින්නේය); (6:93)


තමන්ට තමන්ම අපරාධ කරගෙන සිටින මොවුන්ගේ පණ මලායිකාවරුන් අත් පත් කර ගන්නා විට, ඔවුන් "අපි කිසිම වැරැද්දක් කලේ නැත" යයි (කියමින් තමන්ව වේදනා ගෙන නොදෙනු යයි මලායිකාවරුන් වෙත) සමාදානය ඉල්ලා සිටින්නාහ. (එයට මලායිකාවරුන්) "නොඑසේය! නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරමින් සිටි දැය හොඳින් දැනගෙනම සිටියේය" යයි පිළිතුරු දෙන්නේය). (16:28)


යහපත් අයගේ පණ, මලායිකාවරුන් ඔවුන් පාරිශුද්ධවන්තයින් වශයෙන් සිටියදී අත්පත් කර ගන්නාහ. (ඒ අවස්ථාවේ ඔවුන්ට) "සලාමුන් අලෙයිකුම්" (ඔබට සාමය හා සමාදානය අත්වේවා!). ඔබ කරමින් සිටි (දැහැමි ක්‍රියාවන්ගේ) හේතුවෙන් ස්වර්ගයට යනු" යයි පවසන්නාහ. (16:32)

විනිශ්චය දින සම්බන්ධව

(නබියේ! එදිනදී) මලායිකාවරුන් තමන්ගේ දෙවියන්ට ප්‍රශංසා කර සිවිශුද්ධ කරමින්, අර්ෂ් වටා වට කරගෙන සිටිනු ඔබ දකින්නෙහිය; (39:75)


(ඒ වෙනුවෙන්) සූර් (නැමති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී ඔබ සමූහ සමූහ වශයෙන් පැමිනෙණු ඇත. (78:18)


අහස් වලාකුළෙන් වෙන්වන දිනදී මලායිකාවරුන් සමූහ සමූහ වශයෙන් බසිනු ඇත. (25:25)


(පරලොවදී ඇති වන) ඉමහත් තිගැස්සීමද ඔවුන්ව දුකට පත් කරන්නේ නැත. (ඒ අතර) මලායිකාවරුන් ඔවුන්ව සාදරයෙන් පිළිගෙන "ඔබට පොරොන්දු දෙන ලද (හොඳ) දියන මෙයයි" යයි ශුභාරංචි පවසන්නාහ. (21:103)


ප්‍රතික්ශේප කරන්නන් (එදිනදී දෙවියන්ට) "අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්වූ මිනිසුන්වද, ජින්වරුන්වද අපට ඔබ පෙන්වනු. ඔවුන්ව අවමානයට ලක් කිරීම පිණිස, අපි ඔවුන්ව අපගේ කකුල් වලට යටින් තබා පාගා දමන්නෙමු" යයි පවසනු ඇත. (42:29) (එහෙත්) නියත වශයෙන්ම කවුරුන් "අපගේ දෙවියන් අල්ලාහ්ය" යයි පවසා (ඒ මත) ස්ථිරව සිටියෙහුද, ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණ (ඔවුන්ට) "ඔබ (කිසි දැයකට) බිය නොවනු. ඔබට පොරොන්දු දෙන ලද ස්වර්ගය මගින් ස තුටු වනු". (41:30)


(නබියේ!) මලායිකාවරුන් එහි පැති වල සිටින්නාහ. තවද එදිනදී ඔබගේ දෙවියන්ගේ අර්ෂ්, මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහලින් ඔසවාගෙන සිටිනු ඇත. (69:17)


(එය හමුවන) වසර පණස් දහසකට සමාන එක් දිනකදී මලායීකාවර්න්ද, (ජිබ්රීල් වන පාරිශුද්ධ වූ) ආත්මයද ඔහු වෙත නැග ගන්නාහ. (70:4)


(ජිබ්රීල් නැමැති පාරිශුද්ධ) ආත්මයද, මලායිකාවරුන්ද, කණ්ඩායම් කන්ඩායම් වශයෙන් සිටින එදිනදී කිසිවෙකුත් ඔහු ඉදිරියේ කතාද නොකරන්නාහ. එහෙත් කවුරුන් රහ්මාන්ගේ අනුමැතිය ලබා ගත් අතර සත්‍යය (පමණක්) කියන්නේද, ඔහු හැර. (78:38) ඔබගේ දෙවියන්ද පැමිණෙනු ඇත; (89:22)


මලායිකාවරුන්ද සාක්ෂි දරන්නේය. තවද, සාක්ෂි දැරීමට අල්ලාහ්ම ප්‍රමාණවත් වන්නේය. (4:166)

නිරය සම්බන්ධව

විශ්වාසවන්තයිනී! ඔබ, ඔබවද, ඔබගේ පවුලේ උදවියද, මිනිසුන්ද, ගල්ද ඉන්ධන බවට පත් කළ හැකි නිරා ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි දැඩි හැකියාවන්ගෙන් පිරි ශක්ති සම්පන්නයන් වන මලායිකාවරුන්ව පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට නියෝග කර ඇති දැයෙන් (පොඩියක් හෝ) වෙනසක් නොකරනු ලබන්නාහ. ඔවුන්ට (දඬුවම් කරන මෙන්) තමන්ට දෙනු ලැබූ නියෝගයන්ම ඉටු කරමින් සිටින්නාහ. (66:6)


කවුරුන් (තමන්ගේ ධර්ම නියමයන් නිසියාකාරව ඉටු කළ නොහැකි සේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ රටෙහි සිටිමින්) තමන්ට තමන්ම අපරාධ කරගන්නෝද, ඔවුන්ගේ පණ මලායිකාවරුන් අත් පත් කරගන්නා අවස්ථාවේදී, (ඔවුන්ගෙන්) "ධර්ම නියමයන් ඉටු කළ නොහැකි රටෙහි ඔබ කෙසේ නම් ජීවත් වුවෙහුද?" යි විමසන්නාහ. (එයට) ඔවුන්, "එම භූමියෙහි අපි බෙලහීනයන් වශයෙන්ම සිටියෙමු" යයි පිළිතුරු දෙන්නාහ. (එයට මලායිකාවරුන්) "අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලත්ව ඇත්තේ නොවෙද? ඔබ (සිටි) එය (එම ස්ථානය) අත්හැර දමා පිටමං වී යායුතු නොවේද? යි විමසන්නාහ. මෙවැන්නන් රැදෙන ස්ථානය නිරයයි. යන ස්ථානයන්ගෙන් එය ඉතාමත් නරකය. (4:97)


(නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්වම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහ නව දෙනෙකු) වශයෙන් අපි ඇති කළෙමු. ධර්මය හිමි අය, (මෙය) ස්ථිර වශයෙන් විශ්වාස කළ යුතුය. මෙය විශ්වාසය තැබුවන්ගේ විශ්වාසය වැඩි කරනු ඇත; (74:31)


මලායිකාවරුන් ප්‍රතික්ෂේප කරන්නන්ව අත්පත් කරගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ මුහුණුවලටද, පිට කොඳු වලටද, පහර දී (නිරයට දක්කාගෙන ගොස්) "දවාලන (නිරා) දඬුවම (පොඩියක්) විඳ බලනු" යැයි පැවසීම ඔබ බැලිය යුතු නොවේද? (8:50)


එහි ඔවුන් ඉමහත් ශබ්ද නගා "අපගේ දෙවියනේ! (මෙයින්) අපව පිටමං කරනු මැන. අපි කරමින් තිබූ (නපුරු) දෙය නොවන දැහැමි දැයම (මින් පසු) කරන්නෙමු" යයි පවසන්නාහ. (එයට දෙවියන් ඔවුන්ට) 'හොඳ වැටහීමක් ලබා ගත හැකි අය, හොඳ වැටහීමක් ලබා ගන්නට ප්‍රමාණවත් දීර්ඝ කාලයක් දක්වා අපි ඔබව එහි (පණ පිටින්) අත්හැර දමා තිබුනේ නැද්ද? තවද, (මෙම ධර්මය ගැන) ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නිතැතින්ම ඔබ වෙත පැමිණියේය. (ඔහුව ඔබම ප්‍රතික්ෂේප කර හැරියෙහුය). එබැවින් (නිරයේ දඬුවම) විඳිමින් සිටිනු. (ඔබ වැනි) අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත" (යයි පවසනු ඇත). (35:37)


(මෙසේ තිබියදී ඔවුන් නිරයේ අධිපතිට) "ඕ මාලික්! ඔබගේ දෙවියන් අපගේ කාරණාව අවසන් කර දමත්වා! (මරණය මගින් හෝ අපට නිදහස ලැබුනාදෙන්!) යයි ශබ්ද නගන්නාහ. එයට ඔහු "(නොහැක)", නියත වශයෙන්ම ඔබ (මේ තත්වයටම දඬුවම් විඳිමින්ම නොමැරී) ස්ථිරව සිටිය යුතුය" යයි පවසනු ඇත. (43:77)

ස්වර්ගය සම්බන්ධව

අපි මෙලොව ජීවිතයේදී ඔබට උදව්කරුවන් වශයෙන් සිටියෙමු. පරලොවදීද (ඔබට උදව්කරුවන්ය). ස්වර්ගයෙහි ඔබගේ මනස කැමති වන ඕනෑම දෙයක් ඔබට ලැබෙණු ඇත". '(පාපයන්ට) සමාව දී කරුණාව දක්වන්නා වෙතින් සංග්‍රහයක් වශයෙන් ලැබෙණු ඇත" යයි (මලායිකාවරුන්) පවසනු ඇත. (41:32)


ස්ථීර වූ ස්වර්ගයන්හී මොවුන්ද, හොඳ ගති පැවතුම් ඇති මොවුන්ගේ පියවරුන්ද, මොවුන්ගේ වල්ලභයන්ද, මොවුන්ගේ පරම්පරාවේ දරුවන්ද ඇතුළුවනු ඇත. සෑම දොරටුවකින්ම මලායිකාවරුන් මොවුන් වෙත පැමිණ-(13:23) (මොවුන්ට) "ඔබ (ඔබගේ ජීවිත කාලයෙහි අමාරුකම්) විඳදරාගත් හේතුවෙන් ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා! (ඔබගේ මෙම) අවසන් නිවස ඉතාමත් හොඳ එකක් බවට පත් විය" යයි පවසනු ඇත. (13:24)

ධර්මය සහ නබිවරයන් සම්බන්ධව


මසීහ් (ඊසා) ද, ශ්‍රේෂ්ඨත්වයෙන් පිරි මලායිකාවරුන්ද අල්ලාහ්ට වහලුන් වශයෙන් සිටීම ගැන මදිපාඩුවක් වශයෙන් ගණන් ගනු ලබන්නේ නැත. කවුරුන් ගව්රීතව අල්ලාහ්ට වහලුන් වශයෙන් සිටීම මදිපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන් සියල්ලන්වම (විනිශ්චය දිනදී) ඔහු තමන් වෙතම ගෙන ඒමට සලස්වන්නේය! (4:172)


තවද ('මොහු සත්‍යය දූතයෙකි' යයි සාක්ෂි දරන්නට) 'එක් මලායිකාවරයෙකු යැවිය යුතු නොවේද? යි ඔවුන් පැවසූහ. (ඔවුන් කැමති වන අන්දමට) අපි එක් මලායිකාවරයෙකු යවා තිබුනේ නම්, (ඔවුන්ගේ) කාරණාව අවසන් වී තිබෙන්නට ඉඩ තිබුණි! පසුව (එහි) ඔවුන්ට කිසිම කාල අවකාශයක්ද නොලැබෙන්නට ඉඩ තිබුණි. එවලේම විනාශ වී යන්නට ඉඩ තිබුණි). (6:8)


(පරලොවදී) අපව හමුවීම කවුරුන් විශ්වාස නොකළෝද), ඔවුන් "අප කෙරෙහි (නබිවරයෙකු ලෙස කෙලින්ම) මලායිකාවරයෙකු පහළ කල යුතු නොවේද? නැතහොත් (අපගේ ඇස් වලින්) අපි අපගේ දෙවියන්ව බැලිය යුතු නොවෙද? යි පවසන්නාහ. මොවුන් තමන්ව ඉතාමත් විශාලවත්ව අදහස් කර ගනිමින් සීමාව ඉක්මවා (යන්න) ගියහ. (25:21)


(නැතහොත් අපගේ) දූතයාව මලායිකාවරයෙකු වශයෙන්ම යැව්වා වුවද, (ඔවුන්ට ඔවුන්ව දකින්නට ශක්තියක් නොමැති බැවින්) ඔහුවත් එක් මිනිසෙකුගේ හැඩරුවෙන්ම යවන්නෙමු. (ඒ අවස්ථාවේදීද) දැන් ඇති සැකයම ඔවුන්ට අපි ඇති කළ අයෙකුම වන්නෙමු). (6:9)


(එයට 17.94) නබියේ! ඔබ මෙසේ පවසනු. "භූමියෙහි මලායිකාවරුන්ම වාසය කර, (එහි) ඔවුන් සමාදානයෙන් සැරිසරමින් සිටියේ නම්, අපිත් අහසින් එක් මලායිකාවරයෙක්ම (අපගේ දූතයා වශයෙන් ඔවුන් වෙත යවා ඇත්තෙමු. (එහෙත් ඔවුන් මිනිසුන් වශයෙන් සිටින බැවින් එක් මිනිසෙකුම ඔවුනට දූතයා වශයෙන් යැව්වෙමු)" (17:95)


ඔහු මලායිකාවරුන්ට වහී ලබා දී තම වහලුන්ගෙන් තමන් කැමති වන්නන් වෙත "නැමදුමට සුදුස්සා මා හැර වෙන කිසිවෙකුත් නැත, ඔබ මටම බිය වනු යයිම අනතුරු අඟවනු" යයි ඔවුන්ට නියෝග කර යැව්වේය. (16:32)


නියත වශයෙන්ම අල්ලාහ්ද, ඔහුගේ මලායිකාවරුන්ද, නබි කෙරෙහි සලවාත් පවසන්නාහ. (එබැවින්) විශ්වාසවන්තයිනී! ඔබත් ඔහු කෙරෙහි සලවාත් පවසා සලාම්ද පවසමින් සිටිනු. (33:56)


ඔහුගේ මලායිකාවරුන්ද ඔබ (විශ්වාසවන්ත යහපත් අය) වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේය; (33:43)


(මිනිසුන් කරන පාපයන්හී හේතුවෙන්) ඉහළ ඇති අහස පුපුරා ඇද වැටෙන්නටද ඉඩ ඇත. (නමුත්) මලායිකාවරුන් (බිය වී) තමන්ගේ දෙවියන්ව ප්‍රසංසා කර, සුවිශුද්ධ කර, භූමියෙහි සිටින්නන්ගේ (වැරදි වලට) සමාව දෙන මෙන් අයදිමින් සිටින්නාහ; (42:5)


අහස් හී කොපමනදෝ (විශාල වශයෙන්) මලායිකාවරුන් සිටින්නාහ; (53:26)


නියත වශයෙන්ම කවුරුන් පරලොව ගැන විශ්වාස නොකළෝද, ඔවුන් මලායිකාවරුන්ට ගැහැනුන්ගේ නම් තබන්නාහ. (53:27)

ජිබ්රීල් දේවදූතවරයා සහ අවසන් නබිතුමා සම්බන්ධව

(දිස්වී) සැඟවෙන තාරකාවන් මත සත්තකින්ම! (අපගේ දූතයා වන) ඔබ මිතුරා, මාර්ගය වැරද ගියේ නැත. ඔහු තම කැමැත්තට අනුව (කිසිවක්) පවසන්නේ නැත.

මෙය ඔහුට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයක් මිස වෙන කිසිවක් නොවේ; (53:1,2,3,4) 

(ජිබ්රීල් නැමති) තේජවන්තයාම මෙය ඔහුට උගන්වා දෙන්නේය. ඔහු ඉතාමත් (ආත්ම) ශක්තියෙන් යුත්තෙකි. (තම ස්වභාවික හැඩරුවෙන් අපගේ නබි ඉදිරියේ දිස් වූවේය. ඔහු උස් වූ (අහසේ) ක්ෂිතිජයෙන් බැස- සමීප වී, පසුව අසළට පැමිණියේය. (නැවත) දුන්නේ දෙකෙළවර මෙන් හෝ ඊටත් වඩා සමීපයෙන් ඔහු ළං වූවේය. (53:5,6,7,8,9) 

අල්ලාහ් ඔහුට දැනුම් දුන් සියල්ල ඔහු, ඔහුගේ (නබිවරයා වන) වහලාට වහී මගින් දැනුම් දුන්නේය. (නබිගේ) හෘදය, තමන් දුටු දැය ගැන බොරු කීවේ නැත. (53:10,11) 

නියත වශයෙන්ම ඔහු තවත් වරක්ද (ජිබ්රීල් වන ඔහු මිහ්රාජ්) පහළ වනු දැක ඇත. සිද්රතුල් මුන්තහා නැමති ගසේ සීමාවෙහි- එහි සමීපයෙහිම (හොද වහලුන්) රැඳෙන ස්වර්ගය ඇත්තේය. එම ගස වටකර ගත යුතු දැය එය (සම්පූර්ණයෙන්ම) වට කර ගත්තේය. එය්න් ඔහුගේ) බැල්ම ඈත් වූයේද නැත. පසු කළේද නැත. ඔහු තම දෙවියන්ගේ අති විශාල ප්‍රාතිහාර්‍යන් ඇත්තෙන්ම දුටුවේය. (53:12-18)

by sjw

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us