මැවුම්වාදය පිලිගනන්වාද? නැතහොත් භෞතිකවාදය පිළිගන්නවාද?
Would you accept creationism? Or do you accept materialism?)
May 21, 2018
විශ්වය දෙවියන්ගේ මැවීමක් බව මැවුම්වාදීහු කියති. විශ්වය ඉබේ ඇතිවූ බව භෞතිකවාදීහු කියති. මේ දෙකෙන් කුමක් හරිදැයි අපි විමසා බලමු.
විද්‍යාඥයින් දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයට ආරම්භයක් ඇත. එසේ නම් එය ආරම්හ වීමට ක්‍රමයක්ද තිබිය යුතුය. මේ සඳහා මැවුම්වාදීහු පවසන්නේ දෙවියන් එය මැවූ බවයි. භෞතිකවාදීන් පවසන්නේ එය ඉබේ ඇතිවූ බවයි. කෙසේ වෙතත් විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන්නේ එය යම්කිසි ඥානාන්විත දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි.
මැවුම් වාදීන් ඉදිරිපත් කරන වාදය සත්‍යය එකක් බව පෙන්වීම සඳහා නබිවරුන් විසින් ප්‍රාතිහාරයන් පා ඇත. එවැනි ප්‍රාතිහාරයන් නබිවරුන්ටම මිස වෙන කිසිවෙකුට කළ නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් පවසන දේ සත්‍යය බවයි. එම ප්‍රාතිහාරයන් පිටුපස දෙවියන්ගේ හස්තය ක්‍රියාත්මක වන්නේයැයි ඔවුන් පවසති. මේ අනුව ජේසු තුමාගේ ඉපදීමම ප්‍රාතිහාරයකි. ඔහු තොටිල්ලෙදි කතාකොට ඇත. මළවුන් නැගිටුවා ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. එසේම ජේසු තුමාට පෙර පැමිණි නබිවරුන්ද ප්‍රාතිහාරයන් පා තිබේ. ජේසු තුමාට පසුව පැමිණි මුහම්මද් නබිතුමාද ප්‍රාතිහාරයන් පා ඇත. මුහම්මද් නබිතුමාට ලැබී ඇති අල් කුරානය අදටත් ප්‍රාතිහාරයකි. එහි ඇති අභියෝගයන් කිසිවක් මෙතෙක් කිසිවෙකු විසින් ජය ගෙන නොමැත.
අනෙක් අතට භෞතිකවාදීන් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් මත පමණක් ඉදිරිපත් කරති. කාලයෙන් කාලයට ඒවා වෙනස් කරති. මහා පිපිරුමකින් විශ්වය බිහිවූ බව එක්තරා කලකදී ඔවුන් විසින් පැවසුහ. දැන් පවසන්නේ විශ්වය ඉබේ බිහිවූ බවයි. අනාගතයේ දී වෙනත් මතයක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙම කිසිම මතයක් ඔප්පු කිරීමට හැකි ඒවා නොවේ.
සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වූ ස්ටෙෆාන් හෝකින් මහතා විශ්වය දෙවියන්ගේ මැවීමක් බව ඔහුගේ එක් කෘතියකින් ප්‍රකාශ කොට තිබුනේය. එම විද්‍යාඥයා දැන් පවසන්නේ විශ්වය ඉබේ ඇතිවූ එකක් බවයි!!! එහෙත් මෙම මතය බොහෝ විද්‍යාඥයින් විසින් පිළිගන්නේ නැත.
ඉහත කරුණු අනුව විශ්වයෙන් ඔබ්බට සිටින දෙවිකෙනෙකු ගැන මිනිසාට සිතිය යුතු වන්නේය. ඔහු විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා තිබිය යුතුය. ඔහු විශ්වය තුල නොමැති බැවින් ඔහු ගැන දැනගැනීමට ඇති එකම ක්‍රමය ඔහු විසින් එවන ලද පණිවිඩයක් හැදෑරීම ය. එහෙත් භෞතිකවාදීන් පවසන්නේ ඔවුන්ගේ අදහස් පමණි.
මැවුම්වාදය පිළිගැනීමෙන් මිනිසාට ජීවිතය ජය ගත හැකි ය. එහෙත් භෞතිකවාදීන්ට මරණයෙන් පසු ජිවිතය ගැන පැවසීමට නොහැකිය. මැවුම්වාදීන් පවසන දේ පිළිගැනීමෙන් මෙලොව ජීවිතය පමණක් නොව මරණයෙන් පසු ජීවිතයත් ජය ගැනීමට හැකිය. එහෙත් භෞතික වාදීන් පවසන දේ පිළිගැනීමෙන් මරණයෙන් පසු ජීවිතයේදී විශාල පාඩුවක්ම සිදු විය හැකිය.
By Fasy Ajward.
B.Sc (Special) Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twiter:- thetrue_path
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us