
මිනිසා විශ්වාස කළ යුතු කරුණු හයක්!
පහත දැක්වෙන්නේ මුස්ලිම්වරුන් විශ්වාස කරන කාරණා හයකි. නමුත් එය මුස්ලිම්වරුන්ට සීමාවූවක් නොව, මුලු මහත් මනුෂ්‍ය සංහතිය තුලම තිබිය යුතු ගුණාංගයක් විය යුතුයි. එයට හේතුව නම් මෙම කරුණු හය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ යුතු බව අපට දන්වා තිබෙන්නේ මිනිසුන් සියල්ලගේම නිර්මාතෘ වන දෙවියන් විසිනි.
- දෙවියන්ගේ ඒකීයභාවය පිළිබඳ විශ්වාසය
- දෙවියන්ගේ දූතයන් කෙරෙහි විශ්වාසය
- දෙවියන්ගේ පොත් කෙරෙහි විශ්වාසය
- අනාගතවක්තෘවරුන් (දෙවියන්ගේ දූතයන්) කෙරෙහි විශ්වාසය
- විනිශ්චය දවස විශ්වාස කිරීම
- දිව්‍ය ආඥාව කෙරෙහි විශ්වාසය (Qadr & Qadr)
1). දෙවියන්ගේ ඒකීයභාවය පිළිබඳ විශ්වාසය:
දෙවියන් වහන්සේ සදාකල් පවතින සර්වබලධාරියෙකි. ඔහුට සුවිශේෂී ගුණාංග රාශියක් ඇති අතර ඔහුට සමාන කිසිවෙකුත් නැත. මිනිසුන් ඇතුළු සියල්ලෙහිම නිර්මාතෘ ඔහුය.
2). දෙවියන්ගේ දූතයන් කෙරෙහි විශ්වාසය:
දෙවියන් වහන්සේට නමස්කාර කරන සහ විශ්වය පුරා දෙවියන්ගේ නියෝග ක්‍රියාත්මක කරන අදෘශ්‍යමාන ජීවීන් ක්ණඩායමක් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කර ඇත. ඔවුන්ව මලායිකාවරුන් ලෙස හදුන්වයි.
3). දෙවියන්ගේ පොත් කෙරෙහි විශ්වාසය:
දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් නිර්මාණය කර ඔවුන්ට ජීවත් වීමට පෘතුවිය තුප පහසුකම් සලසා ජීවත් විය යුත්තේ කෙසේද යන්න දිව්‍යය හෙළිදරව් මගින් දන්වා තිබේ. ඒවා මිනිසුන් අතරින් ට්ගෝරාගත් නබි වරුන්ට විවිධ අවස්ථාවල පහළ කර තිබේ. ඉන් කිහිපයක් මෙසේය. අල් කුර්ආනය (මුහම්මද් තුමාට දෙන ලඩ්ග්හී), තව්රාත් (මෝසෙස්ට දෙන ලදී), ශුභාරංචිය (ජේසුස් වහන්සේට දෙන ලදී), ගීතාවලිය (දාවිත්ට දෙන ලදී) සහ ලියවිලි (ආබ්‍රහම්ට දෙන ලදි) මෙම දිව්‍ය වදන් හෙවත් ධර්ම පුස්තක වලින් අවසානයල පහල කළ කුරානය පහළ වූ ආකාරයටම ආරක්ෂා වී ඇත.
4). අනාගතවක්තෘවරුන් (දෙවියන්ගේ දූතයන්) කෙරෙහි විශ්වාසය:
පළමු අනාගතවක්තෘවරයා ලෙස සැලකෙන (පළමු මිනිසා වන) ආදම්ගෙන් ආරම්භ වී ඉතිහාසය පුරාවටම, අනාගතවක්තෘවරුන් හරහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම මානව වර්ගයාට හෙළිදරව් කර ඇත. නූහු, ඉබ්රාහිම්, මූසා, ඊසා (හෙවත් ජේසුස්) ඇතුළු මෙම අනාගතවක්තෘවරුන් 25 දෙනෙකු ගැන කුරානය තුල නම්වලින් සඳහන් කර ඇත. මුහම්මද් තුමා මෙම අනාගතවක්තෘවරුන් අතරින් අවසාන වක්තෘවරයාය.
5). විනිශ්චය දවස විශ්වාස කිරීම:
දෙවියන් අපට දැනුම් දී ඇති ආකාරයට සියළුම මිනිසුන්ගේ මරණින් පසු නැවත පණ ලබා දී එක්තරා දිනකදී එක් ස්ථානයකට කැඳවා ඔවුන් මෙලොව තුල ජීවත්ව සිටි කාළය තුල කළ හොඳ නරක ගණනයකට ලක් කර දෙවියන් විසින් විනිශ්චයක් කරන බවය. එයට පසු අපේ ඉරණමේ ඉදිරිය තීන්දු වන බව විශ්වාස කළ යුතුව ඇත.
6). දිව්‍ය ආඥාව කෙරෙහි විශ්වාසය:
සෑම දෙයක්ම දිව්‍යමය නියෝගයෙන් පාලනය වන බවට විශ්වාසය. එනම් කෙනෙකුගේ ජීවිතයේ සිදුවන ඕනෑම දෙයක් දෙවියන් විසින් එය කලින්ම දැන ගෙන එය එසේ වීමට ඉඩ සලසා දෙමින් එය කලින්ම නියම කර ඇති බවත්, ඇදහිලිවන්තයන් තමන්ට සිදුවන හොඳ හෝ නරකට ස්තුතිවන්ත භාවයෙන් හෝ ඉවසීමෙන් ප්‍රතිචාර දැක්විය යුතු බවය. මෙය "නිදහස් කැමැත්ත" යන සංකල්පය ප්‍රතික්ෂේප නොකරයි. මිනිසුන්ට දෙවියන්ගේ ආඥාව ගැන කලින් දැනුමක් නැති නිසා, ඔවුන්ට තේරීමේ නිදහස තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර පහත සබැඳි (Link) වලින් ලබා ගත හැක.
පහත සඳහන් සබැඳි හරහා ඉහත මාතෘකා පිළිබඳව වැඩිදුර අද්‍යනය කල හැක.