මුස්ලිම් නොවන අයට පණිවිඩයක්

මෙම ලිපිය ලියන මම කලකට පෙර ඔබ වැනිම මුස්ලිම් නොවන කෙනෙකු ලෙසම සිටි නිසා ඉස්ලාම් ගැන මුස්ලිම් නොවන ශ්‍රී ලාංකික බහුතරයකගේ සිත් තුල මුල්බැස ගෙන ඇති ආකල්පය හොඳ වැටහීමක් ඇති කෙනෙකි. එය සරළවම කියනවා නම් (එවකට මට සහ) වර්ථමානයේ ඔවුන්ට, ඉස්ලාම් දහම සම්බන්ධව නම්, "එය ගැන වැඩි යමක් දැනගැනීමට හෝ අවශ්‍යයතාවයක් නැති එකකි". අද ඔවුන්ට මෙන්ම සත්‍යය ඉස්ලාමය ගැන කිසිවක් නොදැන සිටි මටද එවකට තිබුනේ එවැනිම සිතුවිල්ලකි.

මාව (සහ අප සැමව) නිර්මාණය කල දෙවි කෙනෙක් සිටින බව කලකට පෙර මා දැන සිටියේ නැත. එම දෙවියන්වහන්සේ විසින් නබිවරයෙකු හරහා මා වෙත (සහ අප සැම වෙත) මෙම ජීවිතයේ අරමුණ සහ අප නොදැන සිටි බොහෝ කාරණා සහිතව මාර්ගෝපදේශයක් එවා ඇති බවත් දැන සිටියේ නැත.

අද මුස්ලිම් නොවන බොහෝ අය මෙන්ම මෙන්ම එවකට මාද ඉස්ලාමය දුටුවේ එහි ප්‍රධාන ධර්ම ග්‍රංථ තුලින් නොව. සමහර මාධ්‍ය හරහා ලැබුණු පුවත් වලිනි, එසේත් නැතිනම් ඉස්ලාම් සමාජය නියෝජනය කරන මිනිසුන්ගේ එක් එක් වැඩ කටයුතු වලිනි, ඔවුන්ගේ ඇදුම් වලිනි, ඔවුන්ගේ හැසිරීම් වලිනි. එම වරද මා අතින් සිදු උනා වගේම අද ඔවුන් අතින් සිදුවෙමිනුත් පවතී.

අප දහමක් හඳුනා ගත යුත්තේ එහි ඇති නිරවද්‍යය ප්‍රධාන ධර්ම මූලාශ්‍ර වලිනි. ඉස්ලාමයේ ධර්ම මූලාශ්‍ර අධ්‍යයන කල මම (sjw. website's admin) අද එම දැණුම උපයෝගී කරගෙන නවක මුස්ලිම්වරුන්ට සහ ඉස්ලාම් නොවන  සිංහල භාශාව භාවිතා කරන ඔබලාටද ඉතාම ප්‍රයෝජනවත් වන පරිදි  ඉස්ලාමය ගැන සත්‍යය තොරතුරු උපයෝගී කරගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කලෙමි.

ඔවුන්ගේ මට්ටමින් ඔවුන්ට අවශ්‍ය කරන තොරතුරු සහ ඔවුන්ට ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරුද සහිතව මෙම වෙබ් අඩවිය සමන්විත බව මම විශ්වාස කරමි. 

දැන්, මෙයත් සමග ඉස්ලාම් දහම ගැන මුස්ලිම් නොවන ඔබලාට අවශ්‍ය තරමටම තොරතුරු ඔබලාට තේරෙන භාෂාවෙන්ම ලැබී ඇත. තව දුරටත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද විවිධ අයුරින් සහාය විය හැක. 

ඉස්ලාමයේ පණිවිඩය ලැබුණු අය එය අන් අයටත් ලබා දීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි.

පහත සඳහන් දෙවියන් වහන්සේගේ (එනම්, ඔබගේත් මගේත් නිර්මාතෘගේ) උපදේශනය දෙස බලන්න.


(නබියේ!) ඔබ (මිනිසුන්ට) ප්‍රඥාවෙන්ද, අලංකාරවත් හොඳ ඔවදන් මගින්ද ඔබගේ දෙවියන්ගේ මාර්ගය දෙසට ආරාධනා කරනු මැනව! තවද ඔවුන් සමග (තර්ක කිරීමට සිදුවුව හොත්) ඔබ (ගෞරවණීය හා) අලංකාරවත් අන්දමින් තර්ක කරනු මැනව! ඔහුගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්න නියත වශයෙන්ම ඔබගේ දෙවියන් හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවුරුන් යන්නද ඔහුම හොඳින් දන්නේය. (16:125)


දෙවියන් වහන්සේ අප සමාජයට එවා ඇති අවසන් දේව දූතයානන් වන මොහම්මද් නබි (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ: 

"එය තනි වාක්‍යයක් වුවද (මගේ ඉගැන්වීම්) මිනිසුන්ට ප්‍රකාශ කරන්න" 

(Sahih al-Bukhari 3461 In-book reference : Book 60, Hadith 128)

පහත කාරණා වෙත ඔබේ විශේෂ අවධානය යොමු කරන්න.

  • මිනිසා අයිති මිනිසාගේ නිර්මාතෘටය. 
  • මිනිසා මෙලොවට පැමිණියේද ඔහු වෙතින්මය. 
  • මිනිසාට අවශ්‍යය පහසුකම් සපයන්නේද මිනිසාගේ නිර්මාතෘමය. 
  • මිනිසා ගැන හොඳින්ම දන්නේත් මිනිසාගේ නිර්මාතෘම මිස වෙන කිසිවෙකුත් නොවේය. 
  • මිනිසාට ගැලපෙනම දහම (හෙවත් මාර්ගෝපදේශය) විය යුත්තේද මිනිසාගේ නිර්මාතෘ විසින්ම මිනිසාට ලබා දුන් දහමමය. 
  • මිනිසා මරණින් පසු ආපසු යන්නේද ඔහු වෙතමය. 
  • තමන් මෙලොවදී කළ හොඳ නරක වලට නිසි ප්‍රතිඵල ලබා දෙන්නේද මිනිසාගේ නිර්මාතෘමය.
  • මිනිසාගේ නිර්මාතෘ විසින් ඔබට ඔහුගේ මාර්ගෝපදේශය වන ශුද්ධ වූ අල් කුරාණය අවසන් දේවදූත නබි මොහම්මද් (ﷺ) තුමා හරහා දැනටමත් එවා ඇත. එය සුරක්‍ෂිතව මුස්ලිම්වරුන් සතුව ඇත. එයයි මුස්ලිම්වරුන් මුස්ලිම් නොවන සෑම කෙනෙකුටම ලබා දිය යුතු වටිනාම පණිවිඩය.

ඔබ මුස්ලිම් නොවන්නෙක් නම් මෙතෙක් ඉහත කාරණා ගැන නොදැන සිට හෝ නොදැනුවත්කමට එය ප්‍රතික්ෂේප කරමින් සිටි ඔබට, තව දුරටත් එය ප්‍රතික්ෂේප කළ හැකි දැයි දැන් ඔබ ඔබගේම හෘද සාක්ෂියෙන් විමසා බලන්න.

මේ වන තෙක් ඔබ ඔබේම නිර්මාතෘ හඳුනාගෙන නැත. මෙය ඔබේ මව ප්‍රතික්ෂේප කිරීමට වඩා බරපතල පාපයක් බව ඔබට දැන් සිතාගත හැකි යැයි මම විශ්වාස කරමි. ඔබ ආනන්තරීය පාපකර්මය ගැන අසා ඇත. එසේනම් එය මෙය හා සසඳා බලන්න.

මෙම කාරණාව තහවුරු කරගැනීමට අවශ්‍යය සියළුම තොරතුරු මෙම වෙබ් අඩවියෙහි අංතර්ගත බව මම නැවත සඳහන් කරමි.

ඔබ සියළු දෙනාටම මරණයට පෙර සත්‍යය අවභෝධ වී ඒ මත ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. 

මෙම වෙබ් අඩවිය සැකසීමට භාවිතා කළ තොරතුරු මීට පෙර මා වෙත ලැබෙන ලෙස සකස් කර තිබූ සියළු දෙනාටත් දෙවියන්වහන්සේ ආශිර්වාද කරත්වා!

by; sjw with SRMIC Team

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us