
යේසුස් වහන්සේගේ කතාව කුරානය තුළින්
මුලින්ම ජේසු තුමා ගෙ නම හරියට හඳුනාගෙන සිටිමු. ක්‍රිස්තිය අයවත් එය හරියට භාවිතා කරන්නෙ නෑ.
අරාබිකරයේ, පලස්තීනයේ ජෙරුසෙලම් නගරයට නුදුරින් බෙත්ලහම් නම් ගමෙහි දී මර්යම් තුමියට ප්‍රාතිහාර්‍යයක් ලෙසින් ඉපදුනු දරුවාට ඇය විසින් හෙබ්‍රෙව් (හීබ්රූ) භාෂාවෙන් "ගලවා ගැනීමට", "බෙදා හැරීමට" යන අරුත ඇතිව යෙහෙෂුවා (හෝ යෙෂුවා) යන නම ලබා දී ඇත. එය භාවිතයේ පහසුවට ඔහුගේ මව සහ එතුමාගේ ගම්වාසීන් (වන යුදෙව්වරුන්) එතුමාට "යේෂු" "ඊෂෝ" "ඊසා" "මෙෂියාආ" ලෙසින්ද භාවිතා කර ඇත. දෙවියන්වහන්සේ එතුමා ගැන අල් කුරාණය තුලින් කතා කරන විට "ඊසා" සහ "මසීහ්" යන නම් භාවිතා කර ඇත. (Isa ibn Maryam).
එතුමාගේ නම වන යෙහ්ශුවා යන්නට පසුව අභිෂේකලත් තැනැත්තා Anointed One යන වචනයේ හේබ්‍රෙව් වචනය වන messiah යන්න භාවිත කර ඇත. එම නම් දෙකම එකවර Yeshua HaMashiach ලෙස භාවිතා කර ඇත. එතුමාට පසුකාලීනව එය පරිවර්ථනය සහ කෙටිකර Jesus Christ ලෙස භාවිතා කිරීමට පටන්ගෙන ඇත. ජේසුතුමා ඇරමෙයික් සහ හෙබ්‍රෙව් භාශාව කතා කල බව සඳහන්.
එනිසා එතුමාට එතුමාගේ මව පවා භාවිතා නොකල Jesus, Jesus Christ ලෙස හෝ Jesu ලෙස ඇමතීම යුක්ති සහගත නැත. අද මෙලොවට නැවත පැමිණිය හොත් එතුමා එම නම් දන්නෙ නැති බවත් එම නම් වලින් සිටි අයෙක්ව හඳුනන්නේ නැති බව පවසාවි. (
එසේම කෙනෙකුගේ නමක් පරිවර්ථනය කර භාවිතා කිරීමද වැරදිය. උදා:- කෙනෙකුගේ නම බැට් (Bat) නම් ඔහුට හැමෝම බැට් Bat) ලෙසම කතා කළ යුතුය. එය පරිවර්ථනය කර "වව්ලා" ලෙස හෝ "ක්‍රිකට් පිත්ත" භාවිතා කිරීම වැරදිය.
මුස්ලිම්වරුන් එතුමාගේ නම ඊසා ලෙස භාවිත කරන අතර එතුමාට කරන ගෞරවයක් වශයෙන් කිසිවිටකත් ඊසා ලෙස නම විතරක් භාවිතා නොකර "ඊසා අලෙහිස්සලාම් (එතුමාට ශාන්තිය හිමිවේවා!)" ලෙසම භාවිතා කරයි. එසේම එතුමා දෙවියන් නොව, ත්‍රිත්වයද නොව, නමුත් එතුමා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ දේව දූතයෙක් (නබිවරයෙක්) ලෙස පිලිගනී.
එතුමා සම්බන්ධව තවත් මතවාදී කාරුණු කිහිපයක් ඇත. ඒවාට කුරාණය තුලින් නිවැරදි තොරතුරු ලබා දී ඇත.
එතුමාගේ උපත දෙසැම්බර් 25 දින සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. කුරානය තුලින් පෙන්වා දෙන කරුනු සලකා බැලූ විට එම උපත රට ඉඳි ඉදෙන (එනම් රස්නෙ කාලෙක) සිදුවී ඇති බව හැඟවෙයි.
එසේම යුදෙව්වන් විසින් එතුමාට වධ දී කුරුසිපත් කළ බව ක්‍රිස්තියන් වරුන් පිළිගත්තත් කුරානය තුලින් දෙවියන් පවසන්නේ එතුමාට එවන් අපරාධයක් සිදු නොවූ බවයි. දෙවියන් වහන්සේ විසින් යේසුස් වහන්සේ (ඊසා අලෙහිස්සලාම්)ට දිව්‍ය හෙලිදරව් ලෙස එතුමාට පෙර සිටි මෝසෙස් (මූසා අලෙහිස්සලාම්) නබිවරයාට පහළ කල තව්රාත් නැමති ධර්මය හෙවත් දිව්‍ය මගපෙන්වීමත්, අලුතින් ඉන්ජීල් නැමති ධර්මයත් පහළ කර ඇත. නමුත් මිනිසුන් විසින් මෙම දිව්‍ය පහළ කිරීම් දෙකම වෙනස් කිරීම් වලට ලක් කර ඇත. දිව්‍ය මගපෙන්වීම අවුල් වියවුල් සහ විකෘති කර ඇති නිසා ඒවායේ අඩුපාඩුත් පෙන්වාදෙමින් අවසන් නබිවරයා වන මොහම්මද් (ﷺ) තුමාට නව සහ සම්පූර්ණ කළ දහම ලෙස අල් කුරාණය පහළ කර ඇත.
කුරානය තුල 78 වතාවක් ඊසා නමින් හෝ ඔහුගේ තත්වයෙන් යෙසුස් වහන්සේව සඳහන් වේ. මර්යම් අලෙහිස්සලාම් 34 වතාවක් සඳහන් කර ඇත. එතුමියගේ නමින්ම එහි පරිච්ඡේදයකුත් ඇත. එසේම ඇය ලෝක වාසී සියලුම කාන්තාවන්ගෙන් ශ්‍රේෂ්ඨම කාන්තාවන් (දෙදෙනෙකුගෙන්) එක්කෙනෙක් ලෙසද දෙවිඳුන් සඳහන් කර ඇත.
පහතින් දැක්වෙන්නේ එහි යේසුස් වහන්සේ (ඊසා අලෙහිස්සලාම්) ගැන සඳහන් (කිසිම වෙනසකට ලක් නොවූ) දිව්‍ය වදන් වල සිංහල පරිවර්තනය වාක්‍යයන් කිහිපයකි.
පරිච්ඡේදය 3- අල් මායිදා (44-62)
(නබියේ!) මේ (සියල්ල ඔබ නොදන්නා) ගුප්ත පුවත් වන්නේය. මේවා අපි ඔබට වහී මගින් දැනුම් දෙන්නෙමු. තවද මරියම්ව (හදාවඩා ගැනීමට) ඔවුන්ගේ ඔවුන්ගෙන් කවුරුන් භාරකාරත්වය බාර ගන්නේද යන්න (නිවිත්තක් මගින් දැන ගැනීමට) ඔවුන් තමන්ගේ පෑන් (ගඟට) විසි කළ අවස්ථාවේදීද ඔබ ඔවුන් සමග සිටියේ නැත. (මේ ගැන) ඔවුන් තර්ක කරමින් සිටින විටද ඔබ ඔවුන් සමග සිටියේ නැත. (3:44)
(තවද මර්යම්ට) මලායිකාවරුන් "ඕ මර්යම්! නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ (වනු! යන) එක් වචනයක් මගින් ඔබට (පුතෙකු ලබා දීමට) සුභාරංචි පවසන්නේය. එයගේ නම "මර්යම්ගේ පුත් ඊසා මසීහ්" යනුවෙනි. ඔහු මෙලොවද පරලොවද ඉතාමත් ගාම්භීර කෙනෙකු වශයෙන්ද, (දෙවියන්ට) ඉතාමත් සමීප අයගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත" යයි පැවසූහ. (3:45)
තවද, "ඔහු තොටිල්ලේ (ළදරුවෙකු වශයෙන්) සිටියදීද, (තම මවගේ පරිශුද්ධභාවය ගැනද, තම නබිත්වය ගැනද) තරුණ වියේදීද, මිනිසුන් සමග කතා කරනු ඇත. තවද හොඳ ගති පැවතුම් ඇත්තන්ගෙන් කෙනෙකු වශයෙන්ද සිටිනු ඇත" (යයිද පැවසූහ). (3:46)
(එයට මරියම් තම් දෙවියන්ට) "මගේ දෙවියනේ! කිසිම මිනිසෙකු මා හට ළං නොවී සිටියදී මට කෙසේ නම් දරුවෙකු ඇති විය හැකිද?" යි පැවසුවාය. (එයට) මෙසේම අල්ලාහ් තමන් අදහස් කළ දැය උත්පාදනය කරන්නේය. ඔහු වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් එය "වනු" යයි පැවසීමම (ඇති ප්‍රමාදයයි!) යයි පැවසුවේය. (3:47)
තවද "ඔහුට ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද උගන්වනු ඇත. (3:48)
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (ඔහුව) එක් නබිවරයෙකු වශයෙන්ද පත් කරනු ඇත" (යයි දෙවියන් පැවසුවේය. පසුව ඊසා ඉපදී තම තරුණ වියට පත් වී ඉස්රායීල් පරම්පරා දරුවන් වෙත ගිය අවස්ථාවේදී ඔවුනට මෙසේ පැවසුවේය); "නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන් වෙතින් (යවනු ලැබූ එක් නබිවරයෙකු යන්නට) එක් ප්‍රාතිහාර්‍යයක් සමග පැමිණ ඇත්තෙමි. ඔබ වෙනුවෙන් මැටි වලින් පක්ෂියෙකුගේ හැඩරුව අඹා මා එයට පිඹින්නෙමි. අල්ලාහ්ගේ අනුමැතියට අනුව එය (පණ ඇති) පක්ෂියෙකු බවට පත් වනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියට අනුව උප්පත්තියෙන්ම අන්ධයින්වද, කුෂ්ඨ (ලාදුරු) රෝගීන්වද මා සුව කරන්නෙමි. මරණයට පත් වූවන්ට මා පණ දෙන්නෙමි. ඔබ අනුභව කළ දැයද, ඔබ නිවෙස් හී එක්කාසු කර ඇති දැයද, මා ඔබට දැනුම් දෙන්නෙමි. ඇත්තෙන්ම ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම් මෙයින් ඔබට (තෘප්තියක් ලැබිය හැකි) සාධකයක් ඇත්තේය". (3:49)
මා ඉදිරියේ ඇති තව්රාතය(ද මා) සත්‍යය කර තබා, (පෙර) ඔබට තහනම් කර තිබූ දැයෙන් සමහර දැය ඔබට අනුමත කර තැබීම සඳහාද ඔබගේ දෙවියන්ගෙන් (මෙවැනි) සාදකයන් සමග ඔබ වෙත මා පැමිණ ඇත්තෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මාව අනුගමනය කරනු. (3:50)
නියත වශයෙන්ම අල්ලාහ්ම මගේ දෙවියන්ද ඔබගේ දෙවියන්ද වන්නේය. එබැවින් ඔහුවම ඔබ නමදිනු. මෙයයි ඍජු මාර්ගය (යයිද පැවසුවේය) (3:51)
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තමන්ව ප්‍රතික්ෂේප කරනු ඊසාට හැඟුනු විට, (ඔවුන්ට) "අල්ලාහ් වෙනුවෙන් මා හට උදව් කරන්නේ කවරෙක්ද?" යි විමසුවේය. (එයට ඔහුගේ) අනුගාමිකයින් "අපි අල්ලාහ් වෙනුවෙන් (ඔබට) උදව්කරුවන් වශයෙන් සිටින්නෙමු. ඇත්තෙන්ම අල්ලාහ්ව අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු. එබැවින් නියත වශයෙන්ම අපි (සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන් බවට සාක්ෂි දරනු මැනව! යයි පැවසූහ. (3:52)
(තවද) "අපගේ දෙවියනේ! ඔබ (මොහුට) පහළ කරන ලද (ධර්මය) අපි විශ්වාස කරන්නෙමු. (ඔබගේ) මෙම රසූල්වද අපි අනුගමනය කරන්නෙමු. එබැවින් (ඔහුව) සත්‍යය කරන්නන් සමග අපවද සටහන් කර ගනු මැනව! යයිද එම අනුගාමිකයින් ප්‍රාර්ථනා කළහ). (3:53)
(ඊසාව ප්‍රතික්ෂේප කළ) ඔවුන්, (ඔහුව ඝාතනය කිරීමට) කුමන්ත්‍රණය කළහ. (එහෙත් අල්ලාහ් ඔහුව බේරාගෙන තමන්ගේ කෙනෙකුව ඔවුන් කරන මෙන්) අල්ලාහ් (ඔවුන්ට) කුමන්ත්‍රණ කර හැරියේය. අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් බලසම්පන්නය. (3:54)
(ඊසාට) අල්ලාහ් පැවසූ දැය (ඔවුන්ට) මතක් කර දෙනු. "ඕ ඊසා! නියත වශයෙන්ම මා ඔබව (ඔබගේ ආයුෂ) පූරණය කරන්නෙමි. ඔබව මගේ සන්නිධානයට ඔසවා ගන්නෙමි. ප්‍රතික්ෂේප කරන්නන්ගේ (අපවාදයෙන්) ඔබව පරිශුද්ධ කර හරින්නෙමි. ඔබව අනුගමනය කරන්නන්ව, ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි විනිශ්චය දින දක්වා උසස් කර තබන්නෙමි" (යයි පැවසීමෙන් අනතුරුව, ඕ ඊසා! එම ප්‍රතික්ෂේප කරන්නන්ට මා පැවසුවේ යයි ඔබ මෙසේ පවසනු (මැනව!). "(අල්ලාහ් වන) මා වෙතම ඔබ පසුවද පැමිනෙන්නාහුය. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) මා ඔබ අතරේ විනිශ්චය දෙන්නෙමි" (යයිද පැවසුවේය). (3:55)
එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කරන්නෝද, මා මෙලොවෙහිද, පරලොවෙහිද දැඩි ලෙස දඬුවම් කරමි. ඔවුන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත. (3:56)
කවුරුන් (ඔබව) විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ (හොඳ) ඵලවිපාක ඔවුන්ට පූර්ණ වශයෙන් ලබා දෙනු ඇත. අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය කරන්නේ නැත. (3:57)
(නබියේ!) අපි ඔබ කෙරෙහි සමුදීරණය කළ මේවා (දෙවියන්ගේ) ආයාවන් වශයෙන්ද, ඥානයෙන් (පිරි) ඔවදන් වශයෙන්ද ඇත්තේය.(3:58)
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඊසාගේ උපමාව, ආදම්ගේ උපමාව මෙන් වන්නේය! ඔහු, ඔහුව මැටියෙන් උත්පාදනය කර, "(මිනිසා බවට) වනු" යයි පැවසුවේය. එවෙලේම (එසේ) සිදු විය. (3:59)
(නබියේ! ඊසා ගැන) ඔබගේ දෙවියන්ගෙන් ලැබුණු සත්‍යය වූ (පුවත) මෙයයි. එබැවින් (මේගැන) සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු බවට) පත් නොවනු. (3:60)
(නබියේ!) ඔබට සත්‍යය වූ පුවත ලැබුණු පසුවද, මේ ගැන ඔබ වෙත කවුරුන් හෝ තර්ක කළ හොත්, (ඔවුන්ට) ඔබ මෙසේ කියනු; "එනු, අපි අපගේ දරුවන්වද, ඔබගේ දරුවන්වද, අපගේ භාර්යාවන්ද, ඔබගේ භාර්යාවන්ද, අපවද, ඔබවද කැඳවා (ඒකරාශී කර) තබාගෙන, සැමදෙනාම (තම තමන්ගේ කියමන සත්‍යය යයි) දිව්රා, '(මෙයට වෙනස් ආකාරයට පවසන) බොරුකාරයින් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් වේවා!' යයි ප්‍රාර්ථනා කරමු." (යයි පවසන මෙන් නියෝග කළේය. මෙසේ නබි තුමානන් ඔවුන්ව ආරාදනා කළ අවස්ථාවේදී කිසිවෙකුත් මෙසේ දිව්රීමට ඉදිරිපත් වූයේ නැත).(3:61)
නියත වශයෙන්ම මෙයයි සත්‍යය වූ ඉතිහාසය. අල්ලාහ් හැර, වෙන කිසිම දෙවියෙක් නැත. නියත වශයෙන්ම අල්ලාහ්; ඔහු (සියල්ලන්ට වඩා) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (3:62)