ලෝක අවසානය සම්බන්ධව

Events before the end of the world

November 11, 2019 

පෘථිවියට ආරම්භයක් මෙන්ම අවසානයක් තිබෙන බව විද්‍යාඥයින් පවා පිළිගනිති. එහෙත් එවැනි දෙයක් සිදු වන්නේ කෙසේද යන්න කිසිවෙකුට නිවැරදිව යමක් ප්‍රකාශ කල නොහැකිය. එම නිසා විද්‍යාඥයින් ඒ සඳහා නොයෙකුත් මත ප්‍රකාශ කර තිබේ. එහෙත් දෙවියන් පහල කල සෑම ප්‍රධාන ආගමකම ලෝක විනාශයක් ගැන සඳහන් කොට ඇත. ඉස්ලාම් දහමේ අනෙක් ආගම්වල මෙන්ම ලෝක විනාශයට පෙර සිදුවන ඇතැම් කරුණු ගැන පුර්ව දැනුම් දීමක් සිදු කොට ඇත. ඒවායින් බොහොමයක් දැනටමත් සිදු වී හමාරය. මෙම සිදුවීම් වලට පසු විශාල සිදුවීම් දහයක් ඇතිවීමට නියමිතය. ඉන් පසු ලෝකය විනාශ වීමට නියමිතය. 

ලෝක අවසානයට පෙර සිදුවීමට නියමිත ඇතැම් සුළු සිදුවීම් සහ මහා පරිමාන සිදුවීම් ගැන මොහම්මද් නබි (සල්ලල්ලාහු අලෙහිවසල්ලම්) තුමා පෙර නිමිති සඳහන් කොට ඇත.

සුළු සිදුවීම් අවාසන වන විට නබිතුමාගේ පරම්පරාවට හිමිකම් කියන මහදි තුමා පැමිණීමට නියමිතය. එතුමා ජිවතුන් අතර සිටින අතර වාරයේදී ජේසු තුමා ද නැවත පැමිණීමට නියමිතය. ඒ වන විටත් දජ්ජාල් (Anti Christ) මෙලොවට පැමිණ සිටිනු ඇත. ඔහු භුමියේ විශාල විනාශයන් සිදු කරන බව සඳහන් වේ.
දජ්ජාල් (Anti Christ) ගැන දෙවියන් පහළ කල සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. ඔහු සිරියාව සහ ඉරාකය අතර පිහිටි කලාල යන ස්ථානයෙන් මතුවීමට නියමිතය.ඔහුගේ හිසකෙස් රැලිවැටී ඇති අතර ඇස් ඉදිරියට නෙරා තිබෙනු ඇත. තවද ඔහුගේ එක් ඇසක් අන්ද වේ. ඔහු දින හතලික් පමණ ජිවතුන් අතර සිටිමින් විශාල විනාශයක් කරන බව නබිතුමා පවසා ඇත. ඔහුගේ නළලේ 'කාෆිර්' යැයි සඳහන් කොට ඇති බව හදිස් වල සඳහන් වේ. දජ්ජාල්ට ඇතැම් හාස්කම් කිරීමට දෙවියන් හැකියාව ලබා දී තිබේ. එම හේතුවෙන් ඔහු නියගයෙන් පිඩා විඳිමින් සිටින ජනතාව සඳහා අහසට නියෝග කිරීමෙන් වරුසාව ලබා දෙන්නේය. පොලවට අණ කිරීමෙන් බෝග වගා කර දෙන්නේය. මේවා දැකීමෙන් ඇතැම් අය ඔහුව දෙවියන් යැයි විශ්වාස කරනු ඇත. ඉන් අනතුරුව ඔහු අලංකාර තරුණයෙකුව කැඳවා ඔහුව දෙවියන් යැයි විශ්වාස කරන ලෙස නියෝග කරන්නේය. එහෙත් එම තරුණයා ඔහුගේ නියෝගය ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට දජ්ජාල් සිය කඩුවෙන් එම තරුණයාව කපා වෙන් කරන්නේය. ඉන් පසු එම තරුණයාව ඔහුගේ හාස්කමින් නැවත නැගිට සිටීමට අණ දෙන අතර ඔහු සිනාසෙමින් නැගිටින බව හදිසයේ සඳහන් වේ. අනතුරුව දජ්ජාල්ගේ දේවත්වය පිළිගන්නා මෙන් ඔහුට නියෝග කරත් එම තරුණයා ඔහුගේ ඉල්ලීම දෙවන වරටත් ප්‍රත්ක්ෂේප කරන්නේය. එවිට දජ්ජාල් ඔහුගේ කඩුවෙන් එම තරුණයාව නැවතත් කපා වෙන් කිරීමට උත්සාහ කලත් ඔහුට එය කල හැකි වන්නේ නැත. මින් පසු දජ්ජාල් වෙනත් නගරයකට පලායනු ඇත. කෙසේ වෙතත් දුර්වල විශ්වාසයන් ඇති අය දජ්ජාල්ගේ ක්‍රියාවන් දැකීමෙන් ඔහුව දෙවියන් බවට විශ්වාසකරන බව සඳහන් වේ. මේ වන විට ජේසු තුමා දෙවදුතයින් දෙදෙනෙකුගේ අත්තටු මත දමස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි මිනාරාව දෙසට පැමිණෙනු ඇත. එහිදී ඔහු මිනිසුන්ට සලාතය මෙහෙයවනු ඇත. පසුව ඔහු දජ්ජාල්ව සොයා ගොස් 'බාබු ලුද්' යන ස්ථානයේදී ඝාතනය කිරීමට නියමිතය. මෙම සිදුවීම වලින් පසු යාජුජ් සහ මාජුජ් (Gog and Magog) යන කණ්ඩායම් දෙක පැමිණීමට නියමිතය. මොවුන් නිසා මිනිසුන් මහත්සේ පිඩාවට පත් වනු ඇත.
මෙම සිදුවීම්වලින් පසු නැවතත් හොඳ කාලයක් එළමෙන බව නබිතුමා පවසා ඇත. එම කාලය අවසාන වීමත් සමග ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත විශාල සිදුවීම් සියල්ලම ඉතා වේගයෙන් එක පිට එකක් පැමිණීමට නියමිතය. එහෙත් එම කාලයේදී විශ්වාසවන්තයින් කිසිවෙකු ජිවතුන් අතර නොසිටිනු ඇත. ලෝකය අවසාන වන්නේ ඉන් පසුවය.
මෙම සිදුවීම් වලින් පසුව අල්ලාහ් නියම කල අන්දමට විනිශ්චය දිනය ආරම්භ වනු ඇත. එම දිනයේදී මෙලොව ජීවත්වූ සියලුම ජීවින් එක තැනකට එක්කාසු කරනු ඇත. එම විනිශ්චයෙන් පසු මිනිසාට ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. සෙසු ජීවින් දුවිලි බවට පත්කරනු ඇත.

By Fasy Ajward.

B.Sc(sp.phy)Hons,Japura.Ex: Research officer at former Scientific and Industrial Research Institute.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/ 

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us