
විනිශ්චය දිනය ගැන සඳහන් කුරාන් වැකි එකතුවක්.
THE DAY OF JUDGMENT - (Yawm al-qiyamah)
විනිශ්චය දිනය අපගේ ජීවිත ගමනේ තවත් එක් අවස්ථාවකි. අපට මවගේ කුස තුල හැමදාම සිටීමට නොහැකි උනා සේම අපට මේ ජීවිතය තුලද හැමදාම මෙලෙස සිටිය නොහැකිය. අපි අනිවාර්යෙන්ම මරණයට පත් වී අපගේ ඉදිරි පියවර කරා යා යුතුව ඇත. මරණින් පසු අපට ජීවිතයක් ඇත, එයටද අවසානයක් ඇත. ඉන් පසු එළැඹෙන්නේ විනිශ්චය දිනයයි. එම දිනය ඉතා දීර්ඝ දිනයකි. අප මෙලොවදී කළ හොඳ සහ නරක ආදිය ගනන් බැලෙන්නේ එදිනය. අපගේ නිර්මාතෘ කිසිදු කෙනෙකුට අසාධාරනයක් නොවන ලෙස එය ඉටු කරන බවත් ඉන් පසු එයට සරිලන ප්‍රතිඵල දෙන බවටත් පොරොන්දු වී ඇත. මේ සම්බන්ධයෙන් දෙවියන් අප වෙත දැනුම් දී ඇති කරුණු කිහිපයක් පහතින් සඳහන් කර ඇත. සෑම මනුශ්‍යයෙකුම තම ජීවිත කාළය තුල කියවා අවභෝධ කරගෙන එයට පෙර සූදානම් වීම ඉතාම වටින්නේය.
අසීමිත දයාව හා අසම සම අනුකම්පාවෙන් යුත් අල්ලාහ් ගේ නාමයෙන්.
සියලු ප්‍රසංශා අල්ලාහ්ටය. (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පෝෂණය කරන්නා වුද, අපරිමිත අනුකම්පා වද, අසම සම දයාවද, විනිශ්චය දින අධිපති (ද වන්නේ ය). (1:1-4)
අල්ලාහ් -ඔහු මිස, වෙන කිසිම දෙවියෙකු නැත- ඔහු නියත වශයෙන්ම සියල්ලන්වම විනිශ්චය දිනදී ඒකරාශී කරන්නේය. මෙහි කිසිම සැකයක් නැත, පුවත් දැනුම් දීමෙහි අල්ලාහ්ට වඩා සත්‍යයවන්තයා කවරෙක්ද? (4:87)
(ඔහු) ඉතාමත් උසස් පදවීන්ගෙන් යුක්ත කෙනෙකි. අර්ෂ් වලටද අයිතිකරුය. (තමන්ව) හමුවන දිනය ගැන (ඔහු මිනිසාට) බිය ගන්වා අනතුරු අඟවනු පිණිස, තම වහලුන්ගෙන් තමන් කැමති අය කෙරෙහි තම නියෝගයන් වහී මගින් පහළ කර තබන්නේය. (40:15)
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ මෙම දූතයා වෙත පහළ කළ ධර්මයද, මෙයට පෙර තිබූ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද ප්‍රතික්ශේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය (4:136)
විනිශ්චය දින මත සත්තකින්ම, (වැරදි කළ අයට) නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රන්නෙමි. (මරණයට පත්ව දිරා පත් වී පස් බවට පත් වූ) ඔහුගේ ඇටකටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නේද? නොඑසේය. ඔහුගේ ඇඟිලි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු. (75:1-4)
එහෙත් මිනිසා දෙවියන් ඉදිරියේම වැරදි කිරීමට අදහස් කර, (සමච්චලයෙන් මෙන්) විනිශ්චය දිනය කවදා එන්නේද?යි විමසන්නේය. එය (පැමිණෙන) අවස්ථාවේදී බැල්ම නිලංකාර වී, චන්ද්‍රයාගේ ආලෝකය මැකී, (වෙන් වී තිබෙණ) සූර්‍යයාද, චන්ද්‍රයාද එක්කාසු වනු ඇත. එදිනදී (බේරීමට) කොහේ දුවන්නද?යි මිනිසා විමසනු ඇත. "කිසිසේත් කළ නොහැක. බේරීමට තැනක් නැත" (යයි කියනු ලැබේ). (නබියේ!) එදිනදී ඔබගේ දෙවියන් වෙතම (සියල්ලන්ම) නැගී සිටිය යුතු වන්නේය. මිනිසා කළින් (ඉටුකර) යැවූ දැයද, (ලොවෙහි) අත්හැර දමා පැමිණි දැයද, ගැන එදිනදී දැනුම් දෙනු ලැබේ. (75:5-13)
ඔහුම (තම) නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත් කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනිත් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමගින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේදැයි) ඔබව පරීක්ෂා කරන්නේය; (6:165)
(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යයි මිනිසා අදහස් කලෙහිද? (75:36)
ඔබ එක් දිනක් ගැනද බිය වනු. (එදින) කුමන ආත්මයක් හෝ අනිත් ආත්මයකට කිසිම ප්‍රයෝජනයක් අත් කර දීමට නොහැක. ඒ වෙනුවෙන් (ඔහු) මැදිහත් වී කතා කිරීමද බාර ගනු නොලැබේ. තවද ඔවුන් (කිසිවෙකුගෙන් කිසිම) උදව්වක් කරනු නොලබන්නාහ.(2:48)
මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ (දිනය) ළඟා වෙමින් ඇත්තේය. එහෙත් ඔවුන් නම්. එය ප්‍රතික්ෂේප කර, කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ. (21:1)
(නබියේ!) නියතවශයෙන්ම ඔබගේ දෙවියන් මොවුන් සියල්ලන්වම (ප්‍රශ්න කිරීම සඳහා විනිශ්චය දිනදී තමන් ඉදිරියේ) ඒකරාශී කරනු ඇත; (15:25)
නියත වශයෙන්ම විනිශ්චය දින අනිවාර්‍යයෙන්ම පැමිණෙන්නේය. සෑම ආත්මයක්ම තම ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අත් කර ගැනීම පිණිස එය, මා (මිනිසුන්ට) සඟවා තැබීමට අදහස් කරමි. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් "විනිශ්චය දිනය අපට (කිසිදාක) පැමිණෙන්නේ නැත" යයි පවසන්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු; "එසේ නොව, නියත වශයෙන්ම (විනිශ්චය දිනය) ඔබ වෙත අනිවාර්යයෙන්ම පැමිනෙන්නේය. ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හී හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයක් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දැයක්ම ලවුහුල් මහ්ෆූල් නැමති) පැහැදිලි (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත".(34:3)
එබැවින් එය විශ්වාස නොකර තම (ශරීර) සුවය අනුගමනය කරන්නා, (ඒ දිනය ගැන ඔබ දුක් නොවීමට) ඔබව වලක්වා නොගත යුතුය. එසේ වුවහොත් ඔබ විනාශ වන්නෙහිය! (20:15,16)
සෑම මිනිසෙකුගේම ක්‍රියාවන් ගැන (විස්තරාත්මක දෛනික) සටහන් ඔහුගේ බෙල්ලෙහි එල්ලා ඇත්තෙමු. විනිශ්චය දිනදී එය ඔහුට එක් පුස්තකයක් මෙන් ගෙන දෙන්නෙමු. ඔහු එය දිගහැර බලනු ඇත. (ඒ අතර ඔහුට) "අද දින ඔබගේ ගණනය බැලීමට ඔබම ප්‍රමාණවත්ය. එබැවින් ඔබගේ(සටහන්) පුස්තකය ඔබම කියවා බලනු" (යයි කියන්නෙමු). (17:13,14)
විනිශ්චය දිනදී නිවැරදි තරාදියක්ම අපි සිටුවන්නෙමු. කිසිම ආත්මයකට (යම් කිසිවක් අඩු කර හෝ වැඩි කර හෝ) අපරාධයක් කරනු නොලැබේ. (පින්, පව්) එක් අබ ඇටයක ප්‍රමාණයක් තිබුණා වුවද, එයද (කිරා බැලීමට) ගෙන එන්නෙමු. ගණනය කිරීමට අපිම ප්‍රමාණවත්ය. (වෙන කිසිවෙකුගේ උදවුවක් අපට අවශ්‍යය නැත). (21:47)
(නබියේ! විනිශ්චය කාලය ගැන එය කවදා එන්නේදැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු. "එහි දැණුම මගේ දෙවියන්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. එය පැමිණෙන වේලාව ඔහු මිස, වෙන කිසිවෙකුටත් පැහැදිළි කිරීමක්ද කළ නොහැක. (ඒ අතරම) අහස් හිද, භූමියෙහිද ඉමහත් වූ සිදුවීම් සිදුවනු ඇත. හදිසියේම මිස, (එය) ඔබ වෙත පැමිණෙන්නේ නැත"; (7:187)
විශ්වාසවන්තයිනී! කේවලයද, මිත්‍රකමද, මැදිහත් වීමක්ද නොමැති (සාධාරණ විනිශ්චයේ) එක් දිනයක් පැමිණීමට පෙර, ඔබට අපි ලබා දුන් දැයෙන් (දැහැමි මාර්ගයෙහි) වියදම් කරනු. (මෙය) ප්‍රතික්ෂේප කරන්නන් තමන්ට තමන්ම නපුර කර ගන්නාහ. (2:254)
(නබියේ!) සැකයෙන් තොර එක් (විනිශ්චය) දිනදී අපි ඔවුන්ව ඒකරාශී කර, (ඔවුන්ගේ) සෑම ආත්මයකටම ඒවායේ ක්‍රියාවට සරිලන ඵලවිපාක පූර්ණ වශයෙන් දෙනු ලැබුවහොත් (ඔවුන්ගේ තත්වය) කෙසේ නම් ඇත්ද? ඔවුන් (තමන්ගේ ඵලවිපාක අත් කර ගැනීමෙහි පොඩියක් හෝ) අසාධාරණය කරනු නොලබන්නාහ.(3:25)
(එම) දිනදී සමහර මුහුණු (සතුටින් පිරී දීප්තිමත්) ස්වේත වර්ණයෙන්ද, සමහර මුහුණු (දුකෙන්) කළු වී (මැළ වී) තිබෙණු ඇත. කවුරුන්ගේ මුහුණු කළුවී (මැළ වී) ඇත්තේද, (ඔවුන්ට) "ඔබ විශ්වාසය තැබුවායින් පසු (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුද? එබැවින් ඔබ ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් (නිරා) දඬුවම විඳ බලනු" (යයි පවසනු ලබන්නාහ). (3:106)
ඔහු (දෙවියන්) කරුණාව තමන් කෙරෙහි අනිවාර්‍යය කරගෙන සිටින්නේය. (එබැවින් ඔබගේ වැරැද්දට මෙතෙක් ඔබට දඬුවම් නොදී සිටින්නේය. එහෙත්) නියත වශයෙන්ම ඔබ සියල්ල විනිශ්චය දිනදී ඒකරාශී කරනු ඇත. එහි කිසිම සැකයක් නැත. ඔවුන් (සත්‍යය ප්‍රතික්ෂේප කර) තමන්ට තමන්ම පාඩුව ඇති කර ගන්නෝද, ඔවුන් (මෙය) විශ්වාස කරන්නේ නැත. (6:12)
(එබැවින්) කවුරුන් (විනිශ්චය කාලයෙහි) අල්ලාහ්ගේ හමුවීම බොරු කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පරාජිතයින් බවට පත්ව ගියහ. (බලාපොරොත්තු නොවූ අන්දමට) හදිසියේ ඔවුන්ට විනිශ්චය කාලය පැමිණියහොත්, ඔවුන් තමන්ගේ පාපයන්හී බර තමන්ගේ පිට කොන්ද මත ඔසවා ගත් අය වශයෙන් " මෙය(මෙම දිනය) අපි විශ්වාස නොකළ (වැරද්දෙන්) අපට ඇතිවූ ශෝකය!" යයි දොඩවන්නාහ. ඔවුන් ඔසවාගෙන ඇති දැය ඉතාමත් නපුරු ඒවා නොවෙද?
ක්‍රිස්තියානිවරුන් (කිසිම ධර්මයක) නැතැයි යුදෙව්වන් පවසන්නාහ. යුදෙව්වන් (කිසිම ධර්මයක) නැතැයි ක්‍රිස්තියානිවරුන් පවසන්නාහ; මොවුන් තර්ක කරමින් සිටින මේ (කාරණාවන්) ගැන විනිශ්චය දිනදී අල්ලාහ් මොවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත; (2:113)
කවුරුන් ධර්මයෙහි අල්ලාහ් පහළ කළ දැය සඟවාගෙන ඒ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තම කුසෙහි ගින්දර මිස, වෙන කිසිවක් පුරවා ගන්නේ නැත. තවද විනිශ්චය දිනදී අල්ලාහ් ඔවුන් සමග කතා කරන්නේද නැත. ඔවුන්ට (සමාව දී) පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට (ඉතාමත්) වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත. (2:174)
තවද කවුරුන් "ඇත්තෙන්ම අපි ක්‍රිස්තියානුවන්' යයි පවසන්නෝද, ඔවුන් වෙතද (මෙසේම) අපි පොරොන්දු ලබා ඇත්තෙමු. එහෙත් ඔවුන්ද (මෙම නබිවරයා ගැන තමන්ගේ ධර්මයෙහි) තමන්ට කියනු ලැබූ කොටස අමතක කර දැමූහ. එබැවින් ඔවුන් තුල වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (පහ නොවී සිටින සේ) පටලවා හැරියෙමු. (මෙලොවදී) ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි යන්න (පරලොවදී) අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත (5:14)
අහස්ද, භූමියද හා මේවා අතර ඇති දැයද නියමිත කාරණාවකට මිස, අපි උත්පාදනය කළේ නැත. (නබියේ! මොවුන්ගේ දඬුවමට අයත්) කාලය නියත වශයෙන්ම පැමිණෙන්නේය! (ඒ වන තුරු මෙම අපරාධකාරයන්) ඔබ ගෞරවාන්විත අන්දමට ප්‍රතික්ෂේප කරමින් සිටිනු. (15:85)
ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයින්ට සමච්චල් කරන්නාහ. නමුත් (විශ්වාසවන්තයින් වන) පාරිශුද්ධවන්තයින් නම්, විනිශ්චය දිනදී ඔවුන්ට වඩා (අපමණ තරම්) උසස්ව සිටිනු ඇත. තවද අල්ලාහ් තමන්ට කැමැත්තන්ට ගනණය නොකරම ලබා දෙන්නේය. (2:212)
(නබියේ! එක් දිනක් ගැන ඔබ ඔවුන්ට මතක් කර දෙනු). එදිනදී මෙම භූමිය වෙනස් කර වෙනත් ආකාරයක භූමියක් බවට පත් කර හරිනු ඇත. අහස්ද ඒ ආකාරයටමයි. ඔවුන් (තම තමන්ගේ ස්ථානයන්හී සිට) ඉකුත් වී (සියල්ලන්වම) යටහත් පහත් කර එකම දෙවියන් වන එම අල්ලාහ්ගේ සන්නිධානයෙහි එක්රැස්වනු ඇත. (14:48)
එදිනදී ඔබ දෙවියන්ගේ අර්ෂ් මලායිකාවරුන් අට දෙනෙකු තමන්ට ඉහලින් එය ඔසවාගෙන සිටිනු ඇත; (69:17)
අල්ලාහ් තම දයාව මගින් ඔවුන්ට ලබා දුන් වස්තූන්ගෙන් කවුරුන් මසුරුකම් දක්වන්නෝද ඔවුන් එය ඔවුන්ට හොඳක් යැයි නොසිතිය යුතුය. එය ඔවුන්ට නපුරක් බවටම අවසන් වනු ඇත. ඔවුන් මසුරුකම මගින් එක්කාසු (කර තැබූ) වස්තූන් විනිශ්චය දිනදී ඔවුන්ගේ බෙල්ලෙහි මාලයක් වශයෙන් පටලවා හරුනු ලැබේ; (3:180)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්‍යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දින දීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයන් හී ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්‍යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කල හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත. (3:185)
පැමිණිය යුතු (යුග අවසාන කාලය) ළඟා විය. අල්ලාහ් හැර, වෙන කිසිවෙකු විසින් හෝ එය වැළැක්විය නොහැක. මෙම පුවත ගැන ඔබ පුදුම වන්නෙහුද? ඔබ සිනාසෙන්නෙහුද? හැඬිය යුතු නොවෙද? (53:57-60)
විනිශ්චය දිනය ළඟා විය. (එයට සළකුණක් වශයෙන්) චන්ද්‍රයාද පැළී ගියේය. එහෙත් ඔවුන් එම සාධකය දුටුවා වුවද, (එය) ප්‍රතික්ෂේප කර "මෙය දිගටම පැවත එන සූනියමකි" යයි පවසන්නාහ. (54:1,2)
(නබියේ!) මෙසේ පවසනු; "ඔබට අල්ලාහ්ගේ දඬුවම පැමිණියහොත්, නැතහොත් ඔබට විනිශ්චය කාලය පැමිණියහොත්, අල්ලාහ් නොවන (ඔබ නමදින මේ පිළිරූ) දැයද ඔබ (ඔබගේ උදව්වට) ආරාධනා කරන්නේ යන්න ඔබ සිතා බැලුවෙහුද? (මෙම පිළිරූ ඔබගේ දෙවිවරුන් යැයි පවසන) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම් (ඒවාම ඔබගේ උදව්වට ආරාධනා කරනු)". (6:40)
(නබියේ!) ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නෙය. ඔවුන් කරන (නපුරු) විපත් හී හේතුවෙන් ඔහු (එවෙලෙ එවෙලේම) ඔවුන්ව අල්ලා ගතහොත්, මෙතෙක් ඔවුන්ව අනිවාර්‍යයෙන්ම දඬුවම් කර ඇත. එහෙත් (ඔවුන්ට දඬුවම් කිරීමට) ඔවුන්ට එක් නියමිත කාලයක් ඇත. ඉන් පසුව ඔවුන්ට බේරීමට මාර්ගයක් දකින්නේ නැත. (18:58)
(අද දින ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියා වුවද), අප වෙත ඔවුන් පැමිණෙන දින (අපගේ නියෝගයන්ට) ඉතාමත් හොඳින් සවන් දෙනු ඇත. (අපගේ දඬුවම්) ඉතාමත් හොඳින් (තමන්ගේ ඇස් වලින්ද) දකිනු ඇත. එහෙත් එම අපරාධකරුවන් මෙදින ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටින්නාහ. නමුත් (නබියේ!) සාධාරණව විනිශ්චය දෙනු ලබන ඉතාමත් දුක්මුසු (එම) දින ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. එහෙත් (අද දින) ඔවුන් දුකෙන් තොරව සිටින්නාහ. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත. (19:38,39)
ලියන ලද ලිපිය හකුළන්නාක් මෙන් අහස හකුළන දිනදී පළමුවැනි වරට අපි ඔවුන්ව උත්පාදනය කළ ආකාරයටම (එදිනදී) අපි (ඔවුන්ට පණ දී) ඔවුන්ව පුනරුත්තාපනය කරන්නෙමු. එය අප කෙරෙහි අනිවාර්‍යයෙන් කළ යුතු පොරොන්දුවක් වන්නේය. නියත වශයෙන්ම අපි (එය) අනිවාර්‍යයෙන්ම කරන්නෙමු. (21:104)
(යුග අවසානය සඳහා) අහස පැළී යන අවස්ථාවේදී, එය (සෙයිතූන්) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත්වනු ඇත. (55:37)
මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අතහැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම පිළියෙල කර ඇත්තෙමු. (18:102) ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. (18:104) මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු (18:105)
(ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වුවහොත් (ඔහු තම දෙවියන්ට) "මගේ දෙවියනේ! මාව (ලොවට) අපසු හරවා යවනු මැන. "මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි" යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණදී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත. (23:99,100)
සූර් (නැමති හොරණෑව) පිඹිනු ලබන දිනදී බලය ඔහුටම අයත් වනු ඇත; (6:73)
සූර් පිඹිනු ලැබුවහොත් අහස් හී සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, (අල්ලාහ් අදහස් කරන්නන් හැර) හුස්ම සිර වී (සිහිසුන් වී මැරී වැටී) යන්නෙහුය. අනිත් වර සූර් පිඹිනු ලැබුවහොත් එවෙලේම ඔවුන් සියල්ලන්ම (පණ ලැබ) නැගිට ඉදිරිය බලා සිටිනු ඇත (39:68)
සූර් (නැමති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් එදිනදී ඔවුන් අතරේ බන්ධනයක් නොතිබෙනු ඇත. කෙනෙකුගේ (සුවදුක්) වෙනත් කෙනෙකු නොවිමසනු ඇත. (තම තමන්ගේ දුක් විශාලව පෙනෙනු ඇත). (23:101)
එකම එක තිගැස්සෙන සුළු ශබ්දයක් පමණක් (ඇතිවනු ඇත). එවෙලේම ඔවුන් (නැගිට අන්දමන්ද වී) ඇහැරෙන්නේය. (37:19)
(අනිත් වතාවේදී කවදා) සූර් (නැමති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වි තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ. (36:51)
කුමන කාලයකදී (සූර් නැමති නලාව) පිඹිණු ලැබ, වැරදිකරුවන්ව අපි ඒකරාශී කරන දිනදී (බියෙන්) ඔවුන්ගේ ඇස් නිල් වී යනු ඇත. ඔවුන් තමන් තුළ ඉතාමත් පහත් හඬින් (කතා කරමින්) "ඔබ එක් (දින) දහයකට අධික වශයෙන් (ලොවෙහි) රැඳී සිටියේ නැත" (යයි පවසනු ඇත). ඔවුන් කුමක් කතා කරන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන්ගෙන් ඉතාමත් විනීත ප්‍රධානියා (ඔවුන්ට) "එකම දවසක් මිස, ඔබ රැඳී සිටියේ නැත" යයි පවසනු ඇත. (20:103,104)
අහස්හිද, භූමියෙහිද ඇති සෑම දැයක්ම රහ්මාන් වෙත වහලුන් වශයෙන් පැමිණෙන්නේය. ඒ සියල්ල ඔහු පූරණ වශයෙන් ගණනය කර දැනගෙන සිටින්නේය. ඒවා සෑම එකක්ම විනිශ්චය දිනදී ඔහු වෙත තනි තනියෙන්ම පැමිණෙනු ඇත. (19:93-95)
(නබියේ!) අපි ජනතාවගේ (ගස්, වැල් ආදී භූමියෙහි ඇති) සියල්ල පහ කරන දින, ඔබ භූමිය සමතලා කර්කෂක දැයක් බවට දකින්නෙහිය. (එදිනදී) මිනිසුන්ගෙන් කිසිවෙකුත් අත්හැර නොදමා සියල්ලන්වම ඒකරාශී කරන්නෙමු. (18:47)
එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ). (55:39)
මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අතහැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම පිළියෙල කර ඇත්තෙමු. (18:102). ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. (18:104). මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු. (18:105)
(ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වුවහොත් (ඔහු තම දෙවියන්ට) "මගේ දෙවියනේ! මාව (ලොවට) අපසු හරවා යවනු මැන. "මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි" යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණදී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත. (23:99,100)
(දෙවියන් පරලොවදී මිනිසුන්ටද, ජින්වරුන්ටද) "මිනිසුනි! හා ජින් සමූහයිනී! ඔබගෙන් ඉකුත් වූ (මාගේ) දූතයින් ඔබ වෙත පැමිණ මාගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා, ඔබ (මාව) හමුවන මෙම දිනය ගැනද ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූයෙ නැද්ද? යි (විමසනු ඇත). එයට ඔවුන් '(අපගේ දෙවියනේ! ඇත්තය). මෙලොව ජීවිතය අපව රවටා දැම්මේය" යයි තමන්ට විරුද්ධවම සාක්ෂි දරණ අතර ඇත්තෙන්ම තමන් ප්‍රතික්ෂේප කරමින් සිටි බවද, තමන්ට තමන්ම විරුද්ධව ඔවුන් සාක්ෂි දරණු ඇත. (6:130)
ඔබ දෙවියන්ගේ සාධකයන් පැමිණෙන (අවසාන) දිනදී, පෙර විශ්වාස නොකර සිට, නැතහොත් විශ්වාස කර සිටීමෙන් අනතුරුව (එම විනිශ්ච දින) ඔවුන් තබන විශ්වාසය කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත; (6:158)
"මා මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍යය) මගේ ආත්මය ඇතුළු කළහොත් (ඔහුට ගෞරව කිරීමට) ඔබ නලල බිම තබා සුජූද් කරණු (යයි අණ කළේය). ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලන්ම (ඔහුට ගෞරව කිරීම සදහා) සුජූද් කළහ. ඉබිලීස් හැර, ඔහු සුජූද් කරන්නන් සමග එක්කාසු වී සුජූද් නොකර ඈත් වූවේය". (15:29,30,31).
(එයට දෙවියන්) "ඕ ඉබිලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඩුඟු වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද? යි කීවේය. (38:75)
එයට ඔහු "ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව(ලැජ්ජාවකි), කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය" යි කීවේය. (38:76)
(එවිට දෙවියන්, එසේනම්) "ඔබ මෙතැනින් පිටමං වනු. ඔබ එළවනු ලැබුවෙහිය" යි කීවේය. විනිශ්චය දින දක්වා මගේ ශාපය ඔබ කෙරෙහි නියත වශයෙන්ම තිබෙනු ඇත. (38:77,78)
(එවිට ඔහු "මගේ දෙවියනේ! (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින දක්වා මට කාල අවකාශය දෙනු මැනව" යි කීවේය. (38:79)
එයට දෙවියන්, "නියත වශයෙන්ම ඔබට අවකාශය දෙනු ලැබීය. නියමිත කාලයේ දින දක්වා (ඔබගේ වාරයයි) යයි පැවසුවේය. (38:79,80)
දෙවියන් ඔවුන් සියල්ල ඒකරාශී කරන (විනිශ්චය) දිනදී (ජින්වරුන්ට) "ඕ ජින් වාර්ගිකයිනී! ඔබ මිනිසුන්ගෙන් බොහෝමයක් දෙනාව (වැරදි යාමට සලස්වා) ඔබ සමග එක්කාසු කරගත්තා (නොවෙද?" යි විමසනු ඇත. එයට) මිනිසුන්ගෙන් වූ ඔවුන්ගේ මිතුරන් "අපගේ දෙවියනේ! අපගෙන් සමහරෙක් (වෙනස්කම් කළ) සමහරෙකු මගින් ප්‍රයෝජන අත්කරගෙන ඇත්තාහ. අපට ඔබ ඇති කළ කාලය අපි අත් පත් කර ගත්තෙමු. (අපට කුමණ නියෝගයක් ද?) යි විමසන්නාහ. (එයට දෙවියන්) "ඔබට නිරයම වාසස්ථානය වේ. (ඔබගෙන්) අල්ලාහ් (සමාව දීමට) අදහස් කරන්නන් හැර, (අන් සියල්ලම සදහටම) එහි රැඳී සිටිනු ඇත" යයි පවසන්නේය. නියත වශයෙන්ම (නබියේ!) ඔබගේ දෙවියන් ඉතාමත් ඥානවන්තයෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (6:128)
නබියේ, ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ශියක් වශයෙන්ද තබා (ඔවුන්ට) "මා ඔබගේ දෙවියන් නොවේද"? යි විමසූ විට, "ඇත්තෙන්ම (ඒ ආකාරයටම) අපි සාක්ශි දරන්නෙමු" යැයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටියෙමු" යැයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සදහාද..,(7:172)
තවද අපගේ ආයාවන් සමගද, පැහැදිලි සාධකයන් සමගද මූසාව (අපගේදූතයා වශයෙන් ෆිරවුන් වෙතද, ඔහුගේ ජනතාව වෙතද) නියත වශයෙන්ම අපි යැව්වෙමු. (එබැවින්) ෆිරවුන් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිරවුන්ගේ නියෝගය (ඔහුගේ සමූහය) අනුගමනය කරමින් සිටියහ. ෆිරවුන් ගේ නියෝගයන් නම්, ඍජු මාර්ගයෙහි තිබුනේ නැත. විනිශ්චය දිනදී ඔහු තම ජනතාව ඉදිරියේ (මාර්ගෝපදේශකයෙකු වශයෙන්) ගොස් ඔවුන්ව නිරයෙහි සේන්දු කරනු ඇත. ඔවුන් යන තැන ඉතාමත් නපුරුය. (11:96-89)
ෆිරවුන්ගේ ජනතාව නපුරු දඬුවමෙන් වටකර ගත්තේය; උදේ සවස (මිනී වල තුල සිටියදී) ඔවුන් නිරා ගින්න බලා යනු ලබන්නාහ. (විනිශ්චය) කාලය සිදුවන දිනදී නම් "ෆිරවුන් ගේ ජනතාව දරුණු දඬුවමෙහි ඇතුළු කරනු' (යයි කියනු ලැබේ). (40:45,46)
(නබියේ!) අල්ලාහ් හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා විසින් කිසිවක් උත්පාදනය කළ නොහැක. ඒවාද (ඔහු විසින්) උත්පාදනය කළ දැය වන්නේය. (තවද ඒවා) පණ ඇති දැයද නොව, පණ නැති දැයයි. (මරණයට පත් වූවන්) කවදා (පණ ලබාදී) නැගිටවනු ලබන්නේදැය් යන්නද ඒවා දන්නේ නැත. (එබැවින් ඒවා කුමණ ප්‍රයෝජනයක් නම් ලබා දේවිද?). (16:20,21)
මිනිසුනේ! ඔබ, ඔබගේ දෙවියන්ට බිය වනු. නියත වශයෙන්ම විනිශ්චය දින කම්පනයෙන් යුතු ඉමහත් වැඩ සටහනක් වන්නේය. (නබියේ!) එදිනදී, කිරි පොවමින් සිටින සෑම මවක්ම තමන් කිරි පොවන ළදරුවා අමතක කර දමන්නීය. සෑම ගැබිණියකගේම ගැබ්බර සිඳී විසිරී යනු ඔබ දකින්නෙහිය. මිනිසුන් සිහි බුද්ධිය සිඳී ගියවුන් වශයෙන් සිටිනු ඔබ දකින්නෙහිය; (22:1,2)
මිනිසුනේ! ඔබගේ දෙවියන්ට බිය වනු. එක් දිනක් ගැන බිය වනු. (එදිනදී) පියා දරුවාට උදව් කරන්නේ නැත. දරුවා පියාට උදව් කරන්නේ නැත. (සෑම දෙනෙකුම තමන්ව බේරා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින දිනයකි); (31:33)
(අපරාධකාරයින් වාසය කරන) කුමන රටක් හෝ විනිශ්චය දිනට පෙර අපි විනාශ කර නොදමා හෝ නැතහොත් දරුණු දඬුවම් නොකර හෝ අතහැර දමන්නේ නැත. මෙසේම (අප වෙත ඇති සිදුවීම් සටහන වන) ලව්හුල් මහ්ෆූල්හී සැලසුම් කර ඇත්තේය. (17:58)
("අද දින ඔබ දෙවියන්ව පිළිකුල් කළා වුවද, ඔහු) ඔබව (ප්‍රශ්න කිරීම සඳහා) කැඳවන දින ඔබ ඔහුව නමස්කාර කරමින්ම ඔහු වෙත පැමිණෙනු ඇත:(17:52)
"තවද ඔබ ප්‍රතික්ෂේප කළා වුවද, මා (මගේ දූත මෙහෙවර) ඔබ සියල්ලටම සමාන වන සේ ගෙනහැර දැක්වූයෙමි. ඔබට බිය ගන්වනු ලබන දඬුවම (අනිවාර්‍යයෙන්ම පැමිණෙන්නේය. එහෙත් එය) සමීපයෙහි ඇත්තේද, දුරින් ඇත්තේද යන්න මා නොදන්නෙමි" යයි (නබියේ ඔබ) පවසනු මැනව! (21:109)
ප්‍රතික්ෂේප කරන්නන්ට (විනිශ්චය දිනදී), ඔවුන් නොසිතූ සියල්ල අල්ලාහ් වෙතින් ඔවුන්ට එළිදරව් වනු ඇත; (39:47)
විනිශ්චය දිනය පැමිණෙන තුරු, නැතහොත් (දරුණු) දඬුවමට අයත් අභාග්‍යය සම්පන්න දිනය ඔවුන් වෙත පැමිණෙන තුරු, මේ ගැන සැකයෙන්ම ගැලී සිටිනු ඇත. (22:55)
කවුරුන් අල්ලාහ් වැරදි මාර්ගයේ අත් හැර දමන්නෝද. එවැන්නන්ට උදව් කරන්නන් කිසිවෙකු ඔබ නොදකින්නෙහිය. තවද විනිශ්චය දිනදී ඔවුන්ව අන්ධයින් වශයෙන්ද, ගොළුවන් වශයෙන් ද, බිහිරන් වශයෙන්ද, (පත් කර) ඔවුන් තමන්ගේ මූණින් වැටී බඩගාමින් එන්නට (සලස්වා), ඔවුන්ව ඒකරාශී කරන්නෙමු. ඔවුන් රැදෙන ස්ථානය නිරයයි; (17:97)
විනිශ්චය දිනදී තමන්ගේ පව් බර, මොවුන් පූර්ණ වශයෙන් උසුළන අතර බුද්ධියක් නොමැතිව මොවුන් මාර්ගය වැරද යැවූ අන් අයගේ පව් බරද මොවුන්ම උසුළන්නාහ. (මෙසේ දෙදෙනාගේම පව් බර) මොවුන්ම ඉසිළීම ඉතාමත් නපුරන් නොවේද? (16:25)
(නබියේ!) මරණයට පත් වූවන්ට අල්ලාහ් පණ ලබා දී නැගිට්ටවනු ලබන්නේ නැත යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් අල්ලාහ් මත ඉතාමත් ස්ථිර වූ දිව්රුම් කරන්නාහ. එසේ නොව, "(ඔබට පණ දී නැගිට්ටවන්නෙමි" යයි) ඔහු දුන් පොරොන්දුව සම්පූර්ණයෙන්ම සත්‍යයකි! එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් මෙය දැන ගන්නේ නැත. (16:38)
(මෙලොවදී) ඔවුන් තර්ක කරමින් සිටි දැය ඔවුන්ට අල්ලාහ් පැහැදිලිව දැනුම් දීම සඳහාද, ප්‍රතික්ෂේප කරන්නන් තමන්ම බොරුකාරයින් යන්න දැන ගැනීම සඳහාද, (පරලොවදී ඔවුන්ට පණ දෙනු ලබන්නාහ. එසේ ඔවුන්ව නැගිට්ටුවීම අපට එතරම් කාරියක් නොව). (16:39)
මෙම අපරාධකාරයින් (පරලොවදී) දඬුවම (ඇස්වලින්) දුටු පසු, (ඔවුන් කුමණ ප්‍රශංසාවක් කළා වුවද), ඔවුන්ට (දඬුවම) අඩු කරනු ලබන්නේ නැත. තවද ඔවුන්ට අවකාශය්ක් දෙනු නොලැබේ. (16:85)
(නබියේ!) මෙසේම (ඔබට) පෙර ඉකුත් වී ගිය අයගෙන් වූ ඉතිහාසයන් (නැවතත්) අපි ඔබට පවසන්නෙමු. අප වෙතින් හොඳ ඔවදන් (වලින් යුත් මෙම ධර්මය) නියත වශයෙන්ම අපි ඔබට ලබා දුන්නෙමු. කවුරුන් එය ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු විනිශ්චය දිනදී නියත වශයෙන්ම (විශාල වූ) පාපයක්ම උසුලණු ඇත. එහි ඔහු සැමදා (එය උසුලාගෙනම) සිටිනු ඇත. විනිශ්චය දිනදී ඔවුන් උසුළන මෙම බර, ඉතාමත් නපුරුය. (20:99-101)
විනිශ්චය කාලය සිදුවන දින, (එදිනදී) ඔවුන් (හොඳ අය, නපුරු අය යනුවෙන්) බෙදා වෙක් කර හරිනු ලබන්නාහ. (30:14)
භූමිය තම දෙවියන්ගේ ආලෝකය මගින් ආලෝකමත්ව බැබලෙන්නේය, (ඔවුනොවුන්ගේ) සටහන් පිටුව (ඔවුන් ඉදිරියේ) තබනු ලැබේ. නබිවරුන්වද, (ඔවුන්ගේ අනිත්) සාක්ෂීන්ද ගෙන එනු ලැබ, ඔවුන් අතරේ සාධාරණ ලෙස තීන්දු දෙනු ලැබේ. (ඔවුන්ගේ පින් වලින් එක් අනු ප්‍රමාණයක් හෝ අඩුකර හෝ, පපයන්ගෙන් එක් අනු ප්‍රමාණයක් හෝ වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු ලබන්නේ නැත. (39:69)
(නබියේ!) ඔබ වෙතින් ඔවුන් කඳු ගැන (ලෝක විනාශයේදී එහි ඉරණම කුමක් සිදු වන්නේදැයි) විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු. "මගේ දෙවියන් ඒවා සුණු විසුණු කර (සී සීකඩ විසුරුවා) හරිනු ඇත". "ඒවා සමතලා කර හරිනු ඇත". "ඒවායේ පොඩියක් හෝ කඳු පල්ලම් ඔබ නොදකින්නෙහුය". "එදිනදී (සියල්ලන්ම, සැමදා) කැඳවන්නාගේ ශබ්දයම අනුගමනය කර යන්නාහ. එහි කිසිම වරදක් ඇති වන්නේ නැත. රහ්මාන්ට බියවී සියළු ශබ්දයන් අඩු වී යනු ඇත. (පහත් හඬින් වූ) අඩි ශබ්දය මිස, (වෙන කිසිවක්) ඔබ නොඅසන්නෙහිය". එදිනදී රහ්මාන් කවුරුන් හට අනුමැතිය දී ඔවුන්ගේ වදන අසන්නට අදහස් කරන්නේද, ඔවුන්ව හැර වෙන කිසිවෙකුගේ මැදිහත් වීම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. ඔවුන්ට ඉදිරියෙන් ඇති ඩහෙයද, පසුපසින් ඇති දැයද, ඔහු හොඳින් දන්නේය. එහෙත් ඔවුන්ට ඔහුව (තමන්ගේ) අධ්‍යාපන දැනුම මගින් දැනගත නොහැකිය. (එදිනදී) සදා අමරණීය ස්ථිර වන්නා (වූ දෙවියන්) ඉදිරියේ සියල්ලන්ගේ මුහුණුද බිමට පහත් වනු ඇත. කවුරුන් අපරාධය උසුළා ගත්තේද, ඔහු පරාජිත වන්නේය. කවුරුන් විශ්වාසය තැබුවන් වශයෙන් සිටිමින් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (තමන්ගේ හොඳ ඵලවිපාක පොඩියක් හෝ) විනාශ වී යනු ඇතැයි හෝ අඩු වී යනු ඇතැයි හෝ බිය වන්නේ නැත.
(20:99-112)
(නබියේ! එම පාපතරයන්) තමන් වෙත හදිසියේ පැමිණිය හැකි විනිශ්චය (දින දඬුවම) මිස, වෙන කිසිවක් ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? මන්ද යත් එහි සළකුණු නියත වශයෙන්ම පැමිණ ඇත. එය ඔවුන් වෙත පැමිණි පසු (එ ගැන) ඔවුන්ට අවවාද කිරීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? (47:18)
(මරණයට පත් වූවන් වසාගෙන සිටින) භූමිය ඉතාමත් තීව්‍ර වශයෙන් (පුපුරා) ඔවුන්ගෙන් ඈත් වන දිනයද (අවධානයෙන් යුතුව තබා ගනු). එය (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරන දිනයයි. (මෙසේ ඒකරාශී කිරීම) අපට ඉතාමත් පහසු දැයකි. (50:44)
(නබියේ! ඔවුන්ට ඔබ එක් දිනක් ගැන මතක් කර දෙනු. පිළිරූ වන්දනා කරන්නන් තමන්ගේ උත්සව දිනයන්හී පූජාව සඳහා සිටුවන ලද) කොඩි දෙසට වේගයෙන් දිව යන්නාක් මෙන් සොහොන් වලින් පිටවී (මහෂර් නැමති පිටියට) ඉතා තීව්‍රව යන්නාහ. (70;43)
සූර් පිඹිනු ලබන දිනදී, අල්ලාහ් (බේරා ගැනීමට) අදහස් කරන අය හැර, අහස් හිද, භූමියෙහිද, සිටින සියල්ලන්ම තිගැස්සී වෙව්ලමින් හිස නවාගත් අය වශයෙන් ඔහු වෙත පැමිණ සේන්දු වනු ඇත. ඔබ දකින කඳු, ඒවා ඉතාමත් ස්ථිරව සිටින බවට අදහස් කරමින් සිටින්නෙහුය. (එහෙත් එදිනදී) ඒවා වලාකුළු මෙන් (අහසෙහි) විසිරී පියාඹා යනු ඇත. සෑම වස්තුවක්ම (උත්පාදනය කර), ස්ථිර වශයෙන් පිළිවෙලකට තැබූ අල්ලාහ්ගේ කලාවට අනුව (එසේ සිදුවනු ඇත); (27:87,88)
අහස් වලාකුළෙන් වෙන් වෙන දිනදී මලායිකාවරුන් සමූහ සමූහ වශයෙන් බසිනු ඇත. එදිනදී සත්‍යය වූ රාජ්‍යය රහ්මාන් (එක්කෙනෙකු)ටම ඇත්තේය. (එය) ප්‍රතික්ෂේප කරන්නන්ට (ඉතාමත්) දරුණු දිනයක් වශයෙන්ද තිබෙණු ඇත. (25:25,26)
එදිනදී අහස අධික ලෙස රත් වූ තඹ මෙන් (රතු පැහැය) බවට පත් වන්නේය. කඳු පුළුන් මෙන් පාවී යනු ඇත. (එසේම) එක් මිතුරෙකු තවත් මිතුරෙකුගෙන් සුවදුක් විමසන්නේ නැත. (ඔවුන්) කෙනෙකු තවත් කෙනෙකුව මුණ ගැහෙන්නට සිදු වුනා වුවද (කම් නැත!). වැරදිකරුවන් එදිනදී දඬුවමට වන්දි වශයෙන් තමන්ගේ දරුවන්වද, තමන්ගේ භාර්‍යයාවන්වද,තමන්ගේ සහෝදරයන්වද, තමන් ආධාර උපකාර කරමින් සිටි තමන්ගේ ඥාතීන්වද, තවද භූමියෙහි ඇති සියල්ලම දී හෝ බේරෙන්නට කැමති වනු ඇත. (එහෙත් එය) සිදුවන්නට හැකි දැයක් නොව; (70:8-15)
මෙදිනදී අපරාධකරයා තමන්ගේ දෑත් සපා ගනිමින් (අපගේ) "දූතයා සමග මමත් (ඍජු) මාර්ගය අනුගමනය කර ගියා නම් හොඳයි නොවෙද?" යි පවසනු ඇත. (තවද) "මගේ ශෝකයයි! (පාපයන් කරන මෙන් මාව පෙළඹවූ) අසවලා, මා මගේ මිතුරෙකු වශයෙන් නොගෙන සිටියා නම් හොඳයි නොවෙද? මා වෙත හොඳ ඔවදන් පැමිණි පසුවද, එයින් ඔහුම මාව මාර්ගය වැරද යැව්වේය! එම ෂෙයිතාන්, මිනිසාට ඉමහත් කුමන්ත්‍රණ කාරයෙකු වශයෙන් සිටියේය!" (යයිද විලාප නගනු ඇත). (25:28,29)
"කවුරුන් මගේ ඔවදන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුගේ ජීවිතය නියත වශයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිබෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිටවන්නෙමු" යි පැවසුවේය. (20:124)
මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ, (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ පැහැදිලි ධර්ම (සාධකයන්) හෝ නොමැතිවම අල්ලහ් ගැන තර්ක කරන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා දමනු පිණිස, උඩඟුකමින් යුතුව (මෙසේ තර්ක කරන්නාහ). මෙලොවදී ඔවුන්ට අවමානයයි. විනිශ්චය දිනදී නම්, දැවෙන ගින්නෙහි දඬුවමම ඔවුන්ට විඳින්නට සලස්වන්නෙමු. (22:8,9)
භය භක්තිකයන් මිස, (ප්‍රතික්ෂේප කරන්නන්ගේ) මිතුරන්ම එදිනදී කෙනෙකුට කෙනෙකු සතුරන් බවට පත් වනු ඇත. (43:67)
විශ්වාසවන්තයින්ද, යුදෙව්වන්ද, (පිළිම නමදින) සාබීයින්වරුන්ද, ක්‍රිස්තියානුවන්ද, (ගින්දර නමදින) මජූසි වරුන්ද, සමානයන්තබා නමදින්නන්ද, (ආදී සෑම දෙනාම, තමන්ම) ඍජු මාර්ගයෙහි සිටින්නන් යයි පවසන්නාහ. එහෙත් කවුරුන් ඍජු මාර්ගයෙහි ඇත්තේය යන්න මොවුන් අතරේ නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය දිනදී තීන්දුවක් දෙනු ඇත. (මොවුන්ගේ ක්‍රියාවන්) සියල්ල අල්ලාහ් නියත වශයෙන්ම අවධානය කරමින්ම සිටින්නේය. (22:17)
(අවසාන දිනය ගැන වූ) පොරොන්දුව ඔවුන්ට ලඟා වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් භූමියෙන් එක් සතෙකු අපි ඉකුත් කරන්නෙමු. එය නියත වශයෙන්ම (කුමන) මිනිසුන් අපගේ ආයාවන් විශ්වාස නොකළෝද, යන්න ඔවුන්ට කියා පානු ඇත. (27:82)
නියත වශයෙන්ම ඔහු (ඊසා අ.ස) පැමිණීම විනිශ්චය කාලයට අයත් සාධකයක් වන්නේය. එබැවින් නියත වශයෙන්ම ඔබ මෙහි සැක නොසිතනු. මාවම අනුගමනය කර කටයුතු කරනු. මෙයම ඍජු මාර්ගය වන්නේය. (43:61)
(යුග අවසානය නැමති) අති විශාල සිද්ධිය සිදු වුවහොත්, එම සිද්ධිය බොරු කරන කිසිවෙකුත් නැත. එය බොහෝමයකගේ තත්වය පහත හෙලා දමනු ඇත. බොහෝමයකගේ තත්වය උසස් කර හරිණු ඇත, ඒ අවස්ථාවේදී ඉතාමත් බලසම්පන්න භූමිකම්පාවක් ඇති වී, කඳු (විනාශ වී එකකට එකක් ගැටී) සුණු විසුණු වී දූවිළි අනු බවට පත් වී, ඒවා (අහසෙහි) දූවිළි වශයෙන් පාවී යනු ඇත. (56:1-6)
එදිනදී ඔබ කොටස් තුනකට බෙදී යන්නෙහුය. (පළමුව) දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ ඇති අය කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්‍යයවන්තයින්ය). (දෙවනුව) වම් පාර්ශවයේ ඇති අයයි. වම් පාර්ශවයේ ඇති අය කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් අභාග්‍යයවන්තයින්ය). (තුන්වෙනුව) පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්ගෙන් අන් සියල්ලටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි. (56:7-10)
(ඔවුන් සමග සිටින) ඔබගේ පරම්පරාවේ දරුවන්ද, ඔබගේ ඥාතී සම්බන්ධක්ම්ද, විනිශ්චය දිනදී ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එදිනදී අල්ලාහ් ඔබ අතරේ තීන්දු දෙනු ඇත); (60:3)
(එකකට පසු එකක් වශයෙන්) ක්ෂනිකව යවන ලද සුළං මතද, වේගයෙන් හමන සුළි සුළං මතද, විසුරුවා හැරිය වැහි වළාකුළු මතද, (ඇත්ත බොරුව අතරේ) පැහැදිළිව වෙන් කර ඇති දැය (වන ධර්මය) මතද, මතක් කර දෙන අය (දූතයන්) මතද, සමාව හෝ නැතහොත් අනතුරු ඇඟවීම මතද සත්තකින්ම! නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දැය අනිවාර්‍යයයෙන්ම පැමිණෙන්නේය. (77:1-7) ඒ අවස්ථාවේදී තාරකාවන්ගේ තම ආලෝකය සිඳී යනු ඇත. අහස පැළී යනු ඇත. කඳු (දූවිලි මෙන්) පාවී යනු ඇත. නියමිත කාලයෙහි (සාක්ෂි කීමට) දූතයින්ව ඒකරාශී කරනු ලබන්නාහ. (මේ සියල්ල) කුමන දවසක් දක්වා කල් දමා ඇත්තේද, (යන්න නබියේ! ඔබ දන්නෙහිද?). විනිශ්චය දෙනු ලබන එදින දක්වායි. (77:8-13) (නබියේ!) තීන්දු දෙනු ලබන දවසේ ගුණාංගයන් ඔබ දන්නෙහිද? අපගේ ආයාවන් බොරු කළ අයට එදිනදී විනාශයයි! (එය බොරු කරමින් සිටි) පෙර සිටියවුන්වද අපි විනාශ කර දැමුවේ නැද්ද? ඊට පසු සිටි අයවද (විනාශ වී ගිය ඔවුන්ව), අනුගමනය කරන මෙන් සලස්වා, (ඔවුන්වද විනාශ කර දැමුවෙමු). එබැවින් අපගේ ආයාවන් බොරු කරන්නන්ට එදිනදී විනාශයයි. (77:14-19)
(යුග අවසානය සඳහා) සූර්‍යයාගේ ආලෝකය මැකී යන විට, තාරකාවන්ගේ දීප්තිමත් ආලෝකය සිඳී කඩා වැටෙන විට, කඳු තල්ලුකර, පාවෙන්නට සලස්වන විට, (දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට, කැලේ සතුන් (ගම්වල) ඒකරාශී කරනු ලබන විට, මුහුදු උතුරා (ගොද ගොද ගා) නටන්නට සලස්වන විට, පණපිටින් වළලනු ලැබූ ගැහැණු දරුවන්ට "කුමණ වරදක් සඳහා (පනපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?" යි විමසනු ලබන්නාහ. විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට, අහස් (පැලී) ඈත් කරනු ලබන විට, නිරය දවනු ලබන විට, ස්වර්ගය (අලංකාරවත් කරනු ලැබ,) සමීපයට ගෙන එනු ලබන විට, සෑම ආත්මයක්ම (පින් හෝ පව් හෝ) තම ඉදිරියේ තිබීම හොඳින් දැන ගනු ඇත. (81:1-14)
එදිනදී මිනිසුන් සියල්ලන්ම ලෝකයන්හී අධිපති දෙවියන් ඉදිරියේ (විනිශ්චය සඳහා) සිටගෙන සිටිනු ඇත. එහෙත් පාපතරයින්ගේ ලැයිස්තුව සිජ්ජීන්හී ඇත්තේය. (නබියේ!) සිජ්ජීන් යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද? (එය එක්තරා සටහන්) පොතකි. (දඬුවම් කරනු ලැබිය යුතු අයගේ නම් සියල්ල එහි) සටහන් කරනු ලැබ ඇත්තේය. මෙය බොරු කරන්නන්ට එදිනදී විනාශයයි. ඔවුන් (මෙය පමණක්ද බොරු කරන්නේ?) ඵලවිපාක දෙන දිනයද බොරු කරන්නාහ. සීමාව ඉක්මවූ පාපතරයින් සියල්ලන්ම හැර (වෙන කිසිවෙකුත්) එය බොරු කරන්නේ නැත. (83:6-12)
මිනිසාණෙනී! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතුවල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින් සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමුවන්නෙහිය.
එබැවින් (එදිනදී) කවුරුන්ගේ දකුණු අතෙහි ඔහුගේ ක්‍රියාකාරකම් සටහන ලබා දෙනු ලැබ ඇත්තේද, ඔහුගෙන් ඉතාමත් පහසුවෙන් ගණනය විමසණු ලබන්නේය. ඔහු සතුටට පත් වූවෙකු වශයෙන් (ස්වර්ගයෙහි සිටින) තමන්ගේ පව්ලේ උදවිය වෙත ආපසු හැරෙන්නේය. කවුරුන්ගේ ක්‍රියාකාරකම් සටහන ඔහුගේ පිට කොන්ද පැත්තෙන් දෙනු ලබන්නේද, ඔහු තමන්ටම විනාශයයි කෑ ගසමින්, දැවෙන ගින්න සහිත නිරයට ඇතුළු වන්නේය. (84:6-12)
by sjw