
විශ්මිත මිනිස් සිරුර
විශ්මිත මිනිස් සිරුරේ රූප සහ විස්තර බැලීමට පෙර පහත සඳහන් වටිනා තොරතුර දෙස ඔබේ අවධානය යොමු කරන්න.
මිනිස් සිරුර නිර්මාණය වී ඇත්තේ විවිධ ඒකක ට්‍රිලියන ගනනින් ඉතා සූක්ෂමව හා ක්‍රමානුකූලව ඒවා එකිනෙක අතර සම්බන්ධ වීමෙනි.
අප අත්දැකීමෙන්ම දන්නවා සමහර අසනීප තත්ව නිසා මුළු ශරීරයම අඩපන වී දොස්තර මහතා හමුවන්න ගියාම ඔහු අපව පරික්ෂා කර බලා පවසනවා "ඔබට විටමීන් B වල අඩුවක් තියෙන්නෙ. ඒක නියමිත ප්‍රමානයෙන් ගත්තම ඔබ සනීප වෙයි", එහෙම කියලා සමහරු පොඩි වෛද්‍ය උපදෙසෙකුත් දෙනව මෙහෙම.
"විටමින් B ඌනතාවය ඇති වූ විට තෙහෙට්ටුව, මාංශ පේශී වල කැක්කුම හෝ ව්‍යාකූලත්වය වැනි රෝග ලක්ෂණ මතුවෙනවා. B විටමින් යනු සෛල සෞඛ්‍යය සම්පන්නව පවත්වා ගැනීමට සහ ඔබව ශක්ති සම්පන්නව තබා ගැනීමට වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ අටක කාණ්ඩයකි. සමහර ආහාර වර්ග B විටමින් මධ්‍යස්ථ මට්ටමක පවතින අතර ඇතැම් ආහාරවල නිශ්චිත බී විටමින් වර්ග විශේෂයෙන් වැඩි හෝ අඩු විය හැක. එනිසා හොඳින් සමබර ආහාර ගැනීම ඔබේ ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට හොඳම ක්‍රමය වේ. කුඩා ප්‍රමාණවලින් වුවද ඔබේ සෞඛ්‍යයට උපකාර කිරීමට අවශ්‍ය මූලික පෝෂ්‍ය පදාර්ථ හයක් ඇත. එනම් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේද, විටමින්, ඛනිජ ලවණ සහ ජලයයි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ යනු ශරීරයට මූලික කාර්යයන් ඉටු කිරීමට සහ වර්ධනය වීමට අවශ්‍ය සංයෝග වේ. එම නිසා මේ පිළිබඳව සැලකිළිමත් වීම තම ශරීරය නිරෝගීව තබා ගැනීමට ප්‍රභල හේතුවක් වේ".
ඔබේ ශරීරය අවයව 80කින් පමණ සමන්විත විශ්මිත (ඇදහිය නොහැකි තරම් සංකීර්ණ) නිර්මාණයකි.
ඔබට එම අවයවයන් පිළිබඳව විමසිලිමත්ව බලන්න වෙලාවක් තිබුනාද? මදක් නතර වී මෙය කියවා බලන්න.
මේ ඔබ සතු විශ්මිත අවයවයන් කිහිපයකි.
ඇස්, කන්, නාසය, දිව, සම, මුඛය, දත්, මොළය, තයිරොයිඩ්, ස්නායු, හදවත, ධමනි, කේශනාලිකා, ශිරා, පෙනහළු, මාංශ, පේශී, චර්මාභ්‍යන්තර පටක, අක්මාව, ප්‍රාචීරය, ඇටසැකිලි, කොඳු ඇට පෙළ, ඇටමිදුළු, අග්න්‍යාශය, නියපොතු, ස්වරාලය, ලවණ ග්‍රන්ථි, අන්තරාලය, රෝම කූප, වසා ගැටිති, අග්න්‍යාශය, පිටියුටරි ග්‍රන්ථිය, පුරස්ථි ග්‍රන්ථි, පියයුර, ආමාශය, කුඩා අන්ත්‍ර, විශාල අන්ත්‍ර, වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය, ගුද මාර්ගය, ගුදය, වෘෂණ කෝෂ ශිෂ්ණය නාභිය, ගර්භාෂය, වැදෑමහ, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල, ගැබ්ගෙල, යෝනි මාර්ගය, භගමණිය...,
මෙය කියවන ඔබ මිනිස් සිරුර සම්බන්ධ විශේසඥ වෛද්‍යවරයෙක් වීමටද පුළුවන. ඔබ තව දුරටත් විශ්වාස කරනවා නම් ආදී සූපයයෙන් සහ ඩාවින්ගේ පරිණාමවාදයට අනුව මේ තරම් සංකීර්ණ තත්වයක් කරා මිනිස් සිරුර ඉබේ සැකසුනා කියා, එසේ නම ඔබට කොතැනක හෝ වැරදිලා ඇත. එය තහවුරුකරගෙනම මෙහි විශ්මිත බව අත් විදීමට මුලින්ම පරිණාමවාදය සහ දෙවියන්ගේ නිර්මාණ යන ලිපිය කියවා බලන ලෙසට මම ඔබට ආරාධනා කරමි.
දෙවියන් විසින් විශ්මිත අයුරින් මිනිසාව නිර්මාණය කළ බව දිව්‍ය හෙලිදරව්වක් වන ශුද්ධ වූ කුරාණය තුලින් අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇත. ඉන් කිහිපයක් මෙහි සඳහන් කර ඇති අතර වැඩි විස්තර මෙහි අවසානයට ඇති සබැදි වලින් ලබා ගත හැක.
සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් (දෙවිඳුන්) විසින් මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. (46:2)
(මිනිසුනේ!) මෙම කුරානය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම්, මෙහි අනන්තවත් වැරදිද, භේදයන්ද ඔවුන් දකිනු ඇත. (4:82)
මිනිසුන්ව තෘප්තියට පත් කිරීමට අවශ්‍යය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (30:58)
"මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද?" (47:24).
නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරිමැටි සාරයෙන් උත්පාදනය කළෙමු. පසුව එය අපි ඉන්ද්‍රීය බිඳක් බවට පත්කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැම්පත් කළෙමු. පසුව එම ඉන්ද්‍රීය බිඳ ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළැමු. පසුව එම මාංශ පිණ්ඩයේ ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිල්ලට මස් මාංශ ඇන්දෙව්වෙමු. පසුව එය (පූර්ණ) මිනිස් ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ අල්ලාහ් ඉමහත් භාගය්‍යවන්තයෙකි. ඔහු උත්පාදකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි (23:12,13,14)
නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත්) ප්‍රමාණයට අනුවම නිර්මාණය කර ඇත්තෙමු. (54:49)
ඔහුම ඔබව උත්පාදනය කළ අයයි. (එසේ තිබියදී) ඔහුව ප්‍රතික්ෂේප කරන අයද ඔබගෙන් ඇත. (ඔහුව) විශ්වාස කරන අයද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය. (64:2)
බැලිය හැකි ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. දිවක්ද, තොල් දෙකක්ද (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?). ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද? නැත. (90:8,9)
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද, ඔබට කණ්ද, ඇස්ද, හෘදයද, ලබා දුන් අය ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව.(16:78)
ඔබේ ශරීරය සෛල ට්‍රිලියන 36 කින් පමණ සමන්විත වන අතර එය විවිධ වර්ග 200 කට පමණ බෙදා ඇත.
සෛල බිලියන 100ක් පමණ සහිතව ඔබේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය වන සම සෑදී ඇත.
මොළයේ ඇති නියුරෝන බිලියන 100 ක් පමණ ඔබට දිනකට සිතුවිලි 60,000 ක් පමණ සැකසීමට ඉඩ සලසයි.
ඔබ සතුව දෘෂ්ටි විතානයේ සෛල මිලියන 127 ක් පමණ ප්‍රමාණය ඇති අතර එමඟින් ඔබට විවිධ වර්ණ මිලියන 10 ක් වැනි පරාසයක් තුල විවිධ වර්ණවලින් ලෝකය දැකීමට ඉඩ සලසයි.
ඔබේ හදවත දිනකට හෘද ස්පන්දන 100,000 ක් හෝ වසරකට මිලියන 36 ක් පමණ ස්පන්දනය කරයි.
ඔබේ ශරීරයේ රතු රුධිර සෛල ට්‍රිලියන 30ක්, රුධිර නාල බිලියන 42ක් සහ ලේ ලීටර් 6ක් (ගැලුම් 1.6ක්) පමණ ඇත.
ඔබේ රුධිරය ඔබේ සිරුරේ බරෙන් 10%ක් පමණ වේ.
ඔබේ නාසයේ විවිධ ගන්ධයන් 50,000ක් පමණ වෙන්කර හඳුනා ගැනීමට ඉඩ සලසන ආඝ්‍රාණ ප්‍රතිග්‍රාහක 1000ක් පමණ ඇත.
ඔබේ පෙනහළු ඔබට දිනකට හුස්ම 23,000 ක් පමණ හුස්ම ගැනීමට ඉඩ සලසයි,
ඔබට මාංශ පේශී 640ක්, සන්ධි 360ක්, අස්ථි 206ක් සහ රෝම කූප 100,000ක් පමණ ඇත.
ඔබ ඔබේ ජීවිත කාලය තුළ කෙල ලීටර් 23,000 (ගැලුම් 6,075) පමණ නිෂ්පාදනය කරයි, එය පිහිනුම් තටාක දෙකක් පිරවීමට ප්‍රමාණවත් වේ.


ඔබ සතුව දෘෂ්ටි විතානයේ සෛල මිලියන 127 ක් පමණ ඇති අතර එමඟින් ඔබට විවිධ වර්ණ මිලියන 10 ක් වැනි පරාසයක් තුල විවිධ වර්ණවලින් ලෝකය දැකීමට ඉඩ සලසයි.

සාමාන්ය මනුෂ්‍යයෙකුගේ සිරුරේ සෛල වර්ග 200ක් පමන ඇත.
වැඩුනු පිරිමියෙකුගේ සිරුරේ සෛල ට්‍රිලියන 36 (36,000,000,000,000) පමණද, කාන්තාවකගේ සිරුරේ සෛල ට්‍රිලියන 28ක් පමණද, අවුරුදු 10ක දරුවෙකුගේ සිරුරේ සෛල ට්‍රිලියන 17ක් පමණද ඇත.
ඊට අමතරව මිනිස් සිරුර තුළ සහ ඒ මත තවත් බැක්ටීරියා (වර්ග දහසක් පමන) ගනනින් ට්‍රිලියන 39 ක් පමණ ක්‍රියාත්මකව ඇත.

බැක්ටීරියා සෛලයක දළ රූප සටහනක්

හෘදය
ඔබේ හදවත දිනකට 100,000 වාරයක් ස්පන්දනය වේ - එය දළ වශයෙන් වසරකට ස්පන්දන මිලියන 35 ක් සහ ජීවිත කාලය තුළ ස්පන්දන බිලියන 2.5 කි.
සෑම ස්පන්දනයකින්ම, හෘදය ශිරා සහ ධමනි විශාල ජාලයක් හරහා රුධිරය පොම්ප කරයි, සෑම සෛලයකටම ඔක්සිජන් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන අතරම කාබන් ඩයොක්සයිඩ් සහ අපද්‍රව්‍ය එකවර ඉවත් කරයි.
ඇත්ත වශයෙන්ම, ඔබේ හදවත කොපමණ රුධිර ප්‍රමාණයක් පොම්ප කරයිද යත් එය එක් දිනක් තුළ ඔබේ ශරීරය හරහා සැතපුම් 12,000 (කිලෝමීටර් 19,000) පමණ ගමන් කරයි, එය පෘථිවියේ විෂ්කම්භය මෙන් දෙගුණයක් වේ.
තවද මෙම විශිෂ්ට ඉන්ද්‍රිය හෙවත් එන්ජිම වෙහෙස නොබලා ක්‍රියා කරයි. ජීවිත කාලය පුරාවටම නොනවත්වා ඇති වූ හෘද ස්පන්දන ගණන සලකා බැලීමේදී මෙම කුඩා නමුත් බලවත් ඉන්ද්‍රියයට ඇදහිය නොහැකි කල්පැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බවට සාක්ෂි දරයි.

මිනිස් මොළයේ මතක ධාරිතාවය
Scientific American සඟරාවේ ලිපියක සඳහන් කර ඇති පරිදි වැඩිහිටි මිනිස් මොළයට ගිගාබයිට් මිලියන 2.5 (2,500,000GB)කට සමාන මතකයක් රැස් කර ගත හැකිය. iPhone 8plus දුරකථනයක ගබඩා ධාරිතාව 256GB කි. එනම් මිනිස් මොළයේ ධාරිතාවය දළ වශයෙන් iPhone 8plus දුරකථන 9,765 කට සමානය. එය තව විදිහකින් කියනවා නම්, 1GB ප්‍රමාණයේ පැය දෙකේ චිත්‍රපට මිලියන 2.5 ක් ගබඩා කල හැක. ඒවා එක දිගටම බලන්න ගත්තොත් ඔබට පැය මිලියන 5ක් ගත වෙයි, එනම් වසර 570ක් ගත වෙයි.
මොළයේ සෛල
නව පර්යේෂණ වලට අනුව සාමාන්‍ය පිරිමි මොළයේ සෛල බිලියන 171 (171,000,000,000) ක් පමණ ඇත. එයින් බිලියන 86 ක් පමණ නියුරෝන සෛලය. (නියුරෝන යනු මොළය පුරා සංඥා සම්ප්‍රේෂණය කිරීමට උපකාර වන සෛල වේ). සාමාන්‍යයෙන්, මොළයේ සම්බන්ධතා ට්‍රිලියන 100කට වඩා සමන්විත වේ. සෑම නියුරෝනයකටම සම්බන්ධතා 1,000 ක් පමණ සෑදීමට හැකියාව ඇත. එය විභව උපාගම (potential synapses) 1,000කට පමණ පරිවර්තනය වේ. මොළයේ උපාගම ට්‍රිලියන 125ක් පමණ ඇත. සෑම උපාගමයකටම තොරතුරු 4.7bits දක්වා ගබඩා කළ හැක.

මිනිස් DNA
DNA යනු ජීවියෙකුගේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය සඳහා ජානමය තොරතුරු රැගෙන යන අණුවයි.
එක මිනිසෙකුගේ DNA සියල්ල දිග නූලක් ලෙස සැකසුවොත් එය සම්පූර්ණ දිග කිලෝමීටර බිලියන 575කට පමණ ආසන්න වේ. (575,000,000,000 km).
අපේ පෘථිවිය වටේ වට ලක්ශ 143 ක් පමණ එතිය හැකි තරම් දිගය. පෘතුවියේ සිට සූර්යයා වෙත 600 වතාවක් යන එන ගමනක් මෙනි. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විෂ්කම්භය මෙන් දෙගුණයක් පමණ දිග තරම්ය.

රතු රුධිර සෛල
සෑම තත්පරයකටම රතු රුධිර සෛල මිලියන 2ත් 3ත් අතර ප්‍රමාණයක් ඇට මිදුළු තුළ නිපදවා සංසරණයට මුදා හරිනු ලැබේ. තත්පරයක් තුල එවැනිම රතු රුධිර සෛල ප්‍රමාණයක් මිය යයි.

වරකට පිරිමි ශුක්‍රාණු කීයක් මුදා හරිනවාද?
සාමාන්‍යයෙන් පිරිමින් ශුක්‍රාණු පිට කරන සෑම අවස්ථාවකම ශුක්‍රාණු මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදාහරිනවා. (100,000,000)
කාන්තාවකගේ ඩිම්බය සංසේචනය කිරීමට අවශ්‍ය වන්නේ එක් ශුක්‍රාණුවක් පමණි.

සාමාන්‍ය මිනිස් හිසක කෙස් වල දිග.
විද්‍යාඥයින් විශ්වාස කරන්නේ හිසකෙස් වසරකට අඟල් 6ක් පමණ වර්ධනය වන අතර සාමාන්‍ය හිසක කෙස් 100,000ක් පමන ඇති බවයි.
ඉතින්, අවුරුදු 67.2 ක සාමාන්‍ය ආයු කාලයක් ගන්න. 6 x 100,000 x 67.2 අඟල් 40,320,000 ට සමාන වන අතර එය 1,000 km ක් පමණ වේ.
ශ්‍රි ලංකාව වටා ඇති දුර මීට ටිකක් විතර වැඩිය. එනම් එය 1,340 km කි.

ඇඟිලි සලකුණු
ඇඟිලි සලකුණු දෙකක් සමාන නොවේ.
ඔබගේ සියලුම ඇඟිලි සලකුණු වෙනස් වේ.
එකම DNA බෙදාගන්නා සමාන නිවුන් දරුවන් පවා විවිධ ඇඟිලි සලකුණු ඇත.
අත්ල, ඇඟිලි තුඩු, යටිපතුල් සහ ඇඟිලි මතුපිටින් ඇඟිලි සලකුණු සෑදිය හැක.
ඇඟිලි සලකුණු දහඩිය නිසා ඇති වන අතර ඩයි වර්ග, රසායන ද්‍රව්‍ය හෝ ලේසර් භාවිතයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාඥයා විසින් අනාවරණය කරනු ලැබේ.
ඇඟිලි සලකුණු කිරීම අද බහුලව භාවිතා වන අධිකරණ වෛද්‍ය ක්‍රමයයි.
ගොඩනැගිලි, පරිගණක යනාදිය වෙත ප්‍රවේශය සීමා කිරීම සඳහා මුරපද, හැඳුනුම්පත් සහ වෙනත් ක්‍රම වෙනුවට ඇඟිලි සලකුණු භාවිතා කළ හැක.
ඉතිහාසය
අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා රෝමානුවන් වෙළඳ නාමකරණය සහ කපා ඉවත් කිරීම භාවිතා කළහ.
19 වැනි සියවසේ අගභාගයේදී බර්ටිලෝන් නම් ප්‍රංශ ජාතිකයා මිනිසුන් හඳුනාගැනීම සඳහා සිරුරේ කොටස් මැනීමේ ක්‍රමයක් භාවිත කළේය.
1900 දී මිනිසුන් හඳුනා ගැනීම සඳහා ඇඟිලි සලකුණු භාවිතා කිරීමට පටන් ගත්තේය.
ශුද්ධ වූ අල් කුරාණය තුල (අදින් වසර 1400ට පමණ පෙරම ඇඟිලි සලකුණු ගැන සඳහන් කර ඇත).
