විශ්මිත සතුන්

අපි අපේ පාසල් කාලයේ සිට කාර්‍ය බහුල විය. රැකියාව සහ ආර්ථික රටාව, පව්ල් සම්බන්ධතා, ගමන් බිමන්, විනෝදාංශ සහ අළුතින් නම් සමාජ මාධ්‍යය නිසා අපි යම් යම් සීමාවන් තුල සිරවෙලා. අපිට සොභා දහම දෙස බලන්න, ඒ ගැන සිතන්න පවා වෙලාවක් නැති තරම්. 

අපිට පිටින් ඉන්න සත්ව ලෝකය දෙස අපි මොන තරම් සුළු සැලකිල්ලකින්ද බලන්නෙ. ඔවුන් විවිධත්වයෙන් ඉතා විශාලය. අපි මිනිසුන් එක් සත්ව විශේෂයකි. මේ ආකාරයට විද්‍යාඥයින් විසින් සත්ව විශේෂ මිලියන 1.2 ක් පමණ නිරීක්ෂණය කර වර්ගීකරණය කර ඇත. ඒ ඒ සත්ව විෂේශ වලට බොහෝ විට අනන්‍යය වූ සුවිශේෂී ලක්ෂණ පෙන්වයි. මේවා අදහා ගත නොහැකි තරම් විශ්මය ජනකයි. මේ පිළිබඳව සෝදිසි කිරීම මගින් මේවායේ නිර්මාතෘ ගේ ශ්‍රේෂ්ඨත්වය මනාව පිළිබිබු වෙයි.

දෙවියන් සතුන් ගැන කුරනය තුලින් යම් යම් තොරතුරු අප වෙත දන්වා ඇත. ඒවායින් කිහිපයක් පහතින් දැක්වේ.

(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායින් ඔබ වෙනුවෙන් (ශීතය වැලැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය. (16:5)


(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)


අශ්වයින්, හා බූරුවන් ආදී සතුන් මත නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු) ඒවා උත්පාදනය කර ඇත්තේය. තවද, ඔබ නොදන්නා දැයද උත්පාදනය කර ඇත්තේය. (6:8)


අහස් ගැබෙහි (දෙවියන්ගේ නියෝගයන්ට) අනුව යටත් වී පියාඹන පක්ශීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස් හී) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට මෙහිද විවිධ සාධකයන් ඇත්තේය. (16:79)


ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස් හීද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍යය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු. (15:20)


'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බඳිණු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. මෙයින් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වැහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. අත්තෙන්න්ම මෙහිද සිතා වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත'.(අල් කුර්ආන් 16:68/69).

කුරුමිණියෙකුගේ පෙර පාදයක යටිපතුලක විශාල කර ගත් ඡායාරූපයක්.

මුහුදු අශ්වයන්

පිරිමි සහ ගැහැණු මුහුදු අශ්වයන් ආලය කිරීමට කාලය ගත කළ පසු, ගැහැණු සතා තම බිත්තර පිරිමි සතාගේ බෑගය තුළ තැන්පත් කරයි. එවිට පිරිමි සතා බෑගය තුළ බිත්තර සංසේචනය කරයි. මෙය සත්ව රාජධානියේ අද්විතීය අනුවර්තනයකි.

වරකට මුහුදු අශ්වයෙක් දින 25ක ගැබ් කාලයකට පසු පැටවුන් 2000 ක් පමන ප්‍රසූත කරයි.

වවුලන්

වවුලන් නොමැති උනොත් කෙසෙල්, අලිගැට පේර සහ අඹ වලට ආයුබෝවන් කියන්න සිදුවනු ඇත. මොවුන් චොකලට් වල ප්‍රධාන අමුද්‍රව්‍යය වන කොකෝවා බීජ පැතිරවීම සඳහාද උපකාරී වේ. වවුලන් නොමැතිව, අපට අග්ගිස්, සගුවාරෝ පතොක් වැනි ශාක ද නොමැත. මෙසේ පලතුරු විශේෂ 300කට අධික සංඛ්‍යාවක් පරාගණය සඳහා වවුලන් මත යැපේ.

වවුලන් එකම පියාසර ක්ෂීරපායි සත්වයා වේ. පියාඹන ලේනුන්ට ලිස්සා යා හැක්කේ කෙටි දුරක් පමණක් වන අතර වවුලන් සැබෑ පියාසර කරන්නන් වේ. වවුලෙකුගේ පියාපත් නවීකරණය කරන ලද මිනිස් අතකට සමානයි. ඔබේ ඇඟිලි අතර සම විශාල, සිහින් සහ දිගු යැයි සිතන්න. එක් එක් දිගු ඇඟිලි අස්ථි සහ බොහෝ චංචල සන්ධි අතර විහිදෙන මෙම නම්‍යශීලී සම පටලය වවුලන් වේගවත් පියාසර කරන්නන් බවට පත් කරයි.

තිත් වවුලා වැනි සමහර විශේෂයන් සීත කාලවලදී ආහාර සොයා උණුසුම් ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් දිවි ගලවා ගනී.